Everybody Knows (2018) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. මුලින්ම ඔහුට ස්තූති කරන ගමන් අපි යමු චිත්‍රපටය පැත්තට. මේ තමයි අති දක්ෂ ඉරාන ජාතික සිනමා අධ්‍යක්ෂ අස්ගාර් ෆර්හාඩිගේ නවතම චිත්‍රපටය වන Everybody knows (2018) චිත්‍රපටයෙ උපසිරැසිය. අස්ගාර් ෆර්හාඩිගෙ චිත්‍රපට නරඹල තියන අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඔහුගේ නිර්මාණ කොතරම් තාත්විකද කියල, චිත්‍රපටයේ මුල් කාර්තුව තුලම නරඹන්නාත් ඉබේම චිත්‍රපටයෙ කොටස්කරුවෙක් බවට පත්වෙනවා. ඔහුගේ The Salesman (2016), A Separation (2011), Fireworks Wednesday (2006), The Past (2013) වගේ චිත්‍රපට නරඹපු අය අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම විඳල ඇති. මේ Everybody knows චිත්‍රපටයත් ඒ වගේම සිනමාත්මක පැත්තෙන් ඉදිරියෙන් තියන එකක්, මේ වනවිට සම්මාන 33කට නිර්දේශ වෙලා එයින් එක් සම්මානයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. Imdb වෙතින් 7.0ක අගයකුත්, Rotten tomatoes වෙතින් 71%ක අගයකුත්, මෙටා ක්‍රිටික් වෙතින් 68%ක අගයකුත් වශයෙන් ඉහල අගයන් දිනාගන්නත් මෙය සමත්වී තිබෙනවා. එසේම ඔහු ඉරානයෙන් පිටතදී කල දෙවන චිත්‍රපටය තමයි මේ, ඒ The Past (2013) චිත්‍රපටයට පසුව. කෙසේ වෙතත් ඔහුගේ පෙර නිර්මාණ තුල තිබුණ ආකාරයේ ප්‍රබල කතාවක් මේ චිත්‍රපටය තුල නැති බවත් කියන්නම වෙනව. වරදවා වටහාගන්න එපා, මම මේ කියන්නෙ වැඩක් නෑ කියල නෙමෙයි, ඔහුගේ පෙර නිර්මාණ එක්ක සංසන්දනය කරල බැලුවම මදි කියල විතරයි. ස්පාඤ්ඤයේ ඉඩම්හිමි වැවිලිකාර (මිදි) පවුලක සමාජිකයන් වටා ගෙතුණ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ : පෙනිලොපි කෲස් (ලෝරා), හාවියර් බාඩම් (පැකෝ), රිකාඩෝ ඩෙරින් ( ඇලහැන්ඩ්‍රෝ), එඩුවාඩ් ෆර්නැන්ඩස් ( ෆර්නැන්ඩෝ), බාබරා ලෙනී (බියා),ඉන්මා ක්වෙස්ටා (ඇනා), එල්විරා මින්ගස් (මරියානා),රාමෝන් බරියා( ඇන්තෝනියෝ), කාර්ලා කැම්ප්‍රා (අයිරින්),සාරා සලාමෝ (රෝසි) වගේ පිරිසක්. හරි අපි දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

කතාව පටන්ගන්නෙ විවාහකව ආජන්ටිනාවේ ජීවත්වන ලෝරාත්, ඇගේ දියණිය අයිරින් සහ පුතා ඩියේගෝ යන තිදෙනා තම මව්බිම වන ස්පාඤ්ඤයට පැමිණීමෙන්. ඇය එහි එන්නෙ තම නැගනිය වන ඇනාගේ විවාහ උත්සවය වෙනුවෙන්. ඒ වගේම ඇය මේ එන්නෙත් වසර ගණනාවකින් ඒ නිසාම තම පවුලේ අය බැහැදැකීමේ ලොකු ආසාවකුත් තියනව ඇයට. ලෝරා පවුලේ සියල්ලෝම පාහේ මධ්‍යම ප්‍රමාණයේ මිදි වගාකරුවන්. සාමාන්‍යයෙන් යමක් කමක් තිබෙන අය.කෙසේ හෝ සතුටින් පිරී ඉතිරී යන මේ විවාහ උත්සවය උඩු යටිකුරු වෙන්න යන්නෙ ඉතාම සුළු වේලාවයි, ඒ මෙම පවුලේ දරුවෙක්ව පැහැරගැනීමට ලක් වීම නිසා. පැහැරගත්තවුන්ගේ තර්ජණය නිසාම මෙය පොලිසියට දැන්වීමට බිය වන ඔවුන් මේ ගැන විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකුගේ සහය පතනවා. එතනින් එහාට නරඹන ඔබට බාරයි. එක් අයෙකුට දෙදෙනෙකුට පමණක් බලපාන දෙයක් යැයි පිටින් පෙනෙන සිදුවීමක් හරහා කී දෙනෙකුගේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්ද කියල හොඳින්ම නරඹන්න පුළුවන් චිත්‍රපටය තුලින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු Shoplifter (2018) චිත්‍රපටය තුලින්..

7.0
IMDB

Year : 2018

Actors : Penélope Cruz, Javier Bardem, Ricardo Darín, Eduard Fernández

Laura, a Spanish woman living in Buenos Aires, returns to her hometown outside Madrid with her two children to attend her sister's wedding. However, the trip is upset by unexpected events that bring secrets into the open.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1773
  • File Size : 37.281KB
  • Sub Update :2020-07-16
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 72

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-20 at 6:39 am
  • හසිත අයියේ the Magicians එකේ season 4 sub දෙන්නකෝ

    2019-02-20 at 7:29 am
  • Prabodha Unregister User
    Android 8.1Chrome 71

    Sthuthi obata hasitha….

    2019-02-20 at 2:57 pm
  • Mithun Unregister User
    Android 8Chrome 72

    Thanks saho sabtitel eka gatta blanna ona aram

    2019-02-20 at 5:00 pm
  • Madusha Unregister User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-02-20 at 10:31 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 8.2

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!

    2019-02-21 at 3:31 am
  • Prabath Unregister User
    Windows 10Chrome 72

    Thank you very much..!

    2019-02-21 at 9:38 am
  • Tharindu Unregister User
    Windows 10Chrome 73

    Thank you very much…..!!!!

    2019-04-02 at 11:54 am
  • Mithun Unregister User
    Android 8Chrome 73

    මෙක පට්ට ස්ටොරි එක.
    තැන්ක්ස් සහෝ………

    2019-04-14 at 3:20 pm
  • Mithun Unregister User
    Android 8Chrome 73

    මෙක බ්ලුරෙ වලට ගැලපෙන් නැ නෙ සහෝ.මට පුදුම මම ඇයි උඩ කමෙන්ට් එකකුත් දාල තියෙන්නේ කියල .සබ් දුන්න දවස් වල මෙක බලන්න හදල මට මිස් වෙලා අපහු.මම අරම් තියෙන්නේත් බ්ලුරෙ එකක්.එත් සබ් වචන වලට ගැලපෙන්න නෙවෙ දුවන්නෙ please හදන්න පුලුවන් ද.නැතිනම් Mkacage එකම ගන්න වෙයිද මට. []භාෂාව හින්ද එජස් කර ගන්න අමාරුයි

    2019-04-27 at 1:15 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ඔයාගෙ ප්‍රින්ට් එක මොකද්ද ,මිතුන්. ප්‍රින්ට් නේම් එක මේල් කරන්න, නැත්තං මෙතන දාන්න මම හදල දෙන්නං.
      හැබැයි මම දීල තියන ප්‍රින්ට් එකටනං 100%ක් ගැලපෙනවා. මොකද මගෙ ලඟ තියෙන්නෙත් ඒකමයි.

      2019-04-27 at 2:54 pm
    • Mithun Unregister User
      Android 8Chrome 73

      Pahe in සයිට් එකෙන් ප්‍රින්ට් එක ගත්තෙ හසිත. ඔයා දිල තියෙන ලින්ක් එකට ගිහිම් බලද්දී ඔයා දිල තියෙන්නේ Mkacageලගෙ එකට. මාත් 80% වගේ Mkacage ප්‍රින්ට් තමා ගන්නෙ. ඩව්න්ලොර්ඩ් සිප්ඩ් පොඩ්ඩක් ස්ලො වෙලා තිබ්බ පහුගිය ටිකේ එ හින්ද උඩ කිව්ව සයිට් එකෙන් මුවි එක අරගෙන තියෙන්නෙ. හවස අපහු ගත්ත හසිත mkacage ප්‍රින්ට් එකම
      . සබ් එක නිවැරැදිව වැඩ කරනව. Thx..

      2019-04-27 at 8:54 pm
    • Mithun Unregister User
      Android 8Chrome 73

      බ්ලුරෙ කිව්වම ගොඩක් සයිට් වල තියෙන ප්‍රින්ට් වලට වැඩ කරනව හැබැයි ඇයි දන් නැ එහෙම උනේ

      2019-04-27 at 8:56 pm
    • Hasitha Prasad Super Mod
      Windows 8.1Vivaldi 2.4

      ෂුවර් එකට එක්කො ෆිල්ම් එකේ ඉස්සරහින් කොටසක් අඩු ඇති, නැත්තං web-dl එකක් හරි මොකක්හරි Br විදියට රීනේම් කරල ඇති . මේක ඩිජිටල් රිලීස් වුණේ නැද්ද කොහෙද හැබැයි, මට මතක විදියට කෙලින්ම BR මයි ආවෙ. ඒ හින්දා පළවෙනි හේතුව වෙන්න ඕනෙ. ඔයාට හැබැයි ආයිත් ඩවුන් නොකර ඒක ලේසියෙන්ම හදාගන්න තිබුණ. ෆිල්ම් එකේ නම දාන තැනත් මම සබ් ලයින් එකක් හදල තියනව. එතන Pause කරල සබ් එක එජස්ට් කරගත්තනං හරි.

      2019-04-27 at 9:05 pm
  • හිරාන් ශාරංග Unregister User
    Android 7Samsung Browser 9.2

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    තෙරුවන් සරණයි….!

    2019-05-09 at 9:36 pm
  • Chamini Unregister User
    Android 9Chrome 75

    Good job………

    2019-07-06 at 4:32 pm
  • Thilina Kaushalya User
    Android 6UC Browser 12.9

    SUb filrbeke error ekak enawane.thiyena knk dennko

    2020-01-16 at 6:01 pm
    • Hasitha Prasad Super Mod
      Windows 7Firefox 72

      තිලිණ :- සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ දැන් චෙක් කලා. පොඩ්ඩක් වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරල බලන්න.

      2020-01-16 at 8:27 pm
    • Thilina kaushalya Unregister User
      Android 6UC Browser 11.6

      Error ekak enwa download krgnna bari una brother

      2020-01-17 at 6:57 am
    • Thilinakaushalya Unregister User
      Android 6Chrome 54

      Hari brother wena browser ekak use kala thnkz.keep it up

      2020-01-17 at 7:05 am
    • Hasitha Prasad Super Mod
      Windows 7Firefox 72

      🙂 You’re welcome.

      2020-01-17 at 4:42 pm
  • Lakshansilva18 Unregister User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Mewatath sub dennako

    Primal fear (1996)
    K pax (2001)
    Frailty (2001)
    In the name of father (1993)
    Vanilla sky (2001)
    Devil wears prada (2006)

    2020-05-02 at 4:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *