Joze to tora to sakanatachi (2020) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනසකටත් එක්ක අද අරගෙන එන්නෙ ජපාන ඇනිමේ සිනමා නිර්මාණයක්. මෙය ජපාන නමින් Joze to tora to sakanatachi වන අතර ඉංග්‍රීසියෙන් නම් කර ඇත්තේ Josee, the Tiger and the Fish ලෙසට. 2020 වසරේ ජපානයේදි එලිදැක්වූ මෙය සජීවීකරණ, නාට්‍යමය, ප්‍රේමණීය යන තුන් ඝනයට අයත් එකක් වන අතර IMDb වෙතින් 8.0ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 97%ක්ද ලබා තිබෙනවා මේ වනවිට (2021:9:9). සෙයිකෝ තනාබේගේ කෙටි කතාවක් ඇසුරින් සයාකා කුවමුරාගේ තිර රචනයෙන් සහ කොතාරෝ තකමුරාගේ අධ්‍යක්ෂණයෙන් තමයි මෙය අප හමුවට එන්නේ. මා උපසිරැසිය සකසා තිබෙන්නේ ජපන් භාෂා පිටපත්වලට වන නිසා ජපන් භාෂා පිටපතේ චරිත සඳහා හඬ දායකත්වය දැක්වූ අය පමණක් සඳහන් කරන්නම් මේ විදියට ; කායා කියොහරා (ජොසේ), තයිෂි නකගාවා (සුනේයෝ සුසුකාවා), මත්සුඒරා චියෙමි (චිසූ යමමුරා), කෙන්ගෝ කවානිෂි (යුකිචි),ලින් (කානා), යුමි මියමොටෝ(මායි නිනොමියා), කසුයුකි ඔකිත්සු (හයාතෝ මත්සුරා) ඇතුළු පිරිසක්. කතාවට ඇරඹුමක් දෙන්නම් මම මෙහෙම…

සුනේයෝ කියන්නෙ ජීව විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල සිසුවෙක්, ඔහු ඉතාම පෙම් කරනවා සාගරයට, යම්කිසි අරමුණක් සඳහා විදේශගතව අධ්‍යාපනය ලැබීමට පෙරුම් පුරන ඔහු ඒ නිසාම රැකියාවන් කීපයක් කරමින් මුදල් උපයනවා, එයින් එකක් කිමිදුම් සේවා සපයන ආයතනයක. දිනක් අහම්බෙන් ඔහුට මුණගැසෙනවා යම් ආබාධයකින් පෙලෙන තරුණියක්. ඔවුන් දෙදෙනා අතර නුරුස්නාකමකින් ඇරඹෙන හිතවත්කම නිසා දෙදෙනාගේම ජීවිත වෙනත් මගක යන්නට පටන්ගන්නවා… එතනින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම ජපන් භාෂා (“JAPANESE / JPN”) පිටපත් සඳහා ගැලපේ. ඉංග්‍රීසි බසින් හඬකැවූ (“ENGLISH/ENG”) පිටපත් සඳහා උපසිරැසිය නොගැලපීමට බොහෝ දුරට ඉඩ ඇත.

ක්‍රෙඩිට් දර්ශනයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.

8
IMDB

Year : 2020

Actors : Kaya Kiyohara,Taishi Nakagawa,Matsutera Chiemi

Joze to tora to sakanatachi: Directed by Kôtarô Tamura. With Kaya Kiyohara, Taishi Nakagawa, Matsutera Chiemi, Kengo Kawanishi. Tsuneo is a university student and Josee is a young girl who has rarely gone out of the house by herself due to her being unable to walk. The two meet when Tsuneo finds Josee's grandmother taking her out for a evening walk.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 239
  • File Size : 2.377MB
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-09-10 at 2:22 am
  • Jayasanka Unregister User
    Android 6UC Browser 12.12

    One in a Hundred Thousand japan movi ekata sub eka denda puluwanda.anim ekata godak sthuthyi.

    2021-09-10 at 9:38 am
  • Madusha Unregister User
    Windows 10Opera 78

    බොහොම ස්තූතියි සහෝ

    2021-09-10 at 3:56 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 93

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-09-12 at 7:07 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *