Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle

Published February 26th, 2018 by

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයෙ වැඩිම පිරිසක් නරඹා ඇති චිත්‍රපට අතර දෙවෙනි ස්ථානය ලබාගන්නත් සමත්ව තිබෙනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණය Yong-hwa Kim ගෙන්, කතාව Ho-min Ju. ඒ වගේම මෙය මේ නමින්ම යුත් ප්‍රසිද්ධ කොරියානු වෙබ්ටූන් එකක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
අපේ මරණින් පස්සෙ අපි කොහේටද යන්නෙ මොකද වෙන්නෙ කියන කාරණය ගැන විවිධ මතිමතාන්තර තියනවනෙ, ආගම් වශයෙනුත් විවිධ ආගම්වල මේ කාරණය විවිධාකාරයයි. පුනුරුප්පත්තියත් ඒ වගේමයි, සමහර ආගම් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන අතර තවත් සමහර ආගම් එය විශ්වාස කරනවා, ඒ අතරින් ප්‍රධානයි බෞද්ධාගම. ඒ වගේම එයතමන් මෙලොවදී කල කුසල අකුසල අනුව තීරණය වන්නක් බුද්ධාගමට අනුව. මේ චිත්‍රපටය ඒ වගේ කතාවක් ඇතුලත් එකක්.
කිම් ජා-හොන් කියන්නෙ දකුණු කොරියානු ගිනි නිවන භටයෙක්. ඔහු බොහොම
කැපවීමෙන් තම රාජකාරිය කරන කාරුණික කෙනෙක්. දවසක් විශාල ගොඩනැගිල්ලක ගින්නක් නිවීමේ කටයුතුවල යෙදෙන ඔහු විශාල උසකින් ඇද වැටී මිය යනවා. ඉන් අනතුරුව ඔහුට සිදුවෙනවා මරණින් මතු ජීවිතය තුලදී සිදුවන නඩු විභාග 7කට මුහුණ දෙන්නට. එයින් ජයගතහොත් තමයි ඔහුට පුනර්භවයක් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ. මේ නඩුවිභාග 7දී ඔහු වෙනුවෙන් පෙනී ඉන්නට භාරකරුවන් ත්‍රිත්වයකුත් ඔහුට හිමි වෙනවා. මුලින්ම මම කිව්වනෙ කිම් ජා-හොන් කාරුණික අයෙක් කියල, එහෙනම් ඔහුට බොහොම පහසුවෙයිනෙ මේ නඩු විභාග 7 ජයගන්න…? එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ, නරඹන ඔබටම බාර කරනවා ඉතිරිය. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
67%
0%

Comments: 40

  • Suminda Lakshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    2018-02-27 at 4:54 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂

      2018-02-27 at 11:50 pm
    • Navod tharidu

      Patta bro thnkz oyala mhema sub denwata 🤝🤝🤝

      2018-04-09 at 8:27 pm
  • silentS

    Thnxxxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaaa

    2018-02-27 at 6:37 am
    Reply
  • sam fisher

    හ‍ොදම subtitler විතරක් න‍ෙම‍ෙ no 1 fans request ඉටුකරන්නාත් ඔයාව‍ෙන්නැති සහ‍ො.ඉදල හිටල හරි අප‍ෙ ඉල්ලිමුත් ඉටුකරන එක නම් නියමයි.ස්තුති උපසිරසට කාල‍ෙකින් බලන්න ව‍ෙනස් film එකක් ක‍ොල්ල නඩුව පරදි මය‍ෙහිත‍ෙ(කාග‍ෙත් ක්ල‍ොටවල හුනු ප‍ොඩ්ඩ ප‍ොඩ්ඩ තියනවන‍ෙ):-);-)

    2018-02-27 at 9:07 am
    Reply
    • හසිත ප්‍රසාද්

      ෆෑන්ස්ලගෙ රික්වෙස්ට් ඉටු කරන්න හරිම කැමතියි, සෑම්. කාලය තමයි ඉතිං තියන ලොකුම ප්‍රශ්ණෙ. පුළු පුළුවන් වෙලාවට තෝරගත්ත ඒවට සබ් දෙනව කොහොමහරි.(“කිල්ලෝටවල හුණු” )බලන්න කලින්ම කතාව අල්ලගත්ත,නේද? ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-02-27 at 11:55 pm
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-27 at 9:10 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

      2018-02-27 at 11:56 pm
  • Kantha_DLA

    හසිත සොහොයුර…මගේ ඉල්ලීම ඉටු කිරීම පිලිබදව ගෞරව පූර්වක ස්තූතිය පලකරමි. හැකියාවක් ඇත්නම් එම්කේවී කේජ් වල තියන හොඳ ඒවාට උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද ? ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-02-27 at 10:11 am
    Reply
    • හසිත ප්‍රසාද්

      Your Welcome 🙂 ඉස්සරහටත් හොඳ ෆිල්ම්වලට උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනව, Kantha. ගොඩක් අය කැමති එම් .කේ.වී කේජ් ප්‍රින්ට්වලට නිසා පුළුවන් හැමවෙලාවෙම ඒවට දෙන්න ට්‍රයි කරනවා.බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      2018-02-28 at 12:00 am
  • charith

    macn open water 1.2 sub dipanko loku deyak bn

    2018-02-28 at 12:26 am
    Reply
  • mithun

    බොහොම ස්තුතියි හසිත සබ් එකට. මාත් කාලයක් කොරියානු ෆිල්ම් බැලුව The Wailing 2016, Train to Busan කිසිදිනක අමතක නොවන කොරියානු ෆිල්ම් තම. එවල තාත්වික අවසානය සමහර චිත්‍රපට වලට ගන්න බැ, එකයි කොරියානු ෆිල්ම් වල තියෙන විශිෂ්ඨත්වය . හොදම ෆිල්ම් සෙට් උනොත් දෙමු කොරියානු එවත් අපහු..

    2018-02-28 at 8:23 am
    Reply
    • හසිත ප්‍රසාද්

      ඔයා කිව්ව ෆිල්ම් දෙකම මං බලල නෑ. තෑන්ක්ස් තොරතුරට. මං බලපු කොරියන් ෆිල්ම්වලින් අමතක කරන්නම බැරි දෙකක් තමයි මේ දෙක Oldboy (2003), Memories of Murder (2003). තව ගිය අවුරුද්දෙ ආව A Taxi Driver එකත් හොඳයි.

      2018-03-04 at 11:19 pm
    • mithun

      ඔයා කිව්ව කොරියන් ෆිල්ම් දෙකම මන් බලළ තියෙනව. Old boy nm පට්ට. A Texi driver නම් බලළ නැ හසිත . ඇත්තටම කොරියානු චිත්‍රපට වලට අස කලේ 2010 I Saw the Devil මුවි එකෙන් පස්සෙ ඉටපස්සෙ පිස්සෙක් වගේ ගුගල් කරල හෙව්ව එ වගේ කොරියානු ෆිල්ම් . විචාරකයෝ කියන විදිහට 2016 වසරේ කොරියාවෙන් එලියට ආපු සුපිරිම ෆිල්ම් දෙක තම මන් ඉහත කිව්වෙ පුලුවන් වෙලාවක් තිබ්බොත් බලන්න ඔයත් ?. A texi driver ekatat puluwan nm danna

      2018-03-05 at 8:27 am
    • Dil

      Korean drama, korean film thamai hodama.anith ratawal wala ewa wage kammali na.

      2018-03-26 at 10:23 pm
  • Kalpajith

    Maru film eka niymta feeling adala gnnwa bn.. kalekin bluwe me wge ekak tnx saho…. jayen jaya digtama kra gena ynna

    2018-03-01 at 3:40 pm
    Reply
  • Danushka

    Supire bro.

    2018-03-01 at 9:45 pm
    Reply
  • Prabodha

    Thank bro sub ekata…

    2018-03-03 at 12:39 am
    Reply
  • ushan

    Thank bro sub ekata…

    2018-03-03 at 8:15 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-03-03 at 5:38 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තුතියි, සජිත් 🙂

      2018-03-04 at 11:13 pm
  • mithun

    සුපිරි ෆිල්ම් එක . ❤

    2018-03-04 at 9:44 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, මිතුන් 🙂

      2018-03-04 at 11:12 pm
  • ishani shanika

    thanx

    2018-03-05 at 12:19 am
    Reply
  • Pushpe Nadeep

    woow super filumak.bohoma,jaya wewa!!!!

    2018-03-08 at 8:20 pm
    Reply
  • Buddika Manaram

    godakalakin balapu hoda film ekak .thanks mewage hoda film balala sub karanawata bohoma isthuti,thawath idiriyatama jaya wewa….

    2018-03-09 at 2:36 pm
    Reply
  • asitha

    ela ela saho thanks

    2018-03-09 at 4:37 pm
    Reply
  • thanula

    Thank you mcn. Korean movie,drama sub dena aka godak watinava. Bohoma sthuthie.

    2018-03-10 at 11:32 pm
    Reply
  • Chami.S

    Thanks.. Good Luck..

    2018-03-11 at 9:12 pm
    Reply
  • gmail

    godak sthuthi machn godakma

    2018-03-20 at 7:21 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි ප්‍රතිචාර දැක්වූ හැමදෙනෙක්ටම ❤

      2018-03-20 at 5:51 pm
  • Dinindu Sampath

    සබ් එක හොඳටම තිබුනා. බොහොම ස්තූතියි..

    2018-03-26 at 11:12 am
    Reply
  • nipun

    thanks bro

    2018-03-27 at 10:21 pm
    Reply
  • sampath viduranga

    godaaaak pin ayyata subtital dunnata…………!

    2018-04-13 at 8:04 pm
    Reply
  • shan

    බොහොම ස්තූතියි sub එකට හසිත සහෝ. bluray කොපියට update කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. 🙂 ජයවේවා!

    2018-05-31 at 12:45 am
    Reply
  • Mithun

    මන් හිතන්නෙ මේක අමතක වෙන මුවී එකක් නම් නෙවේ ,එ තරම් පට්ට කතාව. හසිත සහෝ මෙකෙ අලුත් එකක් ඇවිත් වගේ අනේ මන්ද නොකියත් බෑ කියලත් බැ දැන් නම් ,එත් ඉතින් මේ ෆිල්ම් එක උනත් අමතක නොවෙන තරමට රස වින්දේ ඔයාගෙ සබ් එක හින්දයි..
    මේකේ අලුත්ම එකක් අද දැක්ක සහෝ පුලුවන්ද හොයල බලන්න 👀 . මන් හිතන්නෙ මේක ඉවර උනෙත් දෙවෙනි ෆිල්ම් එකකට මග පාදමින්.. එච්චරම පට්ට කොරියන් මූවි එකක් නෙ මෙක ලොකූ කතාබහට ලක් උන .
    _______________________________
    Along with the Gods: The Last 49 Days
    2018 ‧
    Imdb 6.9
    Rotten tomatoes 57/
    __________________________________
    1337x.to මෙන්න මෙ ටොරන්ට් සයිට් එකේ සර්චින් කරාම
    Web-dl
    Hdrip දෙකම තිබ්බ .
    Along.with.the.Gods.The.Last.49.Days.2018.720p.WEB-DL.x264-TV21
    බලල හොද නම් සබ් එකක් නිවාඩුව දෙන්න.😊❤️

    2018-09-26 at 1:09 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ඔව්මනේ මම දැක්කෙම නෑ තව එක්ක ඇවිත් තියනවා කියල. ඒකත් මම හෙමීට දෙන්නම්, මිතුන්, තෑන්ක්ස් දැනුම්දුන්නට 🙂

      2018-09-26 at 2:39 pm
    • Pahan Cha

      සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

      2019-05-15 at 8:06 pm
  • kenny

    Thank you very much for the sub

    2018-12-13 at 9:25 pm
    Reply
  • vinod

    supiri……….

    2019-02-09 at 12:42 pm
    Reply

Leave a Reply to හසිත ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip