Braven (2018) Sinhala Subtitle

Published February 4th, 2018 by

70වන නිදහස අභිමානයෙන් සමරමු……………!!!!!!!!!!!!!!!!!!!!

ඔන්න එහෙනම් අද නිදහස් දවසෙ Subzlk රසික රසිකාවියන්ට 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච තවත් සුපිරි ෆිල්ම් එකකට උපසිරසත් අරගෙන ගොඩවුණා.
හැමෝටම මේ ෆිල්ම් එක උපසිරසත් එක්ක රසවිඳින්න කියල ආරාධනා කරනව.

Braven (2018)

මුලින්ම කියන්න ඕන 2018 පෙබරවාරි 2 වෙනිදා තමයි මේ චිත්‍රපටය රිලීස් වුණේ කියන එක.පුරා විනාඩි 94ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Action,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ. IMDB අගයත් 5.7/10 ලබාගන්න සමත්වෙලා තියෙනව.

Jason Momoa – Joe Braven
Jill Wagner – Stephanie
Garret Dillahunt – Kassen
Zahn McClarnon – Hallett
Stephen Lang – Linden
Sala Baker – Gentry
Brenden Fletcher – Weston
Teach Grant – Essington
Sasha Rossof – Charlotte
James Harvey Ward -Randal
Fraser Aitcheson – Clay
Tye Alexander – Deputy Officer
Steve O’Connell – Sheriff
ලෙසත් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනව.

කතාව ගෙතෙන්නෙ බ්‍රේවන් කියන පවුල වටා.ජෝ බ්‍රේවන්ගෙ රැකියාව ගස් කපල ඒ කොටන් ප්‍රවාහනය කරවීම.ඉතින් මේ කපපු ගස් කොටන් අරන් යන්නෙ ජෝගෙ යාලුවෙක්.මොහු මේ කොටන් අරන් යද්දි අතරමගින් කුඩු ඇතුල් කරලා හදපු කොටන් වගයක් ට්‍රක් එකට දාගන්නව.අතරමගදි මේ කොටන් ලොරිය පෙරලීම නිසා මොහු සහ ඒ කුඩු අරන් යන අනිත් කෙනා මේ කුඩු ටික ඒ ළඟපාතම තියෙන ජෝගෙ කැබින් එකට ගෙනිහින් හංගනව.ජෝගෙ තාත්තාට තියෙන පොඩි ප්‍රශ්න වගයක් නිසා ජෝ තාත්තව මේ කැබින් එකට අරන් එනව.ඉතින් මේ කුඩු තමන්ගෙ කැබින් එකේ තිබිල ජෝ හොයාගන්නව.ඒ අතරෙ මේ කුඩු අරන් යන්න හංගල ගියපු අය ආපහු එනව. ඔන්න ඔහොමයි කතාව පටන්ගන්නෙ. ජෝ බ්‍රේවන් තමන්ගෙ බ්‍රේවන් පවුල මේ මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියල කතාව නරඹලම දැනගන්නකො.

එහෙනම් තවත් උපසිරසක් අරන් එන බලාපොරොත්තු ඇතිව සමුගන්නම්…………….
ඔබට ජය……..!!!!!!!!! සතුට……………!!!!!!!!!!!

US
Download

Braven (2018) Sinhala Subtitle

Download: 5034

File size : 22.56 KB

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13