ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගේ තවත් ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. චිත්‍රපටය තමයි Hunter Killer (2018). ඒ ගැන කවීෂ සහෝදරයාට ස්තූති කරන ගමන්ම අපි හැරෙමු චිත්‍රපටය දෙසට…
ජෝජ් වොලස් සහ ඩොන් කීත් දෙදෙනා රචනා කල The Firing Point නවකතාව ඇසුරින් නිර්මාණය වූ මේ Hunter Killer (2018) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩොනවන් මාර්ෂ්ගෙන්. මෙය ලබා ඇති Imdb අගය 6.9ක් වන අතර Rotten tomatoes වෙතින් ලබා ඇති අගය 39%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරාඩ් බට්ලර් ( කපිතාන් ජෝ ග්ලාස්), ගේරි ඕල්ඩ්මන් ( චාල්ස් ඩොනගන්), කොමන් ( අද්මිරාල් ෆිස්ක්), කාටර් මැකින්ටයර් ( දෙවන නිලධාරී බ්‍රයන් එඩ්වර්ඩ්ස්), ලින්ඩා කාඩනෙලි ( ජේන් නෝර්ක්විස්ට්), ටෝබි ස්ටීෆන්ස් ( බිල් බීමන්), සේන් හොල්ට්ස් ( මාටිනෙලි),ඇලෙක්සැන්දර් ඩිචෙන්කෝ ( රුසියානු ජනපති සකාරින්), මයිකල් ගොර් ( අද්මිරාල් දිමිත්‍රි ඩුරොව්),Michael Nyqvist ( කපිතාන් ඇන්ඩ්රොපෝ- මොහු මියගියා ගිය වසරේ) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. හරි අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
අපි දන්නවනෙ රුසියාව සහ ඇමරිකාව බොහොම සීතල සතුරන් අතීතයේ සිටම. ඔවුන් නිරන්තරයෙන් දෙපාර්ශවය ගැන ඉන්නෙ දැඩි සැකයකින් සහ අවධානයකින්. මේ චිත්‍රපටයෙ කතාවත් එහෙම එකක්. ආක්ටික් සාගරයේ සැරිසරන රුසියානු ඇක්‍යුලා වර්ගයේ ( නේටෝ නාමය)සබ්මැරීනයක කටයුතු අධ්‍යයනය කරනවා ඇමරිකානු ටැම්පා-බේ නම් න්‍යෂ්ටික සබ්මැරීනයක් විසින්. කෙසේ හෝ තම මෙහෙයුම සාර්ථකව කෙරෙන අතරේ මේ ටැම්පා -බේ සබ්මැරීනයට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම සාගර පෙදෙසේ වන පිපිරුමත්, තම සබ්මැරීනයෙන් කිසිදු ආරංචියක් නැති නිසාත් ඇමරිකානු හමුදා අද්මිරාල්වරයා වන ෆිස්ක් තීරණය කරනවා මේ ගැන සොයාබැලීමට සහ පිරිස ජීවත්ව සිටීනම් ඔවුන්ව මුදාගැනීමට තවත් සබ්මැරීනයක් පිටත් කිරීමට. ඒ ප්‍රදේශය ආසන්නයේ වෙනත් ඇමරිකානු සබ්මැරීන නොමැති නිසා ඔහුට ඒ සඳහා තිබෙන්නේ එක විකල්පයයි, ඒ තමයි USS ආකන්සාස් න්‍යෂ්ටික සබ්මැරීනය. නමුත් එක් ප්‍රශ්ණයක් තිබෙනවා, ඒ තමයි එහි කපිතාන්වරයා මියයාම නිසා එයට කපිතාන්වරයෙකු නොමැති වීම. නමුත් ෆිස්ක්ට ඒ සඳහා යෝජනා කරන්න කෙනෙක් ඉන්නවා, ඒ තමයි බ්‍රිතාන්‍ය රාජකීය සබ්මැරීන බළකායේ සේවය කරන ජෝ ග්ලාස්. හැබැයි මේ ජෝ ග්ලාස් කපිතාන්වරයාට කපිතාන් තනතුරේ කිසිදු පළපුරුද්දක් නෑ…කෙසේ හෝ ගමනට පිටත් වෙන ඔහු ඇතුළු සබ්මැරීන කණ්ඩායමට අතරමගදී තවත් අතුරු මෙහෙයුමක් බාරවෙනවා… එතනින් එහාට නරඹන ඔබට බාරයි.. හමුවෙමු Roma ( 2018) චිත්‍රපටයේ උපසිරැසිය සමගින්… චිත්‍රපටය නරඹන්න කලින් මෙහි නිල අඩවිය වන https://www.hunterkiller.movie වෙත මදක් ගොඩවෙලා බලන්න කියලත් කියන්න කැමතියි, එහි ඇති මෙනුවේ The Sub යන්න ක්ලික් කිරීමෙන් ඔබට මෙහි එන ඇමරිකානු සබ්මැරීනය අධ්‍යයනය කල හැකියි.
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ Bluray යන පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය. වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. කරුණාකර ඔබ සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
විශේෂ :-
• USS Baton Rouge (SSN-689) (බැටන් රූජ් )
න්‍යෂ්ටික බලගැන්වූ ප්‍රහාරක සබ්මැරීනයකි .1995 වසරේදී රුසියානු සබ්මැරීනයක් හා ගැටීමෙන් පසුව හමුදා සේවයෙන් ඉවත්කරනු ලැබීය.
• ටෝව්ඩ් ඇරේ සෝනාර් (Towed array sonar)
බලන්න මේ වීඩියෝව
• මෙම සබ්මැරීන කපිතාන් චරිතය සහ සබ්මැරීන ජීවිතය නිවැරදිව වටහාගැනීම සඳහා ජෙරාඩ් බට්ලර් හමුදා සබ්මැරීනයක දින තුනක් ගමන්කොට තිබෙනවා අධ්යක්ෂ ඩොනවන් මාෂ් සමග. ඇත්තටම චිත්‍රපටයට පාදක නවකතාවේ සම-රචක ජෝජ් වොලස් යම් කලක් මෙකී සබ්මැරීනයේ කපිතාන් ධුරය දැරූවෙක්.
Download Links:
Download Torrent 720P පිටපත Download Torrent 720P පිටපතHasitha Prasad
Comments: 30
Leave a Reply to madda Cancel reply
Search
Login
Chanaka
මට අද තමයි මේ සබ් සයිට් එක හමුඋනේ.. ඇත්තෙන්ම ස්තූතියි.. ඔබලා කරන මේ සේවයට…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Silent$
Pattaaaaaaaaaaaaaa
Madusha
බොහොම ස්තූතියි සහෝ
Ajith Lasantha Kumara Mallawa Arachchi
thanks bro
හිරාන් ශාරංග
උපසිරැසියට ගොඩක් ස්තුතියි..දිගටම උපසිරැසි දෙන්න.ජයවේවා…!තෙරුවන් සරණයි…!
Mithun
හොද ෆිල්ම් එකක් නෙද… මෙක නම් නොවරදවාම බලන්න ඔනේ තව ටිකක් ඉදල බොහොම ස්තුතියි සහෝ උපසිරැසගැන්විමට !!
Benten
නියමයි මචෝ.පට්ට ෆිලුමක්නේ. අනිවා බෑමක් තමයි.බොහෝම ස්තුතියි සබ් එකට.ජය…
ushan
godaak sthuthi
Basnayakakp
Fantastic Beasts The Crimes of Grindelwald (2018) එකේ subtitles දෙන්න පුළුවන් ද?
chanuka
dyavre kannada movie meke sub eka dannako
Sisith
Thanks subz.lk
madda
thanx mchooo…..
dinesh
thank u bro sub ekata
මධූෂ කැළුම්
Niyamayi sahoo
Me vage fillms valata digatama sub denna.
Thanks sahooo
Mithun
Planet web-dl updated ………..
Mithun
*Please web-dl updated
හසිත ප්‍රසාද්
හෙට විතර දෙන්නම්, මිතුන් 🙂
හසිත ප්‍රසාද්
WEB AND BLURAY UPDATED 🙂
Mithun
thanks lot❤
Mithun
කො තාම hc විදියට නෙ සබ් පයිල් තියෙන්නේ ?
හසිත ප්‍රසාද්
හැදුවා, මිතුන් 🙂 තෑන්ක්ස් දැනුම් දුන්නට.
සහන් සුලක්ඛණ
thanks saho sub ekata
hassan
thx bro elllllla
Pathmila
නියමයි මචන්
VinoD
එලහ්……..👍
Bathiya Maduwantha
Niyamai saho film ekath patta thanks sahoo
Prabhath
Thank you bro.. Subapathanawa hemotama.. Budusaranai
viraj
Thanks jayawewa!
Sameera Karunarathna
godakma istuti saho