Fasandraeberne AKA The Absent One (2014) Sinhala Subtitle

Published March 5th, 2017 by

බලාපොරොත්තුවෙන් හිටියෙ අමීර් ඛාන්ගේ Dangal ෆිල්ම් එකට සබ් දෙන්න වුණත් තාමත් බලන්න පුළුවන් මට්ටමේ හොඳ කොපියක් නැති නිසා දැන් සතියක දෙකක ඉඳන් කර කර හිටිය සබ් එකක් ඉවරකරල දෙන්න හිතුවා.මතකද මම මීට කලින් දීපු keeper of  the lost causes (2013) ෆිල්ම් එක, ඒක තමයි මේ Department Q ෆිල්ම් සීරීස් එකේ පළවෙනි ෆිල්ම් එක.අද මේ අරගෙන එන්නේ ඒකෙ දෙවැන්න The absent one (2014), මේකෙ ටොරන්ට් එකක් හොයාගන්න නැතුව මම තුන්වෙනි ෆිල්ම් එක වෙන A Conspiracy of Faith (2016) එකටත් සබ් දුන්නා.කතා එකකට එකක් සම්බන්ධ නැති වුණත් ෆිල්ම් සීරීස් එකක් නිසා මේක බලන්න කලින්  පළවෙනි ෆිල්ම් එක බලල ඉන්න.

මේ ඩෙන්මාර්ක චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය වන්නේ Jussi Adler Olsen නම් ඩෙන්මාර්ක ජාතික සුප්‍රකට ලේඛකයාගේ  Department-Q නම්වූ පොත් ත්‍රිත්වය ඇසුරෙන්. මේ පොත් ත්‍රිත්වයත් අතිශයින්ම ජනප්‍රිය වෙලා තියනවා.චිත්‍රපට 3ත් එසේම තමයි, ඒ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය වගේම මෙය ඩෙන්මාර්කය තුල ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වුණ චිත්‍රපටයක්.

Imdb එකෙන් 7.1ක් වැනි විශාල අගයකුත් Rotten tomatosවෙතින් 91%ක අගයකුත් ලබාගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන උළෙලවල්  4ක් තුලදී සම්මාන 17කට නිර්දේශ වෙමින් එයින් 3ක් ලබාගන්නත් සමත්වෙලා තියනවා.පළවෙනි චිත්‍රපටය බලපු අය Q -අංශය හැදුණ විදිය ,  එහි ප්‍රධානියා වන නාහෙට නාහන, ආඩම්බරකාර නමුත් දක්ෂ කාල් මාක්  සහ එයිට හාත්පසින්ම වෙනස්  පුද්ගලයෙක් වන කාල්ගෙ සහායකයා සිරියානු ජාතික අසාද් ගැනත් දන්නවනෙ. ඔවුන්ගේ පළවෙනි විමර්ෂණය සාර්ථක වුණ බවත් දන්නවනේ. හැබැයි ඒකෙන් පස්සෙ කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න බැරිව, මේ වෙද්දි කාල්ගෙයි අසාද්ගෙයි Q අංශෙ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම විහිළුවක් වෙලා තියෙන්නෙ. ඔය අතරෙ දවසක කාල්ව හම්බවෙන්න එනවා බීමත් පුද්ගලයෙක්.ඔහුට වුවමනා වෙනවා වසර 20කට පෙර සිදුවුණ පාසල් දරුවන් දෙදෙනෙකුගේ  ඝාතනයක් සම්බන්ධ පරීක්ෂණයක් කාල්ට පවරන්න. කාල් ඔහුව එලවගන්නවා. නමුත් ඔහු කාල්ට මේ පරීක්ෂණය බාරගන්න තැනට වැඩ සලස්වනවා  වගේම ඒ හා සම්බන්ධව ඔහු එකතු කල සාක්ෂි තොගයක් තියන කාඩ්බෝඩ් පෙට්ටියකුත් කාල්ට එවනවා. නමුත් මේ ඝාතනය කල බවට කෙනෙක් වරද බාර අරගෙන , සිර දඬුවමුත් විඳල තියනව. ඒ ගැන හොයල බලද්දි කාල්ට තේරෙනව මෙතන මොකක්හරි වැරැද්දක් වෙලා තියන බව. ඉතිං කාල් සහ අසාද් දෙන්න මේ වසර 20ක් පැරණි ද්විත්ව ඝාතනයේ සුල මුල සොයා යාමයි The absent one චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. නරඹල බලන්න,  චිත්‍රපටය අවසානය තෙක්ම ඔබව  ග්‍රහණය කරගෙන ඉන්න මේ චිත්‍රපටය සමත්…

විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ අනිත් ෆිල්ම් දෙක වගේ නෙමෙයි මේක 18+, ඒ නිසා වැඩිහිටි කට්ටිය විතරක් බලන්න…

The Absent One, also known as Department Q: The Absent One, is a 2014 Danish crime mystery film directed by Mikkel Nørgaard and co-written by Nikolaj Arcel and Rasmus Heisterberg, based on Jussi Adler-Olsen’s novel of the same name…

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.1
92%
61%

Comments: 7

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-03-05 at 3:06 pm
    Reply
  • Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-03-06 at 9:14 am
    Reply
  • බන්දුල

    ටොරන්ට් ලින්ක් එකේ එරර් එකක් එනව
    ඩිරෙක් ලින්ක් එකෙන් බා ගත්ත එක ප්ලේ වෙන්නෙ නෑ මොකද හේතුව

    2017-03-11 at 1:59 pm
    Reply
    • hasitha

      බන්දුල, ඔයාගෙ Inbox එක බලන්න මම ටොරන්ට් එක එව්වා. ඒක මම ඩවුන්ලෝඩ් කරපු එකමයි, මේ දැනුත් චෙක් කරල බලලයි එව්වෙ ටොරන්ට් එක වැඩ හොඳට සීඩ් තියනවා. Proof එකකුත් එවල ඇති.

      2017-03-11 at 4:39 pm
    • බන්දුල

      බොහොම ස්තුතියි සහෝදරයා

      2017-03-12 at 2:04 pm
  • danuka

    meka download karanda link eka ewandako puluwanan kawru hari

    2017-07-20 at 2:15 pm
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-09-29 at 9:03 pm
    Reply

Leave a Reply to බන්දුල Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip