පසුගිය 21 වෙනිදා සිදු වූ අමානුෂික බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට නිවන් සුව සහ දෙවි පිහිට ලැබේවා! තුවාල වූ සියලුම දෙනා හට ඉක්මන් සුවය ලැබේවා! ශ්‍රී ලාංකිකයන් වන අප සියලු දෙනා නැවතත් මෙවන් විපතක් නොවේවා කියා ප්‍රර්ථනා කරමු.
ඒ වගේම විවිධ කට කතා වලට නොරැවටෙන්න.කාටවත් කරදර නොකර ඉන්න.පාර තොටේ යද්දී සැලකිල්ලෙන් යන්න.සැකකටයුතු යමක් දුටු විගස ආරක්ෂක අංශ දැනුවත් කරන්න.ජාති ආගම් බේද ඇති නොකර ගෙන මෙවන් විපතකට තුඩු දුන් හේතු හැකි තාක් දුරට අවම කර ගැනීමට කටයුතු කරන්න.
!!!…..මූනින්…..!!!(18+)
ඉතින් කොහොමද කට්ටිය.සුබ අලුත් අවුරුද්දක් වේවා! එහෙම කියන්නත් බැහැ සිදු වුණු විනාශය නිසා.ඉතින් කෙසේ හෝ වේවා නැවතත් මෙය පටන් ගත්තේ කල් දාන්න බැරි නිසා.අමාරුවෙන් කලකිරීමෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ.කොහොම වුනත් සිද්ද වුණු දේවල් අතීතයට දාලා අනාගතය ගැන හිතමු.හොඳයි එහෙනම් අද කොටසේ නම තමයි Muninn. ඉතින් මේ මූනින් කියන්නේ කපුටෙක්.වෙන්ස්ඩේට තොරතුරු කියන කපුටෙක්. මේ කොටස ලබා ගෙන ඇති imdb අගය 7.6 කි.
ඉතින් ඔයාලට මතක ඇති පහු ගිය කොටසින් සිද්ද වුණු දේ.ඔයාලට මතක ඇති සොරෝයව ආපහු ගෙන්වන්න බහ කියලා චෙනොර්බෝර්ග් කියනවා.ඒ වගේම අපේ වෙන්ස්ඩේ මහත්තයයි නැන්සි යනවා කෙයිරෝ වලට. ඒ වගේම අපේ ලෝරා අක්කා සහ ස්වීනි යනවා ශැඩෝව් ව බේර ගන්න.ඉතින් අන්තිමේදී කොහොම හරෝ කෝච්චිය අපේ වෙන්ස්ඩේ ගේ කාර් එකේ හැප්පෙනවා.
ඉතින් අද කොටසේදී දකින්න පුළුවන් අපේ ශැඩෝව් කෙයිරෝ වලට එන හැටි. වෙනම විදිහකට එන්නේ.ඒ වගේම අමුතු තැනකට යනවා.ඒ වගේම පරණ කෙනෙක් අලුත් වෙලා එනවා. ඒ වගේම ලෝරාවත් පොඩ්ඩක් අලුත් වෙලා එන හැටි.ඉතින් මේ කොටස බලන එක ඔයාලට බාරයි.
- බෙටී කියන්නේ ඔඩින් ගේ කාර් එක.පේන විදිහට දෙවිවරුන්ගේ රූපයෙන් ගත්තොත් බෙටී කියන්නේ ඔඩින් ගේ අශ්වයා.
අපේ site එකේ ඉෂානි සහෝදරිය 50 වෙනි උපසිරසියට ලඟා වෙලා තියනවා.ඉතින් ඒ සඳහා ගිහින් අපේ පළමු කාන්තා නියෝජිතවරිය වන ඇයට 50 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් පොඩි අදහසක් දාගෙනම යන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා.ඔයාලා හැමෝටම ජය වේවා.
සහන් සුලක්ඛණ
Comments: 1
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් දෙමු…