Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitle

Published September 22nd, 2018 by

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයාගෙ ඉල්ලීමක් පරිදි අද මේ අරගෙන එන්නෙ Hotel Transylvania 3 : A Monster (Summer) Vacation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔයගොල්ලො හැමෝම දන්නවා මේ Hotel Transylvania(2012), Hotel Transylvania 2 (2015) විදියට ආව චිත්‍රපට ද්විත්වයේ තෙවැන්න බව. මේ මුල් චිත්‍රපට දෙක නරඹල නැති ඇනිමේෂන් රසිකයෙක් හොයාගන්න එක කළුනික හොයන්නා වගේ වැඩක් බව දැනගෙන හිටියත් මම කැමතියි මුල් චිත්‍රපට දෙක කෙටියෙන් මුලින්ම පැහැදිලි කරලම වැඩේ පටන්ගන්න. එතකොට හැමෝටම වැඩේ ලේසියි, වැරදිලාවත් මුල් චිත්‍රපට දෙක නොබලපු කෙනෙක් එහෙම ඉන්නවනං මෙතනින් එහාට ලිපිය කියවීම රසවින්දනයට බාධාවක් විය හැකියි. ඔන්න කලින්ම කිව්වා

Hotel Transylvania (2012) Recap

වර්ෂ 1895දී ඩ්‍රැකියුලා විසින් ට්‍රාන්සිල්වේනියාවේ නිවාඩු නිකේතනයක් අරඹනවා මිනිසුන්ගෙන් බාධාවක් නොවී තමන්ගේ දියණිය වන මේවිස්ව හදාවඩාගන්නට. ඇය දිනෙන් දින උස්මහත්වන විට  පිටත ලෝකයේ ඇති දෑ බැලීමට ගොස් මිනිසුන්ගෙන් අනතුරක් වේයැයි බියෙන් ඩ්‍රැකියුලා උපායක් යොදා ඇයට හඟවනවා මෘගයන් වන තමන් මෙන් නොව මිනිසුන් ඉතාම දරුණු බවත්, තම හෝටලයෙන් පිටතට පය තැබීම භයානක ක්‍රියාවක් විය හැකි බවත්. ඔය විදියට කාලයක් ගෙවී යනවා. මේ වනවිට ලෝකයේ සිටින බහුතරයක් මෘගයන් මිනිසුන්ගෙන් බාධාවක් නොවී නිදහසේ කාලය ගත කිරීමට තෝරාගන්නේ ඩ්‍රැකියුලා සහ මේවිස්ගේ මේ හෝටලය. ඔය අතරෙදි මේවිස්ගේ 118වන උපන්දිනය (දන්නවනෙ වැම්පයරයන් වයස යන්නෙ නෑ) සැමරීමට ඩ්‍රැකියුලා විසින් උපන්දින සාදයක් සංවිධානය කරනවා. ඔහු එයට සහභාගීවීමට තම මිතුරන් වන ෆ්‍රැන්කන්ස්ටයින්ට (ෆ්‍රෑන්ක්), ඔහුගේ බිරිඳ වන ඉයුනිස්ට, නරවෘක යුවලක් වන වේන්ට සහ වොන්ඩාට, නොපෙනෙන මිනිසෙක් වන ග්‍රිෆින්ට, ඊජිප්තු මමියක් වන මරේට එහෙම ආරාධනා කරනවා. උපන්දින සාදය ඇරඹීමට මොහොතක් තිබියදී වනයේ අතරමං වන 21 හැවිරිදි ජොනතන් නම් තරුණයෙක් අහම්බෙන් මේ හෝටලයට එනවා. ඔහුව දකින ඩ්‍රැකියුලා ඔහුව මෘගයෙක් මෙන් හැඩගන්වනවා ඔහු මනුෂ්‍යයෙකු බව අමුත්තන් දැකීම වැලැක්වීමට, හැබැයි මේවිස් දකිනවා මේ තරුණයාව. මෙතනදි වෙන්න යන දේ වැටහෙන ඩැකියුලා ජොනතන්ට බල කරනවා මෘගයෙක් විදියට තම දියණිය ඉදිරියේ පෙනී ඉන්න ලෙස. හැබැයි මේවිස් නිතරම මේ ජොනතන් ගැන ප්‍රශ්ණ කරනවා ඩ්‍රැකියුලාගෙන්. ඔය සිදුවීම් අතරෙ ඩ්‍රැකියුලාගෙ හිතෙත් මේ තරුණයා ගැන පැහැදීමක් ඇතිවෙනවා. ඒවගේම ඔහුට වැටහෙනවා සියලු මනුෂ්‍යයන් නරක අය නොවෙන බව. කොහොමින්හරි හෝටලයේ කෝකියාවන ක්වාසිමොඩෝ ජොනතන් මනුෂ්‍යයෙක් බව දැනගෙන ඔහුව අල්ලාගන්නවා. ඔහු උපන්දින සාදයේ සිටින අයට එලිදරව් කරනවා මේ කතන්දරය. මේවිස්ට වැටහෙනවා තමන්ගෙ ජීවිතයේ ස්නේහ බැම්ම (Zing) නොහොත් ආදරය මේ ජොනතන් බව. ඩ්‍රැකියුලාට ඇති ගෞරවය නිසාම තමන් මෘගයන්ට අකමැති බව මේවිස්ට පවසන ජොනතන් යන්න යනවා. මේ ගැන සිත් වේදනාවෙන් ඉන්න මේවිස් ඩ්‍රැකියුලාට කියනවා තමන්ගේ මතකයන් සියල්ල මකා දමන ලෙස (මේක වැම්පයරයන්ගේ එක් හැකියාවක්).

මේ වනවිට මෘගයන් ගැන මිනිසුන්ගේ ඒතරම් අකමැත්තක් නැති බව දැනගන්නා ඩ්‍රැකියුලා තමන්ගේ මිතුරන් වන මරේ, ග්‍රිෆින්, ෆ්‍රෑන්ක්, සහ වේන් සමග ජොනතන් හොයන්න යනවා, තමන්ගෙ දියණිය සතුටු කිරීමට. අවසානයේ සෑහෙන වෙහෙසක් දැරීමෙන් අනතුරුව ඩ්‍රැකියුලා සමත් වෙනවා ජොනතන්ව ආපහු හෝටලයට රැගෙන ඒමට. ඒ වගේම ඔහු කැමති වෙනවා ජොනතන් සහ මේවිස් අතර සම්බන්ධයට.

Hotel Transylvania 2 (2015) Recap

කාලයකට පසුව විවාපත් වන ජොනතන් සහ මේවිස් දෙදෙනා ඉතාම සතුටින් ට්‍රාන්සිල්වේනියා හෝටලයේම ජීවත් වෙනවා. වැඩිකල් නොගොස්ම මේ යුවලට පුතෙක් උපදිනවා, ඒ තමයි ඩෙනිස්. ඔහු අවුරුදු පහක වයසට පැමිණියත් තවමත් වැම්පයරයන්ට පොදු උල් දත් වැඩී නැති බව දකින මේවිස් කල්පනා කරනවා ඔහුවත් රැගෙන කැලිෆෝනියාවේ පදිංචියට යාමට, නමුත් ජොනතන් එයට කැමති වෙන්නෙ නෑ. තමන්ගේ සුරතල් මුණුපුරා තමන්ට නැතිවේයැයි යන බියෙන් ඩ්‍රැකියුලා තමන්ගෙ මිතුරන් වන මරේ, ෆ්‍රෑන්ක්, ග්‍රිෆින්,වේන් සහ බ්ලොබී බොබ් එක්ක එකතුවෙලා ඩෙනිස්වත් අරගෙන යනවා ඔහුගෙ වැම්පයර් ගති ඉස්මතු කරගැනීමට. එතකොට මේවිස්ට බෑනෙ ඔහුව කැලිෆෝනියා ගෙනියන්න. කොහොමනමුත් ඩෙනිස් වැම්පයරයෙක් බවට හැරෙන්නේවත්, ඔහුගේ උල්දත් මතුවෙන්නේවත් නෑ. මේ අතරේ ජොනතන් සමග කැලිෆෝනියාවේ සිටින මේවිස් එහි ඇති පහසුකම් නිසා සතුටින් පිනා යනවා. ඇය සිතනවා තමනුත් පුතාත්කැලිෆෝනියාවේ පදිංචියට ආවොත් එය තම පුතාට යහපතක් වනු ඇති බව. තම මුණුපුරා වැම්පයරයෙක් කරගැනීමේ අරමුනෙන්ම වැඩ කරන ඩ්‍රැකියුලා ඔහුව උස කුළුණකින් බිමට දමනවා ඔහු වවුලෙක් බවට හැරෙයි කියල බලාපොරොත්තුව සිතේ තියාගෙන. නමුත් ඒකත් හරියන්නෙ නෑ. අන්තිම තත්පරයේ ඩ්‍රැකියුලාට සිදුවෙනවා මුණුපුරාව බිම නොවැටී බේරාගනීමට. කෙසේහෝ මේ සිද්ධිය කැමරාවට නගාගන්නා පිරිසක් එය අන්තර්ජාලයට මුදාහරිනවා. අවසානයේ එක මේවිස්ගේ සහ ජොනීගේ ඇහැගැටෙනවා. එසැනින් වවුලෙක් බවට පත්වන මේවිස් වහාම ජොනතන්වත් රැගෙන ආපසු තම පියාවන ඩ්‍රැකියුලාගේ හෝටලයට එනවා.

ඉන්පසු ඩෙනිස්ගේ උපන්දින උත්සවය පැමිණෙනවා. මේවිස් එයට තම සීයා සහ ඩ්‍රැකියුලාගේ පියා වන ව්ලැඩ්ට ආරාධනා කරනවා. ජොනී තම මනුෂ්‍ය හිතමිත්‍රාදීන්ටත් මෙයට ආරාධනා කරනවා. තම පියාවන ව්ලැඩ් මනුෂ්‍යයන්ට ඉතාම අකමැති බව දන්නා ඩ්‍රැකියුලා ජොනීට පවසනවා ඔහුත් ඇතුළුව උත්සවයට පැමිණෙන සියලු මනුෂ්‍යයන් මෘගයන් ලෙස වෙස්වලාගෙන සිටිය යුතු බව. කෙසේවෙතත් උත්සවයේදී ව්ලැඩ් හා ඩ්‍රැකියුලා අතර වාදයක් ඇතිවෙනවා ඩෙනිස් තවමත් වැම්පයර ගතිලක්ෂණ පෙන්වා නැතිවීම ගැන. මේ වාදය අතරවාරයේ තම නරවෘක මිතුරිය විනී සමග හෝටලෙන් පිටව යන ඩෙනිස් කැලයේ සැඟවී සිටිනවා. මේ මිනිස්-මෘග ඇයි හොඳයිය ගැන කේන්තියෙන් පසුවන ව්ලැඩ්ගේ සේවක බේලා නම් දුෂ්ට වවුලා මේ කුඩා ඩෙනිස් සහ විනීට පහරදෙනවා. බේලා විසින් විනීට තුවාල කරන අතර හෝටලයද විනාශ කරන බවට කරන තර්ජණයෙන් කෝපයට පත්වන ඩෙනිස් එසැනින් වැම්පයරයෙකු බවට පත්වන අතර ඔහුගේ උල් දලද ක්ෂණයකින් මතුවෙනවා. ඩෙනිස් සොයා පැමිණෙන ඩ්‍රැකියුලා, මේවිස් සහ ජොනීගේ උදවුවෙන් බේලා පරදවන්නටත් ඩෙනිස් සමත් වෙනවා. වැම්පයරයෙකුගේ ලක්ෂණ පෙන්වා ඇති තම පුත්‍රයා සමග කැලිෆෝනියාවේ වාසයට යාමට නොහැකි බැවින්, මේවිස්-ජොනී යුවල තීරණය කරනවා තම පුත්‍රයාව ට්‍රාන්සිල්වේනියාවේදීම උස්මහත් කරන්නට.

Hotel Transylvania 3: A Monster( Summer) Vacation

ඔන්න මේ වෙනකොට සෑහෙන කාලයක් ගෙවිලා, වැම්පයරයන් ඇතුළු මෘගයන් දඩයමේ යෙදෙන වැන් හෙල්සින් පරම්පරාවෙ කරදරත් අවසානයක් වෙලා මේ වෙනකොට මේ හැමදෙනාම ඉන්නෙ බොහොම නිදහසේ. ඒ වුණත් හෝටලේ වැඩවලටම හිරවෙලා ඉන්න ඩ්‍රැකියුලා ජීවත් වෙන්නෙ යම් විදියක තනිකමකින්. තම පියාගෙ මේ කණස්සල්ල නැති කරන්න මේවිස් තීරණය කරනවා ඩ්‍රැකියුලාට ලොකු සප්‍රයිස් එකක් දෙන්නහැබැයි ඒක හිතුවටත් වඩා ලොකු සප්‍රයිස් එකක් වෙන්නෙ මේවිස් නොහිතපු විදියට. ඔන්න ඔහොමයි කෙටියෙන් කතාව

IMDB අඩවියෙන් 6.3ක අගයකුත්, Rotten Tomatos වෙතින් 59%ක අගයකුත්, ගූගල් පරිශීලකයන්ගෙන් 93%ක ප්‍රසාදයකුත් දිනාගත්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙවරත් සුපුරුදු පරිදි ගෙනඩි ටාට්කොව්ස්කිගෙන්මයි. චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නෙඇඩම් සැන්ඩ්ලර් (ඩ්‍රැකියුලා), ඇන්ඩි සැම්බර්ග් (ජොනී), සෙලීනා ගෝමෙස් (මේවිස්), කෙවින් ජේම්ස් (ෆ්‍රෑන්ක්), ෆ්‍රෑන් ඩ්‍රෙෂර් (ඉයුනිස්), ස්ටීව් බුෂෙමි (වේන්), මොලී ෂැනොන් (වොන්ඩා), ඩේවිඩ් ස්පේඩ්(ග්‍රිෆින්), කීගන් මයිකල් කී (මරේ), ජිම් ගැෆිගන් (වැන් හෙල්සින්), කැතරින් හාන් (එරිකා), ඈෂර් බ්ලින්කොෆ් (ඩෙනිස්) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. ඊට අමතරව කියනවනම් වෙනද වගේම හාස්‍ය රසයෙන් පිරිලා මුළු චිත්‍රපටයම, ඒ නිසා හොඳින් රසවිඳින්න පුළුවන් හැමෝටම. හැබැයි ව්‍යංගාර්ථ ඇඩල්ට් ජෝක්ස් දෙක තුනකුත් තියනවා චිත්‍රපටය ඇතුලෙ. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම.

WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි ගොණුව තුල අන්තර්ගත කර ඇත. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-Dl සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct 720P පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.3
62%
54%

Comments: 25

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

    2018-09-23 at 1:19 am
    Reply
  • Mithun

    ඇත්තම කියනවනම් මේ මූවී සෙට් එකේ අලුත් එකක් ආව කියල දැක්ක හින්ද තමා අනිත් දෙක බලන්න ගත්තෙ . වැඩි කාලෙකුත් නෑ බලල මසයක් කිට්ටුයි .කියන්න වචන නැ පට්ටම සුපිරි . Animation මුවී අම්බානෙට බලල තියෙනවා මේ සෙට් එක නම් මරු.පරන ෆිල්ම් දෙක බලල ඉවර උනාම මතක් උනේම Despicable Me මුවි සෙට් එක.. මාර ලස්සන කතා තම.. ____________________________________________මේක නම් බ්ලුරෙම ගන්න ඔනේ හසිත ආපුම තැන්ක්ස් .

    2018-09-23 at 3:44 pm
    Reply
    • kevin

      උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

      2018-12-16 at 3:08 pm
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-09-24 at 8:09 pm
    Reply
  • Mithun

    ඔන්න සහෝ ඔර්ජිනල් කොපි ඇවිත් please අප්ඩෙට් 😍😊Hotel Transylvania 3: Summer Vacation (2018) 720p WEB-DL 800MB

    2018-09-25 at 10:25 am
    Reply
    • හසිත ප්‍රසාද්

      අප්ඩේට් කලා , මිතුන් 😉

      2018-09-26 at 2:03 am
    • Mithun

      Thanks you..

      2018-09-26 at 6:11 am
  • Mithun

    MkaCage.WS WEB-DL

    2018-09-25 at 10:26 am
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-25 at 2:23 pm
    Reply
  • menaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි 👍

    2018-09-26 at 10:02 am
    Reply
  • Dilan

    The First Purge එකේ Sub එක දීපන්කෝ 🙁

    2018-09-26 at 7:41 pm
    Reply
  • Madubashana S Samarasinghe

    Thank you 👍

    2018-09-26 at 9:39 pm
    Reply
  • Arjuna Vidanagama

    Thanks for the Quick Update Subtitle

    2018-09-27 at 8:10 am
    Reply
  • dimuthu supun Madhushanka

    ජයවේවා සහෝදරයා..❤….බුදු සරනයි! …

    2018-09-27 at 8:50 am
    Reply
  • Mithun

    Bluray release…………….. 😊

    2018-09-27 at 12:35 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      UPDATED 😉

      2018-09-27 at 11:13 pm
  • nalaka

    sub eka ganna bane machan

    2018-09-27 at 4:40 pm
    Reply
  • Nalaka

    page eka refresh karata count eka 0 thiyanawa.skip eka enne nane machan

    2018-09-27 at 4:53 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ඔව්නේ, පොඩි අවුලක් තියනවා වගේ. ඇඩ්මින්ල ඒක ඉක්මනටම හදයි. දැනට මට මේල් එකක් දාන්න මේ ඇඩ්‍රස් එකටමම සබ් එක මේල් කරන්නං. [email protected]

      2018-09-27 at 9:27 pm
  • rasula

    Superb

    2018-09-29 at 8:17 am
    Reply
  • Mithun

    පට්ට ෆිල්ම් එක…😍01.21.25 දී අන්තිම කොටසෙ යන සොන්ග් එක පට්ට😁😝

    2018-09-29 at 4:23 pm
    Reply
  • Navod tharidu

    Fatta gathi bro upasirsata thnkz

    2018-10-03 at 9:37 am
    Reply
  • Janith

    password eka ganne kohomada machan

    2018-10-03 at 8:16 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      password කිව්වෙ මොකද්ද ,ජනිත්?

      2018-10-03 at 9:24 pm
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2018-12-15 at 8:54 pm
    Reply

Leave a Reply to rasula Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip