Cliffhanger (1993) Sinhala Subtitle

/

සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල බලපු Sylvester Stallone ගෙ ෆිල්ම් එකක්, සුපිරි ක්‍රියාදාම ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 අවුරුද්දෙ මැයි මාසෙ 26 වෙනිද, IMDB අගය 6.4 කියල තමයි කියන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Renny Harlin.

ඉතින් ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මෙහෙමයි, ෆිල්ම් එකේ හැටියට Sylvester Stallone දක්ෂ කඳු නගින්නෙක්, එයාට කියන්නෙ Gabe කියල, එයාට ඉන්නවා යාලුවෙක්, එයත් දක්ෂ කඳු නගින්නෙක්, එයාට කියන්නෙ Hal කියල, මෙයාල සේවය කරන්නෙ රාජ්‍ය මුදවා ගැනීමේ කණ්ඩායමක, හිම කඳු ප්‍රදේශයක තමයි මෙයාල රාජකාරි කරන්නෙ, ඉතින් එයාල එහෙම රාජකාරි කරගෙන යන අතරෙ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ මුදල් වගයක් එම නිලධාරීන් විසින් ගුවනින් ප්‍රවාහනය කරනවා, තව භාණ්ඩාගාර නිලධාරියෙක් යානයේ ඉන්න අනිත් නිලධාරීන්ව ඝාතනය කරල මුදල් තොගය ගුවනෙදි පැහැරගන්න උත්සාහ කරනවා, මුදල් තියෙන්නෙ කේස් තුනක, එම මුදල් කේස් තුන තවත් යානයකට මාරු කරන්න තමයි උත්සාහ කරන්නෙ, කොහොම හරි යානා දෙක සම්බන්ධ කරන කේබල් එක කැඩිල මුදල් කේස් තුන බිමට වැටෙනව, ඒක වැටෙන්නෙ මම කලින් කියපු හිමකඳු ප්‍රදේශයට, ඒත් එක්කම එක යානාවක් ගුවනෙදි විනාශ වෙනව, අනිත් යානාවත් හදිසි ගොඩබෑමක් සිදු කරනව, ඒ යානාවෙ ඉන්නෙ පැහැරගැනීමට සම්බන්ධ වුනු අය, ඉතින් එයාල යානය බාන්නෙ මම කලින් කියපු හිමකඳු ප්‍රදේශයටමයි, එයාල යානය ගොඩබෑවට පස්සෙ හදිසි ඇමතුමකට කතා කරල උදව් ඉල්ලනවා, ඊට පස්සෙ එයාලට උදව් කරන්න එන්නෙ Gabe සහ Hal, මේ දෙන්න යානය කඩා වැටුනු තැනට එනව, ඉතින් එතනින් එහාට සිද්ධ වෙන්නෙ එයාල දෙන්නම හිතපු නැති දෙයක්, මොකද මේ යානයේ ඉන්න මංකොල්ල කරුවන් පිරිස එයාලට බල කරනවා මුදල් කේස් තුන හොයල දෙන්න කියල, ඉතින් අකමැත්තෙන් හරි Gabe සහ Hal, ඒක හොයල දෙන්න එකඟ වෙනව, එතනින් එහාට අපි බලමු මොකක්ද මේ ශීතල හිමකඳු ප්‍රදේශයේ සිද්ධ වෙන්නෙ කියල, ලස්සන ෆිල්ම් එකක්, එහෙම නම් සියළුම සොහොයුරන්ට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Spoiler Warning : Outdoor thriller in which a former mountain rescuer is pitted against a group of criminals who have lost their $100 million stash during a plane crash in the Rocky Mountains. After being persuaded to help rescue a group of stranded hikers, he discovers that they are in fact a gang of violent robbers who need help to locate their missing loot…

6.4
IMDB

Year : 1993

Actors : sylvester stallone, john lithgow, michael rooker, janine turner

A botched mid-air heist results in suitcases full of cash being searched for by various groups throughout the Rocky Mountains.

2018-11-30 07:05 pm
Senior Subtitler

Movies

24

Tv Episodes

0

  • Download : 1672
  • File Size : 35.979KB
  • Sub Update :2021-01-08
  • Dedunu Unregister User
    Windows 10Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-24 at 6:45 am
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    2017-10-24 at 10:54 am
  • Sajith Anthony User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-25 at 1:34 pm
  • Dark Unregister User
    Windows 10Opera 49

    Thanks broo. jaya wewa….

    2017-12-26 at 4:13 pm
  • janith Unregister User
    Windows 7Opera 65

    90’s apu english film nan pattamai brother bohoma isthuthi obata sub eka karata

    2020-01-04 at 8:18 am
  • Chaminda Lakruwan Unregister User
    Android 8.1Chrome 86

    ස්තූති සබ් එකට

    2021-02-10 at 11:57 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *