It (2017) Sinhala Subtitle
It (2017)
ආයුබෝවන් අදත් Subzlk වාසී හැමදෙනෙක්ටම. අදනම් කට්ටියට දෙන්න යන්නෙ භයානක අත්දැකීමක්, ඒ තමයි ස්ටීෆන් කිං විසින් වර්ෂ 1986දී රචිත IT සංත්‍රාස (Horror ) නවකතාව අනුසාරයෙන් මේ වසරේ නිර්මාණය කල IT චිත්‍රපටයේ උපසිරැසිය. මේකත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්, ඉතින් ඔහුට ස්තූති කරන්න ඕනෙ මුලින්ම.
Imdb අඩවියෙන් 7.8ක අගයක් ලබා, Rotten Tomatosලගෙන් 85%ක ඉහළ අගයකුත් ලබා Golden Trailer Awards 2017 සම්මාන උළෙලේ හොඳම සංත්‍රාස චිත්‍රපටය ලෙස සම්මාන දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටයේ අධ්යක්ෂණ දායකත්වය Andy Muschiettiගෙන් . මතකනෙ 2013 වසරේ තිරගත වුණ Mama චිත්‍රපටය ඒක අධ්‍යක්ෂණය කලෙත්මෙයාම තමයි. තිර රචනය Chase Palmer,Cary Fukunaga සහ Gary Dauberman ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Jaeden Lieberher ( බිල් ඩෙන්බ්‍රෝ), Jeremy Ray Taylor (බෙන්), Sophia Lillis (බෙවර්ලි මාෂ්), Finn Wolfhard ( රිචී ටොසියර් ), Chosen Jacobs (මයික් ), Jack Dylan Grazer ( එඩී ),Wyatt Oleff (ස්ටැන්ලි),Bill Skarsgård ( පෙනීවයිස් /විකටයා) ඇතුළු නළු නිළි කැලක් ඒ වගේම මේ සියලු දෙනා තම තමන්ගේ කාර්යභාරය උපරිම වශයෙන් ඉටු කරල තියන බවත් කියන්නම ඕනෙ.
මේක මුලින්ම 1990 වසරෙදි කොටස් දෙකක TV මිනි සීරීස් එකක් විදියටත් නිකුත් වෙලා තියනවා. එයින් හරියටම වසර 27කට පසුවයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. දැන් ඕගොල්ලො කියයි ඉතින් මොකද කියල.. නෑ, මේ චිත්‍රපටයට 27 සෑහෙන්න සම්බන්ධයි ස්ටීෆන් කිංගේ පොතේ සඳහන් විදියට ඩෙරී නගරයට මේ අවාසනාව එන්නෙ වසර 27කට වතාවක් .පෙරකී මිනි සීරීස් එකේ කුඩා බිල් ඩෙන්බ්‍රෝ චරිතය රඟපෑ Jonathan Brandis මියගියෙත් වයස 27දී ( ඒකනං ඉතින් එහේ ජනප්‍රිය දෙයක්නෙ ඕගොල්ලන්ට මතක ඇතිනෙ anton yelchin ට වුණ අවාසනාවන්ත සිදුවීම එහෙම). ඒ වගේමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පෙනීවයිස්ගේ චරිතය නිරූපණය කරන Bill Skarsgårdගේ 27වන උපන්දිනයට හරියටම මාසයකට පසුව. ඒ වගේම මේකෙ නිල වශයෙන් එක්සත් ජනපදය තුල තිරගත කල දිනය 9/8/2017 මේ අංකවල එකතුවත් ( 9+8+2+0+1+7 = 27) 27යි. තව විස්තර ගොඩක් තියනව imdb අඩවිය පැත්තට ගියාම බලන්න පුළුවන්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට......
චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්ටීෆන් කිංගේ ඩෙරී නම් මනඃකල්පිත නගරය වටා. [ වර්ෂය 1989 ]බිලී ඩෙන්බ්‍රෝ කියන්නෙ මේ නගරයේ ජීවත්වෙන දරුවෙක්, එයාට ඉන්නවා හුරතල් බාල සහෝදරයෙක් නමින් ජෝර්ජි ඩෙන්බ්‍රෝ. වැහිබර අඳුරු දිනයක සෙල්ලම් කිරීම සඳහා නිවසෙන් පිටවන ජෝර්ජි නැවත නිවෙසට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වෙන්නේ නෑ , වසර ගණනාවකට වරක් ඩෙරී නගරයට පැමිණෙන අද්භූත අවාසනාවක ගොදුරක් වෙන්න පුංචි ජෝර්ජිට සිද්ධ වෙනවා. නමුත් මේ අවාසනාවේ එකම ගොදුර ජෝර්ජි පමණක්ම නෙමෙයි නගරයේ තවත් දරුවන් රැසක් මෙහි ගොදුරු බවට පත්වෙනවා. ලොකුම ප්‍රශ්ණෙ මේ කිසිකෙනෙක්ගෙ හෝඩුවාවක්වත් හොයාගන්න නැතිවීම. ජෝර්ජිගෙ අයියා බිලීගෙ යාළුවො තමයි රිචී ටොසියර්, එඩී සහ ස්ටැන්ලි , කොටින්ම කිව්වොත් මේ කට්ටිය අඹ යාළුවො. ජෝර්ජිගේ අතුරුදන්වීම බිලීගේ හිතට හරිම කණගාටුවක්. ඔහු පුළුවන් තරම් උත්සාහ කරනවා තම සහෝදරයව හොයාගන්න. අන්තිමේ යාළුවො ටිකත් එකතු වෙනවා මේ අභිරහසේ සුලමුල හොයන්න බිලීට උදවු වෙන්න. මේ අද්භූත අවාසනාවත් බොහොම බලවත් එකක් හැබැයි ඒක පරද්දන්න ඕනෙත් බොහොම පොඩි ආයුධයක්... එහෙනම් නරඹලම බලන්න බිලී ඇතුළු කණ්ඩායමට මේ අවාසනාවට අවාසනාව උදාකරන්න පුළුවන් වෙයිද කියල. මතක ඇතුව පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවල යන්න...
පැහැදිළි කිරීම් -
* නිව් කිඩ්ස් ඔන් ද බ්ලොක් -
1984දී පිහිටවූ ඇමරිකානු පොප් සංගීත කණ්ඩායමක්.මෙයාලගෙ ගීත ගැන චිත්‍රපටයේ සඳහන් වෙනව. රයිට් ස්ටෆ් කියන්නෙ ඒ අතරින් එකක්. බෙන් සහ බෙවර්ලි දෙන්න කතාකරන වෙලාවට බලන්න .
* ස්ට්‍රීට් ෆයිටර් ආකේඩ් -
1980 දශකයේ නිකුත්වුණ Street fighter වීඩියෝ ක්‍රීඩාව ධාවනය කරන යන්ත්‍රය. ෆිල්ම් එකේ එක තැනක සඳහන් වෙනවා. මේ තියෙන්නෙ ජායාරූපයක්.
* බාර් මිට්ස්වා (Bar Mitzvah)
යුදෙව් ආගමික චාරිත්‍රයක්. යුදෙව් දරුවෙකු 13වෙනි වියට පාතැබීම සැමරීමට සිදුකෙරේ. එයින් අනතුරු ඔහු වැඩිහිටියෙක් බවට පිළිගැනේ.
* රබ්බි (rabbi)
යුදෙව් ආගමික ඉගැන්වීම් කරනා තැනැත්තෙක්. ආගමික නායකයෙක් වැනිය.
BR Rip සදහා යාවත් කාලින කරන ලදී
Spoiler Warning : Seven young outcasts in Derry, Maine, are about to face their worst nightmare -- an ancient, shape-shifting evil that emerges from the sewer every 27 years to prey on the town's children. Banding together over the course of one horrifying summer, the friends must overcome their own personal fears to battle the murderous, bloodthirsty clown known as Pennywise...
IMDB
Year : 2017
Actors : jaeden lieberher, jeremy ray taylor, sophia lillis, finn wolfhard
A group of bullied kids band together when a shapeshifting demon, taking the appearance of a clown, begins hunting children.
2021-11-04 11:38 am
- Download : 17888
- File Size : 35.604KB
- Sub Update :2020-10-09
Android 7UC Browser 11.2
උපසිරසියට තුති සහෝ???
ඔබට ජය✌️✌️✌️
Android 5.1Opera 37
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Windows 7UC Browser 7
තෑන්ක්ස් සහෝ සබ් එකට.
Windows 7Firefox 54
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Android 5Chrome 61
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම.
ජය ජය සහෝදරයා ..
Best OF Luck
Windows 8.1Firefox 47
අලුත්ම චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට
ස්තූතියි !
Windows 8.1UC Browser 7
elakiri machan thanks wewaaaaaa
Android 6Chrome 58
හසිත මෙක බ්ලුරෙ වලට අප්ඩෙට් කරමු
Android 6UC Browser 11.4
Blury denawada?
Windows 8.1Chrome 63
machan BR apu gamn senika update kalanam hari…wena site wala update karala BR walata
Windows XPFirefox 52
Br අප්ඩේට් එක ඇඩ්මින්ලට යවල තියෙන්නෙ, මනුල්. ලඟදිම පළවෙයි.
Windows 7Chrome 63
thnx sabata
Android 6UC Browser 11.5
It 2017 webrip sub ek dennko