Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Biography

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පසුගිය වසරේ අගභාගයේ නිකුත්වූ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි Harriet (2019). කාසි ලෙමන්ස්ගේ හා ග්‍රෙගරි ඇලන් හොවාඩ්ගේ රචනයෙන් කාසි ලෙමන්ස්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය මේ වනවිට IMDB වෙතින් 6.2ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 73%ක අගයක්ද, මෙටා ක්‍රිටික් වෙතින් 66%ක අගයක්ද ලබාතිබෙනවා. ඊට අමතරව එලඹෙන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන දෙකකට ඇතුළුව සම්මාන 50කට නිර්දේශව එයින් 16ක් දිනාගන්නට සමත්ව තිබෙනවා මේ චිත්‍රපටය. කෙසේ වෙතත් සිනමා නිර්මාණයක් වශයෙන් හොඳ නමුත් ඔස්කා සම්මානයකට නිර්දේශවීමට තරම් තත්වයක තිබෙනවද කියන ප්‍රශ්ණයක් පෞද්ගලිකව මටනම් තිබෙනවා. නරඹන ඔබටත් එසේ දැනෙන්නට ඉඩ තිබෙනවා බොහෝවිට. කොහොම නමුත් සත්‍ය …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ අගභාගයේ Netflix වෙතින් නිකුත්වුන වගේම ඉතාම කතාබහට ලක්වුණ එසේම මෑතකදී පැවැත්වුණු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන 4කට නිර්දේශ වූ, ලඟ එන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 3කටද ඇතුළුව සම්පූර්ණ ගණනින් සම්මාන 51කට නිර්දේශව එයින් 9ක් මේ වනවිට ජයගෙන ඇති චිත්‍රපටයක්. මේ තමයි වර්තමානයේ පාප් පදවිය දරන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එම පදවිය දක්වා ඒමේ ගමන අපට පෙන්වන The Two Popes (2019) චිත්‍රපටය. Imdb අගය 7.6 කුත්, Rotten Tomatoes අගය 89%කුත්, මෙටාක්‍රිටික් අගය 75%කුත්, ගූගල් පරිශීලක අගය 94% කුත් වශයෙන් ඉතා ඉහල අගයක් ලබාගන්නට සමත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ෆනැන්ඩෝ මරේලස්ගෙන් වන අතර රචනය ඇන්තනි …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමෝටම. Last Christmas(2019) එක්කම තවත් චිත්‍රපටයක උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම්. මේ තමයි ඩිස්නි + වෙතින් නිකුත්වූ Togo (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම පෞද්ගලික ඉල්ලීමක් වෙනුවෙන් මෙහි උපසිරැසිය කරලයි තිබුණෙ, ඊයෙ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයාත් ඉල්ලිමක් කර තිබුණා හැකිනම් මෙහි උපසිරැසි කරන ලෙස. උපසිරැසිය කලින් කරල තිබුණ නිසා අඩුපාඩු බලල පළකරන්න විතරයි තිබුණෙ. ස්තූතිය දමිත්ට යන්න ඕනෙ, මොකද මේක සමහරවිට මේතරම් ඉක්මනට පළ නොවෙන්න තිබුණා ඔහුගේ ඉල්ලීම නොවෙන්න. Togo (2019) චිත්‍රපටයේ තොරතුරු හොයද්දී ඔබ දකින්නට ඇති මෙය නොකියූ සැබෑ කතාව ලෙස නම් කරන තිබෙනවා යම් තැන්වල. ඒකට ඇත්තටම ලොකු හේතුවක් තිබෙනවා. 1925 වසරේ ඇමරිකාවේ දුර …

ඉතිරිය කියවන්න »

  ‍[BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. WEBRip සහ WEB-DL පිටපත් සඳහා ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ] ජේසන් කෙලර්, ජෝන්-හෙන්රි බටර්වර්ත්, ජෙස් බ්‍ටර්වර්ත්ගේ රචනයෙන් ජේම්ස් මැන්ගෝල්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් අපවෙත එන මේ Ford V Ferrari (2019) චිත්‍රපටය මේ වනවිටත් IMDB අගය 8.3ක් ලබාගෙන එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 130වන ස්ථානයත් තමන් සතු කරගෙනයි සිටින්නේ. ඊට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සමාමනයක් ඇතුළු සම්මාන 17කිනුත් පිදුම් ලබා තිබෙනවා මේ වනවිට. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 92%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 81ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 94%කුත් ලබාගෙන තිබෙනවා මේ නිර්මාණය. ඊට අමතරව ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් හුඟ දවසක් තිස්සේ කතාමාලා වල උපසිරැසි අරගෙන ආපු එකේ අද මම චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා.ඉතින් වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කතාව පැත්තට යන්නම්. 2019 දෙසැම්බර් මස 06 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් කළ මෙම චිත්‍රපටය Tom Harper විසින් අධ්‍යක්ෂණය කොට ඇත. චිත්‍රපටය දිනා ගෙන තිබෙන මනාප දිහා බැලුවොත්, IMDb අගය 6.6 ක් වන අතර කුණු තක්කාලි 72% ක් දිනාගෙන ඇත.එසේම ගූගල් පරිශීලකයින්ගෙන් 91% ගේ ප්‍රසාදයට පත් වෙන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබී ඇත.එසේම රංගනයෙන් Eddie Redmayne(ජේම්ස් ග්ලේෂර්), Felicity Jones(ඇමීලියා රෙන්), Himesh Patel(ජෝන් ටෘ), Tom Courtenay(ආතර් ග්ලේෂර්), Phoebe Fox(ඇන්ටෝනියා) වැනි අය සහය වී ඇත.ඒ වගේම මීට පෙර Eddie Redmayne …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් සියලු දෙනාට. අද මේ එන්නෙ මේ වසරේ Netflix වෙතින් නිකුත්වූ එසේම සීමිත සිනමාශාලා ප්‍රමාණයක තිරගතවූ තවත් ඉහලම ඝනයේ සිනමා නිර්මාණයකට උපසිරැසි අරගෙනයි.God Father සිනමාපට ත්‍රිත්වය, 1990 වසරේ තිරගතවූ Goodfellas චිත්‍රපටය, 1983දී තිරගතවූ Scarface චිත්‍රපටය වැනි හොලිවුඩ් සිනමාවේදි සුවිශේෂී ස්ථානයක් උසුලන චිත්‍රපට බොහොමයකදීම කතාකෙරුණු දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපයේ ඇමරිකාව තුල බිහිවන ඉතාලි-ඇමරිකා මාෆියාවේ තවත් එක් සත්‍යයැයි පැවසෙන මෙන්ද අදටද අභිරහසක්ව ඇති අතීත කතාවක් රැගත් මේ චිත්‍රපටය තමයි The Irishman (2019). මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ මාටින් ස්කෝසස්ගෙන්, මේ නම කිව්ව ගමන් ඔබ දන්නවා චිත්‍රපටයේ තරම, ඊට හේතුව Taxi Driver (1976), Raging Bull (1986), GoodFellas …

ඉතිරිය කියවන්න »

  The King (2019) – මිනිසුන්ගේ රජු ආයුබෝවන් යාලුවො හැමෝටම මම අද අරගෙන ආවෙ IMDB අගය 7.4 අරගත්තු, කුණු තක්කාලියෙ 71% කැමති, ගූගල් පරිශීලකයො 94% ක් කැමති සුපිරි චිත්‍රපටයක්. ඉතිං හැමෝටම කියන්න ඕනෙ මේකෙ උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා ඒත් හොඳ තත්ත්වයට ගොඩදාගත්තා, කොහොමින් හරි ඔන්න උපසිරැසිය ඉක්මනින් අරගෙන ආව. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා. ඔයාලට හොඳ තත්ත්වයෙන් උපසිරැසියක් ලේසියෙන්ම අරගන්න පුලුවන් එකම තැන තමයි මේ Subz.lk ඔයාලා හැමෝටම වෙබ් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මේකෙ උපසිරැසිය බාරගන්න කියලා කිවුවෙ පසිදු සහෝ. හරි එහෙමනං කතාව ගැන මොකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්නකො. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මෙවරත් අරගෙන එන්නෙ රසික ඉල්ලිමක්. චරිත් සහෝදරයා තමයි මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්නයි කියල ඉල්ලීමක් කලේ. මේ තමයි මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම ප්‍රධාන චරිත නළු සම්මානය (රමී මලෙක්) ඇතුළුව තවත් ඔස්කා සම්මාන ත්‍රිත්වයක් දිනාගත් Bohemian Rhapsody (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම චරිත් සහෝදරයටත් ස්තූති කරගෙනම අපි යමු චිත්‍රපටය පැත්තට… ” ක්වීන් ” මේ නම කිව්වම අපිට රැජිණනෙ මතකයට එන්නෙ, හැබැයි රොක්&රෝල් සංගීත රසිකයෙක්ට මේ නම ඇහුණ සැනින් මතක්වෙන්නෙ 70 දශකයේ සිට ගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කල සිව් සාමාජික බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක්. ඉතාම කුඩා තැන සිටි ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට සමත්වූ මේ සංගීත කණ්ඩායම 1970 දශකයේ …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් පරිදි කල , මෙවර ඇකඩමි සම්මාන උළෙලේ 2018 වසර වෙනුවෙන්වූ හොඳම චිත්‍රපටය, හොඳම සහය නළු(මහෙර්ෂලා අලී), හොඳම මුල් තිරපිටපත යන සම්මාන ත්‍රිත්වයද ඇතුළුව තවත් සම්මාන 50ක් දිනාගත්, සම්මාන 88 කට නිර්දේශ , සත්‍ය කථාවක් ඇසුරින් නිමවූ Green Book චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ වනවිට Imdb හි 8.3ක අගයක්ද, එහි හොඳම චිත්‍රපට 250 අතර 126 වන ස්ථානයත්,Rotten Tomatoes වෙතින් 79%ක අගයක්ද ලබා ඇති චරිතාපදාන, හාස්‍යමය,නාට්‍යමය යන ත්‍රිත්ව ඝනයන්ට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පීත් ෆැරලිගෙන්. තිර රචනය නික් වැලලොන්ගා ( ටෝනි වැලලොන්ගාගේ පුත්), බ්‍රයන් හැරිස් කරී, පීටර් ෆැරලිගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ …

ඉතිරිය කියවන්න »

මේ පාර නම් මම උපසිරැසි අරන් ආවෙ ටිකක් වෙනස්ම ෆිල්ම් එකකට.The Theory of the Everything,මෙම චිත්‍රපටය 2014 නොවෙම්බර් 7වන දින නිකුත් කර ඇති අතර James Marsh විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB හි 7.7 අගයක් ලබා ගැනීමට සමත්ව තිබේ.ඉතින් මම මුලින්ම කිව්වා මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියලා,ඔව්, මේ ෆිල්ම් එක SubzLK අප වෙබ් අඩවියේ රසික රසිකයෝ හැමදෙනාම හදුනන විශිෂ්ට චරිතයක් පාදක කරගෙන තමා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ,ඒ කවුරුත් නෙවේ ක්වොන්ටම් වාදය හා කළු කුහර සාපෙක්ෂතාවාදය උඩු යටිකුරු කල Stephen hawkings ය. Stephen Hawkings ඉතින් මේ චිත්‍රපටය Jane Hawkings ගේ Travelling to Infinity:My Life with Stephen යන කෘතිය මුල් …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10