El curepo AKA The Body (2012) Sinhala Subtitle

Published December 16th, 2017 by

El cuerpo The Body (2012)

ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ නරඹපු හැමෝගෙන්ම (ඊමේල් මගින් පවා) හොඳ සතුටුදායක ප්‍රතිචාර ලැබුණ The Invisible Guest (2016) ෆිල්ම් එකෙන් පස්සෙ උපසිරැසි කරන්න පටන්ගත්ත ස්පාඤ්ඤ චිත්‍රපටය. ලයින් තුන්හාරසීයක් කරල පැත්තකට දාල තිබුණ මේ චිත්‍රපටය ආයිත් මට මතක් කිරීම සම්බන්ධව පසිඳු අමරසිංහ සහෝදරයට මගේ හදපිරි ස්තූතිය.ඉතින් ඔහුත්,මිතුන්,සෑම් ඇතුළු අපේ ස්පැනිෂ් රසිකයන් හැමදෙනෙක්ම වෙනුවෙනුයි මේ චිත්‍රපටය.

2012 වසරේ තිරගතවූ, Imdb අඩවියෙන් 7.6ක ඉහළ අගයකුත් ,Rotten tomatos වෙතිනුත් 78%ක ඉහළ අගයක් ලබා එයින් නොනැවතී ගූගල් පරිශීලකයන් 89%කගෙ ප්‍රසාදයත් දිනාගෙන සම්මාන 10ක් සඳහා නිර්දේශවී 3ක් දිනාගන්නටත් සමත්වුන මේ ස්පාඤ්ඤ චිත්‍රපටය නමින් El cuerpo එහෙමත් නැත්නම් The Body. අයත් වෙන්නෙ අපරාධ ,අභිරහස් , ත්‍රාසජනක ඝනයට. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ පෙරකී Invisible Guest (2016) චිත්‍රපටයේ අධ්‍යක්ෂක Oriol Paulo මයි. මේ ඔහු අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටය, දෙවැන්න තමයි මම කලින් සඳහන් කල The Invisible Guest (2016). ඔහු අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ චිත්‍රපට දෙක පමණක් වුණත් ඒ දෙකම ඉහළම රසික ප්‍රසාදය දිනාගත් චිත්‍රපට. ඊට අමතරව ඔහු තිර රචනයෙත් දක්ෂයෙක් , Julia’s eyes (2010) සහ Secuestro (2016) චිත්‍රපට දෙක ඔහුගේ තිරචනයෙන් හැඩවුණ චිත්‍රපට. මේ දෙකටත් මම මීට කලින් උපසිරැසි ලබාදී තියෙනවා. කැමති අය අරගෙන බලන්න.

කතාව ආරම්භ වෙන්නේ මෙන්නමෙහෙමයි….මෘතශරීරාගාරය..හුරුපුරුදු වචනයෙන් කියනවනම් මෝචරිය. එක්තරා රාත්‍රියක ස්පාඤ්ඤයේ ඇති මෘතශරීරාගාරයකින් මළසිරුරක් අතුරුදන් වෙනවා. ඒත් කොහොමද ප්‍රාණය නිරුද්ධ සිරුරක් එහෙම අතුරුදන් වෙන්නෙ? එහෙම වෙන්න බෑනෙ,නේද? එක්කෝ කිසිවෙකුහෝ මෘතශරීරාගාරයට ඇතුල්වී මළසිරුර රැගෙන ගියා වෙන්න ඕනෙ, එහෙමත් නැත්නම් මියනොගිය අයෙක්යම්කිසි වැරදීමකින් මෘතශරීරාගාරයට දාල වෙන්න ඕනෙ. මේ මළසිරුරත් බොහොම ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ. කොහොමවුණත් එදා මොකද්ද වුණේ කියල දන්න එකම එක් පුද්ගලයයි ඉන්නෙ, ඒ එදින මෘතශරීරාගාරයේ ආරක්ෂකයා ලෙස සේවය කල තැනැත්තා. නමුත් ඔහුත් එදිනම රථවාහන අනතුරකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරනවා. මේ සම්බන්ධව විමර්ශනය කිරීම භාරවෙන්නේ ජේමි පෙන්යා නම් පොලිස් නිලධාරියකුට. මේකෙ සැකය සෘජුවම යොමුවෙන්නෙනම්……..නෑ ඒක ඕන්නෑ, ඒක මම රසික ඔබටම බාර කරනවා. මේකත් Invisible Guest වගේම තමයි අවසානය වෙනකම්ම අපිව වටේ කරකවල තමයි අවසානය වෙත එන්නේ. බලල ඉවරවෙලා හොඳ නරක කියන්නකො. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.6
0%
0%

Comments: 29

  • Suminda Lakshan

    හම්මේ සහෝ..එහෙනම් මේක තමා දෙනවා කිව්ව ස්පැනිශ් මූවි එක..සබට ස්තූතියි සහෝ..100 ටත් ලංවෙලා..මමනම් දන්නවා 100 දෙන මූවි එක මොකක්ද කියලා..මූවි එකක් තියෙනවා ඔයාට කියලා සබ් එකත් කරගන්න..ඒක මම පස්සේ කියන්නම්..එහෙනම් සහෝ ඔබට ජය..

    2017-12-16 at 3:05 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ෆිල්ම් එක කියන්නකො වෙලාවක, කරල දෙන්නම්.

      2017-12-16 at 11:04 pm
  • mithun

    තැන්ක්ස් හසිත .ෆබ් එකෙන් දැකල මෙකෙ පොස්ටර් එක හිටම් සෙව් කරල තිබ්බ පස්සෙ බලන්න මොකක්ද මෙ කියල . ඔන්න ඉතින් සිංහල උපසිරැසිත් දැම් තියෙනව සතුටුයි… ජය ..

    2017-12-16 at 3:18 pm
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 ෆිල්ම් එක බලල කියන්නකො තත්වෙ.

      2017-12-16 at 11:05 pm
  • Hiran Lakshika

    The Invisible Guest තුන් පාරක් විතර බැලුව බන්. ඒ තරම්ම පට්ට. ජය වේවා. ඔන්න මේකත් ගන්නවා එහෙනම්

    2017-12-16 at 5:41 pm
    Reply
  • china

    thanks bro

    2017-12-17 at 6:37 am
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි , china 😉

      2017-12-17 at 8:04 pm
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් The Devil’s Backbone (2001) එකට සබ් දෙන්න
    ජය වේවා!

    2017-12-17 at 7:24 am
    Reply
    • hasitha prasad

      මම බලල නෑනෙ මේ ෆිල්ම් එක. ඔන්න ලිස්ත් එකට දාගත්ත.
      සබ් දෙන්නම් , මධූෂ, කොහොමහරි. ස්තූතියි තොරතුරට 🙂

      2017-12-17 at 8:07 pm
    • Madusha

      එලම සහෝ ?

      2017-12-18 at 9:42 am
  • Pasindu Amarasinghe

    හම්මො මෙන්න දාලා???
    උපසිරැසියට තුති සහෝදරයා
    ඔබට ජය???

    2017-12-17 at 7:51 am
    Reply
    • hasitha prasad

      😉 බොහොම ස්තූතියි, පසිඳු.

      2017-12-17 at 8:07 pm
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-12-17 at 11:27 am
    Reply
    • hasitha prasad

      බොහොම ස්තූතියි, Kantha 🙂

      2017-12-17 at 8:08 pm
  • sam fisher

    ගොඩාක් ස්තුති හසිත සහො වෙලාවක් ලැබුනම බලල කියන්නම් තත්වෙ?.තාමත් බලන්න time හම්බ උන්නැති ඔයාගෙම සබ් කිපයක්ම තියනව dl කරල.අපි වෙනුවෙන්ම අපෙ නම කියලම අපි බලන නිසාම ස්පැනිෂ් තොරල දෙන එකට ගොඩාක් ස්තුති.1?

    2017-12-17 at 12:48 pm
    Reply
    • hasitha prasad

      Thanks! Thanks, Sam 😉

      2017-12-17 at 8:09 pm
  • Hiran Lakshika

    ෆිල්ම් එක නම් පට්ටම පට්ට. අද තමා බැලුවේ. දිගටම මේ වගේ ඒවා දෙන්න

    2017-12-17 at 6:19 pm
    Reply
  • Hiran Lakshika

    පුළුවන් නම් Julia’s Eyes (2010) ෆිල්ම් එකටත් සබ් දෙන්න

    2017-12-17 at 6:20 pm
    Reply
    • hasitha prasad

      Julia’s eyes එකට මං කාලෙකට කලින් සබ් කලා, හිරාන්. මෙන්න ලින්ක් එක. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි 🙂
      https://subz.lk/julias-eyes-2010-sinhala-subtitle/

      2017-12-17 at 8:02 pm
  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජය…

    2017-12-17 at 8:50 pm
    Reply
  • asitha

    elama saho thanks
    meka illla illa hitiye

    2017-12-19 at 3:26 pm
    Reply
  • Sampath

    Thanks machan

    2017-12-20 at 10:45 pm
    Reply
  • wiki

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    2017-12-23 at 4:03 pm
    Reply
  • viraj

    sub ekata thanks sahoi.. jaya wewa!!

    2017-12-24 at 4:44 am
    Reply
  • Jeewantha

    වෙනසකටත් එක්ක මේක බලන්න ඕන. පේන විදියට නම් කථාව පට්ට වගේ. සබ් වලට බොහොම ස්තුතියි.

    2017-12-25 at 2:46 pm
    Reply
  • dilan

    thank you bro

    2018-01-27 at 4:12 pm
    Reply
  • Sangeeth srimal

    Thanks aaaa

    2018-03-29 at 7:02 am
    Reply
  • Dinusha sampath

    Thanks a lot brother..

    2020-04-05 at 8:46 pm
    Reply
  • Chamindu Udara

    සහෝ… පුලුවන්නම් මෙන්න මේ films වලටත් sinhala subs හදල දෙන්නකෝ

    (1) The Devil’s Backbone (2001)
    (2) Frequency (2000)
    (3) The Dark City (1998)
    (4) The Haunting (1999)

    2020-06-25 at 11:01 am
    Reply

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip