Burning (2018) Sinhala Subtitle

Published February 14th, 2019 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ රසික ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි හදන්නෙ, මේ අපේ මිතුන් සහෝදරයා ඉල්ලා සිටි Burning (2018) කොරියානු චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම ස්තූතිය ඔහුට. ඇත්තටම මේ චිත්‍රපටය එසේ මෙසේ චිත්‍රපටයකුත් නෙමෙයි, මේ තමයි 2019 ඇකඩමි සම්මාන උළෙලේ කොරියානු නියෝජනය. එසේම මේ වනවිට සම්මාන 123කට නිර්දේශව එයින් 27ක් තමන් සතු කරගන්නටත් මෙය සමත්වී තිබෙනවා. අයත් වෙන්නෙ නාට්‍යමය අභිරහස් වර්ගයට. ධාවන කාලයනම් ටිකක් වැඩියි, පැය දෙකයි මිනිත්තු 28ක්.

ජපන් ජාතික ලේඛක හරුකි මුරාකමිගේ “The Elephant Vanishes” කෙටි කතා සංග්‍රහයේ ඇතුලත්වූ “Barn burning” නම් කෙටිකතාව ඇසුරින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය ඇමරිකානු ජාතික ලේඛක විලියම් ෆෝල්ක්නර්ගේ එම නමින්ම යුත් කෘතියකද ආභාෂය ලබා ඇති බවයි සඳහන් වෙන්නෙ. Imdb අගය 7.7කුත්, Rotten tomatos වෙතින් 94% කුත්, මෙටාක්‍රිටික් වෙතින් 90ක අගයකුත් ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් වශයෙන් ඉතාම ඉහල පැසසුම් ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය ලී ඩොන්-චුන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ආ-ඉන් යූ ( ලී ජොන්-සූ ), ස්ටීවන් යුන් (බෙන්),ජොන්-සියෝ ජුන් ( ෂින් හයුමි) ඇතුළු පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට….

ජොන්-සූ කියන්නෙ බඩුභාණ්ඩ බෙදාහරින්නෙකු ලෙස අර්ධකාලීන රැකියාවක් කරන තරුණයෙක්. දිනක් රැකියාව සඳහා පිටතට ගොස් සිටින අවස්ථාවක ඔහුට ඊට කාලයකට පෙර තම ගමේ අසල්වාසියකු වූ තරුණියක් මුණ ගැහෙනවා අහම්බයෙන්, ඇය හයුමි. හයුමි ඇයගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා, ඒ තමයි තමන් විනෝද චාරිකාවකට අප්‍රිකාවට යන බවත්, ඒ කාලය තුල තමන් සිටින කාමරයට පැමිණ තම සුරතල් බළලාට ආහාර පාන ආදිය සපයාදෙන්න කියල. ජොන්-සූ මේ ඉල්ලීම පිළිගන්නවා, හැබැයි එතනින් එහාට ජොන්-සූගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා.මම එතනින් එහාට කියන්න යන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.

වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න

US
Download

Burning (2018) Sinhala Subtitle

Download: 2243

File size : 28.56 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.7
95%
90%

Comments: 32

  • පසිදු සාරංග

    ස්තුතියි සහෝ උපසිරැසියට

    2019-02-14 at 5:30 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2019-02-15 at 12:11 am
  • Mithun

    බොහොම ස්තුති සහෝ සිංහල උපසිරස ගැන්නුවට. 2018 අවුරුද්දේ ආව හොදම කොරියන් ෆිල්ම් එක වගේ නෙද මේ 2019 එලියට ආවෙ.. බලන්න ඔනේ අදම අරම්😍

    2019-02-14 at 7:39 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ඔව්, හොඳ ෆිල්ම් එකක්, හැබැයි ටිකක් දිග වැඩියි, මිතුන්. ඒ වුණාට කතාව නියමයි :- )

      2019-02-15 at 12:12 am
  • Prabodha

    Godak sthuthi sahooo sub ekata…..

    2019-02-14 at 7:50 pm
    Reply
  • Sasindu

    Sub ekata bohoma sthuthi broo suba dawasak

    2019-02-14 at 10:29 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, ඔබටත් එසේම වේවා.

      2019-02-15 at 12:13 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2019-02-14 at 11:47 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

      2019-02-15 at 12:12 am
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…
    තෙරුවන් සරණයි…!

    2019-02-15 at 1:54 am
    Reply
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-15 at 6:45 am
    Reply
  • Leo Praba

    ස්තූතියි,

    2019-02-15 at 7:22 am
    Reply
  • super man

    සබ් එකට ස්තුතියි…

    2019-02-15 at 12:51 pm
    Reply
  • Chandika Prasanna

    Ela Korean Korean Crime Triler movies walata sub denna

    2019-02-15 at 10:01 pm
    Reply
  • Mithun

    පට්ටම ස්ටොරි එක. මාර සයිලන් විදියට ෆිල්ම් එක දුවන්නෙ.මන් මෙක මැද හරියක් වෙනකල් බලන් ආවෙ Imdb රෙටින් එක 7.7අරගන්න තරම් මොකක්ද මෙකේ තියෙන්නේ කියල එච්චරම .මොකද පට්ට ඩ්‍රාම විදියට ෆිල්ම් එක දුවන්නෙ . අර කොල්ල පලවෙනි පාරට අර පොරගෙ bathroomඑකට ගිහින් දකින දෙවල්වලින් පස්සෙ කෙල්ලගෙන් අහන්නෙ පොඩි කතාවක්.එන්න එතන ඉදම් තමා පට්ට විදියට කතාව ඇගට දැදෙන්න ගත්තෙ.ඉලගට හරිත කතාව… සුපිරිම ස්ටොරි එක..තැන්ක්ස් සහෝ… සබ් එක නියමයි.. ඔයාම බලළම සබ් එක කරල කියල හිතුනෙ. අවසානෙ ගැන නම් කතාකරන්න තෙරෙන් නැ.මෙකෙ දැනුන දෙ කියන්න එන් නැ ඇගට. බොහොම ස්තුති හොද ෆිල්ම් එකක් බැලුවෙ ❤

    2019-02-16 at 7:22 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      හරියට හරි, මේකෙ හරියටම පැය එක හමාරක් විතර යනකං මමත් කල්පනා කලා මේ මොන විකාරයක්ද කියල. එතනින් පස්සෙයි තේරුනේ කතාවට අවශ්‍ය පාර හදන එකයි කරල තියෙන්නෙ කියල. අන්තිමේ හිතාගන්න බැරිවුණා මටත්, එන්ඩ් එකක් නෑ වගේ හරියටම කිව්වොත්.

      2019-02-16 at 9:42 pm
    • Mithun

      මට නම් දැනුනෙ මෙහෙමයි සහෝ මනුස්සයෙක්ගෙ නිහඬ කමක් ඇතුලෙ ගොඩක් දෙවල් හැන්ගිල තියෙනවා … සමහර මිනිස්සු එ වගෙ මිනිස්සු දියේ බලල හරි ගුප්ත විදියට හිතුවට ඒ මිනිස්සු පිටින් කොහොම උනත් ඇතුලතින් සංවෙදියි.. අර යකා අර කොල්ලගෙ ඇතුලෙ දෙයක් එලියට ගත්ත කිව්වත් හරි වගෙ . මන් හිතන්නෙ සහෝ කොල්ල තෙරුම් ගත්ත අරූ ආතල් එක කිය ,කියා මොනවද කරන්න්නෙ කියල … එ වගේම තමන්ගෙ කෙල්ලටත් කරපු දේ. එතනින් එහාට පිල්ම් එක නිර්මාණය කරල තියෙන්නේ අපිටම හිතන්න… අවසානෙ හරිම ගුප්ත එකයි… එක රාමුවකට කොටු නොවෙන්න මෙක නිර්මාණය කරපු අය උස්සා කරල තියෙනවා දෙයක් කියන්න උස්සහා කරන්න..

      2019-02-17 at 8:07 am
    • හසිත ප්‍රසාද්

      ඒ වගේම මිතුන්, අර ප්ලාස්ටික් සර්ජරි කතාවයි, ලිඳේ කතාවයි, ලක්ෂ පහයි, මේකප් කිට් එකයි එකට ගලපල බැලුවාම ස්කෑම් එකකුත් වෙනව නේද අපිට නොපෙනී?

      2019-02-17 at 10:07 pm
  • Subashana Lakshan

    SUperb ❤😊

    2019-02-17 at 2:29 pm
    Reply
  • Jayasanka

    Thanks subata. korean love story yak dennako puluwannam.

    2019-02-17 at 6:03 pm
    Reply
  • Bathiya Maduwantha

    පට්ටම ස්ටොරි එක. මාර සයිලන් විදියට ෆිල්ම් එක දුවන්නෙ.මන් මෙක මැද හරියක් වෙනකල් බලන් ආවෙ Imdb රෙටින් එක 7.7අරගන්න තරම් මොකක්ද මෙකේ තියෙන්නේ කියල එච්චරම .මොකද පට්ට ඩ්‍රාම විදියට ෆිල්ම් එක දුවන්නෙ . අර කොල්ල පලවෙනි පාරට අර පොරගෙ bathroomඑකට ගිහින් දකින දෙවල්වලින් පස්සෙ කෙල්ලගෙන් අහන්නෙ පොඩි කතාවක්.එන්න එතන ඉදම් තමා පට්ට විදියට කතාව ඇගට දැදෙන්න ගත්තෙ.ඉලගට හරිත කතාව… සුපිරිම ස්ටොරි එක..තැන්ක්ස් සහෝ… සබ් එක නියමයි.. ඔයාම බලළම සබ් එක කරල කියල හිතුනෙ. අවසානෙ ගැන නම් කතාකරන්න තෙරෙන් නැ.මෙකෙ දැනුන දෙ කියන්න එන් නැ ඇගට. බොහොම ස්තුති හොද ෆිල්ම් එකක් බැලුවෙ ❤

    2019-02-18 at 6:28 am
    Reply
    • Mithun

      Mge comment eka copy karala😁

      2019-02-18 at 5:02 pm
    • හසිත ප්‍රසාද්

      කමෙන්ට් එකේ කොලටි එක ;-D

      2019-02-18 at 9:47 pm
  • Kantha_DLA

    Request::

    Shoplifters (2018) 720p WEB-DL 950MB [No HC SUBS]
    (mkvcage)

    Please…..

    2019-02-18 at 10:14 am
    Reply
  • K.sudassana himi

    Journal 64 2018 movie ekata sinhala subtitles denna puluwanda ..eka oyata visesa awasthawak wei..loke ජනප්‍රිය una rahas pariksaka chithra pata malawaka aluth eka…

    2019-03-02 at 2:50 pm
    Reply
    • Hasitha Prasad

      ඒක අපේ තව සහෝදරයෙක් බාර අරගෙන තියෙන්නෙ, හාමුදුරුවනේ, ඒකයි ප්‍රශ්ණෙ.අවශ්‍යනම් කලින් චිත්‍රපට ත්‍රිත්වයට මම දුන්න උපසිරැසි තියනවා මේ අඩවියෙම.

      2019-03-02 at 4:48 pm
  • Charith

    Thank you…

    2019-03-24 at 5:36 am
    Reply
  • dilum

    ayamai broooo

    2019-06-08 at 9:49 pm
    Reply
  • Milinda Priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

    2019-07-08 at 8:59 pm
    Reply
  • damien

    Thank U Hasitha brother & Subz.lk Team. i love this movie, it was beautiful, slow. enjoyed it very much. all the best to subz.lk team…………….

    2019-07-24 at 2:25 am
    Reply
  • Rohan Jayasekara

    patta machan

    2020-02-17 at 5:58 am
    Reply
  • Rohan Jayasekara

    supiri kathawa, aniwa balanawa ban, thanks

    2020-02-17 at 6:04 am
    Reply

Leave a Reply to Prabodha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip