A Stork’s Journey (2017) Sinhala Subtitle

Published October 29th, 2017 by

ආයුබෝවන් Subz LK වාසී හැමදෙනෙක්ටම.හැමදාමත් ලොකුහිටියන්ට විතරක් උපසිරැසි ගේන හින්ද වෙනසකටත් එක්ක මේ වතාවෙ අපේ ලොකුහිටි පොඩිහිටි දෙපාර්ශවයටම බලන්න පුළුවන් වෙන්න ඇනිමේෂන් ෆිල්ම් එකකට උපසිරැසි ගේන්න හිතුණා.ඇත්තටම කිව්වොත් මම මේක කලේ අපේ පවුලේ සාමාජිකයෙකුගෙ ඉල්ලීමකට.මට හිතුණ මේක ඔයගොල්ලො එක්කත් බෙදාගත්තොත් හොඳයි කියල.ඒ වගේම මේ මම සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කල පළවෙනි වතාව.කොහොමද දන්නෙ නෑ ඉතින් ඕගොල්ලම තීරණය කරන්න මං සාර්ථකද කියල.චිත්‍රපටය තමයි මේ වසරේ නිකුත් වුණ A stork’s journy.Toby Genkel සහ Reza Memariගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 5.9ක්.ඊට අමතරව සම්මාන දෙකකට නිර්දේශ වන්නටත් සමත් වෙලා තියනවා.ඔය වගේ තමයි චිත්‍රපටයේ විස්තර. දැන් අපි යමු කතාව පැත්තට…

රිචඩ් කියන්නෙ පුංචි ගේ කුරුල්ලෙක්.එයා උපන්න දවසෙම සිදුවණ බොහොම අවාසනාවන්ත දෙයක් නිසා එයාට එයාගෙ අම්ම තාත්ත දෙන්නම නැතිවෙනවා.නමුත් එයාගෙම වාසනාවට ඔරෝරා කියල කොක් මවකට රිචඩ්ව හම්බවෙනවා.කොක්පවුලෙ අයත් එක්ක හැදීවැඩෙන රිචඩ් හිතාඉන්නෙ තමනුත් කොකෙක් කියල.කොහොමින් හරි කාලය ගත වීගෙන එද්දී එක ඉරණම් දවසක් එනවා රිචඩ්ට මේ කොක්පවුලෙන් ඈත්වෙන්න සිද්ධවෙන.එහෙනම් බලන්නකො ඒ ඇයි කියල.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : An orphaned sparrow is adopted and raised by storks. When the family leaves on its annual migration, the little sparrow attempts to participate in the long, arduous journey…

US
Download

A Stork’s Journey (2017) Sinhala Subtitle

Download: 3765

File size : 31.51 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.0
0%
0%

Comments: 21

  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති ✌️✌️✌️
    ඔබට ජය සහෝ????

    2017-10-30 at 6:08 am
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2017-10-31 at 12:24 am
  • දමිත් ප්‍රියංකර

    trailer eka nam ..maxxa wage penawa..story nam tikak huruyi wage(kalin apu animate film 2ka ekathuwak wage)..hasithata wenama fansla set ekak innawa ne…eyalaa godak asa karayi mekata..podi ayata karata kiwwata onna math dan balanawa meka ..thank bro

    2017-10-30 at 8:22 am
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, දමිත් 🙂 ඔයා කිව්ව හරි මේක චිත්‍රපට දෙකක එකතුවක් වගේ තමයි. මාක් සකර්බර්ග්වයි ගෝඩ්ෆාදර් එකේ දොන් කොර්ලියෝනිවයි දෙන්නවත් ලාවට මතක් කරල තියනව ( zootopia එකේ වගේ ). ඉස්සරනම් ඇනිමේෂන් ෆිල්ම් පිස්සුවෙන් වගේ බලපු කාලයක් තිබුණ. දැන්නම් ඉතින් වැඩිය බලන්න වෙන්නෙ නෑ. මේකත් මේ මම ලිපියෙ කියල තියනව වගේම ඉල්ලීමක් නිසා කල එකක්. මගෙ ෆෑන්ස්ලනම් ඉතින් ගොඩක් ඉන්නෙ අපරාධ ගැටලු විසඳන්න කැමති අයනෙ, ඒ ගොල්ලො කැමති වෙයි මන්ද මේකටනං. ඒ වුණාට ඉඳල හිටල හරි ඇනිමේෂන් එකක් කාටුන් එකක් බැලුවහම හිතට හරි නිදහස්.

      2017-10-31 at 12:38 am
  • KANTHA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-10-30 at 9:45 am
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, KANTHA 🙂

      2017-10-31 at 12:39 am
  • asitha

    mekata sub denakm hitiye
    thanks

    2017-10-30 at 11:50 am
    Reply
    • hasitha prasad

      :-)එහෙනම් මට ෆිල්ම් එක ලැබිල තියෙන්නෙ නියම වෙලාවට. බොහොම ස්තූතියි ,asitha

      2017-10-31 at 12:41 am
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් redline 2009 anime සබ් දෙන්න
    ජය වේවා!

    2017-10-30 at 1:51 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, මධූෂ 🙂 ෆිල්ම් එකට සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.

      2017-10-31 at 12:44 am
  • Mithun

    හැමදාමත් වගේ හිත සතුටින් තමා සබ් එක ගන්නෙ. බලන්න ඔනේ ලස්සන මුවි එකක්නෙ දිලතියෙන්නෙ ලිපිය කියෙව්වම නොබා ඉන්න බැ
    මෙතෙක් ආපු ඇනිමෙෂන් චිත්‍රපට ගොඩක් එව බලලා තියෙනව අසාවෙන් බන්න පුළුවන්, ඔන්න සෙව් කරා ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ

    2017-10-30 at 4:40 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, මිතුන් 🙂

      2017-10-31 at 12:45 am
  • Sam fisher

    කොමඩි film එකක් බලන්න හිතුනම හොද එව මොනාද කියල google කරනඑක නෙ හැමොමකරන්නෙ එහෙම කරාම එන ලිස්ට් එන එකෙතියෙන්නෙ තනිකරම විකාර sex කොමඩි.එත් ඇනිමෙෂන් වලනම් නියම කමඩි තියනව එකනිසා ඇනමේෂන් පුංචි පහෙ එව උනත් බලන්න ආසයි මට හොදටම sure මෙනම ම(stork)තිය 2016 වගෙ ආපු එකක් බැලුව ඔයාටයි(මෙකදෙන්න කියපු පවුලෙ සාමාජිකයටයි)thank bro

    2017-11-01 at 8:46 am
    Reply
    • hasitha prasad

      Thanks, Sam 🙂 ඇත්ත තමා කොමඩි කිව්වම Sex කොමඩි (ලංකාවෙත් එහෙමනෙ “පවුලේ සැමට” කියල පෝස්ටරේ තියෙන්නෙ, බලන්න ගියාම තමයි තරම පේන්නෙ)තමයි වැඩිපුරම තියෙන්නෙ. අද ළමයින්ට බලන්න කියල ටී.වී වල යන්නෙත් තනිකරම විකාර,හොඳ එකක් ගියත් එකත් හඬ කවන්න ගිහිල්ල නාගෙන.ඉතින් මේ වගේ දෙයක් තමා ළමයින්ට දෙන්නෙ වෙන්නෙ. ඒ කලින් Stork’s ෆිල්ම් එකයි මේකයි හාත්පසින්ම වෙනස්,සෑම්. බලන්නකො මේකෙ තියනව කුරුල්ලො ෆේස්බුක් යන හැටි 😀 එහෙම .

      2017-11-01 at 2:31 pm
  • True

    Best crime tv shows on netflix making a murderer,how to get away with murder,thekilling
    On hbovThe Sopranos,the wire
    And six feet under(that reminisence oneof up commenter)one of best
    There no subs to any of this

    2017-11-02 at 9:24 am
    Reply
  • Mithun

    හසිත සහෝ මෙක නම් මරු ඔලුවත් සැහැල්ලු උනා මාර ලස්සනයි මුවි එක.
    ගොඩක් අසාවෙන් බැලුවෙ මෙකට මෙහෙම සබ් එකක් වැටෙනකල් වැඩි දැක්කෙ නැ මෙක නැත්නම් ඉට කලින් බාල බලලා .සුපිරි .
    මාත් ඇනිමෙෂන් එව ගොඩක් බලල තියෙනව බලපු සුපිරි ටිකක් ඔය
    Finding Dory 2016
    The good Dinosaur 2015
    Zootopia 2016
    Trolls 2016
    Moana 2016
    The Secret Life of Pets 2016
    The Secret Life of Pets 2016
    Kubo and the Two Strings 2016
    Despicable Me 3 2017
    The Boss Baby 2017
    මෑත බලපු හොදම ඒව..
    අන්තිමට බැලුවෙ බොස් බේබී
    හොදම ඒව අතාරින් නෑ ඔන්න

    2017-11-02 at 5:13 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 Zootopia ,Trolls , Moana , The Secret Life of Pets ,Kubo and the Two Strings ,Despicable Me 3 බැලුවා. Zootopia,Trolls , Moana තුන සුපිරි.

      2017-11-02 at 8:35 pm
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-11-02 at 8:21 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, සජිත් 🙂

      2017-11-02 at 8:35 pm
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි සහෝ.. මාත් ගන්නවා…

    2017-11-09 at 6:48 am
    Reply
  • කසුන් සදරුවන් රණවක

    niyamai machn.mamt dn bluwe supiri.tnx sub ekata macho

    2018-06-03 at 8:02 pm
    Reply

Leave a Reply to හිරාන් ශාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip