Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Mystery

Vivarium 2020 මාර්තු 27 දින තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටිය Horror, Mystery, Sci-fi කාණ්ඩයට අයත් වේ. ජෙමා සහ ඇගේ පෙම්වතාවන ටොම් නව නිවාසයක් සොයමින් යනවා ඔවුන් ගේ පදිංචිය සඳහා.එහිදී ඔවුන් නිවාස අලෙවි කරන නියෝජිතයකු මුණ ගැසීමට යනවා. ඔහු ඔවුන්ව නිවාස සංකීර්නයකට කැදවාගෙන යනවා. කෙසේ හෝ ජෙමා සහ ටොම් එහිදී අතරමං වෙනවා. ඉන්පසුව ඔවුනට කුමක් සිදු වේවිද. ඒ සඳහා Vivarium නරඹන්න Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Gayan Chandana කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසානය චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්. Harry Potter 1 [Extended] Harry Potter 2 [Extended] Harry Potter 3 Harry Potter 4 Harry Potter 5 Harry Potter 6 Harry Potter 7 Part. 1 එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. Jojo Rabbit (2019) චිත්‍රපටයත් එක්කම මේ අරගෙන එන්නෙ මම මෑතකදි නරඹපු අපූරු ජපන් ඇනිමේ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි When Marnie Was There (2014) චිත්‍රපටය. නරඹපු සැනින් චිත්‍රපටය ගැන ලොකු ගෞරවයක් ඇතිවුණ නිසයි මම තීරණය කලේ මෙයට උපසිරැසි සකසන්නට. Ghibli Studios කිව්ව ගමන් ලොව පුරා ජපන් ඇනිමේ රසිකයන්ට මතක් වෙන්නේ ඉතාම විශිෂ්ඨ ඝනයේ, හැඟීම්බර, විශාල අර්ථයක් ඇති ආදර්ශමත් සිනමාපට ගොන්නක්. ඒ අතරට බය නැතුව එකතු කරන්න පුළුවන් ඔවුන්ගේ තවත් නිර්මාණයක් තමයි මේ චිත්‍රපටයත්. මේ චිත්‍රපටය එලිදැකීමට වසරකට පමණ පෙර සිදුවූ Ghibli Studios සම නිර්මාතෘ හයාඕ මියසාකි මහතාගේ විශ්‍රාමයාමත් සමග Ghibli Studios සමාගම චිත්‍රපට නිර්මාණයෙන් …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහටම හැරී පොටර් සීරියස් එකේ හත්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය නරඹන්න කියන ගමන් මං දැනට සමුගන්නවා. හැරී පොටර් අවසාන චිත්‍රපටයේ උපසිරැසි සමඟින් ආයේ හම්බවෙමු. එතෙක් ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් මන් අද ඔයාලට අරගෙන ආවේ මේ ළඟකදී නිකුත් වුණ The Body කියන හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.එහෙනම් කතාව පැත්තට යමු. Jeethu Joseph විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටය Emraan Hashmi, Rishi Kapoor, Sobhita Dhulipala, Vedhika වැනි පිරිස රංගනයෙන් දායක වී ඇත.2019 වර්ෂයේ දෙසැම්බර් මස 13න් වෙනි දින ප්‍රථමවරට ඉන්දියාවේ නිකුත් කළ මෙම චිත්‍රපටයට ලැබී ඇති IMDb අගට 6.0කි.ඒවගේම මේ චිත්‍රපටය Oriol Paulo අධ්‍යක්ෂණය කළ 2012 වර්ෂයේ මේ නමින්ම නිකුත් ස්පැනිෂ් චිත්‍රපටයේ නැවත නිර්මාණකි.කෙසේ වෙතත් හින්දි චිත්‍රපටයට නම් ස්පැනිෂ් චිත්‍රපටයට ලැබුණු ඉහළ ප්‍රතිචාර ලැබී නෑ.ඉතින් මන් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මායා වර්මා කියන්නේ ලොකු ව්‍යාපාරිකාවක්.ඉතින් මායගේ සැමියා තමා පූරි.මොහු …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම හිතුවට වඩා සබ් එක දෙන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න. හැරී පොටර් සීරියස් එකේ තව චිත්‍රපට දෙකකටයි සබ් දෙන්න තියෙන්නේ. ඒ දෙකටත් ඉක්මනින් සබ් එක අරගෙන එන්නම්. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් දැනට මං සමු ගන්නවා. ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි  

ඉතිරිය කියවන්න »

  [ BLURAY  පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර, ‍WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. මෙහි ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම සහිත හා ස්පාඤ්ඤ භාෂාව පමණක් ඇතුලත් පිටපත්ද නිකුත්ව ඇති බැවින් වෙනත් ලින්ක්වලින් ලබාගැනීමේදී සැලකිලිමත් වන්න. ]   ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වූ රහස් පරීක්ෂක කතන්දරවලට ප්‍රිය කරන්නන්ට අපූරුවට ගැලපෙන, අතීත හොලිවුඩය සිහිගන්වන, වර්තමාන හොලිවුඩයේ ඉතාම දුර්ලභ ඝනයේ නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි Brick (2005), Looper (2012) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල රියාන් ජොන්සන් අධ්‍යක්ෂවරයාගේ නවතම නිර්මාණය.. Knives Out (2019) . මෙය රියාන් ජොන්සන්ගේම …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ අගභාගයේ නිකුත්වුන තවත් හොලිවුඩ් චිත්‍රපටයක උපසිරැසිය රැගෙනයි. එඩ්වඩ් නෝටන් නම් අතිදක්ෂ රංගන ශිල්පියාගේ තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන්ද හැඩවුණු මේ චිත්‍රපටය Motherless Brooklyn (2019). මෙය අපේ Kantha සහෝදරයා කල ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. ඒ නිසා ස්තූතිය ඔහුටයි මුලින්ම. චිත්‍රපටය ගැන කියනවනම් මෙය ජොනතන් ලෙතම් නම් ඇමරිකානු ජාතික ලේඛකයා විසින් 1999 වසරේදී ලියා පළකල මෙනමින්ම යුත් නවකතාවක් පාදක කරගෙනයි නිර්මාණය වෙන්නෙ. ලේඛක ජොනතන් ඇලන් ලෙතම් පොතේ පිටකවරය IMDB අඩවියෙන් 6.9ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 62% ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයක්ද ලබාගෙන අති මේ චිත්‍රපටය පසුගියදා නිමාව දුටු ගෝල්ඩන් ග්ලෝබ් …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි ගෙනාවා. තව චිත්‍රපට තුනකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ. ඒ ටිකටත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසි දෙන්න බලන්නම්. ඒවගේම හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන උපසිරැසි Extended Version එකට ගැලපෙන ඒවද කියලා. ඇත්තටම කියන්න ඕනේ, Extended Version එක ආවේ පළවෙනි, දෙවෙනි චිත්‍රපටවලට විතරයි. අනිත් චිත්‍රපට ටික සාමාන්‍ය Bluray පිටපත් විතරයි. ඉතින් ඔය කාරණෙත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. එහෙනම් ඉතින් චිත්‍රපටයේ කතාව ගැන මුකුත් නොකියා ඔයාලටම නරඹන්න කියන ගමන්, මං දැනට සමුගන්නවා. ඔබ සැමට, බුදු සරණයි! Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ලහිරු සඳරුවන් කල උපසිරැසි නිර්මාණයකි …

ඉතිරිය කියවන්න »

  ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. 1917 (2019) චිත්‍රපටයේ උපසිරැසි ලබාදෙද්දි පොරොන්දු වුණ The Lighthouse (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ අරගෙන එන්නෙ. ඇත්තටම 1917(2019) බාරවෙද්දි මෙහි උපසිරැසිය අවසන් කරලයි තිබුණෙ මම. අඩුපාඩු බලලා අද තමයි පළකරන්නේ මේ. මේ වනවිට සම්මාන 15ක් ඇතුළුව එක් ඔස්කා සම්මානයකටද නිර්දේශව ඇති මේ චිත්‍රපටය නැරඹූ විචාරකයන්ගෙ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේත් මතයනම් මෙය ඉතාම අවතක්සේරුවකට ලක්වූ නිර්මාණයක් බවයි. මේ වයිඩ් ස්ක්‍රීන් හා වර්ණවත් ලෝකයේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන පැරණි 1.19:1 දර්ශනානුපාතයකින් ( Aspect ratio) හා කළු සුදු වර්ණයන් පමණක් භාවිතයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. සිනමාත්මකව ගත්තහම ඉතාම ඉහල ඝණයේ නිර්මාණයක් බව අවිවාදයෙන්ම සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10