Guardians of the Tomb (2017) Sinhala Subtitle

Published March 5th, 2018 by

සුභ දවසක් Subz Lk රසික රසිකාවියො හැමදෙනාටම.! ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙන ගොඩ උනා. මේ තමයි මගේ 6 වෙනි උපසිරැසිය.

Guardians of the Tomb (2018)

මේ ෆිල්ම් එක රිලීස් උනේ 2018 පෙබරවාරි 23 වෙනිද. පැය 1 විනාඩි 30 පුරා ධාවනය වෙන මේ චිත්‍රපටිය Action, Adventure කියන ගණයට තමයි අයිති වෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kimble Rendall විසින්. මේ ෆිල්ම් එක IMDB අගය නම් ලොකු ගාණක් අරගෙන නැහැ. 4.9/10 වගේ පොඩි ගාණක් තමයි මේ ෆිල්ම් එකට හිමි වෙලා තියෙන්නෙ. Kelsey Grammer, Bingbing Li, Kellan Lutz, Stef Dawson, Shane Jacobson, Chun Wu යනඅය තමයි ප්‍රධාන වශයෙන් මේකට රංගනයෙන් දායක වෙන්නෙ.

නළු නිළියො ටික ගැන කිව්වොත් එහෙම,

*Kellan Lutz – Jack Ridley
*Kelsey Grammer – Mason
*Shane Jacobson – Gary
*Jason Chong – Chen Xhu
*Bingbing Li – Jia
*Chun Wu – Luke
*Stef Dawson – Milly Piper
*Ryan Johnson – Ethan
*Tim Draxl – Andrew
*Yasmin Kassim – Lisa
යන අයත් තව ගොඩක් අයත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම, මේ කතාවෙ යන්නෙ ජියා කියන ගෑණු ළමයගෙ මල්ලි
ලූක් චීනෙ සමීක්ෂණයකට ගිහිල්ලා ඔහු නැති වෙනවා. ඉතින් ලූක්ගෙ මැනේජර් වෙන මේසන්
ඒක ඇවිල්ලා ජියාට කියනවා. ලූක් වැටෙන්නෙ අවුරුදු 2,000කට කලින් චීනෙ තිබුණ පරණ මාළිගාවක්
ඇතුළට. ඒකෙ ඇතුලෙ ඉන්නවා මකුළුවො ජාතියක්. උං කරන්නෙ මිනිස්සුන්ව කන එක. ඉතින් ජියාට ඕන වෙනවා එයාගෙ මල්ලිව හොයන්න යන්න. ඉතින් කට්ටියම පිටත් වෙනවා. ඒ යන අතරෙ එයාලට විවිධ කරදර වලට එහෙමත් මුහුණ දෙන්න සිදු වෙනවා. යන යාලුවොත් නැති වෙනවා. ඉතින් ජියාට ඇයගෙ සහෝදරයව හම්බෙනවද,? ඔවුන් ඒ මාළිගාව ඇතුලෙදි මොනවද හොයා ගන්නෙ කියන එක දැන ගන්න ඔයාලම කතාව බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. නැවතත් අලුත් උපසිරැසියකින් හමුවන තුරු…

ඔබට ජය…!!! සතුට…!!!

US

Kaveendra Priyalal

TV EPISODES : 0
MOVIES : 7