First Man (2018) Sinhala Subtitle

ගොඩ කාලෙකට පස්සේ උපසිරසියක් අරගෙන මේ පැත්තට ආවා. විනාඩි 141ක් පුරා දිවෙන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2018 වර්ෂයේදී. ජේම්ස් R. හැන්සන් විසින් රචිත First man: The Life of Neil A. Armstrong කියන නවකතාව පාදක කරගෙන ඔස්කාර් සම්මානලාභී Damien Chazelle ගේ අධ්‍යක්ෂණයෙන් තමා First Man චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. IMDb අගය 7.4කුත් Rotten Tomatoes අගය 87%කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මෙහි නීල් ආම්ස්ට්‍රෝංගේ චරිතය Ryan Gosling, බස් ඇල්ඩ්‍රින්ගේ චරිතය Corey Stoll, මයිකල් කොලින්ස් ලෙස Lukas Haas සහ තවත් සුපිරි තරු පිරිසක් මේ චිත්‍රපයට රංගනයෙන් දායක වෙනවා.
එකල සෝවියට් දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර තිබු අභ්‍යවකාශ තරඟයේ විශේෂ කඩයිම් රාශියකගේ ජයග්‍රහණ ලබාගැනීමට සමත්ව තිබුනේ සෝවියට් දේශයයි. මේ අභ්‍යවකාශ තරඟය නිසාවෙන්ම ඇමරිකාවේ නාසා ආයතනය 1958 වර්ෂයේදී බිහිවෙනවා. නාසාහි මුල් අවදියේදී ඔවුනට රාජ්‍ය අනුග්‍රහය නොලැබුනත් ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ පටන් නාසාහි කටයුතු සඳහා රාජ්‍ය මුදල් වෙන් කිරීමත් සමඟ නාසා ආයතනය පියවරෙන් පියවර ඉදිරියට යෑමට සමත් වෙනවා. වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණයන්ගෙන් වැඩිම තොරතුරැ ප්‍රමාණයක් අනාවරණය කර ඉදිරියෙන් සිටින්නේ නාසා ආයතනයයි. 1959 වසරේදී සෝවියට් සංගමය විසින් ලුනා 2 යානය චන්ද්‍ර ගවේෂණය සඳහා යැවීමත් සමඟ එතෙක් පැවතී දුරේක්ෂ මාර්ගයෙන් නිරීක්ෂණයට එහාට ගොස් සිතන්නට මිනිසුන් පෙළඹුනා. එවන් පසුබිමක සඳ තරණය කිරීම යන දැවැන්ත කටයුත්තට මුලපුරන්නට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කරන්නේ අභ්‍යවකාශ තරඟයේ ඔවුනට අහිමි වූ ගෞරවය ලබා ගැනීමේ අරමුණෙන්.
මිනිසුන් සහිත යානා මගින් සඳ ගවේෂණයන කිරීමේ ඇපලෝ ව්‍යාපෘතිය නාසා මගින් 1961 වසරේදී ආරම්භ කෙරුණු අතර විවිධ අදියර සහ අත්හදා බැලීම් ඔස්සේ එය ඉදිරියට ගෙන යනවා. මිනිසුන් සඳ මත ගොඩබෑමේ ප්‍රථම මෙහෙයුම ලෙස ඇපලෝ 11 මෙහෙයුම 1969 ජූලි 16 වන දා දියත් කිරීම අණ දෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝං, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් සහ චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඔල්ඩ්‍රින් ක්‍රියා කරනවා. එය ඇපලෝහි පස්වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන් විය. 1969 ජූලි 20 වන දා ඇපලෝ 11 මෙහෙයුමේ සාර්ථකත්වය සටහන් කරමින් නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණය කල ප්‍රථම පුද්ගලයා ලෙස ඉතිහාස ගත වනවා.
පැය 2.5කට වඩා වැඩි කාලයක් සඳ මත සිටිමින් ජායාරූප සහ පස් සාම්පල ලබාගැනීමට ඔවුන් කටයුතු කල අතර ඇමරිකානු ධජයක්, පෘථිවියේ චිත්‍ර දෙකක්, රත්රන් ඔලිව් අතු අඩංගු ස්මාරක බෑගයක් සහ රටවල් ගණනාවක රාජ්‍ය නායකයින්ගේ පණිවිඩ රැගත් සිලිකන් තැටි කිහිපයක් සටහන් වශයෙන් තබා ඒමට ඔවුන් කටයුතු කරනවා. තවද ගඟනගාමින්ගේ හා ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ අත්සන් සහිත සාමයේ පණිවිඩය සඳහන් ශිලා ලේඛනයක්ද තබා එනවා. එහි සඳහන් වන්නේ ‘’Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind ” ලෙසයි. මෙහෙයුම අවසානයේ ඔවුන් ජූලි 24වන දා නැවත පෘථිවියට පැමිණි අතර ඔවුන්ව මාසයක පමණ නිරෝධායනයට භාජනය කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව මහජන ප්‍රශංසා කිරීම් සහ පෙළපාලි මධ්‍යයේ ගෞරව දක්වා පිළිගැනීමක් සිදු කළා.
එහෙමනම් එදා මෙදා තුර අභ්‍යවකාශ ඉතිහාසයේ සිදුවූ දැවැන්ත මෙහෙයුමේ සිනමා අත්දැකීම මෙම චිත්‍රපටය හරහා ලබාගැනීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරන අතර උපසිරැසිය සම්බන්ධ අදහස් පහතින් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. හැම දෙනාටම ජය වේවා!

US
Download

First Man (2018) Sinhala Subtitle

Download: 2862

File size : 50.77 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.5
87%
84%

Comments: 8

  • සහන් සුලක්ඛණ

    එලම සහෝ,ලිපියටත් උපසිරසියටත් ස්තුතියි…..තවත් උපසිරසියකින් හමු වෙමු……

    2019-02-07 at 3:55 pm
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-08 at 6:51 am
    Reply
  • Deshan Sachintha

    උපසිරැසිය තෑන්ක්ස්!

    2019-02-08 at 2:41 pm
    Reply
  • Namal Ekanayake

    Supiri machan. .. Thanx

    2019-02-09 at 7:05 am
    Reply
  • Nishantha kumara

    සබ් එකට ඉස්තුතියි සහෝ

    2019-02-17 at 5:37 pm
    Reply
  • Bathiya maduwantha

    Thank aiye super sub

    2019-02-18 at 6:20 am
    Reply
  • Gayashan Rox

    elamai. thanx bokka..

    2019-02-22 at 2:08 am
    Reply
  • Akalanka

    Elama bro*

    2019-04-29 at 4:35 pm
    Reply

Leave a Reply to Nishantha kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip