Dracula (2020) [S01 : E01] Sinhala Subtitle

Published January 14th, 2020 by

ඩ්‍රැකියුලා සිටුවරයා

Dracula කියන්නෙ අපි පුංචි කාලේ ඉඳලම අහල තියෙන, අහන්න කැමති මාතෘකාවක්. ඩ්‍රැකියුලා ගැන එක එක කතා අපි අහල තියෙනවා. ඒ අතරින් Dracula පොත කියවලා නැති අය හොයාගන්න එක අමාරු වැඩක්. ඉතින් කොහොම හරි එක පොකුරට TV series ගොඩක් රිලීස් කරමින් ඉන්න Netflix ලට Dracula වත් අමතක වෙලා නෑ. ඒ නිසා ඔන්න පහුගිය පලවෙනිදා Netflix ලා Dracula Mini TV series එකක් විදියට ලෝකයාට නිකුත් කරනවා. මුලින්ම කියන්න ඕනි මේ කතාමාලාවටත් පදනම් කරගෙන තියෙන්නේ Bram stoker ගේ Dracula නවකතාව. ඉතින් Dracula පොත කියවපු අයට ඒක ආපහු මතක් කරගෙන මේක නරඹන්න පුලුවන්.

මේක ඇවිල්ලා Mini series එකක් නිසා Episode 3 ක් පමණයි කතා සමයට ඇතුලත් වෙන්නේ. එක Episode එකක් පැය 1 ½ විතර ධාවන කාලයකට යටත්. කතාමාලාව වෙනුවෙන් දැනට ලැබී ඇති IMDB අගය 6.9/10 ක්, ඒවගේම Rotten tomatoes 73•/• අගය ක් වගේම Google පරිශීලක අගය  88•/• ද වෙනවා. නිෂ්පාදනය Mark Gatiss සහ Steve Moffat දෙදෙනාගේ. අධ්‍යක්ෂණය Jonny Campbell, Damon Thomas සහ Paul Mcguigan ගේ. Hartwood films නිමැවුමක් විදියට තමයි Dracula කතාමාලාව නිකුත් වෙන්නෙ.කතාමාලාවේ ගලා යන දිශාව ගැන කිව්වොත්, ඩ්‍රැකියුලා සිටුවරයා සහ අගතා වෑන් හෙල්සින් අතර ගැටුම තමා කතාමාලාව දිගටම ගලාගෙන යන්නේ.

Dracula චරිතයට Cales Bang, Argatha Van helsing චරිතයට Paly wells ද, Jonathan harker ගේ චරිතයට John Heffernan ද, Mina Murray චරිතයට Morfydd Clark කුත් පණ පොවනවා. ඒ මම සඳහන් කලේ කතාමාලාව පුරාවට නිතරම අපිට මුණගැහෙන චරිත කිහිපයක්.පලමු කොටස නම් කරලා තියෙන්නේ The rules of the beast/ මෘගයාගේ නීති නමින්. මේ කොටසට ලැබිල තියෙන IMDB අගය 8.1 /10 ක්.

ජොනතන් හාර්කර් කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නීතිඥවරයෙක්. ඔහු ට්‍රාන්සල්වේනියාවට එන්නේ ඉඩම් සම්බන්ධ වැඩ කටයුතු කිහිපයකට, ඒ ඩ්‍රැකියුලා නම් මන්දිරයේ ඩ්‍රැකියුලා නම් සිටුවරයාගේ ආරාධනයකට අනුව. ඩ්‍රැකියුලා මන්දිරයට පය තබපු හැටියෙම ජොනතන් ට මහ අමුතු හැඟීමක් ඇතිවෙනවා, හරිම අමුතු මන්දිරයක්, අමුතු රියදුරෙක්, අමුතු පිලිගැනීමක්, ඒ හැමදේමත් එක්ක ලේ පිපාසිත නිශාචරයෙකුගේ පිබිදීමක්….

ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනි මේ වැඩේ අපිට බාරදීපු අපේ System Administrator දමිත් සහෝදරයාව. ඒ වගේම මේක මම තනියම කරන වැඩක් නෙවෙයි,මම උපසිරැසි අරන් එන්නේ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් දෙක බොහොම ඉක්මනට ඔයාලට ලබාදෙන්න අපේ ඇඩ්මින්තුමා පසිඳු සහෝදරයත් වගේම තමෝද් මලයත් සූදානම්. ඉතින් ඒ හැමෝවමත් මතක් කරන ගමන්, හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටමත් ස්තූතියි. අයෙත් මේ වගේම සුපිරි කතාමාලාවකින් හමුවෙමු. ජයවේවා!!

මතක තියාගන්න “ඩ්‍රැකියුලා ට ඇතුලට එන්න ඕනි නම්, කවුරු හරි එයාට ආරාධනා කරන්නම වෙනවා”.

US
Download

Dracula (2020) [S01 : E01] Sinhala Subtitle

Download: 2273

File size : 68.61 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
8.3
71%
75%

Comments: 6

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2020-01-14 at 5:09 pm
    Reply
  • mikey

    supiri bro thankz wewa ithuru 2 kth denna elama

    2020-01-14 at 5:17 pm
    Reply
  • Lahiru Shashika

    බොහොම ස්තූතිය මචන්

    2020-01-14 at 8:56 pm
    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .

    2020-01-19 at 8:10 am
    Reply
  • King'ALpha

    Brother ,Vampire Diaries එකේත් Season 3 ඉදන් Sub ටික දෙන්නකෝ, ගොඩක් අය සබ් දෙනකම් ආසාවෙන් බලන් ඉන්න series එකක්.,,, plz, Vampire diaries S3 ඉදන් සබ් ටික දෙන්න, ලොකු උදව්වක්😋😍

    2020-05-08 at 4:23 pm
    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    2021-03-13 at 2:39 pm
    Reply

Leave a Reply to King'ALpha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip