Dunkirk (2017) Sinhala Subtitle

Published December 8th, 2017 by

ආයුබෝවන් Subz LK මිතුරන් හැම දෙනෙක්ටම.ඊලඟට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදුන්න අපේ කවීෂ සහෝදරයාවත්.ඔහුගේ ඉල්ලීමකට අනුව අද ඔයගොල්ලන්ට මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක් බලන්න ඉවසිල්ලක් නැතුව හිටපු සුපිරි චිත්‍රපටයකට.ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගෙ චිත්‍රපටවලට දක්වන ඇල්ම නිසාමයි.ඒ කවුරුවත් නෙමෙයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතා.නම කිව්වම ආයිත් අටුවාටීකා අවශ්‍ය නෑනෙ.අග සිට මුලට දුවන Memento (2000), Batman begins (2005), The Dark knight (2008), The Dark knight rises (2012)  ඒ වගේම ලොව වටා ගොඩක් දෙනෙක්ව කරකවල අතැරිය Inception (2010) වගේ චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා.චිත්‍රපටයක් කලොත් ඉතින් IMDB අඩවියේ අගය 8.0 ත් ඉක්මවල, හොඳම චිත්‍රපට 250 අතරටත් ඇවිත් තමයි නවතින්නෙ.දැන් කට්ටිය දන්නවනෙ මොකද්ද චිත්‍රපටය කියල.මේ තමයි Dunkirk(2017) මෙය අයත් වෙන්නෙ ක්‍රියාදාම, නාට්‍යමය, ඉතිහාස ඝනයට.මේ චිත්‍රපටයත් ඉතින් වෙනසක් නෑ IMDB අගය 8.3ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන, එම අඩවියේ හොඳම චිත්‍රපට 250 අතරේ 110 වැනි ස්ථානයද තමන් සතු කරගනිමින්, එතනින් නොනැවතී Rotten tomatosලගෙන් 92%ක දැවැන්ත අගයක් සහ ගූගල් පරිශීලකයන් 86%කගෙ ප්‍රසාදය දිනාගන්නත් සමත්වුණා.සම්මාන24කට නිර්දේශ වෙලා 4ක් දිනාගන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා.ඒ වගේම අධ්‍යක්ෂණය සහ තිර රචනය දෙකත් ක්‍රිස්ටෝපර් නෝලන් මහතාගෙමයි.මේක ඉතිහාසයේ සැබෑ සිදුවීමක් ඇසුරින් කල එකක් නිසා චිත්‍රපටයෙ විස්තර කතා කරන්න කලින් අපි ඒ ඉතිහාස කතාව කෙටියෙන් දැනගමු…

මේක කෙටියෙන්ම කියනවානම් මුදාගැනීමේ මෙහෙයුමක්.දෙවෙන ලෝක යුධ කාලවකවානුව තුල සිදුවූ මේ මිත්‍ර හමුදා මුදාගැනීම සිදුවුණේ උතුරුදිග ප්‍රංශයේ ඩන්කර්ක් නම් වෙරළබඩ ප්‍රදේශයක.ගතවූ කාලසීමාව 1940 වසරේ මැයි 26 සිට ජූනි 4 දක්වා පුරා සතියක කාලයක්.මේ මෙහෙයුමේ නිල නාමයනම් ඔපරේෂන් ඩයිනැමෝ ඊට අමතරව ඩන්කර්ක් ප්‍රාතිහාර්යය ලෙසද මෙය හඳුන්වනවා.විශේෂත්වය වන්නේ මේ මෙහෙයුමට සිවිල් වැසියන්ද සම්බන්ධ වීමයි.මුදාගැනීමේ මෙහෙයුමකට සිවිල් වැසියන් පවා සම්බන්ධ කරගන්න තරමට සිදුවූ  සිදුවීම මොකද්ද අපි ඒකත් දැනගමු කෙටියෙන්…

ලෝක යුධ සමයෙ ගොඩක් දේවල වගේම මේකෙත් ආරම්භකය ඇඩොල්ෆ් හිට්ලර්.1939 වසරේදී හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරනවා.මීට එරෙහිව ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කරන අතර ආර්ථික සම්බාධකවලින්ද බැට දෙනවා.මෙහිදී  ප්‍රංශයේ ආරක්ෂාව සඳහා සඳහා බ්‍රිතාන්‍ය රාජකීය කාර්ය සාධක බලකාය පිටත් කරන්නට බ්‍රිතාන්‍යය කටයුතු කරනවා.කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේ මුල් මාස 8 වන (1939 ඔක්තෝබර් සිට 1940 අප්‍රේල් දක්වා) මේ කාලයේ සැලකියයුතු හමුදා ක්‍රියාකාරීත්වයක් වෙලා නෑ.ඒ නිසාම මේකට කියන්නෙ Phony war නොහොත් ව්‍යාජ යුද්ධය කියල.මෙයින් පසුව 1940 මැයි 10වන දින හිට්ලර් බෙල්ජියම, නෙදර්ලන්තය සහ ප්‍රංශය ආක්‍රමණය කරනවා.ඔවුන්ගේ පැන්සර් යුධ ටැංකි බලකායන් ආඩෙනස් හරහා කඩාවැදී ඉංග්‍රීසි ඕඩය වෙතට ඇදෙනවා…

ඒ ඉංග්‍රීසි ඕඩය හරහා ගොස් බ්‍රිතාන්‍යයට පහරදීමේ අරමුණද (හිට්ලර්ගේ ඉටුනොවූ සිහිනය) ඇතුව.කෙසේ හෝ මැයි 21වනදා වනවිට බ්‍රිතාන්‍ය කාර්ය සාධක බලකාය, බෙල්ජියම් හමුදාවල ඉතිරිවූවන්, ප්‍රංශ පාබල හමුදා ඒකක තුනක් ප්‍රංශයේ උතුරු  වෙරළට කොටු කරන්නට මේ නාසි ජර්මානු හමුදාව සමත් වෙනව.මේ අවස්ථාවේ ඕඩය හරහා භටයින්ව ඉවත්කරගැනීමට ඇති හොඳම ස්ථානය මේ ඩන්කර්ක් බව ක්ෂණිකව වටහා ගන්නට බ්‍රිතාන්‍ය කාර්ය සාධක බලකා ජෙනරාල් විස්කවුන්ට් ගෝර්ට් සමත් වෙනවා.චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ මෙන්න මෙතනින්.එහෙනම් මෙයින් ඉදිරියට ඔබට බාරයි.මෙහි සැබෑ සිදුවීමේ ජායාරූප සහ විස්තර රැසක් තියනවා මෙන්න මෙතන.

“පරාජයන්හි පවා ජයග්‍රහණයන් සහ විරුවන් සිටියි”

විශේෂයි :-

  • මේ චිත්‍රපටයේ මූලික තේමාව මුදාගැනීමේ මෙහෙයුම.ඒ නිසා  යුධ ක්‍රියාදාම විශාල වශයෙන් චිත්‍රපටය තුලට   ගෙනත් නෑ.නමුත් හඬ සංකලනයෙන් සහ රූපරාමුවලින් මේ මෙහෙයුම අපේ ඇඟට තදින් දනවන්න චිත්‍රපටය  සමත්.ලොකු ටෙන්ෂන් එකක් එනව බැලුවම (මට විතරක්ද මන්ද).හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් සහිතව පුළුල් තිරයක බලන්න පුළුවන්නම් ඉතාම වටිනවා.හෙඩ්ෆෝන් එක දාගෙන අඟල් 17 මොනිටරෙන්  බලපු මටත් හොඳට දැනුනා.
  • ඩන්කර්ක් සිදුවීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාසයේ දරුණුතම පරාජය ලෙසත් සැලකුණාලු 1942 දී ජපානය විසින්  සිංගප්පූරුව (එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත්) යටත් කරගන්නා තෙක්ම.
  • මේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ප්‍රථම යුධමය චිත්‍රපටය.
  • චිත්‍රපටය හදන්න කලින් තම බිරිඳ එමා තෝමස් හා තවත් මිතුරෙකු සමග එදා මේ මුදාගැනීම සිදුවූ ගමන් මගේ බෝට්ටුවකින් ගමන් කරන්නත් ක්‍රිස්ටෝපර් නෝලන් මහතා කටයුතු කරල තියනවලු.මුහුදේ ස්වභාවය නිසා එයට ඔහුට පැය 19ක කාලයක් ගතවුණ බවයි පැවසෙන්නේ.
  • මෙහි ක්‍රිස්ටෝපර් නෝලන්ගේ මාමා වනජෝන් නෝලන් (අන්ධ මිනිසා) සහ ඥාති සොහොයුරියක් වන මිරැන්ඩා නෝලන් (හෙදිය) රංගනයෙන් දායක වෙනවා.
  • මේ චිත්‍රපටය සඳහාම දෙවෙන ලෝක යුද්ධය තුල භාවිතා වූ ජර්මන්ගුවන් හමුදාවේ (lufftwaffe) බෝම්බ හෙලන යානයක් ඩොලර්මි ලියන 5ක වියදමින් මිලදී ගන්නත් ක්‍රිස්ටෝපර් නෝලන් සහ වෝනර් බ්‍රදර්ස් ආයතනය කටයුතු කරල තියනවා.දන්නවනෙ
  • ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ බැරිම තැනක් වුනොත් මිසක් දෘශ්‍ය ප්‍රයෝග යොදාගන්න බොහොම අකමැති කෙනෙක්.
  • කෙසේ වෙතත් මේ චිත්‍රපටය දැඩි විවේචනයට ලක් වෙලා තියනවා.සැබෑ ඩන්කර් සටනට සහභාගීවූ ඉන්දීය සොල්දාදුවන් චිත්‍රපටය තුලදී අමතක කර දැමීම සම්බන්ධවත්ඒ,  වගේම මුදාගැනීම අතරතුර සතුරාට ඩන්කර්ක් වෙත ඒමට නොදී රැකවල්ලාගෙන සිටි ප්‍රංශ හමුදාවට චිත්‍රපටය තුල නිසි ඇගයීමක් ලැබී නැති බවටත්.

මේ ලිපියේ තොරතුරු සියල්ලටම ස්තූතිය IMDB සහ විකිපීඩියා අඩවිවලට.ඒ පැත්තෙ රවුමක්ගියොත් තවත් ගොඩක් විස්තර බලාගන්න පුළුවන්…

Spoiler Warning : In May 1940, Germany advanced into France, trapping Allied troops on the beaches of Dunkirk. Under air and ground cover from British and French forces, troops were slowly and methodically evacuated from the beach using every serviceable naval and civilian vessel that could be found. At the end of this heroic mission, 330,000 French, British, Belgian and Dutch soldiers were safely evacuated…

US
Download

Dunkirk (2017) Sinhala Subtitle

Download: 8170

File size : 18.78 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.3
92%
94%

Comments: 24

  • KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි මා වගේ ලස්‌සන ෆිල්ම් වලට සබ් දෙනවට .

    2017-12-08 at 5:27 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, කාවින්ද 🙂

      2017-12-09 at 12:12 am
  • Lakshan Sameera

    thanks for sub….!

    2017-12-08 at 6:07 pm
    Reply
    • hasitha prasad

      Thanks, Lakshan !

      2017-12-09 at 12:13 am
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය???

    2017-12-08 at 7:39 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2017-12-09 at 12:13 am
  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…විස්තරෙත් පට්ටටම ලියලා තියෙනවා..?????

    2017-12-08 at 8:30 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, සුමින්ද 😉 . විස්තරේ ඉතින් ගූගල් දෙයියන්ට පිං සිද්ධවෙන්න තමයි.

      2017-12-09 at 12:14 am
  • Mithun

    Hasitage sab eka ekka aya balanna one ful release eka…
    Film eka nm baluwa, norland aiyage anit film wage oluwa aul una nm na hodawalawata. aya balamuu? .
    Ma wage watina film හසිතtata dan eka nm watinawa sab danaa.
    Meka sund walata nm oscar hambwai suwar

    2017-12-08 at 10:07 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 . ඔව්, නෝලන් මහත්තය වෙනදා කතාවෙන් කරන දේ මේකෙ සවුන්ඩ්වලින් කරල තියනව. ටෙන්ෂන් එක දීල තියනව නියමෙට.

      2017-12-09 at 12:17 am
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-12-09 at 8:58 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-09 at 12:11 pm
    Reply
  • Isuru Dananjaya

    බොහෝම ස්තූතියි මචං

    2017-12-09 at 11:02 pm
    Reply
  • viraj

    thanks saho..

    2017-12-10 at 4:03 am
    Reply
  • Sampath Chamila

    nice bro..

    2017-12-10 at 9:13 am
    Reply
  • Sampath Chamila

    puluwannam flash tv series eke sub aye kanna puluwanda bro

    2017-12-10 at 9:15 am
    Reply
    • hasitha prasad

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, සම්පත්. ෆ්ලෑෂ්නම් බලලනෑ, ඇරෝ තුන්වෙනි සීසන් එකෙන් බලන එක එපාවුනා. මට මේ වෙනකොට TV සීරිස් එකක් බාරවෙලා තියෙන්නෙ. බලමු අපේ ඇඩ්මින්ල මොනවහරි කරයි.

      2017-12-10 at 11:59 pm
  • sam fisher

    ද‍ෙවන ල‍ොකයුද්දය කියන්න‍ෙ අප‍ෙ ඉතිහාසය‍ෙ ව‍ෙච්ච අන්තිම දරැනු ඛ‍ෙදවාචක යක් උනත් එ නිසා අතිවිශිෂ්ට සිනමා නිර්මාන.ටි සිරියස් ප‍ොත් ඇතුලු තවත් බ‍ොහ‍ො ද‍ෙ නිර්මානය ව‍ෙලාතියනව

    2017-12-12 at 5:56 pm
    Reply
  • sam fisher

    එවායින් මම කැමතිම එකනම් pc game. cod පට්ට ග‍ෙම් එකකුත් අවා එවග‍ෙම දැන් මෙමුවි එක තව ව‍ොන්ඩ වුමන් වලත් ww එක‍ෙ අභාශය තිබ්බ අප‍ෙ සිනමා රසිත්වය වග‍ෙන‍ෙම‍ෙ ස්ටිවන් s bob,spr වග‍ෙ,විශ‍ෙෂය‍ෙන්ම bob

    2017-12-12 at 5:59 pm
    Reply
  • sam fisher

    වල ප‍ෙන්නන්න හදන කියන්න හදන ද‍ෙවල්(මම දැකපු)ග‍ොඩාක් තියනව හරියට ගම‍ෙ හිටිය බයිය‍ො ටිකකට තුවක්කුවක් දිලා අර න‍ොමැන්ඩි ව‍ෙරල‍ෙන් බැස්සාම දකින්න ලැබ‍ෙන ද‍ෙවල්ටික දකින්න යවනව කියන එක

    2017-12-12 at 6:01 pm
    Reply
  • sam fisher

    දිහා මම හැම තිස්ස‍ෙම බැලුව‍ෙ ම‍ෙවාව එහ‍ෙම යැව්ව‍ොත් එහ‍ෙම මගුලයි ව‍ෙන්න‍ෙ කියන්න ග‍ොඩක් තියනව ම‍ෙගැන එත් දමිත් කවිෂලග‍ෙ පිනිමුව‍ො යන අතර ලියන්න අමාරැයි??5

    2017-12-12 at 6:02 pm
    Reply
    • sam fisher

      ම‍ෙමාව කියන එක අවුල් වුනා සබ් එකට ස්තුති සහ‍ො

      2017-12-12 at 6:04 pm
    • hasitha prasad

      බොහොම ස්තූතියි, සෑම් 🙂 ඇත්ත.. ලෝක යුද්ධය ව්‍යසනයක් වුණා හා සමානවම ලෝකෙට හොඳ දේවල් රැසකුත් ගෙනාවා. WW වලට අදාල ඕනෙම දෙයක් බලද්දි මට හැමවෙලේම හිතෙන්නෙ, හිට්ලර්ව අර කළා ඇකඩමියෙන් ප්‍රතික්ෂේප නොකලානම් ලෝකය මොන වගේ වෙයිද කියලයි.

      2017-12-12 at 9:11 pm
    • දමිත් ප්‍රියංකර

      පිනි මුවා නම් එතින් කවිශ ගේ වැඩක් …කවිශ ගේ නත්තල් පප්පා තමා ..ඔය හරේට මෙහෙට යන්නේ…@sam /.ඕව අනිවාර්යෙන්ම අර pearl harbor කේස් එක වගේ නේ ..හොද දේවල් වලට වඩා නරකක් උනේ ..තාමත් ජපන් කාරයෝ දුක් විදිනවා නේ ..

      2017-12-12 at 10:01 pm

Leave a Reply to sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip