Khaleja (2010) Sinhala Subtitle

/

?Subz LK රසිකයින්ට සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා…!!! මම අද ඔයගොල්ලොන්ට අරගෙන එන්නේ 2010 වසරේ තිරගත වීම ආරම්භ වුනු තවත් එක් සුපිරිම සුපිරි තෙළිගු චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන..මේකට තාම සිංහල උපසිරැසියක් නැති හින්දා තමා මේකේ උපසිරැසිය කරන්න කියලා හිතුනේ..ඒ වුනාට මේ උපසිරැසිය හදද්දිනම් වෙන උපසිරැසි හැදුවට වඩා ගොඩක් අමාරුවුනා..මේ උපසිරැසිය මීට කලින් දෙන්න තිබ්බා..ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ වැරදි ගොඩක් තිබුනා..ඒවත් නිවැරදි කරගෙන තමා මේක අරගෙන එන්නේ..චිත්‍රපටය නම් ටිකක් පරණයි තමයි..ඒත් ෆිල්ම් එකේ වෙන සිද්ධියනම් පට්ටම…??

…KHALEJA (2010)…

               2010 ඔක්තොම්බර් මස 07 වැනි දින ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ Khaleja (2010) තෙළිගු චිත්‍රපටයට 7.6/10 ක IMDb අගයක් සහිතයි..මේකේ අවුලකට කියලා තියෙන්නේ සිංහල උපසිරැසියේ සමහර තැන්වල පොඩ්ඩක් දෙබස් අඩු වීමක් විතරයි..ඒ වුනාට ඔයගොල්ලන්ගේ රසවින්දයට කිසිම බාධාවක් වෙන්නේ නෑ…ෆිල්ම් එක බලන්න බැරි තරමේ අවුලක් නෑ…?Fantasy/Drama/Action ගණයට අයත් වන මෙම චිත්‍රපටයට 170 Minutes ක ධාවන කාලයක් සහිතය.මෙහි කතාව හා අධ්‍යක්ෂණය කර ඇත්තේ Trivikram Srinivas විසිනි..නිෂ්පාදනය කර ඇත්තේ Singnamala Ramesh, C.Kalyan, S.Sathya Rama Murthy යන නිෂ්පාදකවරුන් විසිනි.Mahesh Babu මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර Anushka Shetty මෙහි ප්‍රධාන නිළිය වේ.මීට අමතරව නළු නිළියන් ගැනත් පහතින් පොඩි විස්තරයක් කරන්නම්…

  • Mahesh Babu ÷ Seetharama Raju
  • Anushka Shetty ÷ Subhashini
  • Subbaraju ÷ Govardhan
  • sunil ÷ Babji
  • Ali ÷ Tom Cruise
  • Prakash Raj ÷ GK
  • Tanikella Bharani ÷ Durga Prasad

ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලා කිව්වොත්…☺️☺

                 රාජු (Mahesh Babu) කියන්නේ අපි වගේම ඩයල් එකක්..ඉගෙනගන්න එක පොඩ්ඩක් පැත්තකට කරලා තියාගෙන ඉන්න කෙනෙක්..(හැමෝම නෙවේ)..මෙයාට මෙයාගේ අම්මයි තාත්තයි නෑ..මෙයා හැදෙන්නේ වැඩෙන්නේ මෙයාගේ සීයා ගාව..එයා පාසල් ගුරුවරයෙක්.කොහොමහරි මෙයා සීයටත් කියලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා.ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා විතරයි මෙයාට කඩාගෙන පාත් වෙන්නෙම කරදර…??ඔහොම ඉන්නකොට දවසක් මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා (ඒ කෙල්ල තමා ප්‍රධාන නිළිය)..මම හිතන්නේ රාජුට එයා හින්දා තමා වැඩිපුර කරදර වෙන්නේ..ඒ වුනාට ඒ කෙල්ලම තමා රාජුගේ ජීවිතේ වෙනස් කරන්නේ..ඒ කොහොමද කියලා බලන්නකෝ..නමුත් මේ ෆිලුමේ ඊට එහා ගියපු දෙයකුත් වෙනවා..ඒ තමා GK කියන මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ යටතේ තියෙන ගමක් බේරගන්න එක..මේක බැලුවට පස්සේ උසස් රසවින්දනයක් ගෙනල්ලා දෙයි ඔයාලට..නොනවත්වාම බලන්න පුළුවන් ෆිල්ම් එකක්…?

කොපිය ගැන..☺️

                       විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ මේ කොපිය ගැන..☺️මොකද මේකත් හොයාගත්තේ බොහොම අමාරුවෙන්..තියෙන හැම ටොරන්ට් සයිට් පීරලා පීරලා හෙව්වත් HDRip එකක් සෙට් වුනේම නෑ..තිබ්බේ DVDRip..ඒකට දීලා වැඩක් නැති හින්දා තමා HDRip එකක් කොහෙන්හරි හොයාගෙන තමා සබ් එක කරන්න හිතුවේ..අවසානේ එක ටොරන්ට් සයිට් එකකින් HDRip සෙට් වුනත් ඩවුන්ලෝඩ් කරන්න තරම් Seeds තිබ්බේ නෑ..ඒක හින්දා මම ඒක ඩිරෙක්ට් කරලා තමා ඩවුන්ලෝඩ් කළේ..ඒක හින්දා මේකට මට ටොරන්ට් ලින්ක් එකක් දෙන්න අමාරුයි..මම ඔයාලට මම ඩවුන්ලෝඩ් කරපු ඩිරෙක්ට් ලින්ක් එක දෙන්නම්…ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න…??

සියළුම HDRip හා 720p HDRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ.

පිටපතට අදාළ ඩිරෙක්ට් ලින්ක් එක උපසිරැසි ගොනුව තුල ඇති නෝට්පෑඩ් ගොනුව තුල ඇතුලත් වේ.

Spoiler Warning : A remote village of Pali is plagued by a mystery illness that starts to kill the villagers. The village priest predicts that their saviour will soon come down to rescue them…

7.6
IMDB

Year : 2010

Actors : mahesh babu, anushka shetty, prakash raj, brahmanandam

When a mysterious illness ravages a remote village, the villagers embrace a reluctant taxi driver as their savior.

2020-12-22 06:33 pm
Junior Subtitler

Movies

17

Tv Episodes

0

  • Download : 7187
  • File Size : 57.394KB
  • Sub Update :2021-01-08