Hunter Killer (2018) Sinhala Subtitle

Published December 18th, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගේ තවත් ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. චිත්‍රපටය තමයි Hunter Killer (2018). ඒ ගැන කවීෂ සහෝදරයාට ස්තූති කරන ගමන්ම අපි හැරෙමු චිත්‍රපටය දෙසට…

ජෝජ් වොලස් සහ ඩොන් කීත් දෙදෙනා රචනා කල The Firing Point නවකතාව ඇසුරින් නිර්මාණය වූ මේ Hunter Killer (2018) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩොනවන් මාර්ෂ්ගෙන්. මෙය ලබා ඇති Imdb අගය 6.9ක් වන අතර Rotten tomatoes වෙතින් ලබා ඇති අගය 39%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරාඩ් බට්ලර් ( කපිතාන් ජෝ ග්ලාස්), ගේරි ඕල්ඩ්මන් ( චාල්ස් ඩොනගන්), කොමන් ( අද්මිරාල් ෆිස්ක්), කාටර් මැකින්ටයර් ( දෙවන නිලධාරී බ්‍රයන් එඩ්වර්ඩ්ස්), ලින්ඩා කාඩනෙලි ( ජේන් නෝර්ක්විස්ට්), ටෝබි ස්ටීෆන්ස් ( බිල් බීමන්), සේන් හොල්ට්ස් ( මාටිනෙලි),ඇලෙක්සැන්දර් ඩිචෙන්කෝ ( රුසියානු ජනපති සකාරින්), මයිකල් ගොර් ( අද්මිරාල් දිමිත්‍රි ඩුරොව්),Michael Nyqvist ( කපිතාන් ඇන්ඩ්‍රොපෝ- මොහු මියගියා ගිය වසරේ) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. හරි අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

අපි දන්නවනෙ රුසියාව සහ ඇමරිකාව බොහොම සීතල සතුරන් අතීතයේ සිටම. ඔවුන් නිරන්තරයෙන් දෙපාර්ශවය ගැන ඉන්නෙ දැඩි සැකයකින් සහ අවධානයකින්. මේ චිත්‍රපටයෙ කතාවත් එහෙම එකක්. ආක්ටික් සාගරයේ සැරිසරන රුසියානු ඇක්‍යුලා වර්ගයේ ( නේටෝ නාමය)සබ්මැරීනයක කටයුතු අධ්‍යයනය කරනවා ඇමරිකානු ටැම්පා-බේ නම් න්‍යෂ්ටික සබ්මැරීනයක් විසින්. කෙසේ හෝ තම මෙහෙයුම සාර්ථකව කෙරෙන අතරේ මේ ටැම්පා -බේ සබ්මැරීනයට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම සාගර පෙදෙසේ වන පිපිරුමත්, තම සබ්මැරීනයෙන් කිසිදු ආරංචියක් නැති නිසාත් ඇමරිකානු හමුදා අද්මිරාල්වරයා වන ෆිස්ක් තීරණය කරනවා මේ ගැන සොයාබැලීමට සහ පිරිස ජීවත්ව සිටීනම් ඔවුන්ව මුදාගැනීමට තවත් සබ්මැරීනයක් පිටත් කිරීමට. ඒ ප්‍රදේශය ආසන්නයේ වෙනත් ඇමරිකානු සබ්මැරීන නොමැති නිසා ඔහුට ඒ සඳහා තිබෙන්නේ එක විකල්පයයි, ඒ තමයි USS ආකන්සාස් න්‍යෂ්ටික සබ්මැරීනය. නමුත් එක් ප්‍රශ්ණයක් තිබෙනවා, ඒ තමයි එහි කපිතාන්වරයා මියයාම නිසා එයට කපිතාන්වරයෙකු නොමැති වීම. නමුත් ෆිස්ක්ට ඒ සඳහා යෝජනා කරන්න කෙනෙක් ඉන්නවා, ඒ තමයි බ්‍රිතාන්‍ය රාජකීය සබ්මැරීන බළකායේ සේවය කරන ජෝ ග්ලාස්. හැබැයි මේ ජෝ ග්ලාස් කපිතාන්වරයාට කපිතාන් තනතුරේ කිසිදු පළපුරුද්දක් නෑ…කෙසේ හෝ ගමනට පිටත් වෙන ඔහු ඇතුළු සබ්මැරීන කණ්ඩායමට අතරමගදී තවත් අතුරු මෙහෙයුමක් බාරවෙනවා… එතනින් එහාට නරඹන ඔබට බාරයි.. හමුවෙමු Roma ( 2018) චිත්‍රපටයේ උපසිරැසිය සමගින්… චිත්‍රපටය නරඹන්න කලින් මෙහි නිල අඩවිය වන https://www.hunterkiller.movie වෙත මදක් ගොඩවෙලා බලන්න කියලත් කියන්න කැමතියි, එහි ඇති මෙනුවේ The Sub යන්න ක්ලික් කිරීමෙන් ඔබට මෙහි එන ඇමරිකානු සබ්මැරීනය අධ්‍යයනය කල හැකියි.

උපසිරැසි ‍ගොණුව තුල WEB-DL සහ Bluray යන පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය. වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. කරුණාකර ඔබ සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. 

විශේෂ :-

USS Baton Rouge (SSN-689) (බැටන් රූජ් )
න්‍යෂ්ටික බලගැන්වූ ප්‍රහාරක සබ්මැරීනයකි .1995 වසරේදී රුසියානු සබ්මැරීනයක් හා ගැටීමෙන් පසුව හමුදා සේවයෙන් ඉවත්කරනු ලැබීය.

• ටෝව්ඩ් ඇරේ සෝනාර් (Towed array sonar)
බලන්න මේ වීඩියෝව

මෙම සබ්මැරීන කපිතාන් චරිතය සහ සබ්මැරීන ජීවිතය නිවැරදිව වටහාගැනීම සඳහා ජෙරාඩ් බට්ලර් හමුදා සබ්මැරීනයක දින තුනක් ගමන්කොට තිබෙනවා අධ්‍යක්ෂ ඩොනවන් මාෂ් සමග. ඇත්තටම චිත්‍රපටයට පාදක නවකතාවේ සම-රචක ජෝජ් වොලස් යම් කලක් මෙකී සබ්මැරීනයේ කපිතාන් ධුරය දැරූවෙක්.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Torrent 720P පිටපත
Download

Hunter Killer (2018) Sinhala Subtitle

Download: 22711

File size : 74.68 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.0
37%
43%

Comments: 30

  • Chanaka

    මට අද තමයි මේ සබ් සයිට් එක හමුඋනේ.. ඇත්තෙන්ම ස්තූතියි.. ඔබලා කරන මේ සේවයට…

    2018-12-19 at 5:30 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-12-19 at 6:39 am
    Reply
  • Silent$

    Pattaaaaaaaaaaaaaa

    2018-12-19 at 9:53 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-12-19 at 12:10 pm
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    thanks bro

    2018-12-19 at 6:36 pm
    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසියට ගොඩක් ස්තුතියි..දිගටම උපසිරැසි දෙන්න.ජයවේවා…!තෙරුවන් සරණයි…!

    2018-12-20 at 5:22 am
    Reply
  • Mithun

    හොද ෆිල්ම් එකක් නෙද… මෙක නම් නොවරදවාම බලන්න ඔනේ තව ටිකක් ඉදල බොහොම ස්තුතියි සහෝ උපසිරැසගැන්විමට !!

    2018-12-20 at 12:34 pm
    Reply
  • Benten

    නියමයි මචෝ.පට්ට ෆිලුමක්නේ. අනිවා බෑමක් තමයි.බොහෝම ස්තුතියි සබ් එකට.ජය…

    2018-12-20 at 7:45 pm
    Reply
  • ushan

    godaak sthuthi

    2018-12-21 at 4:47 am
    Reply
  • Basnayakakp

    Fantastic Beasts The Crimes of Grindelwald (2018) එකේ subtitles දෙන්න පුළුවන් ද?

    2018-12-21 at 6:23 am
    Reply
  • chanuka

    dyavre kannada movie meke sub eka dannako

    2018-12-21 at 10:55 am
    Reply
  • Sisith

    Thanks subz.lk

    2018-12-28 at 7:29 pm
    Reply
  • madda

    thanx mchooo…..

    2019-01-03 at 10:03 pm
    Reply
  • dinesh

    thank u bro sub ekata

    2019-01-04 at 6:07 am
    Reply
  • මධූෂ කැළුම්

    Niyamayi sahoo
    Me vage fillms valata digatama sub denna.
    Thanks sahooo

    2019-01-05 at 9:12 pm
    Reply
  • Mithun

    Planet web-dl updated ………..

    2019-01-15 at 6:46 pm
    Reply
    • Mithun

      *Please web-dl updated

      2019-01-17 at 7:09 pm
    • හසිත ප්‍රසාද්

      හෙට විතර දෙන්නම්, මිතුන් 🙂

      2019-01-18 at 3:36 am
    • හසිත ප්‍රසාද්

      WEB AND BLURAY UPDATED 🙂

      2019-01-19 at 2:16 am
    • Mithun

      thanks lot❤

      2019-01-19 at 7:16 am
    • Mithun

      කො තාම hc විදියට නෙ සබ් පයිල් තියෙන්නේ ?

      2019-01-19 at 9:55 am
  • හසිත ප්‍රසාද්

    හැදුවා, මිතුන් 🙂 තෑන්ක්ස් දැනුම් දුන්නට.

    2019-01-20 at 12:38 am
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks saho sub ekata

    2019-01-21 at 12:24 am
    Reply
  • hassan

    thx bro elllllla

    2019-01-21 at 11:37 am
    Reply
  • Pathmila

    නියමයි මචන්

    2019-01-29 at 9:57 am
    Reply
  • VinoD

    එලහ්……..👍

    2019-01-30 at 6:04 pm
    Reply
  • Bathiya Maduwantha

    Niyamai saho film ekath patta thanks sahoo

    2019-02-18 at 6:40 am
    Reply
  • Prabhath

    Thank you bro.. Subapathanawa hemotama.. Budusaranai

    2019-03-10 at 10:32 am
    Reply
  • viraj

    Thanks jayawewa!

    2019-04-15 at 12:26 am
    Reply
  • Sameera Karunarathna

    godakma istuti saho

    2020-02-13 at 3:04 pm
    Reply

Leave a Reply to Mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip