වෙනද වගේම ආයුබෝවන් කියල පිළිගන්නවා Subz LK හැමදෙනෙක්ම.අද මම අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුන හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් හින්දි චිත්‍රපටය.මේකත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල එකක්.ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි කවීෂ…
මේකට මේ ලිපිය ලියන මොහොත වනතෙක්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ.ඒ නිසා ටයිම්ලයිනුත් හදාගෙනමයි උපසිරැසිය කරන්න වුණේ.කෙටියෙන් කිව්වොත් ලෝක කට්ටක්.මොකද වෙනදට අපි කරන්නෙ ඉංග්‍රීසි උපසිරැසියක ටයිම් ලයින් එකක් පාවිච්චි කරන එකනෙ.මේ හේතු කාරණා හින්දම උපසිරැසියටත් හිතුවට වඩා කාලයක් ගියා.ඒ වගේමයි මේක තනිකරම අසා ලිවීමක් නිසා යම් යම් තැන්වල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්.අකුරක හරි වැරැද්දක් තියනම් කට්ටිය මට සමාවෙන්න ඕනෙ…
චිත්‍රපටය ගැන කතාකරන්න කලින් වීඩියෝ පිටපත ගැන ටිකක් කියල ඉන්නම්.මේක DTHRip (Direct To Home satalite HD) එකක්.මේ පිටපත් ගොඩක් නිකුත්වෙලා තිබුණත් ඒ අතරින් වීඩියෝ ඕඩියෝ කොලටි එක හොඳටම තියන පිටපතක් මේක.ස්ක්‍රීන් ෂොට් ඕනෙනම් මෙන්න මෙතන තියනවා.මගේ විකාර කතා ඇහුව ඇතිනෙ.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
චේතන් භගත්ගේ මේ නමින්ම වූ නවකතාවක් ඇසුරින් ආශිකී 2, ඒක්විලේන්, හමාරි අදූරි කහානි වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෝහිත් සූරිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය මේ වනවිට ලබාඇති IMDB අගය 3.6ක්.ඒ වගේම ගූගල් පරිශීලකයන් 82%කගේ කැමැත්තත් ලබාගෙන තියනවා.ආශිකී 2 හා සමාන කතා තේමාවකිනුත් අර්ජුන් කපූර් සහ ශ්‍රද්ධා කපූර් දෙදෙනාගේ රංගනයෙන් සහ සුන්දර ගීත වැස්සකින් හැඩවුණ මේ චිත්‍රපටය කතාව පැත්තෙනුන් තව ටික හැඩවුනානම මීට වඩා සෑහෙන සාර්ථක කරගන්න තිබුණ කියලයි මගෙ හැඟීම.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
මාධව් ජා…බිහාරයේ සිම්රාවෝ නම් දුෂ්කර ගමක තරුණයෙක්.ඒ විතරක් නෙමෙයි ඔහු පුරාණ රාජකීය පවුලකට නෑකමක් ඇති ඒ වගේම සිම්රාවෝ ගමේ අයගේ ගෞරවාදරයට පාත්‍රවුණ කෙනෙක් ඔහු දිල්ලියේ ශාන්ත ස්ටීවන්ස් උසස් පාසලට ඇතුල්වීම සඳහා ඇති සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙනවා.ඒ පාසලට ඇතුලත් කරගන්නෙ ක්‍රීඩා කුසලතා සහ ඉංග්‍රීසි දැනුම සලකා බැලීමෙනුයි.හැබැයි මේ දෙකෙන් ඕනෙම එක නෑ මාධව්ට.ඒ තමයි ඉංග්‍රීසි දැනුම.ඒ නිසාම සම්මුඛ පරීක්ෂණයේදී සිනහවට ලක්වෙන ඔහු තීරණය කරනවා ක්‍රීඩා කුසලතා පරීක්ෂණයට සහභාගි නොවී ආපසු ගමරට බලා යාමට.එහෙම හිතාගෙන විදුහල්පති කාර්යාලයෙන් එලියට බැස්සට මාධව්ගෙ හදවත නවතිනවා.එක මොහොතක ඒ විද්‍යාලයේ බාස්කට්බෝල් කණ්ඩායමේ රියා සමානිව දැකීමෙන් හැබැයි මාධව්ට එතනත් බාධාවක්.මොකද රියා වැඩිපුරම කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්.එහෙනම් බලන්නකො මාධව්ට රියාගෙ හිත ගන්න පුළුවන් වෙයිද කියල…මම ගිහින් එන්නම් ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
හෝව් මේකෙ එක තැනකදි ඔයාලට “නර්මදා බජාවෝ ආන්දෝලන් ” කියල වචනයක් හම්බවෙයි.ඒ කියන්නෙ ඉන්දියාවේ නර්මදා නදිය ආශ්‍රිතව පැනනැගුන ගැටලු වගයකට එරෙහිව නිර්මාණය කරගත් ජනතා සංවිධානයක්ලු (දෙයියනේ කියල වචනෙ ටයිප් කල ගමන් ගූගල් දෙයියො මට උදවු කලා).
සිංහල උපසිරැස Download කරගන්න 41385 times
IMDB
User Rating
Thnx Bro! (4:34am)
බොහොම ස්තූතියි, මාලන්.” (4:34am) ” එහෙම තමයි අපේ ඇඩ්මින්ල එලිවෙනකං ඇහැරල ඉන්නෙ මම හිතන්නෙ.
උදේ දවල් රෑ මාර කට්ටක් කනව අපි වෙනුවෙන්.
තැන්ක්ස් මචං,
බොහොම ස්තූතියි, පැතුම්.
Thanx machoo
බොහොම ස්තූතියි,losaka..!
meka dilaa ne ..ela thama….
බොහොම ස්තූතියි, BOSS
හම්මෝ ලෝක කට්ටක් කමින්,
මේ දීපු උපසිරැසියට තුති සහො??
ඔබට ජය??
බොහොම ස්තූතියි, පසිඳු ..!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.
බොහොම ස්තූතියි, කාවින්ද
සබ් එක හොය හොය හිටිය ෆිල්ම් එකක්.
සෑහෙන කට්ටක් කාලා වුනත් සබ් එක දුන්නට තෑන්ක්ස්.
ජයවේවා!
බොහොම ස්තූතියි, ළහිරු
elama saho thanks
jaya wewa!!!
බොහොම ස්තූතියි. අසිත
Bon Cop, Bad Cop (2006). Bon Cop, Bad Cop 2 (2017)
Ma wanakal kaurut karala na . Imdb dakama 7i kata hari bara danna puluwan nm hoda film dakak.
බොහොම ස්තූතියි, මිතුන්..!
මේක අද රෑ තමා බලන්න ඉන්නේ.හසිත සහෝගේ උපසිරැසියක් නිසා නොබලා උනත් කියුව හැකි සබ් එක සුපිරියටම තියෙනවා කියලා…උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ
අසිත සහෝ පුළුවන්නමි මෙි film එකටත් sub දෙන්න පුඑවන්ද “do lafzon ki kahani 2016” IMDB 6.5 tiyanawa මෙිකත් DTHTV තමයි හැබැයි
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Thanks bro
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thnxxxxxxxxxxxxxx
නියමයි මචං. ඇත්තටම මේක ඉන්දියන් ලේඛකයෙක් ලියපු නවකතාවක් චිත්‍රපටයකට නගලා තියෙන්නේ. ඒකේ සිංහල පර්වර්ථන පොත තියෙනවා “හැංගි විහංගි” නමින්. මම නම් පොත කියෙව්වා. දැන් ඒක ඇත්තටම බලන්නත් පුළුවන්. ගොඩක් ස්තූතියි. ඇත්තටම ලස්සන කථාවක්.
http://surasa.lk/books/%E0%B7%84%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B7%92-hangi-vihangi/
බොහොම ස්තූතියි, ඉසුරු. ඒකෙ සිංහල පරිවර්තනයක් තියන බව දැනගත්තෙ අදයි. ඉංග්‍රීසි එකේ PDF එකක්නං මට හම්බවුනා මෙතනින් ගන්න පුළුවන් .http://www.bookseduced.com/e-books/half-girlfriend-chetan-bhagat-free-pdf-download/
Thanks alot
God Bless Subz.lk
film eka baawata, balanna hri sub ekak nathuwa hitiye… eka eng sub ekak hoyaganna nha.
epaa wela iddi deiyek wage sinhala sub ekama deela thiyenawa pattatama!
godak pin!
thnk uu sahoo!
උපසිරැසියට බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හසිත ප්‍රසාද්
මචං,
Sub ekata tanks. Ela
Mechchara ikmata sinhala sub eka dunnaa godak thanks
Ekanam fatta. sinhala sub thawaonne.
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරේ ජූනි මාසේ ඒකත් කොපියක්. මේක බලන්න විදියක් නැතිව ඉන්ග්ලිස් සබ් හෙව්වා ඒත් හම්බුනේ නෑ.
තෑන්ක්ස් මචන් එකෙන්ම වැඩේට. දිගටම කරගෙන පලයන්.
Imdb 3.6 ද තියෙන්නෙ.මම වැඩිය ආදර කතාවලට කැමති නැ.මොක එවාගෙයි ඩිස්කවරි වැඩසටහන්වලයි වෙනසක් පෙන්නැති නිසා ඩිස්කවරිවල හැමතිස්ස්‍ෙම පෙන්නන්නෙ තමන්ගෙ පාට්නව හොයාගන්න සිංදුකියන එවා නටන එවා තව සතෙක් එක්ක රංඩු කරගන්න එවානෙ මෙ හිංදි හරි දෙමල(දෙමප එවගෙනං තනිකරම එව තමා) film වලත් තනිකරම එවා තියෙන්නෙ හරියට planet earth 2 human වර්ශන් එක වගෙ මෙවගෙ තනිකරම තියෙන්නෙ තමංගෙපාට්නව හොයාගන්න හැටි.ඔන්න ඔහොම තමා මම මගෙං half girlfriend film එක ඔනිද අහව sms එකක් දාපු යාඑවටදාපු රිප්ලයි එක.එහෙම කියල හිටං මම planet earth2 එකෙ කොමඩො ඩැරැගන්ස්ලා දෙන්නෙක් ගැනු සතෙක් නිසා ගහගන්න photo එකක් vid කරා.
මිනිහ මට එවපු රිප්ලයි එක නිසා තමයි මම internet එකට ඇහිල්ල film එකට සබ්දිලද බැලුවෙ.බලනකොට subzlk එකෙසබ් තියනව කියලවැටුන නිසා බැලුවම පට්ට මහන්සියක් වෙලා හසිත සහො සබ්කරල තිබ්බ එකනිසා film එක බලන්න තවත් ආස හිතුන.ආ අර රිප්ලයි එකෙ තිබුනෙ මම ගොඩකාලෙකට කලින් ආෂිකි2 film එක කට ඇරගෙන බලද්දි මුං ටික අරගත්ත මගෙ photo එකක් එක්ක තවත්human වර්ශන් planet eath බලන පිස්සෙක් කියලා රිප්ලයි කරල තිබ්බ.මම එච්චර romantic වලට අකමැති වෙලා හිටියත් එක හරිම ආසාවෙන් බැලුවා මෙකත් එක ලියපු එකකෙනම එක ඩිරෙක්ට් කරපු එක්කෙනම එවගෙම එකෙ හිටපු සද්ද නංගිම ඉන්න නිසා පට්ටෙටම ඇති.ස්තුති හසිත සහො ඔයාට වැඩිම මහන්සියෙන් සබ්කරන්නා සම්මානය දෙනව මම.bs
ඔව් සෑම්, Imdb 3.6යි තියෙන්නෙ. ආශිකී 2 කියන්නෙ මාත් හරි කැමැත්තෙන් බලපු ෆිල්ම් එකක්, මේකත් ඒ ගානට ගන්න තිබ්බ කතාව ටිකක් වෙනස්කලානං. සිංදු ටිකනම් හරිම ලස්සණයි. ටැමිල් තෙලිඟු ඒවනම් මාත් බලන්නෙම නෑ
විශේෂෙන්ම එක ෂොට් එකක් ගැහුවම සීයක් විතර උඩවිසිවෙන සීන් එහෙම මට පේන්න බෑ, අනිත් කාරණේ ගොඩක් ඒවයෙ කතා එක වගේ.ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි…..
tnx bn
suppa
trailer eka apu dawase indala balan hitiye meka blnna
Sub eke track eka godak wenasne…ane mnda…ehema balanna epa wenawa..ane puluwannam puluwan deyak karala denna..menna meka mn laga thiyenne
Half Girlfriend (2017) DTHRip-x264-AC3 5.1-Zi$t-WWRG
නිමන්ත, බ්ලූ රේ වගේ නෙමෙයි HDrip පිටපත් එකිනෙකට වෙනස්. මම දීල තියන ප්‍රින්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් එක්ක බලන්න. ඒකට සබ් එක හරියටම හරි ,මොකද සයිට් එකේ පළ කරන්න කලින් මගෙ සබ් එක එක්ක මමත් එකපාරක් බලනවා ෆිල්ම් එක ( උඩ කමෙන්ට් බැලුවම තේරෙනවනෙ වෙන කාටවත් අවුලක් ඇවිත් නෑ). ඒ නිසා මම වගකියනවා , මම දීල තියන ප්‍රින්ට් එකම අරගෙන බලන්න. ෆිල්ම් බාද්දි හැමවෙලාම උපසිරැසිය කරපු කෙනා දීල තියන ප්‍රින්ට් එකම ගන්න (විශේෂයෙන්ම Hdripවලදි), එතකොට කරදර අඩුයි.
PS:- මේ ෆිල්ම් එකට තාමත් හරි ඉංග්‍රීසි උපසිරැසියක් නෑ, නිමන්ත. ඕකෙ ටයිම්ලයින් හැදුවෙ මමමයි ඒ නිසා ඔයාගෙ ප්‍රින්ට් එකට සබ් එක එජස්ට් කරනව කියන්නෙ මට ආයිත් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවයි කියන එක, ප්‍රායෝගිකව ටිකක් අමාරුයි තේරෙනවනෙ මං මේ කියන කාරණේ.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
මල්ලි …..අපි tamil movie බලන්න කැමතියි .පුලුවන්නම් අපි වෙනුවෙන් tamil movie වල sub දෙන්න
තෑන්ක්ස්…සබ් එක සුපිරියටම තියෙනවා….ඉදිරියටත් මේ වගේ ලස්සනට වැඩේ කරගෙන යන්න ශුභ පතනවා…බොක්කෙන්ම❤️😍
Ela thanks bro, digatama sinahal subs dena wade karanhan mchan.