Amal (2008) Sinhala Subtitle

/

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම අදත්. මුලින්ම කියන්න ඕනෙ ලබන්නාවූ නව වසර වසංගත තත්වෙයෙන් අත්මිදුනු පැහැබර නව වසරක්ම වේවා කියල. මාස ගණනාවක නිහැඬියාවකින් පසු ගෙනෙන දෙවෙනි උපසිරැසියයි මේ. මෙවර තෝරාගත්තෙ 2008 වසරේ තිරගතවූ අපූරු හා සිත නිවන පන්නයේ හින්දි චිත්‍රපටයක්. මෙය තිරගත වූවේ 2008 වසරේ වුවත්, මෙය ඇමසෝන් ප්‍රයිම් හරහා මෑතකදී ඔන් ඩිමාන්ඩ් ලෙස නිකුත්වූ නිසා මෙය webrip ලෙසින් අන්තර්ජාලයට එකතුවුනා. මේ චිත්‍රපටයේ නම තමයි Amal (2008). මෙය කැනේඩියානු-ඉන්දියානු ජාතික සිනමා අධ්‍යක්ෂ රිචී මෙහ්තාගේ අධ්‍යක්ෂණයක් වන අතර ෂෝන් මෙහ්තාගේ “Amal: The Autorickshaw Wallah” නම් කෙටි කතාව ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටයක්. රංගනයෙන් දායක වන්නේ රූපින්දර් නාග්‍රා, නසීරුද්දීන් ෂා, සීමා බිස්වාස්, කෝයල් පූරි,වික් සහේ, ඕෂන් සේත්, තනීෂා චැටර්ජි ඇතුළු නළු නිළි කැලක්. නසීරුද්දීන් ෂා සහ සීමා බිස්වාස් ඔබ හොඳින් අඳුනන දක්ෂ නළු නිලි දෙපලක් වුවද, මෙහි අපිට නුපුරුදු නළු නිළි රංගනයන්ද ඔවුන්ගේ රඟපෑම්වලට දෙවෙනි නැති බවත් කිව යුතුමයි. IMDB වෙතින් 7.5ක අගයක්ද Rotten Tomatoes වෙතින් 100%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 89%ක්ද ලබා තිබීම චිත්‍රපටයේ ගුණාත්මක භාවය මොනවට ඔප්පු කරන්නක්. එසේම සම්මාන දහයකට නිර්දේශව එයින් පහක්ම තමන් සතු කරගන්නත් චිත්‍රපටය සමත්ව තිබෙනවා. චිත්‍රපටයෙ කතාව පැත්තට යමු අපි දැන්:

අමල් කියන්නෙ නවදිල්ලියේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙක්, ඉතාම සන්සුන් අවංක පුද්ගලයෙක් වන ඔහු රැකියාවේදීද තම ගතිගුණ එලෙසම තබාගන්නට නිරතුරුවම උත්සාහ ගන්නවා. දිනෙක ඔහුගේ රථයේ ගමන්ගන්නා ධනවත් පුද්ගලයෙක් ඔහුගේ අවංකභාවය දැක අමල්ගේ ජීවිතය සහමුලින්ම වෙනස්වන ආකාරයේ ත්‍යාගයක් ඔහුට උරුමකර තබමින් මියයනවා. එහෙත් එය ලබාදීමට අමල්ව සොයාගැනීම දැඩි ගැටලුවක් බවට පත්වෙනවා නවදිල්ලියේ සිටින දස දහස් ගණනක් වූ අමල්ලා අතරින් ඔහුව සොයාගැනීමට ඇති එකම හෝඩුවාව ඔහුගේ නම සහ වාසගම පමණක් වීම, එසේම ඔහුට එරෙහි බලවේග කීපයකුත් මේ අතරේම නැගී එනවා මේ සුවිශේෂ ත්‍යාගය තමන් සතු කරගැනීමේ අරමුනින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්…

ලබාදී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා වේ

7.5
IMDB

Year : 2008

Actors : Rupinder Nagra,Naseeruddin Shah,Seema Biswas,Koel Purie

Directed by Richie Mehta. With Rupinder Nagra, Naseeruddin Shah, Seema Biswas, Koel Purie. When Amal impresses an eccentric millionaire with his humility and humanity, he unknowingly becomes the old man's beneficiary.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 382
  • File Size : 2.294MB
  • ශාමල් මනෝජන් Unregister User
    Android 7Chrome 87

    90s Hindi movies ටිකකට උපසිරැසි දෙන්න බැරිද?

    Tezaab – 1988
    Ram Lakhan – 1989
    Baaghi – 1991
    Love – 1991
    Raja – 1995
    Coolie No. 1 – 1995
    Hero No. 1 – 1997

    වගේ ෆිල්ම් ටිකක්…

    2020-12-31 at 2:09 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 84

      හින්දි පස්සෙ එච්චරම එලවන්නෑ, ශාමල්. බලන්නෙත් තෝරගත්ත හොඳයි කියල හිතෙන එකක් විතරයි දැන්. ඒකෙනුත් සබ් කරන්න වැයකරන කාලෙට වටින එකක් දැක්කොත් සබ් කරනවා, එච්චරයි.

      2021-01-02 at 9:34 pm
  • Hashan Unregister User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:
    :punch:
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා හිතේ තියන ඉලක්කවලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන ලෙඩ රෝග අඩුවෙන වැඩි වැඩියෙන් සබ් ගහන්න වෙලාවත් හම්බෙන සුපිරි අවුරුද්දක් වේවා :wink::right_facing_fist::left_facing_fist:

    2020-12-31 at 11:25 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, හෂාන්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      2021-01-02 at 9:35 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 87

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-01 at 7:20 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, Kantha.

      2021-01-02 at 9:35 pm
  • Shanaka Unregister User
    Android 9Chrome 87

    happy new year mch….ane puluvannam el chapo season 3 ake sub aka dennako.

    2021-01-02 at 8:40 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 84

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා, ශානක.
      දැන් ටීවී සීරීස්නං අතෑරලම දාල තියෙන්නෙ.

      2021-01-02 at 9:36 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *