Black Mirror (2011) [S04 : E01] Sinhala Subtitle

Published April 8th, 2021 by

USS කැලිස්ටර් යානය

කොහොමද සබ්ස් එල් කේ හිතවතුනි. මන් හිතන්නේ සෑහෙන්න කාලයකට පස්සේ තමා මන් මේ කතා මාලාවෙන් එපිසෝඩ් එකක් ගේන්නේ. ඇත්තටම මේක කාලයක් නොගෙන ආව හේතුව මේකයි. මන් 4 වෙනි සීසන් එකට සම්පූර්ණයෙන් උපසිරැසි ටික හදලා තියෙද්දී අවසනාවකට වගේ මගේ හාඩ් එක ගහලා ගියා. ඒ කරපු සබ් ටිකත් නැති වෙලාම ගියා. ආයේත් එකම කතාවට සබ් එකක් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්නේ. ඒ නිසා ටිකක් කල් වැඩේ අතෑරලා හිටියේ. අනික මේකට ලොකු ප්‍රතිචාරයක් තිබ්බෙත් නෑ ඒ කාලේ. පස්සේ මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් කතාව බලන්නත් අරන් වගේම මේක ගැන ටික ටික තැන් තැන් වල කතා වෙනවත් මන් දැක්කා. මුහුණුපොතේ එහෙම. ඉතින් ඇත්තටම මට සතුටකුත් හිතුනා මේ උපසිරැසි නිසාදෝ කට්ටිය මේක බලන්න යොමු වෙලා කියලා. ඒ හින්ද ඉතිරි ටිකත් මන් පුලු පුලුවන් විදියට වෙලාව හම්බවෙන විදියට කරලා දෙන්නම්.

හරි අද කතාවේදී වෙන්නේ මෙහෙම සීන් එකක්. ඉන්ෆිනිටි කියලා වීඩියෝ ගේම කම්පැනියක් තියෙනවා. ඒකේ ලොක්කෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වෝල්ටන්. ඒ චරිතයට රඟපාන කෙනාව දන්නවා ඔයාලා වෙස්ට්වර්ල්ඩ් බලලා තියෙනවා නම්. මු කට තියෙන වැඩ බැරි ටාසන් කෙනෙක්. ඒ නිසා කම්පැනියේ හැමදෙයක්ම රන් කරන්නේ මේකා.

අනික් කෙනා ඩේලී. බ්‍රේකින් බෑඩ් එකේ අන්තිම හරියේ එන්නේ අර මැර කල්ලියේ කොල්ලා. අන්න ඌ තමා රඟපාන්නේ. මූ වැඩ පුලුවන් සද්ද නැති එකෙක්. ඒ නිසා ම ලොක්කෙක් උනත් පොඩ්ඩක් කොන් වෙලා ඉන්නේ ඔෆිස් එකේ ඇතුලේ. මේකා ඉන්ෆිනිටි එක ඇතුලෙම ගේම් එකක් හදනවා. මිනිහගෙම වර්ෂන් එකක්. අභ්‍යවකාශ යානා ගැන ගේම් එකක්. ඒකේ අනික් ප්ලේයර්ස්ලා තමා ඔෆිස් එකේ ඉන්න ඉතිරි සේවකයෝ ටික. හැබැයි ඒ අයව බලෙන් තමා ඒ ගේම් අස්සට දාලා තියෙන්නේ. ඒ කොහොමද ඒ? මොකද්ද ඒ කිව්ව හරුපේ? අරන් ම බලන්නකෝ සීන් එක මොකද්ද කියලා තේරෙයි.

අනික මේ එපිසෝඩ් එකට විතරක් සෑහෙන්න සම්මාන ප්‍රමාණයකුත් හම්බෙලා තියෙනවා. මේ කතාවටත් උපසිරැසිත් දීලා නොබලනවා කියන්නේ ඇත්ත්ටටම පව් ඉතින් උන්. කතාව, නිෂ්පාදන කොලිටිය, රඟපාන උන් ටික, හැමදෙයක්ම ඉහළ මට්ටමේ ඒවා. මේක ඇන්තොලොජියක්නේ. ඒ කියන්නේ කතාංග එකිනෙකට සම්බන්ධ නෑ. දවසේ කතා. කෙනෙක්ට මෙතන ඉඳන් උනත් බලන්න පටන් ගන්න පුලුවන්. ඔය හැම කතාංගයකම ඉන්න ප්‍රධාන නළුවා හෝ නිළිය බොහෝ දුරට අපි දන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නේ. ඒ තරම් වියදම් කරලා ගහලා තියෙනවා මේ කතා ටික.

US

Download Links:

Download Torrent 720P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.8
84%
76%

Comments: 10

  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ ​කොහොමහරි ඉතුරු එපි ටිකටත් සබ් දෙනවට

    2021-04-08 at 5:36 pm
    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2021-04-08 at 6:45 pm
    Reply
    • Amila konara

      සබ් එකට් තෑන්ක්ස් බ්‍රෝ
      ඉතුරු ටිකටත් සබ් දාගෙන යමු

      2021-11-06 at 9:53 am
  • Nim

    ආපහු නැවතුන සීරිස් වලට සබ් දෙන්න ගත්ත එක ලොකු දෙයක් මචන්.. මේව අපි ගොඩක් ආසාවෙන් බලපු කතා, ඔයාල විතරනෙ සබ් දුන්නෙත්, ඉස්සරහටත් මේ වගේ හොඳ දේවල් වලටම සබ් දෙන්න.. ජය වේවා හැමෝටම…!

    2021-04-09 at 12:59 pm
    Reply
  • shadow walker

    ඉතුරු ටිකටත් සබ්ටයිල දෙන්න පුලුවන් තරන් ඉක්මනට දෙනකන් මග බලන් ඉන්නවෝගජය වේවා!

    2021-05-06 at 2:23 pm
    Reply
  • දුනිදු

    ඉතුරු ටිකටත් සබ් දෙමු බ්‍රෝ

    2021-06-18 at 2:48 pm
    Reply
  • sheli

    ithuru sub tikath oni machn

    2021-06-21 at 3:41 am
    Reply
  • dunidu

    ituru tikath sub dihnko bn patta kathawak bn meka

    2021-06-22 at 12:35 am
    Reply
  • Amila konara

    ආයෙත් මග නවතින්නෙ නැතුව අරගෙන යන්න සහෝ
    සබ් එකට තෑන්ක්ස්

    2021-11-15 at 6:09 am
    Reply
  • isuru

    තseason 4 අනික් episode ටිකට sub ඒක පුළුවන්නම් දානවද

    2022-09-25 at 12:37 pm
    Reply

Leave a Reply to sheli Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip