Brightburn (2019) Sinhala Subtitle

/

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ සුපිරි-දුෂ්ට, සංත්‍රාස ඝනයට අයත් BrightBurn (2019) චිත්‍රපටයේ උපසිරැසියයි. මේ චිත්‍රපටයෙ පූර්ව ප්‍රචාරක පටය නිකුත්වුන දවසෙ ඉඳන්ම ගොඩක් දෙනෙක් මේ ගැන ලොකු අවධානයක් යොමු කලා, ඒ මෙහි ප්‍රධාන චරිතය අතිශයින්ම DC කොමික්ස්හි සුපර්මෑන් චරිතයට සමානකම් දැක්වූ නිසා. කෙසේ වෙතත් මෙහි චරිතයනම් සුපර්මෑන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ චරිතයක්. සුපර්මෑන් නොහොත් ක්ලාක් කෙන්ට් චරිතය කොමික් ලෝකයේ සැලකෙන්නේ බලාපොරොත්තුවේ සංකේතයක් විදියටයි. හැබැයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයවන බ්‍රැන්ඩන් බ්‍රයර්නම් එසේ නෑ. කොහොමහරි මේ චිත්‍රපටයට ලොකු අවධානයක් ලැබුණු තවත් හේතුවක් තමයි මෙහි නිෂ්පාදකවරයන් දෙදෙනාගෙන් අයෙක්වන මාවල් ස්ටුඩියෝස්හි The Guardians Of The Galaxy (2014) අධ්‍යක්ෂ සහ පසුව ඇතිවූ යම් ගැටලුවක් නිසා එයින් ඉවත්ව යලි සම්බන්ධවූ ජේම්ස් ගන්. ඒ ඉවත්ව සිටි කාලයේදී තමයි ඔහුට මේ අදහස සිතට නැගී තිබෙන්නේ. එසේම 2021 වසරේ තිරගතවීමට නියමිත DC කොමික්ස්හි The Suicide Squad 2 චිත්‍රපටයේත් තිර රචනය සහ අධ්‍යක්ෂණ කර්තව්‍යයේ භාරකරු ඔහුයි. ඔය කරුණු නිසාම ඔහු සුපිරිවීර චරිත ඇතුලත් චිත්‍රපට සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලනවා.

 

බ්‍රයිට්බර්න් ( වමේ ) , සුපර් මෑන් (දකුණේ)

දැන් අපි මේ බ්‍රැන්ඩන් බ්‍රයර් නොහොත් “බ්‍රයිට්බර්න්” චරිතය දිහා බැලුවොත් මෙය සුපර්මෑන් චරිතයට ඇති සමානකම් බොහොමයි. ඔබ හොඳින්ම දන්නවා ක්‍රිප්ටොන් ග්‍රහලොවේ උපන් සුපර් මෑන් නොහොත් ක්ලාක් කෙන්ට්ගේ මුල් නම Kal-El . ඔහුගේ සැබෑ පියා එම ග්‍රහලොවේ විද්‍යාඥයෙකුවන Jor-El. මව වන්නේ Lara. කෙසේහෝ එම ග්‍රහලොව පුපුරා විනාශවී යාමට ආසන්නව තිබීමත්, ඒ ගැන ඔහු කල අනතුරු ඇඟවීම ක්‍රිප්ටින් ග්‍රහලෝක පාලක ” විද්‍යා කවුන්සිලය” ගණනකට නොගැනීමත් නිසා Jor-El තීරණය කරනවා එවකට කුඩා දරුවකුව සිටි Kal-El ව යානයක නංවා පෘතුවියට පිටත් කරහරින්නට.නමුත් එම යානය ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ස්මෝල්විල් පෙදෙසට කඩාවැටෙන අතර එයින් දිවි ගලවාගන්නා Kal-El ව ගොවි පවුලක් වන ජොනතන් කෙන්ට් සහ මාර්තා කෙන්ට් විසින් හදාවඩා ගන්නවා, Kal-El දරුවා ක්ලාක් කෙන්ට් බවට පත්වෙන්නේ එතනදියි. ඔබ දන්නවා ඇති පෘතුවියට එනවිටත් ඔහු සුපිරිබල ලද්දෙක්.

ස්මෝල්විල් නගරය 

කොතරම් සුපිරිබල ඇත්තෙක් වුවද තම පියාගේ සහ මවගේ මගපෙන්වීම යටතේ වයසින් මුහුකුරා යාමත් සමග ඔහු තම බලයන් යහපත් කටයුතුවලට යොදවමින් පෘතුවියේ ආරක්ෂකයා වන්නට කටයුතු කරනවා. දැන් ඔබ හිතන්න පුළුවන් මේ ටික මොකටද මේ චිත්‍රපටයේ ලිපියට කියල. ඒ මෙහෙමයි : මම ඉහලින් සඳහන් කල යානය කඩාවැටීම, එහි සිටින දරුවාව ගොවි පවුලක් විසින් හදාවඩාගැනීම යන කාරණා මේ චිත්‍රපටයටත් පොදුයි. ඒත් ටිකකට හිතන්න ඒ දරුවා නිසි මගපෙන්වීමක් නොලබා, සිත පාලනයක් නොමැතිව තම බලය අයහපත් දේට යොදවන්න යොමු වුණොත් මොකක් වෙයිද? සුපර්මෑන්ගේ බලයන් අයහපත් අතට ගියොත් වෙන දේ හිතාගන්න පුළුවන්නෙ. දැන් තේරෙනවනෙ සම්බන්ධෙ. චිත්‍රපටයෙ කතාව එතනින් එහාට කියන්න යන්නෙ නෑ මම, මොකද එහෙම කලොත් ඉතාම සීමිත කතාවක් තියන මේ චිත්‍රපටයට කරන අසාධාරණක් වෙනවා. මෙහි ඉදිරි චිත්‍රපටයකුත් එන බවයි ජේම්ස් ගන් මහතා කියන්නෙ. ඒ නිසා මේක මින් ඉදිරියට කොයි දිශාවට හැරෙයිද කියල කියන්න අමාරුයි, නොහිතන වෙනසක් ඇතිවෙන බවටනම් ඔහු ඉඟි පලකරලා තියනවා. කෙසේ හෝ මේ තරම් තම ක්ලාක් කෙන්ට් චරිතයට සමානකම් තිබීම හේතුවෙන් වෝනර් බ්‍රදර්ස් සමාගම මේ චිත්‍රපටය ගැන අයහපත් ප්‍රතිචාර දැක්වූවේදැයි ඇසූකල ජේම්ස් ගන් පවසා තිබුණේ එවැනි කිසිවක් ඇති නොවූ බවත්, තමන් DC කොමික්ස් හා ඉතාම සමීප බවත්.

මේ වනවිට IMDB අගය 6.4කුත් , Rotten Tomatoes වෙතින් 57%ක අගයකුත්, මෙට්‍රාක්‍රිටික් වෙතින් 44%ක අගයකුත් ලබා ඇති මේ චිත්‍රපටය කතාව පැත්තෙන් මීට වඩා ප්‍රබල වුනානම්  මීට වඩා සාර්ථක ගමනක් යන්න තිබුණ බවත් කියන්න ඕනෙ. හැබැයි මෙහි ඉදිරි චිත්‍රපටවලදි ලොකු දෙයක් දැක ගන්න ලැබෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන අය ගැන කිව්වොත් එලිසබෙත් බෑන්ක්ස් (ටෝරි බ්‍රයර්), ඩේවිඩ් ඩෙන්මන් (කයිල් බ්‍රයර්), ජැක්සන් ඒ. ඩන් (බ්‍රැන්ඩන් බ්‍රයර්), එමී හන්ටර් (කේට්ලින්), මැට් ජෝන්ස් (නෝවා), මෙරිඩිත් හැග්නර් (මෙරිලී ) වගේ පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. එහෙනම් මම ගිහින් එන්නම් වෙලාව 1:00ටත් ලඟයි. ආයිත් හමුවෙමු චිත්‍රපට උපසිරැසියකින්. චිත්‍රපටය බලන අය මතක ඇතුව අවසානය තෙක් නරඹන්න ක්‍රෙඩිට් දර්ශන තිබෙන නිසා.

විශේෂ :-
BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර, WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

6.5
IMDB

Year : 2019

Actors : Elizabeth Banks, David Denman, Jackson A. Dunn, Abraham Clinkscales

What if a child from another world crash-landed on Earth, but instead of becoming a hero to mankind, he proved to be something far more sinister?

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 6504
  • File Size : 53.323KB
  • Sub Update :2021-01-07
  • Hashan M. Priyadarshana Unregister User
    unknownOpera Mini 4.4

    තෑන්ක් යූ සහෝ සබ් එකට….
    ජය වේවා.!

    2019-06-26 at 7:50 am
  • dimuthu supun Madhushanka User
    Android 4.4Chrome 75

    Thnks you….😍😍

    2019-06-26 at 8:54 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 75

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-06-26 at 11:44 am
    • Mithun Unregister User
      Android 8Chrome 75

      මෙක පට්ට ෆිල්ම් එක සහෝ

      2019-08-31 at 7:45 am
  • kavinda Unregister User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2019-06-26 at 1:18 pm
    • Mithun Unregister User
      Android 8Chrome 75

      අප්ඩෙට් එකට ස්තුතියි සහෝ😍😍😍😍……… මත් මෙක බැලුවෙ නැ හොද කොපියක් එනකල්

      2019-08-06 at 8:14 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 75

    sub එකට ස්තුතියි සහෝ

    2019-06-26 at 1:29 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…
    ඔයා මෙකේ සබ් දෙනව කිව්ව හින්ද මුවී එකෙ සබ් හම්බුනත් බැලුවෙ නැ..
    වෙනස්ම ආකාරයේ මුවී එකක් වගේ නෙද බලමු..😍
    God bls you

    2019-06-26 at 10:17 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 75

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)

    2019-06-29 at 9:55 am
  • deshan Unregister User
    Windows 7Opera 60

    Thank you bro

    2019-07-01 at 7:44 pm
  • nipun Unregister User
    Windows 7UC Browser 7

    480p copy ekkuth daannako

    2019-07-10 at 4:06 pm
  • charith Unregister User
    Windows 10Chrome 75

    tnx bro sub ekata

    2019-07-21 at 5:33 pm
  • Manuka Miuranga User
    Android 5.1Chrome 73

    Supiri wadak

    2019-08-06 at 10:28 pm
  • Hashan M. Priyadarshana Unregister User
    unknownOpera Mini 4.4

    Thank you saho BR Rip ekata sub eka update karata

    2019-08-13 at 3:18 pm
  • Mithun Unregister User
    Android 8Chrome 75

    මෙක පට්ට ෆිල්ම් එක සහෝ

    2019-08-31 at 7:46 am
  • kasun madusanka User
    Windows 10Chrome 76

    patta bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

    2019-09-12 at 9:27 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *