Alita: Battle Angel (2019) Sinhala Subtitle

Published March 21st, 2019 by

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඉතින් මුලින්ම ස්තූතිය යන්න ඕනෙ ඔහුටයි. මේ තමයි ජපන් ජාතික යුකිටෝ කිෂිරෝ විසින් නිර්මාණය කල, 1990 දශකයේ පළවූ, Gunnm ජපන් මැන්ගා චිත්‍රකථා පෙල (මෙයම ඉංග්‍රීසි බසින් Battle Angel Alita නමින් පළවිය ) ඇසුරින් නිර්මාණය කල  Alita: Battle Angel (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. චිත්‍රපටය පැත්තට යන්න කලින් මුලින්ම කියන්න ඕනෙ මෙම චිත්‍රපටයේ තවමත් නිකුත්වී තිබෙන්නේ කැමරා පිටපත් පමණයි, නමුත් මීට දින කීපයකට පෙර විදේශ භාෂා හාඩ්කෝඩඩ් උපසිරැසියක් සහිත හොඳ මට්ටමේ කැමරා පිටපතක් නිකුත්වුණා. Tele-sync පිටපතක් නිසා ශබ්ද තත්වය ඉතාම හොඳ තත්වයේ තිබෙන අතර, කීප තැනකදී ඇතිවන ෆ්‍රේම්රේට් ඩ්‍රොප් වීමක් ඇරුණුවිට වීඩියෝවත් හොඳ තත්වයක තිබෙනවා. ලබාදී ඇති Openload ඩිරෙක්ට් ලින්ක් එකෙන් නැරඹීමේ හැකියාවද ඇති නිසා, බලලම ඩවුන්ලෝඩ් කරගන්න. හරි එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

Gunnm චිත්‍රකථාමාලාව මුලින්ම පළවෙන්නෙ ජපන් භාෂාවෙන්, ඒ වර්ෂ 1990 සිට 1995 දක්වා. ඒත් සමගම එය ඉංග්‍රීසි බසට පරිවර්තනය වනවා Battle Angel Alita නමින්, මෙහි වෙළුම් ගණන 9ක්. ඉන්පසුව වර්ෂ 2000 සිට 2014 දක්වා මෙහි තවත් කථාමාලවක් පළවනවා Battle Angel Alita: Last Order නමින්, එහි සම්පූර්ණ වෙළුම් ගණන 19ක්. 2014  සිට Gunnm: Mars Chronicle නමින් තවත් කථාමාලාවක් ලෙස මෙය අදටත් පළවනවා.

Battle Angel Alita හි පලමු වෙළුමේ මුල් කවරයක්

Battle Angel Alita : The Last Order

Battle Angel Alita : Mars Chronicleහි පලමු වෙළුමේ මුල් කවරය

මේ කතාමාලාව ඇසුරින්  1993 වසරේදී සජීවීකරණ චිත්‍රපටයක් නිර්මාණය වනවා Gunnm නමින්ම.

එහි පෝස්ටරය

ඔන්න ඔහොම ඇවිත් තමයි මේ කතාමාලාව චිත්‍රපටයක්ව අප හමුවට එන්නෙ මේ වසරේදී. බොහෝදුරට මෙය චිත්‍රපට මාලාවක් වෙන්නටත් ඉඩ තියන බව තමයි මේ Alita: Battle Angel (2019) චිත්‍රපටය අවසානය දැක්කම හිතෙන්නෙ. කොහොමනමුත් මෙය සිනමාවට නැගෙන්නෙ දැඩි බාධක මධ්‍යයේ. මෙය සිනමා නිර්මාණයක් කිරීමේ නිෂ්පාදන සහ තිරපිටපත් රචන කාර්යය බාරගන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මහතා, ඒ අද ඊයෙ නෙමෙයි 2003 වසරෙදි. නමුත් පසුව Avatar (2009) චිත්‍රපටයේ නිර්මාණ කාර්යයත් එක්ක කාර්යබහුල වන ඔහු මේ කාර්යය කල් දමන අතර Avatar හි  සාර්ථකත්වයෙන් පසුව දිගටම එහි තවත් සිනමා දිගු සෑදීමට අවධානය යොමු කරන නිසා  මෙය දිගින් දිගටම කල් යනවා. අවසානයේ මෙය බාරවෙන්නෙ රොබට් රොඩ්‍රිගස් අධ්‍යක්වරයාට. ඒ වනවිටත් ජේම්ස් කැමරන් මහතා මෙහි තිරපිටපත යම් ප්‍රමාණයකට ලියා අවසන් කර තිබී ඇති අතර , ඔහු එය රොබට් රොඩ්‍රිගස්ට ලබාදී තිබෙනවා. එයට යම් යම් වෙනස්කම් එක්කර තමයි ඔහු චිත්‍රපටය අප හමුවට අරගෙන එන්නෙ. තමන්ගේ චිත්‍රපටවල නිර්මාණ කර්තව්‍යයෙන් වැඩි ප්‍රමාණයක් තනිවම කරන, “One man film crew” ලෙස හොලිවුඩය පුරා නමක් දිනා සිටින රොබට් රොඩ්‍රිගස් මෙහිදීනම් අධ්‍යක්ෂ කටයුත්තට පමණයි දායක වෙලා තියෙන්නෙ. ඇත්තම මේ චිත්‍රපටය ප්‍රේක්ෂක කැමැත්ත සහ අකමැත්ත යන දෙකම පොදුවේ දිනාගත්තා, ඊට හේතුව මෙහි ප්‍රධාන චරිතය වන අලීටාගේ ඇස් සාමාන්‍ය පමණට වඩා විශාලව නිර්මාණය කර තිබීම. ඒ ගැන විමසූ විට රොබට් රොඩ්‍රිගස් පවසා සිටියේ ජේම්ස් කැමරන්ට අවශ්‍යව තිබුනේ ජපන් මැන්ගාවලට ආවේනික විශාල ඇස් සහිත චරිතයම තිරයට ගෙන එන්නට බවත්, මුල් නිර්මාණයට ගරු කිරීමක් ලෙස තමන් එය එලෙසම කල බවයි. ඇති නේද ? දැන් තියෙන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට යන්න වුණත්, මම වැඩි යමක් නොකියා මෙහෙම කියන්නම්..

මහා යුද්ධයකින් විනාශවගොස් ඇති, සාමාන්‍ය මිනිසුන්ද සයිබෝර්ග් නොහොත් අර්ධ යාන්ත්‍රික මිනිසුන්ද එකසේ වාසය කරන අයෝමය නගරය නම් නගරයක්…

අයෝමය නගරයට ඉහලින් ඇති, එක් ක්‍රමයකින් හැර ඇතුල්වීමටද අවසර නැති, සාලෙම් නම් ආකාශ නගරයක්…

එහි සිට අනෙකුන් පාලනය කරනා නෝවා නම් පාලකයෙක්…

සාලෙම් නගරයට ඇතුල්වීමට ඇති එකම ක්‍රමය වෙනුවෙන් තම ශරීර අවයව විනාශ කරගන්නා අයට පිහිට වන කාරුණික වෛද්‍යවරයෙක්..

තම රෝගීන් වෙනුවෙන් අවශ්‍යකරන යාන්ත්‍රික කොටස් සොයා සාලෙම් නගරයෙන් ඉවතදමන සුන්බුන් ගොඩක ඇවිදයන ඔහුට හමුවන සයිබෝර්ග් තරුණියකගේ හිස කොටසක්…

එයින් ඇරඹෙන අසාධාරණයට එරෙහි විප්ලවයක්…

එහෙනම් Imdb අගය 7.6ක්ද, Rotten tomatoes වෙතින් 60%ක්ද ලෙස අගයන් ලබා ඇති, රෝසා සලාසාර් (අලීටා), ක්‍රිස්ටොෆර් වොල්ට්ස් (වෛද්‍ය .අයිසන් ඊඩෝ), ජෙනිෆර් කොනලි (ෂිරෙන්), මහෙර්ෂලා අලී (වෙක්ටර්) , එඩ් ස්ක්‍රෙන් (සැපෑන්), ජැකී අර්ල් හේලි ( ගෘවිෂ්කා), කියාන් ජොන්සන් (හියුගෝ), ජොහෙ ලින්ඩබර්ග්.කණිෂ්ඨ (ටන්ජි), වැනි පිරිසකගේ රංගන දායකත්වයෙන්ද  ඔබ වෙත එන මේ සිනමා නිර්මාණය නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම ගිහින් එන්නම් , තව අපේ රසික හිතවතුන්ගේ ඉල්ලීම් කීපයක්ම තියනව, ඒවටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.

සැලකිය යුතුයි:-

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. පෙර නිකුත්වූ (iTunes/Amazon) ‍WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Torrent 1080P පිටපත Download Torrent 720P පිටපත Download Torrent 1080P පිටපත
Download

Alita: Battle Angel (2019) Sinhala Subtitle

Download: 34067

File size : 77.68 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.6
61%
53%

Comments: 51

  • chamika

    ela niyamaiiiiiiii

    2019-03-22 at 4:32 am
    Reply
  • සහන් සුලක්ඛණ

    එල නියමයි සහෝ,උපසිරසියට ස්තුතියි සහෝදරයා,දිගටමේ මේ වගේ කතා වලට උපසිරසි දෙන්න,ජය වේවා!

    2019-03-22 at 6:18 am
    Reply
  • Silent$

    Pattaaaaaaaaaaaa

    2019-03-22 at 9:16 am
    Reply
  • Waruna Mithu

    Download link eka open venne na

    2019-03-22 at 9:30 am
    Reply
    • Hasitha Prasad

      මම මේ දැනුත් චෙක් කලානෙ, ලින්ක් එක වැඩ. ආයිත් ට්‍රයි කරල බලන්න.

      2019-03-22 at 11:26 am
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Request :
    Paskal 2018
    Happy.Death.Day.2U.2019.720p.HC.HDRip.
    A.I. Rising (2018)
    The Mule (2018)
    Wildlife (2018)

    2019-03-22 at 9:44 am
    Reply
    • Hasitha Prasad

      Paskal ලඟදිම එනවා.

      2019-03-22 at 11:33 am
    • Kantha_DLA

      Triple Threat (2019)
      Dragged Across Concrete (2018)

      Thanks…

      2019-03-22 at 2:51 pm
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි.සහෝ පුලුවන්නම් ඉදිරි කාලය තුළදී cowboy bebop anime series එකට සබ් දෙන්න බලන්න.මේක ගොඩක් ජනප්ප්‍රිය පැරණි ඇනිමේ සිරිස් එකක්.ජය වේවා!

    2019-03-22 at 11:08 pm
    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    2019-03-23 at 7:24 am
    Reply
  • Ashan Kavinu

    Mcn sinhala idx sub ekak srt karaganna kramayak thiyenawada?

    2019-03-23 at 8:01 am
    Reply
    • Hasitha Prasad

      ඉංග්ලිෂ්නං පුළුවන්, සිංහලනම් බෑ subtitle සොෆ්ට්වෙයාවල OCR engineවලට සිංහල ඉමේජ් රීඩ් කරන්න බැරි හින්ද. ඉංග්ලිෂ් වුණත් 100%ක් හරියට ගන්නෙ නෑ සමහර වචන අවුල්යනවා, ඒක පස්සෙ එඩිට් කරගන්න ඕනෙ, එතකොට හරි.

      2019-03-23 at 10:22 am
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2019-03-23 at 11:25 am
    Reply
  • kavinda

    බොහොම ස්තූතියි සහෝ,

    2019-03-23 at 12:00 pm
    Reply
  • Tharindu

    Thnk u mcn me wadeta

    2019-03-23 at 10:01 pm
    Reply
  • ශලින්

    ජය වේවා.මේ වගේ අලුත් චිත්‍රපට වලට සබ් දෙන්න දිගටම

    2019-03-24 at 6:12 am
    Reply
  • Gayan Chandana

    Thanks saho 😃

    2019-03-24 at 9:56 pm
    Reply
  • Anoj

    Aiyoo film eke bageda thiyenne

    2019-03-26 at 10:22 am
    Reply
    • Hasitha Prasad

      බාගෙ? රන් ටයිම් එක බැලුවද ඉන්ටනෙට් එකේ? පැය දෙකයි විනාඩි දෙකයි. ෆිල්ම් එකේ අන්තිම හරියෙන් විනාඩි පහක් විතරයි අඩු. ඒකෙනුත් තුන හමාරක් විතර ක්‍රෙඩිට්. ඒ කට් වෙන තැනින් ෆිල්ම් එක ඉවරයි. ක්‍රවුඩ් එක චියර් කරන එක විතරයි එතනින් එහාට වෙන්නෙ. බාගෙනං පැයයි විනාඩියක් වෙන්න එපායැ, සහෝදරයා 😀

      2019-03-26 at 1:26 pm
  • දුලාන්

    සබ් එකට ස්තූතියි සහෝ

    2019-03-31 at 9:24 am
    Reply
  • Jayasanka

    Thanks saho subata.

    2019-03-31 at 12:09 pm
    Reply
  • hiruprabha perera

    ඇලිටා යන අන්තිම තරගෙදි එයා ගෙ ඇඟ ආයෙ හැදුවද?
    දන්නවද වැඩක් මං පිස්සු හැදිලා හිිටියේ ඇලිටා ආපු දවසේ ඉදන්
    ඔයා subtitles දුන්නෙ හොද වෙලාවට නැත්තං මං තාම හොයනවා

    2019-04-19 at 11:50 am
    Reply
    • Hasitha Prasad

      “ඇලිටා යන අන්තිම තරගෙදි එයා ගෙ ඇඟ ආයෙ හැදුවද?”
      ඒක කිව්වොත් කමෙන්ට් කරන්න එන අයට ස්පොයිල් වීමක් වෙයි,නේද, හිරුප්‍රභා?
      බොහොම ස්තූතියි, ප්‍රතිචාරයට 🙂

      2019-04-19 at 6:21 pm
    • hiruprabha perera

      mn ne thank karanna ona. me torrent file mage computer 1 wada karanne nane.

      2019-04-19 at 8:06 pm
  • hiruprabha perera

    mn ne thank karanna ona. me torrent file mage computer 1 wada karanne nane. hmmm kastia alitata dakwapu prathichare nm madi wage. rating 7.6 aparade. kamakna oyala hari kohomahari alitata support 1 dunnane ee athi.

    2019-04-19 at 8:17 pm
    Reply
    • Hasitha Prasad

      මටනං ටොරන්ට් එක වැඩ. කෝකටත් මම වෙන ටොරන්ට් ලින්ක් එකක් දැම්මා, බලන්න ඒක වැඩද කියල.

      2019-04-19 at 10:00 pm
  • Chethiya Dissanayake

    Thank you!!

    2019-04-21 at 5:39 am
    Reply
  • hiruprabha perera

    thank you..all the best

    2019-04-21 at 9:07 pm
    Reply
  • sanjula

    මේ තියෙන කොපි එක ඔරිජිනල් ද නැත්තං කැම් කොපි ද මචං

    2019-05-01 at 4:28 pm
    Reply
    • Hasitha Prasad

      කැමරා කොපියක්, සංජුල.

      2019-05-01 at 6:40 pm
  • hiruprabha perera

    pinterest eke alita battle angel ganna thenawa. original oyala poddak baluwoth hodai neda.

    2019-05-01 at 6:47 pm
    Reply
    • Hasitha Prasad

      @ හිරුප්‍රභා :- ඔරිජිනල් ප්‍රින්ට් දැන්ම එන්න විදියක් නෑ කීයටවත්. ඩිජිටල් රිලීස් වෙන්නෙ එන ජූනි මාසෙ කියලයි කියන්නෙ .ඊට කලින් කොරියන් HC-HDrip එකක් ආවොත් ඇරෙන්න ඒ වෙනකං ඉන්න වෙයි බොහෝවිට.

      2019-05-01 at 8:04 pm
  • ranmal

    online blanna thibba nm thawath maruuu

    2019-05-02 at 3:24 am
    Reply
  • hiruprabha perera

    එහෙනමි මෙික බලන්නකො මං කියන්නෙ බොරැද කියලා.
    https://film.boxmoviez.us/movie/399579/alita-battle-angel.html

    2019-05-03 at 7:31 pm
    Reply
  • hiruprabha perera
    2019-05-03 at 7:59 pm
    Reply
    • Hasitha Prasad

      ඔයා දැක්කෙ නැද්ද එතන රෙජිස්ටර් වෙන්න කියල තව ක්‍රෙඩිට් කාඩ් ඩීටේලුත් ඉල්ලනවා?

      2019-05-03 at 8:21 pm
  • shashi

    meka net flix nadda thama

    2019-05-10 at 7:17 am
    Reply
    • Hasitha Prasad

      මේක netflix ල ගනී කියල මම හිතන්නෙ නෑ.

      2019-05-10 at 6:53 pm
  • Nuwan

    Pattai Saho.
    Sabata Thanku

    2019-05-10 at 8:49 am
    Reply
  • තිලිණ ධනුෂ්ක

    සබිස් වලට තෑන්ක්ස් බොක්ක. නියම වැඩක් ඔයා කරන්නෙ.ඉදිරියටත් මෙි වගේ හොදින් වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා වගේම ඔයාට සබිස් කරන්න ආසම හිතෙන ෆිල්මි තව තවත් බිහි වෙිවා කියලා සුබ පතනවා….!!!!

    2019-05-25 at 9:22 am
    Reply
    • Navanjana Ishan

      Thanks for sub…

      2019-07-15 at 9:30 pm
  • Mithun

    Please හසිත ඔර්ජිනල් කොපි එකක් ආව අද hdrip original එකට අප්ඩෙට් එකක් දෙන්න පුලුවන් ද ඉක්මනින්

    2019-06-16 at 5:33 pm
    Reply
    • Hasitha Prasad

      Piratebay එකේ තියන Xbet ප්‍රින්ට් එකද, මිතුන්? ඒක HDRIP කිව්වට කොලටි නෑ ඒක. Russian source එකකින් ගත්ත ප්‍රින්ට් එකක්. තව පොඩ්ඩක් ඉවසල බලමු Mkvcage ලගෙන් එයිද කියල.

      2019-06-17 at 12:05 am
    • Mithun

      Ow passa matat hituna.mkacage ekata enakal imu… ❤😍😍

      2019-06-22 at 8:10 am
    • Mithun

      ඔන්න mkacage එකට එකක් ආවා😍 Alita: Battle Angel (2019) 720p HDRip 1GB

      2019-06-28 at 11:19 pm
    • Hasitha Prasad

      ඔන්න දුන්නා, මිතුන්. හැබැයි මේකත් ඔරිජිනල් ‍WEB ප්‍රින්ට් එක නෙමෙයි. අර කලින් ආව Russian එකමයි ( ඉංග්‍රීසි ඕඩියෝ එකක් දාල තියෙන්නෙ) ඒ වුණාට වීඩියෝ ඕඩියෝ කොලටි එක හොඳයි.

      2019-06-29 at 4:47 am
    • Mithun

      Yts එකෙත් webrip කියල දාල තියෙනවා දැන් නම්. Mkacage ලගේ hdrip කියල තියෙන්නේ .තැන්ක්ස් යු…

      2019-06-29 at 3:07 pm
  • Ashan

    ඇත්තෙන්ම හොඳ site ekak leda නැතුව වැඩේ කරගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්

    2019-07-05 at 6:57 am
    Reply
  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්රෝ සබ් එකට….
    ජය වේවා.!

    2019-07-12 at 2:55 pm
    Reply
  • ROHANA

    EI MEKA DOWNLOAD KARANNA BERI

    2020-03-25 at 12:18 am
    Reply
    • Hasitha Prasad

      @ ROHANA:- MKVCAGE සයිට් එක වැහුවනෙ, රෝහණ. ඔක්කොම දීල තිබුණෙ ඒකෙ ලින්ක්. දැන් මම ලින්ක් සේරම අප්ඩේට් කලා, බොහොම ස්තූතියි දැනුම් දුන්නට 🙂

      2020-03-25 at 4:50 pm

Leave a Reply to Ashan Kavinu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip