Avengers: Endgame (2019) Sinhala Subtitle

/

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේදී මාවල් රසිකයන් මගබලාගෙන හිටපු දෙවන චිත්‍රපටය , එහෙමත් නැත්නම් Avengers : Endgame (2019)හි සිංහල උපසිරැසිය ඔබ වෙත අරගෙනයි. මුලින්ම කියන්න ඕනෙ තවමත් මේ චිත්‍රපටයෙ නිකුත්වී තිබෙන්නෙ කැමරා පිටපත් පමණයි. එයිනුත් මෑතකදී නිකුත්වුණ චීන හාඩ්කෝඩඩ් උපසිරැසියක් සහිත කැමරා ටෙලිසිනෙ පිටපතකට තමයි මේ උපසිරැසිය නිර්මාණය කලේ. අන්තර්ජාලයේ තිබෙන කැමරා පිටපත් විවිධාකාර නිසා මේ ලබාදී ඇති පිටපතට අමතරව වෙනත් පිටපත්වලට උපසිරැසිය ගැලපේයැයි සහතික වෙන්න හැකියාවක් නෑ. ඒ නිසා කරුණාකර ලබාදී ඇති පිටපත ලබාගන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි ඒ වගේම එම පිටපතට උපසිරැසිය 100%ක් ගැලපෙන බවත් මතක් කරන්න කැමතියි. එසේම සුපුරුදු පරිදි පිලිගතහැකි අඩවිවලින් පිටපත් නිකුත්වෙන පිළිවෙලට, අදාල යාවත්කාලීන කිරීම් කිරීමට බලාපොරොත්තුවන බවද මතක් කර සිටිමි. එසේම ඔබ Captain Marvel සහ Avengers: Infinity War යන චිත්‍රපට මෙතෙක් නරඹා නැත්නම්, ලිපියේ ඉදිරියට එන කරුණුවලින් ඔබේ රසවින්දනයට බාධා විය හැකියි. එසේම මෙය නිවැරදිව වටහාගන්නටනම් මාවල් සිනමා විශ්වයේ පෙර චිත්‍රපටද නරඹා තිබීම අත්‍යවශ්‍ය බවත් මතක් කරන්නට කැමතියි. එසේ නැතිවුණොත් ඔබ දකින්නෙ අගක් මුලක් නැති කතාවක් වෙන්න හොඳටම ඉඩ තියනවා. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

මාවල් සිනමා විශ්වයේ ලොකු වෙනසක් කල රූසෝ සහෝදරයන්ගේ ( ඇන්තනි සහ ජෝ රුසෝ) අධ්‍යක්ෂණයෙන් ඔබ හමුවට එන මේ Avengers:Endgame(2019) මේ වනවිට ආදායම් වාර්තා එකින් එක බිඳහෙලමින් අති සාර්ථකව තිරගත වෙනවා. එසේම Imdb අගය 8.9ක් ලබාගෙන එහි හොඳම චිත්‍රපට 250 අතරේ 12 වෙනි තැන හොබවන අතරෙම Rotten Tomatoes වෙතින් 95%ක දැවැන්ත අගයක්ද ලබාගන්නට මෙය සමත්ව තිබෙනවා මේ වනවිට. මාවල් රසිකයන් මෙය නරඹන්නට කොතරම් උනන්දුවෙන් බලාසිටියේද යත් තමන්ට පසුවාරයේ චිත්‍රපටය නරඹන්නට පැමිණ සිටි නරඹන්නන්හට චිත්‍රපටය ස්පොයිල් කරන්නට තරම් නිර්භීතවූ හොංකොං ජාතිකයෙකුට බඩකට පුරා සලකන්නටත් එම නරඹන්නන් කටයුතු කර තිබුණ බවට අන්තර්ජාලයේ සඳහන්. ඔහු එය කරන්නේ චිත්‍රපටය නරඹන්නට සිටින පිරිසගේ රසවින්දනයට බාධාවන කිසිවක් සංසරණය නොකරන ලෙස රුසෝ සහෝදරයන් විසින් ප්‍රේක්ෂකයන්ගෙන් නිල කාරුණික ඉල්ලීමක්ද කර තිබියදීයි.

එම ඉල්ලීම 

Captain Marvel නරඹපු ඔබට මතක ඇති එහිදී අපි දැක්කෙ ඇවෙන්ජර්ස් කණ්ඩායම බිහිවන්නට පෙර කාලය. චිත්‍රපටයෙදි ඔබ දකින්න ඇති කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් තමයි නික් ෆියුරිට මුලින්ම මුණ ගැහෙන අධි මනුෂ්‍ය බලයක් ඇති චරිතය. එහි අවසන් භාගයේදී ඔහුම කියනවා ලෝකයට පිටසක්වලකින් තර්ජණයක් ඒවියැයි තමන් කිසිදාක නොසිතූ බව. එතනින් තමයි ඔහු ලොව පුරා සිටින සුපිරි වීරයන් සොයා කණ්ඩායමක් හදන්නත් එයට “ඇවෙන්ජර්ස්” යන නම යොදාගන්නත් තීරණය කරන්නෙ. ඇවෙන්ජර්ස් නම ඔහුගෙ හිතට ආවෙ කොහෙන්ද කියලත් ඔබට මතක ඇති කැප්ටන් මාවල් නැරඹුවානම්.

කැරොල්ගේ ගුවන්යානයේ බඳේ “ඇවෙන්ජර්” ලෙස සටහන්ව තිබූ ආකාරය

දැනට ඇති කැමරා පිටපත්වල නැතත්, Captain Marvel හි මිඩ්-ක්‍රෙඩිට් දර්ශනයේ තිබෙනවා Avengers: Infinity War චිත්‍රපටයේ එන තානෝස්ගෙ ස්නැප් එකෙන් දුහුවිලිව යන්නට මොහොතකට පෙර නික් ෆියුරි යවන පණිවිඩය කැප්ටන් මාවල්ට ලැබුණ බවට සාක්ෂි. ඇය පණිවිඩය ලැබුණ සැනින් ඇවෙන්ජර්ස් කණ්ඩායම හොයාගෙන එනවා “නික් ෆියුරි කෝ?” කියා අසමින් ( වීඩියෝ)

Infinity War බලපු අය දන්නවා තානෝස්ගෙ ස්නැප් එකෙන් විශ්ව ජනගහණයෙන් හරි අඩක් දුහුවිලිව යනවා. අපේ සුපිරිවීරයන්ටත් ඔවුන් හා සම්බන්ධ අයටත් එයින් ගැලවීමක් නෑ. ඔවුන්ගෙනුත් පිරිසක් දුහුවිලිව යනවා එයට හසුව. එසේම කීපදෙනෙක්ට ජීවිතයත් අහිමිවුණා Infinity War තුලදි. කවුද ඒ කියල මතක් කරගමු අපි. ඒක ඉතාම පැහැදිලිව මාවල් ස්ටුඩියෝස්වලින්ම ඡායාරූපයක් ලෙස නිකුත් කලා.

මෙහි වර්ණ ඡායාරූපවල සිටින්නේ තවමත් ජීවතුන් අතර සිටින පිරිස වන අතර කළු සුදු ලෙස දක්වා ඇත්තේ තානෝස්ගේ ස්නැප් එක නිසා දුහුවිලිව ගිය සහ මියගිය නමුත් නැවත පැමිණීමට ඉඩකඩ ඇති අයයි. කොහොමත් මේ දුහුවිලිව ගිය අය මියගියායැයි අපිට කියන්න බෑ හරියටම. කොහොමහරි දැන් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති ඉතිරිව සිටින පිරිස.

• ටෝනි ස්ටාක් නොහොත් අයන් මෑන්

• ස්ටීව් රොජර්ස් නොහොත් කැප්ටන් ඇමරිකා

• නතාෂා රොමනොෆ් නොහොත් බ්ලැක් විඩෝ

• තෝර් ( ඔබට මතක ඇති ඇස්ගාඩය අහිමිවීමෙන් පසු තෝර් සහ ඇස්ගාඩවාසීන් දැන් සිටින්නේ නෝර්වේ රාජ්‍යයේ)

• බෲස් බැනර් නොහොත් හල්ක්

• ක්ලින්ට් බාටන් නොහොත් හෝක්-අයි ( අපි හෝක්-අයිව අන්තිමට දකින්නෙ Captain America: Civil War තුලින්. Ant Man and Wasp තුලින් අපි දැනගත්තා ඔහු සුපිරිවීර ක්‍රියාකාරකම්වලින් ඉවත්ව සිටින බව, ඒ නිසයි ඔහු Infinity Warවලට සම්බන්ධ නොවුණෙ )

• කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල්

• ස්කොට් ලැන්ග් නොහොත් ඈන්ට් මෑන් ( Ant-man and Wasp හීදී ඔහු ක්වොන්ටම් රාජධානියේ සිරවුණා, ඔහුව ආපසු ගෙන්වාගැනීමට සිටි හෝප් , හෑන්ක් පිම් සහ ජැනට් වැන් ඩයින් තිදෙනා තානෝස්ගේ ස්නැප් එකෙන් දුහුවිලිව යාම නිසා. ඇත්තටම ඒ නිසාමයි ස්කොට් ඒ ස්නැප් එකට ගොදුරු නොවෙන්නෙ)

• නෙබියුලා

• ඔකෝයේ සහ එම්බාකු ( වකන්ඩාහි)

• ජේම්ස් රෝඩ්ස් නොහොත් වෝ මැෂීන්

• රොකට් රැකූන්

• වැල්කරි

• වොන්ග් ( ඩොක්ට ස්ට්‍රේන්ජ්ගේ සහායක )

• හැපී හෝගන් ( ටෝනි ස්ටාක්ගේ සහායකයා )

• පෙපර් පොට්ස්

මීට අමතරව Infinity Warහීදී තව කීපදෙනෙක් සැබෑවටම මියගියා

ලෝකි : ඔබට මතක ඇති ඔහු අපි සිතා සිටි තරම්ම නරක අයෙක් නොවන බව ඔප්පු කලා තෝර්ව බේරාගන්නට තානෝස් අතට ටෙසරැක්ටය දීමෙන්. ඒත් ඒ එක්කම තානෝස්ව මරා දමන්නට තැත් කල ලෝකි මියයනවා තානෝස් අතින්. එතනදි තානෝස් කියනවා මේ වතාවෙ මරණින් නැගිටීමක් නැති බව. ( අමතක අයට මෙන්න එම අවස්ථාව )

හයිම්ඩෙල් : තානෝස් තෝර්ගේ යානය ආක්‍රමණය කල අවස්ථාවෙ ඔහුවත් මරා දැමෙනවා.
(මේ එම අවස්ථාව)

ගැමෝරා : ඔබට මතක ඇති තානෝස් ආත්ම පාෂාණය අත්කරගැණීම සඳහා වෝර්මීර් ග්‍රහලොව වෙත ගිය අවස්ථාව. ආත්ම පාෂාණය ලබාගන්නට නම් අදාල තැනැත්තා වඩාත්ම ආදරය කරනා කෙනාව අහිමි කරගන්නට වන බවත් ඔබ දන්නවා. එතනදී තානෝස් තම දියණිය වන ගැමෝරාව බිලිදීමෙනුයි ආත්ම පාෂාණය ලබාගන්නෙ. ( මේ එම අවස්ථාව)

විෂන් : විෂන්ගේ හිසේ ඇති අනන්ත පාෂාණය තානෝස් අතට පත්වීම වළක්වාගැනීම සඳහා ස්කාලට් විච් විසින් එය විනාශ කලත් තානෝස් කාලයෙන් ආපස්සට ගොස් විෂන්ගේ හිස පොඩිකර දමා එම අනන්ත පාෂාණය තමන් සතු කරගන්නවා. ( එම අවස්ථාව) 

ඔය තමයි මේ End game වනවිට මාවල් සිනමා විශ්වයේ වීරයන්ගෙ තත්වය. දැන් ඔය ඔක්කොම අතර අපිට කල්පනා වෙනව කෝ මේ තානෝස් කියල. ඒක අපි Infinity War තුලින්ම දැක්කා. විශ්ව ජනගහණයෙන් හරි අඩක් අවසන් කර විශ්වයට සමබරතාව ගෙන ඒමේ ඔහුගේ කල්පනාව සාර්ථක කරගෙන ඔහු තම යුධ සටන් අතැහර දමා ගොවිතැන් කරන බවකුයි අපි දැක්කෙ.

තානෝස් ගොවිපළක සිටින දර්ශනය

ඒත් ඒ කොහෙද කියල කිසිම සඳහනක් අපි දැක්කෙ නෑ. ඒක දැනගන්න තියෙන්නෙත් මේ Endgame තුලින්ම තමයි.කොහොමහරි මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට මුල සිට නරඹපු ඔබට එම චිත්‍රපට රැසක්ම මතක් කරල තියනව මේ චිත්‍රපටය තුල. මම හිතන්නෙ මේ චිත්‍රපටයෙ කතාව ගැන ඔබට කිසිම දෙයක් කියන්න අවශ්‍ය නෑ මේක හරියටම ගත්තොත් Infinity war හි දෙවන කොටස වගේ නිසා. එතන ඉඳන් බැලුව කියල හිතාගෙන බලන්නයි තියෙන්නෙ. මම එහෙනම් මෙතනින් නවතින්නම්. චිත්‍රපටයට අදාල විශේෂ කරුණු මම පහලින් වෙනම සඳහන් කරන්නම්.

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. වීඩියෝ පිටපත් සඳහා ලබාදී ඇති ලින්ක්වල ඇති වෙබ්පිටුවේම එම පිටපත්වලට අදාල ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ද ඇතුලත්ය.

විශේෂ :-
• Thor : The Dark World බලපු අයට මතක ඇති තෝර්ගේ පෙම්වතිය ජේන් ෆොස්ටර්. එම චරිතයට පණ පෙවූ නැතලි පෝට්මන් පවසා තිබුණා තමන් මින් ඉදිරියට මාවල් චිත්‍රපටවලට දායක නොවන බව. කෙසේ හෝ Endgame තුල ඔබට ඇයව දැකගන්න පුළුවන්. එය මුළුමුනින්ම Thor: The Dark World හි දර්ශන නැවත සකස්කිරීමෙන් සැකසුවක් බවයි කියවෙන්නේ. හැබැයි රුසෝ සහෝදරයන්ගේ ඉල්ලීම මත ඇය එම දර්ශනවල දෙබස්වලට තම හඬ දායකත්වය ලබාදුන් බවයි කියවෙන්නේ.

• මෙය හොලිවුඩය තුල මුළුමුනින්ම I-MAX කැමරා භාවිතයෙන් රූගත කල තෙවන චිත්‍රපටය.

• අධ්‍යක්ෂක ජෝ රුසෝගේ දියණියන් දෙදෙනා වන ඒවා සහ ලියා දෙදෙනාද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

• චිත්‍රපටයේ එක් තැනක ක්ලින්ට්ට ” ඊඩිත්ගේ පුත්‍රයා” ලෙස කතා කරනවා. මාවල් කොමික්ස්වලට අනුව ක්ලින්ට්ගේ ( හෝක්-අයි) සහ ඔහුගේ සහෝදර බානිගේ ( වින්ටර් සෝල්ජර්) මව තමයි ඊඩිත්. ඔවුන්ගේ පියා වන හැරල්ඩ්ට ඔවුන්ගේ කිසිදු කැමැත්තක් නොතිබුණ නිසා වෙන්නට ඇති මේ විදියට කතාකරන්නෙ.

• Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) පසුව රුසෝ සහෝදරයන් විසින් අධ්‍යක්ෂණය කල සිව්වැනි චිත්‍රපටය මෙයයි.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 61706
  • File Size : 122.415KB
  • Sub Update :2020-09-06
  • Luzifar47 Unregister User
    Android 9Chrome 74

    ඔබේ උත්සාහය සහ කැපවීම මම අගේ කරනවා නමුත් සිංහල උපසිරස ඉතා ඉක්මනින් ලැබුණු නම් තවත් හොඳයි හේතුව නම් මේ වන විට අදාල වීඩියෝ පිටපත නිකුත් වී දින 11 ක් ගතවීමත් හා වෙනත් සිංහල උපසිරස වෙනත් අඩවි වලින් නිකුත් විමත් නිසාය ඔබේ උපසිරස ගුණාත්මක බවින් ඉහල ඛව දනිමි

    2019-05-09 at 6:37 am
    • hansaka Unregister User
      Windows 10Chrome 74

      oya ehema kiuwata me manus sayantath wena weda thi yenawa. A weda medde thama me wa karanne a hinda a gollanta thanks karanna

      2019-05-09 at 2:48 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      හංසකට බොහොම ස්තූතියි, ඔය විදියට හිතන අය ඉන්න එක ඉතාම සතුටක්. Luzifar47ට කියන්න තියෙන්නෙ මට කිසිම හදිස්සියක් නෑ. හදිස්සි වෙලා නිකං අකුරු ගොඩක් ටයිප් කරල දීල, බලන ඕගොල්ලන්ව රවට්ටල, කමෙන්ට් සීය දෙසීය ඉල්ලගන්න Subzlk අපේ කිසිම අදහසක් නෑ. අපේ උපසිරැසි ප්‍රමාද වෙනවනම් එයට ලොකුම හේතුව ගුණාත්මක භාවය ගැන (දැන්නං මට පේන විදියට අපි ඒ ගැන හිතනවා වැඩිද කියලත් මට හිතෙනවා) සැලකිලිමත් වීම. ඒ හින්දම අපි ලොකු කාලයක්, ශ්‍රමයක් වැය කරනවා මේ වෙනුවෙන්, ප්‍රමාදයට දෙවෙනි හේතුව ඒක. මට උපසිරැසියක් වෙනුවෙන් අවශ්‍ය තරම් කාලයක් වැය කරන්න බැරි දවසක් ආවොත් හදිස්සි වෙලා නිකං අකුරු ටයිප් කරල “අංක එක” වෙන්න උත්සාහ කරනවා වෙනුවට මම කරන්නෙ උපසිරැසිකරණයෙන් ඉවත්වීමයි.

      2019-05-09 at 7:18 pm
    • Sisira Unregister User
      Android 7Chrome 72

      හොදින් උපසිරසි සකස්කර තියනව

      2019-05-27 at 9:33 pm
    • Ishan LeYo Unregister User
      Android 8.1Chrome 74

      මේ සබ් එක සපෝර්ට් කරනවද ස්මාර්ට් ටීවී වලට

      2019-05-13 at 11:17 am
  • පසිදු සාරංග
    Android 5.1Samsung Browser 3.3

    Sub 1ta ස්තුතියි සහෝ..

    2019-05-09 at 7:35 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2019-05-09 at 7:18 pm
    • Jeewan Priyankara User
      Android 5.1Chrome 60

      Niyamai bro hemadama me wagema sub denna

      2019-05-11 at 2:18 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-05-09 at 9:49 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, Kantha 🙂

      2019-05-09 at 7:18 pm
    • Luzifar47 Unregister User
      Android 9Chrome 74

      Shazam awill

      2019-05-10 at 11:33 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.5

      ඔව්නෙ, මාත් දැක්කා HC-HDRIP එකක් ඇවිත්. ඒක අපේ සහෝදරයෙක් බාර අරන් තියෙන්නෙ. ලඟදිම උපසිරැසි එයි.

      2019-05-10 at 11:45 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    2019-05-09 at 12:29 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, Kavinda 🙂

      2019-05-09 at 7:19 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 7

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට. ලිපියත් මරු.
    ඔන්ලයින් බලන්න පුළුවන් විදිහට දැම්ම එකත් ලොකු දෙයක්. එතකොට වීඩියෝ එකේ තත්ත්වේ ගැනත් බලාගන්න පුළුවන්.
    කොහොමටත් ඉතින් බ්ලූ-රේ පිටපතක් එනකන් ඉවසගෙන ඉන්නවා.

    2019-05-09 at 4:19 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      බොහොම ස්තූතියි, ළහිරු මල්ලි. WEB සහ BLURAY වලට අනිවාර්යයෙන්ම අප්ඩේට‍ දෙනවා.

      2019-05-09 at 7:20 pm
  • DIlshan Unregister User
    Android 4.4UC Browser 12.9

    Good work.😍😍

    2019-05-09 at 8:50 pm
  • බොහොමත්ම ස්තුතියි සහෝදරයා sub එකට.හොඳ පිටපතක් ආවහම ගන්නම්.එතකං ඉන්නවා හොඳේ.ඒ වගේම ලිපියට ස්තුතියි.හොඳ පිටපත් බොහෝ දුරට ජූලි වගේ එයි කියලා තමයි හිතන්නේ.

    2019-05-09 at 9:32 pm
  • Ashan Unregister User
    Windows 10Chrome 74

    බොහොම ස්තූතියි අයියේ…
    ඔයා හිතන්නෙ බ්ලූරේ එක මොන මාසෙ වගේ එයි කියලද සහෝ??

    2019-05-09 at 10:56 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      අවම වශයෙන් අගෝස්තු මාසෙවත් වෙයි මම හිතන්නෙ Bluray එන්න.

      2019-05-09 at 11:29 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 74

    එක කොටසක තියෙනවා ..”එක්කෙනෙක්ට හිපි රැවුලක් තිබුනා ” …හේ හේ එ රැවුල් කට් එක තමයි මම හැමදාම කපන්නේ :p

    2019-05-10 at 10:06 am
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.5

      “හිපි රැවුල” 😀 ඔව්නේ, මමත් දැනුයි දැක්කෙ .

      2019-05-10 at 6:55 pm
  • Tharindu Udara Unregister User
    Windows 7Chrome 73

    supiri bro…!!!!

    2019-05-10 at 11:43 pm
  • Kasun Unregister User
    Android 7Chrome 59

    Thank machooooo blindspotting film akata sub danna???

    2019-05-11 at 10:14 am
  • Mithun Unregister User
    Android 8Chrome 73

    සබ් එකට ස්තුතියි සහෝ .හොද කොපියක් ආපු ගමන් බානව . තවත් හොද කොරියන් මුවි එකක් ආව එකටත් සබ් දෙන්න පුලුවන් ද බලළම…..
    Jo Pil-ho: The Dawning Rage (2019) 720p NF WEB-DL 1GB MkaCage

    2019-05-12 at 10:28 am
  • Lochana Weerasinghe User
    Windows 10Edge 13

    Hasitha Aiyyata ha Movie Eka Dunna Aiyyata Thank You!

    2019-05-22 at 2:41 pm
  • ඉසුරු Unregister User
    Android 8Chrome 71

    මෙකෙ මගෙ ෆොන් එකට එක සබ් එකක් වත් සපොට් කරන්නැනි එ ඇයිද දන්නැ නෙ ???

    2019-05-26 at 10:48 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.5

      ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ්නම් MX Player ඉන්ස්ටෝල් කරගන්න. අනිත් ගොඩක් ප්ලේයර් සිංහල සපෝට් කරන්නෙ නෑ මම දන්න විදියට. එහෙමත් හරිගියෙ නැත්තං iskoola potha ෆොන්ට් එක ෆෝන් එකට දාගන්න. ඉන්ටනෙට් එකේ තියනවා කරන විදිය.

      2019-05-26 at 6:33 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    sub walata thank

    2019-05-30 at 3:45 pm
  • Vimu drems User
    Android 8Chrome 74

    Ade file eka koheda bn thiyenne enne nane

    2019-06-14 at 1:17 am
  • dimuthu supun Madhushanka User
    Android 4.4Chrome 75

    Thnkzzz bro…ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා..!

    2019-06-26 at 10:47 am
  • udayanga Unregister User
    Windows 7Chrome 72

    thanks broo…nice work….

    2019-07-12 at 10:54 am
    • Mithun Unregister User
      Android 8Chrome 75

      බ්ලුරෙ එකත් ඇවිත්……….😁😁😎
      Y t s අය ඉක්මන් වෙලා මේ පාර😁
      අපි නම් WEB-DL තමා😍
      MkvCage එකටත් තව ටිකකින් වැටෙයි බ්ලුරෙ

      2019-07-31 at 10:47 am
    • Poson sandaru Unregister User
      Android 8.1Chrome 75

      Anna yts eka kelala movie eken bagayai thiyenne godak un comment krla thiye
      Yts eka me para hadissi wela wadi wage 😂

      2019-07-31 at 9:58 pm
  • Mithun Unregister User
    Android 8Chrome 75

    ඔර්ජිනල් HDRIP එකක් ආව mkacage එකට සහෝ………

    2019-07-28 at 1:20 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      අප්ඩේට් කලා, මිතුන් 😉 හැබැයි MKVCAGE ප්‍රින්ට් එක පැය දෙකයි විනාඩි 30 කින් පස්සෙ Stuck වෙනව කියල කියනවා. කොහොමද දන්නෑ ඒකෙ කමෙන්ට්වල දැක්කෙ. ඒක හින්ද කෝකටත් මම ලින්ක් එක දුන්නෙ නෑ ඒ වෙනුවට GalaxyRGලගෙ ලින්ක් දෙකක් තමයි දුන්නෙ. ඔයා MKVCAGE ප්‍රින්ට් එක ඩවුන්ලෝඩ් කරනවනං බයවෙන්න එපා සබ් එක ඒකටත් ගැලපෙනවා මේ ප්‍රින්ට් සේරම එකම Source එකකින් (EVO)අරගෙන එන්කෝඩ් කල ඒවා හින්දා.

      2019-07-29 at 1:00 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      By the way, මේ ප්‍රින්ට් ඔරිජිනල් HD නෙමෙයි. තව දවස් දෙක තුනක් ඉවසන්න, ඔරිජිනල් WEB-DL රිලීස් වෙයි ඒ වෙනකොට.

      2019-07-29 at 1:02 pm
  • tharaka Unregister User
    Windows 7Chrome 75

    ela bro thanks

    2019-07-30 at 12:18 pm
  • Mithun Unregister User
    Android 8Chrome 75

    Waww😍😍😍😍😍😍😍 updated ekat karalane.ada nm mekama tama blanne tawa poddakin download karanawa bohoma sthuthii

    2019-07-30 at 5:12 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      😉 බොහොම ස්තූතියි, මිතුන්. HDRip ඩවුන් කරපු කට්ටිය අපරාදෙ,නේද? පහුවදා බලද්දි WEB-DL ඇවිත්.

      2019-07-31 at 12:07 am
    • Mithun Unregister User
      Android 8Chrome 75

      මම ඔයාට දැකල කිව්වට මම ගත්තෙත් ණැ හසිත Hdrip එක.. අම්මො ඊයේ රැ 10ට මුවි එක බලන්න අරගත්තෙ ඉවර වෙද්දී පාන්දර 1යි පැය තුනක් ගියද කියල වත් දනුන් නැ..😁😍😍😍 .සුපිරිම මුවි එක..මෙකට කලිම් ආව එකේ අවසානෙ ඔක්කොම අලුවෙලා යන දර්ශනය හින්දම එක සම්පුර්ණයෙන්ම මතක තිබ්බ අද ඊයේ බැලුව වගේ.. එ හින්ද මෙක සුපිරි එකට සෙට් උනා😍
      Avengers නම් තව ඉස්සරහටත් ආවොතින් හොදයි කියල හිතෙනව.

      2019-07-31 at 8:16 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      ඔව්, ඒක ගොඩක් අය ගත්තා WEB-DL කියල හිතල. අපරාදෙ දවසක් ඉවසුවනං හරි.
      මම කොහොමත් ඩවුන්ලෝඩ් කරන්න කලින් WEBTORRENT සොෆ්ට්වෙයා එකට දාල බලනවා ප්‍රින්ට් එක. එහෙම චෙක් කරල ගන්න එතකොට කොලටි එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.

      2019-07-31 at 10:50 pm
  • Kanal Unregister User
    Android 8.1Samsung Browser 7.2

    Thanx saho

    2019-07-30 at 10:33 pm
  • thilina Unregister User
    Android 5.1Chrome 50

    Thank you..hamotama kalin sub eka update karata…sub eka hodata karala thiyanawa..thank you very much😍👍

    2019-07-30 at 10:34 pm
  • Kalpa Unregister User
    Android 5.1Chrome 50

    නියමයි..තෑන්ක්ස්

    2019-07-30 at 10:35 pm
  • Mithun Unregister User
    Android 8Chrome 75

    බ්ලුරෙ එකත් ඇවිත්……….😁😁😎
    Y t s අය ඉක්මන් වෙලා මේ පාර😁
    අපි නම් WEB-DL තමා😍
    MkvCage එකටත් තව ටිකකින් වැටෙයි බ්ලුරෙ ප්‍රින්ට්

    2019-07-31 at 10:49 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      Bluray updated. Thank you very much for informing,Mithun.

      2019-08-01 at 12:24 am
  • Sameera Unregister User
    Android 7Chrome 75

    Master z ip man….film ekata subtitle thiyanawada?..sahooooooo

    2019-07-31 at 8:38 pm
  • Sameera Unregister User
    Android 7Chrome 75

    MasterZ ip man.film ekata subtitle thiyanawada?…sahooooo

    2019-07-31 at 8:42 pm
  • Mithun Unregister User
    Android 8Chrome 75

    චිත්‍රපටයේ තෝර් දෙන ආතල් නම් සුපිරියි 😁😃.. එවට දෙබස් පරිවර්තනය කරල තියෙනවා නියෙමටම ..

    2019-07-31 at 9:25 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Vivaldi 2.6

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 තෝර් ජේන් ගැන ඇවෙන්ජර්ස්ලට විස්තර කරන තැන තමයි ලස්සනම.
      කතාවට රොකටුත් එකතුවුණාම තමයි ඒ ලස්සන වැඩිවෙන්නෙ.

      2019-07-31 at 10:54 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    2019-08-01 at 11:02 am
  • Manuka Miuranga User
    Android 5.1Chrome 73

    Niyama wadak tnx … best of luck

    2019-08-06 at 10:26 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 75

    බොහොම ස්තුතිය. ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, දිගටම සබ් දෙමු,
    ජය වේවා……!

    2019-08-09 at 3:22 pm
  • akash Unregister User
    Android 5.1UC Browser 11.5

    Pirate of the caribbean katha 5 hema sinhala sub dedenaco bro

    2019-08-18 at 7:37 am
  • Nuwan sampath Unregister User
    Android 5.1Chrome 50

    Jaya wewa

    2019-09-01 at 6:37 pm
  • pasan sandeepa Unregister User
    Windows 10Opera 63

    ft bro niyama wadak

    2019-10-26 at 6:51 am
  • Pasan Sandeepa User
    Windows 10Opera 63

    good luck

    2019-10-26 at 6:52 am
  • Pasan Sandeepa User
    Windows 10Opera 63

    marvel hama film ekatama wage substile dunnata godak sthuthi

    2019-10-26 at 6:55 am
  • Pasan Sandeepa User
    Windows 10Opera 63

    oya karan wade nan athi wishishtay bro

    2019-10-26 at 6:56 am
  • chaminda kumara User
    Android 6UC Browser 12.14

    Thanks for lottt…

    2020-01-17 at 5:07 am
  • godak thanx sub ekata . post ekath niyamyi.:star_struck:

    2020-09-06 at 4:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *