Everybody’s Fine (2009) Sinhala Subtitle

Published March 10th, 2021 by

දුර ගමන

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන්ට. The Martian උපසිරැසිය එක්කම මේ අරගෙන එන්නෙ අති දක්ෂ හොලිවුඩ් නළු රොබට් ඩි නිරෝ ප්‍රධාන චරිතයට පණ පොවන Everybody’s Fine (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙය 1990 වසරේදී මෙනමින්ම ඉතාලියේ නිර්මාණය වූ චිත්‍රපටයක නිල හොලිවුඩ් ප්‍රතිනිර්මාණයද වනවා. දරුවන්ගේ යහපත පතන බහුතරයක් වූ දෙමාපියන් දරුවන්ගේ අනාගතය පිලිබඳ දකින සිහිනත්, දරුවන්ව විනිවිද දකින්නට ඔවුන්ට ඇති හැකියාවත්, සිහින වෙත දරුවන් ගෙනයාමේ ඔවුන්ගේ අරගලය දරුවන්ට විවිධාකාරයෙන් බලපාන ආකාරයත් මනාව පෙන්වා දෙන මේ චිත්‍රපටය මගේ මතය අනුවනම් රොබට් ඩි නීරෝගේ හොඳම රංගනයන්ගෙන් එකක්. IMDb වෙතින් 7.2ක අගයක්ද Rotten Tomatoes වෙතින් 48%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර්ක් ජෝන්ස්ගෙන් වන අතර රංගනයෙන් දායක වන්නේ රොබට් ඩි නිරෝ (ෆ්‍රෑන්ක් ගුඩ්), ඩෲ බැරිමෝ(රෝසි), කේට් බෙකින්සල් (ඒමි), සෑම් රොක්වෙල් (රොබට්),ලුෂියන් මේසෙල් (ජැක්), ඩේමියන් යංග් (ජෙෆ්), ජේම්ස් ෆ්‍රේන් (ටොම්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…

ෆ්‍රෑන්ක් ගුඩ් කියන්නෙ කර්මාන්තශාලාවක සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන අයෙක්, රැකියාව නිසාම යම් රෝග තත්වයකින් පෙලෙන ඔහුගේ බිරිඳත් මෑතකදී ඔහුව හැර දමා මිය ගිහින්. අවමංගල්‍යයෙන් පසුව මාස ගණනාවකින් තම දරුවන් සිව්දෙනා දකින්නට නොලැබීම නිසා ඔහු දරුවන්ට තම නිවසට ආරාධනා කරනවා එක්ව කිහිපදිනක් ගෙවීමට. නමුත් මේ දරුවන් විවිධ හේතු කියමින් ගමන මගහරින නිසා මේ පියා තීරණය කරනවා තම අසනීප තත්වයද නොසලකා දරුවන් බැහැදැකීමට ඔවුන්ගේ නිවෙස් බලා යාමට… එතනින් එහාට කතාව ඔබට බාරයි. නාට්‍යමය චිත්‍රපටයක් වුවත් යම් ආකාරයක හාස්‍යමය ස්වභාවයකුත් මුල් භාගයේදී අපිට දකින්නට පුළුවන්. එහෙනම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම…

ලබාදී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණකි

US

Download Links:

Download Direct පිටපත Download Torrent පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.1
48%
47%

Comments: 2

  • Hashan

    ගොඩක් ස්තූතියි හසිත සබ් එකට :heart::heart:

    2021-03-11 at 1:12 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Sensation (2021)
    Moxie (2021)
    Coming 2 America (2021)

    2021-03-12 at 1:38 pm
    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip