Cell 211 (2009) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ චිත්‍රපටය නමින් Cell 211 ස්පාඤ්ඤ බසින්නම් Cellda 211. මේක මම කාලෙකට කලින් බලපු ඒ වගේම මේ මෑතක් වන තුරුම මගේ චිත්‍රපට ගොණුවෙ තිබූ එකක්. අපේ මිතුන් සහෝදරයා සහ සුමින්ද සහෝදරයා යන දෙදෙනාම මේ චිත්‍රපටයේ උපසිරැසිය ඉල්ලා සිටි නිසා මම තීරණය කලා නැවතත් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරල උපසිරැසිය කරන්න ඕනෙ කියල. මම ඒ දවස්වල මේක බැලුවෙ Avi වීඩියෝ පිටපතකින් වුණත්, මේ වෙනකොට Mkvcage වෙතින් ඉතාම හොඳ තත්වයේ පිටපතක් නිකුත් වෙලා තියන එක බොහොම සතුටට කාරණයක්. ඒ ගැන මට කිව්ව මිතුන් සහෝදරයට සහ සුමින්ද සහෝදරයට බොහොම ස්තූතියි. කොහොමවුණත් මේ චිත්‍රපටයට නිකුත් වෙලා තියන ඉංග්‍රීසි උපසිරැසිනම් ඒතරම් සතුටුදායක මට්ටමක නෑ. මම පුළුවන් උපරිම උත්සාහ කලා කතාවෙ නියම රසය ඕගොල්ලන්ට දෙන්න. බලල කියන්න තත්වෙ. දැන් ඒ කතා ඇතිනෙ,නේද? අපි යමු චිත්‍රපටය පැත්තට… සැමෝරා බන්ධනාගාරය….ස්පාඤ්ඤයේ ප්‍රධානපෙලේ බන්ධනාගාරයක්.. සාමාන්‍ය ඝනයේ සිරකරුවන් සහ ඉතාම දරුණු ඝනයේ සිරකරුවන් යන දෙකොට්ඨාසයම වෙන් වෙන්ව මේ බන්ධනාගාරයේ සිටිනවා. ඒ වගේම 24 පැය සිරකරු හැසිරීම් අධීක්ෂක වැඩසටහනක් පවා මේ බන්ධනාගාරයේ ක්‍රියාත්මකයි. අද එහි තවත් එක් සාමාන්‍ය දිනයක්.

හැබැයි ජුවාන් ඔලිවර්ට එහෙම නෑ, ඒ ඔහු මේ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් ලෙස හෙට දිනයේ සේවයට එක්වෙන්න සිටින නිසයි. නමුත් තමන්ගේ රාජකාරියේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඔහු අද බන්ධනාගාරය වෙත යනවා…නමුත් මේ තමන්ගේ ජීවිතයේ එක් තීරණාත්මක දවසක් වෙන බව ජුවාන් දන්නෙ නෑ.. එහෙනම් මම ඊට වඩා යමක් කියන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි….

Daniel Monzónගේ අධ්‍යක්ෂණයෙන් සහ Luis Tosar ( මලාඩ්‍රේ), Alberto Ammann(ජුවාන් ඔලිවර්), Antonio Resines(උත්‍රිලා ),Manuel Morón( අර්නෙස්ටෝ අල්මන්සා), Carlos Bardem (අපාචි), Marta Etura (එලේනා) ආදී නළු නිළි රැසකගේ රංගනයෙන් හැඩවූ මේ චිත්‍රපටය 7.7ක් වැනි විශාල Imdb අගයක්ද ,Rottentomatos වෙතින් 97%ක් වැනි ඉතාම ඉහල අගයක්ද ලබා ගූගල් පරිශීලකයන් 92%කගේද ප්‍රසාදය දිනාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙය දිනා ඇති සම්මාන සංඛ්‍යාව ගණනින් 34ක්.තවත් 20කට නිර්දේශ වන්නටත් සමත්කම් දක්වා තිබෙනවා. ඊට වඩා කියන්න දෙයක් නෑනෙ , හිතාගන්න පුළුවන්නේ…කිසිම සැකයක් නෑ Prison ෆිල්ම්වලට කැමති අයට මේක හරියටම හරියන චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් ,ආපහු දවසක තවත් උපසිරැසියකින් හමුවන තෙක්.

විශේෂයි :-
උපසිරැසියේ ETA නම් ත්‍රස්ත සංවිධානයක් ගැන සඳහන්. ඒක ස්පාඤ්ඤයට මහත් හිසරදයක්ව සිටි බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක්.ස්පාඤ්ඤයට අයත් බාස්ක් (Basque) නම් ස්වාධීන ප්‍රදේශය ස්පාඤ්ඤයෙන් මුදාගැනීමට පිහිටුවාගත් එකක්. 2011 වසරේදී සටන්
අත්හැරි ඔවුන් මේ වනවිට ස්වකැමැත්තෙන් තම ආයුධද රජය බාරයට පත්කර ඇත.

 

7.7
IMDB

Year : 2009

Actors : luis tosar, alberto ammann, antonio resines, manuel morón

The story of two men on different sides of a prison riot -- the inmate leading the rebellion and the young guard trapped in the revolt, who poses as a prisoner in a desperate attempt to survive the ordeal.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 2967
  • File Size : 39.075KB
  • Sub Update :2020-10-18
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Samsung Browser 6.2

    හම්මේ සහෝ..මම හිතුවටත් වඩා ඉක්මනට සබ ගෙනැල්ලා..?සහෝ සබ ගහන්න පටන් අරන් කිව්වාම මම නම් හිතුවේ තව දවස් දෙකක්වත් යයි කියලා..☺️කොහොමහරි සහෝ මම සහෝගේ කාර්‍යක්ෂමභාවය අගය කරනවා..?ඒවගේම ගුණත්මයෙන් යුතු උපසිරැසි අප වෙත අරන් එනවටත්..?මම එවපු ලිස්ට් එකෙ තියෙන ෆිල්ම්ස් වලත් උපසිරැසි ඉක්මනට දෙමු..?( ඉක්මනට කිව්වට හදිස්සියක් නම් නෑ..සහෝට පුළුවන් වෙලාවක දෙන්නකෝ..)?ෆිල්ම් එකනම් බාගෙන තියෙන්නේ..හෙටම බලන්න ඕනේ..?ඔබට ජය සහෝ..☺️

    2018-01-04 at 6:10 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද 😉

      2018-01-04 at 10:30 pm
  • Isuru Unregister User
    Android 5.1Chrome 63

    Thanks for sub puluwannam deewange 2002 hindi movie ekata sub denna thanks

    2018-01-04 at 6:18 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය

    2018-01-04 at 7:30 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-01-04 at 10:29 pm
  • Hiran Lakshika User
    Windows 10Chrome 63

    මෙහෙම එකක් දැක්කම නොගෙන ඉන්නෙ කොහොමද. පට්ටම තෑන්ක්ස් මචන්

    2018-01-04 at 8:12 pm
  • Hiran Lakshika User
    Windows 10Chrome 63

    මචන් ටොරන්ට් එකේ සීඩ්ස් නෑනේ. මේක බාගන්න වෙන විදිහක් නැද්ද?

    2018-01-04 at 8:14 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      සීඩ් පොඩ්ඩක් අඩුයි, හිරාන්, මොකද ඔය ටොරන්ට් එක මේ මෑතකදි ආව එකක්. ආයිත් පාරක් ට්‍රයි කරල බලන්න. මටනම් සීඩ් තියනවා. මේ දැන් චෙක් කලා. මෙන්න Proof https://imgur.com/q7Oa0rW
      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි 🙂 අවුලක් ආවොත් කියන්න.

      2018-01-04 at 10:25 pm
  • mithun Unregister User
    Android 7Chrome 63

    සතුටුයි ගොඩක් සහෝ.. ඔන්න සහෝ සබ් එක ගත්ත සිංහල දැම්මට ගොඩක් ස්තුතියි …ඔයා හින්ද ජිවිතේට අමතක නොවන ස්පාඤ්ඤ මුවි ටිකක් බැලුව වචන වලින් කියන්න බැ බොහොම ස්තුතියි කරන සෙවෙට අපි නිසා. ?? දැම් ඉතින් බාන්න ඔනේ mkvcageBR එකක් තියෙන්නේ සුපිරි එකට බලන්න පුළුවන් ?

    2018-01-04 at 8:41 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඔයා හින්ද මටත් ආයිත් පාරක් ෆිල්ම් එක බලන්න චාන්ස් එකක් ලැබුණා.
      ටොරන්ට් එක අලුත් නිසා පොඩ්ඩක් සීඩ් අඩුයි.

      2018-01-04 at 10:27 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      ප්‍රින්ට් එක හොඳටම හොඳයි.

      2018-01-04 at 10:28 pm
  • mithun Unregister User
    Android 7Chrome 63

    download wanna විනාඩි 27k wage තම giyaa.. torrent එක direct harola download kala

    2018-01-05 at 12:10 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 63

    Thanks machan……jayawewa…..>!

    2018-01-05 at 6:51 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    සුබ අලුත් අවුරුද්දක් වේවා….!

    2018-01-05 at 6:57 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx flim ekata

    2018-01-05 at 8:16 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    Mayhem (2017) flim eka illuwa witharai oyala sub dala tnx oyata…godak pin

    2018-01-05 at 8:19 am
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2018-01-05 at 8:47 am
  • Sanjeewa Unregister User
    Windows 7Chrome 63

    Thnxxxxxxxxxxxx

    2018-01-05 at 9:07 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    prison break බැලුවට පස්සෙ prison එව බලන්න ලොකු අසාවක් ආව green mile,shawshank redemptio silvester ගෙ escape plan වගෙ එව බලල තියනව මේකත් හොද එකක් වගෙ? ස්තුති?

    2018-01-06 at 3:37 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      කොහොම Prison ෆිල්ම් ආවත් Green Mile , ShawShank Redemption දෙක ලඟින් තියන්න එකක්වත් නෑ
      මම හිතන්නෙ. බලල කියන්නකො ෆිල්ම් එකේ තත්වෙ. බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

      2018-01-06 at 11:34 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    Elama saho thanks

    2018-01-06 at 7:13 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:33 pm
  • mahesh Unregister User
    Android 5.1UC Browser 11.5

    බොහොම ස්තුතිය සබ් එකට.සබ් එක දෙනකන් බලන හිටියේ

    2018-01-19 at 9:35 pm
  • iszu Unregister User
    Windows 10Chrome 90

    Potters Ground (2021)

    2021-05-18 at 1:37 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *