13 Reasons Why (2017) [S02 : E13] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk සහ 13 Reasons Why රසිකයන් සියලු දෙනාටම.
මේ අද අරගෙන එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ 13වන එහෙමත් නැත්නම් අවසාන කොටස. මමත් කවීෂ සහෝදරයත් උපසිරැසි ගැන්වූ මෙහි පළමු කතා සමයේ සිටම අපිත් එක්ක ගොඩක් දෙනා එකතු වුණා. ගොඩක් අය බොහොම කැමැත්තෙන් මේ කතා -මාලාව නැරඹුවා. ඇත්තටම මේ කතාමාලාව ගැන මම දැනගත්තෙත් කවීෂ සහෝදරය නිසා, ඔහු තමයි මට කිව්වෙ මෙහෙම කතාවක් තියනව ආදර්ශමත් එකක් , අපි ඒකට උපසිරැසි කරමු කියල. එයින් ආරම්භකල ගමන අද දෙවන කතාමාලාවෙ අවසානයත් අරගෙන  එන්න පුළුවන් වුණා.මෙවර කතාසමය මට බාරදුන් කවීෂට ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

ඇමරිකාවේ උසස් පාසලක් වටා ගෙතුණ මේ කතාව ලොව පුරා දැඩි විවේචනයන්ට බඳුන් වුණා, මේ කතා මාලාවේ එන, හිරිහැර කිරීම්, මත්ද්‍රව්‍ය භාවිතය, තරුණ සියදිවිනසාගැනීම්, ස්ත්‍රී දූෂණයන් වගේ කාරණා නිසා මෙවන් ගැටලුවලින් පීඩාවිඳින අයට යම් තරමකින් මානසිකව ගැටලුකාරී විය හැකි බවට. ඒ නිසාම ඔවුන් මෙවර දෙවන කතාසමය අවවාද කිරීමක් සහිතව අරඹන්නට කටයුතු කර තිබුණා. බටහිර සංස්කෘතිය සහ එහි පාසල්වල වටපිටාව පදනම් කරගෙන නිර්මාණය වුණ එකක් නිසා යම් යම් වෙනස්කම් තිබුණත් , මම හිතන්නෙ අපේ පාසල් විශ්වවිද්‍යාල පද්ධති තුලත් , සමාජය තුලත් මේ වගේ කතා තියෙනවා ඕනෑතරම්. කෲර සමාජයක් තුල ඉතාම කුඩා සිදුවීමක් කොතරම් දුරදිග යන්න පුළුවන්ද, එක් අයකුට සිදුවන සිදුවීමක් තවත් කීදෙනෙක්ගේ ජීවිතවලට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්ද කියන එක හොඳින්ම දැකගන්න පුළුවන් මේ කතාමාලාවෙන්.මම මේ ගැන මෙවර කතාසමයේ මුල්කොටසේ ලිපියෙත් සඳහන් කල නිසා, ඒ ගැන වෙනත් යමක් කියන්නෙ නෑ. කොහොමවුණත් මෙවරනම් ඒතරම් ප්‍රේක්ෂක පිරිසක් මේ කතාව වටා එකතු වුණේ නෑ, හේතුව ඇත්තටම මමත් දන්නෙ නෑ. සමහරවිට මම කොටස් ලබාදුන්න ප්‍රමාද වැඩිදත් මම දන්නෙ නෑ,ගොඩක් අය මුළු කතාමාලාවම එකවර නරඹන්න කැමති නිසා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ ඇඩ්මින්වරුන් විසින් මට බාරදුන් කාර්යය මට හැකි පමණින් ප්‍රේක්ෂකයන්ට වැටහෙන ආකාරයට ලබාදෙන්න උපරිමව උත්සාහ ගත්ත. එය කොතරම් සාර්ථකද කියන එක නරඹන්නන්ට අදාල කාර්යයක්. මෙහි තුන්වන කතාසමයකුත් ලබන වසරේ ගෙන එන බවට ආරංචියක් තිබෙනවා. කොහොමවුණත් මම උපසිරැසිකරණයෙන් දායක වෙන අවසන් රූපවාහිනී කතාමාලාව මෙය වේවි. මින් ඉදිරියට චිත්‍රපට උපසිරැසි- කරණයට විතරක් යොමුවෙන්නයි මගේ අදහස ( හැබැයි හැමදාටමත් 13 Reasons Why රසිකයෙක් වේවි මම).

එහෙනම් දැන් අපි යමු අද කොටස පැත්තට..මේ කොටස නම් වෙන්නෙ Bye නමින්. ලබා ඇති Imdb අගය 6.4ක්. පසුගිය කොටස් කීපයම මම හිතන්නෙ නරඹපු හැමෝගෙම වගේ හිත් සසල කරන්න ඇති, බලාපොරොත්තු නොවුණ ගොඩක් දේ දකින්න ඇති, මේ කොටසත් ඒ විදියම තමයි. එහෙනම් මම ගිහින් එන්නම්.

   කතාසමය අවසානය තෙක් Subzlk හා රැඳී සිටි සියලු දෙනාට                                            බෙහෙවින්ම ස්තූතියි.

8.2
IMDB

Year : 2017

Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1292
  • File Size : 28.476KB
  • Lak Unregister User
    Android 6Chrome 65

    Thanks very much bro….Machn puluwan nam Riverdale Season 2 ekatath sub dennako.😊

    2018-07-15 at 12:47 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      බොහොම ස්තූතියි,Lak 🙂 ,ඒත් ආයිත් ටීවී සීරීස්වලට සබ් දෙන්නනම් අදහසක් නෑ,මිත්‍රයා,වැඩත් එක්ක කරදරයි ඇදගෙන යන එක.සමාවෙන්න.

      2018-07-15 at 4:49 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 67

    සම්පුර්න කතා සමයම අවසන් කරලා. නිමයි සහෝ. මෙදා සැරේ මට එකතු වෙන්න බැරි උනත් හොද වේගයකින් කතා සාමය නිමා කරලා. ඔබට ස්තුතියි. ඔබට ජය!

    2018-07-17 at 5:28 am
  • pasindu Unregister User
    Windows 10Opera 55

    thanks mcn

    2018-09-06 at 12:21 pm
  • Anuradha lakshan Unregister User
    Android 8.1Chrome 72

    ගොඩක් ස්තුතියි සහෝ…
    ඉදිරි වැඩ කටයුතු වලටත් සුබ පතනවා…
    කරගෙන යන්න…
    Good luck…
    එලම….

    2019-02-11 at 3:36 pm
  • Hashan M. Priyadarshana Unregister User
    unknownOpera Mini 4.4

    බොහොම ස්තූතියි සහෝ මේ ටීවී සීරීස් එකේ එපිසෝඩ් සේරටම සබ් දුන්නට.. මචං මේ කතාවෙ Beyond the Reasons කියල ආපු ස්පෙශල් එපිසෝඩ් එකක් තියනව නේද ඒකට සබ් එක නැද්ද..? 🙂

    2019-08-21 at 8:10 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      ඔව්,නේද, මාත් මේ දැන් සර්ච් කරල බැලුවෙ ඔයා කිව්වම. දැනුම් දුන්නට බොහොම ස්තූතියි, හෂාන්. මම ඒකෙ ප්‍රින්ට් එකක් හොයල සබ් දෙන්නම්. කොහොමත් දැන් සීසන් 3 එකටත් සබ් කරන්න ඉන්නෙ, හෙට අනිද්දා රිලීස් වෙනවලු.

      2019-08-21 at 7:31 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *