Knightfall (2017) [S02 : E01] Sinhala Subtitle

Published March 31st, 2019 by

ඔන්න එහෙනම් හැමෝම මගබලාගෙන හිටපු KNIGHTFALL දෙවන කතාමාලාවේ පලවෙනි කොටසට අදාළ සිංහල උපසිරසත් අරගෙන ඔයගොල්ලො හමුවෙන්න ඉක්මනටම ආවා.කාලෙකින් උපසිරසක් කරන්න බැරි උන නිසා ගොඩක් අයට මාව නම් මතකවත් නැතුව ඇති කියල හිතනවා.අපේ නායකතුමාගේ ඉල්ලීම නිසාත් ලොසාකා සහෝදරයගෙ ඉල්ලීමත් නිසා තමයි KNIGHTFALL දෙවන කතාමාලාවට උපසිරසි කරන්න පෙළඹුණේ.

මේ කතාමාලාව පාදක කරගෙන තියෙන්නේ 14වෙනි ශතවර්ෂයේ හිටපු නයිට්වරුන් අවසන් කාලය ගැන.පලවෙනි කතාමාලාව බැලුවනම් මේ කතාමාලාවේ රඟේ තේරේවි. Action,Adventure,Drama ගණයට අයිති වෙන මේ කතාමලාවට imdb 6.6/10 අගයකුත් 95% ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා තියෙන්නෙ නිකන් නෙවේනෙ ඉතින්..

කලින් කතාමාලාවේ ප්‍රංශ රජුගේ හමුදාව සහ නයිට් ටෙම්ප්ලර්වරු අතර ඇතිවෙච්ච සටන කට්ටියට මතක ඇතිනේ.එහිදී පිලිප් රජු විසි තම බිරිඳ එහෙමත් නැත්තන් ජෝන් රැජිණට කඩුවෙන් ඇණ මරාදමනව.ඊට හේතුව තමයි මේ කතාවේ කතානායකයා එහෙමත් නැත්තන් ලැන්ඩ්රිත් සමඟ ජෝන් රැජිණ අසම්මත ප්‍රේමයක් ගෙන යාම….මේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහට ඇයට දරුවෙකු පිළිසිඳ ගන්නව.මේ ගැන කේන්තියෙන් පසුවෙන පිලිප් රජු කඩුවෙන් ඇණ ජෝන් රැජිණ මරාදනව.රැජිණ මියගියත් රැජිණට ලැබෙන්න ඉන්න දරුවාව බේරගන්න ලැන්ඩ්රි සමත්වෙනව.

කතාව පටන්ගන්නෙම බලන කෙනාට ලොකු කුතුහලයක් ලබාදෙමින්…..මොකද්ද මේ කුතුහලය??? මං නම් හිතුවෙම පොර මැරුණ කියල??කවුද මේ පොර????

කොහොම උනත් මේ කොටස නම් ලැන්ඩ්රිට සුබදායක කොටසක් නෙවේ.මොකද කිව්වොත් තමන් කරපු වරදට පව් කමාකරගන්න ඔහුට ඕන කරලා තියෙන නිසා ඔහු ටෙම්ප්ලර්වරුන්ගෙ පල්ලියට ගියත්.ඔහුව ඔවුන් පිළිගන්නේ නැතුව නෙරපාල දානවා.කොහොම උනත් ඔහුව ආපහු පල්ලියට බඳවාගත්තත් ඒ බඳවාගන්නෙ ටෙම්ප්ලර්කෙනෙක් විදිහටනම් නෙවේ.සාමාන්‍ය පුහුණුවෙන්නෙක් විදිහට. ඔහුට සිද්ධවෙන තාඩන පීඩන බලාගන්න පුළුවන් මේ කොටසින්..
තවත් අලුත් මුහුණු කීපයකුත් අපට බලාගන්න පුළුවන්. ප්‍රධාන මාස්ටර්,ගුරුතුමා වගේ අය තමයි අලුතෙන් එකතුවෙච්ච මුහුණු. කොහොම නමුත් මේ පුහුණුකරුවන් සහ ටෙම්ප්ලර්වරු එකතුවෙලා පිලිප් රජුට ලොකු පාඩුවක් සිද්ධ කරනව..මොකද්ද ඒ පාඩුව කියල දැනගන්න කතාව බලන්නම ඕන ඉතින්.. පිලිප් රජු කඩුවෙන් ඇණල ජෝන් රැජිණ මරාදම්මත් දරුවට මොකද උනේ???දරුවා බේරුනාද??? මැරුණද???? ග්වෙන්ට මොකද එතකොට උනේ???? තමන්ගේ මව මියගිහින් කියල දැනගත්ත ලුවී මොනවා කරයිද????? ඔන්න ඔය ප්‍රශ්ණවලට  උත්තර ඕන නම් ඉතින්…කතාව බලන්නම වෙනව.

විශේෂයෙන් මතක් කරන්න ඕන තාමත් මේ කතාමාලාවේ එක කොටසක්වත් නරඹපු නැති කෙනෙක්නම් දැන්ම අපේ subz.lk වෙබ්පළට ගොඩවෙලා ඒ අදාළ කොටසුත් රසවිඳින්න කියලා ඉල්ලනව. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ කොටසින් හමුවෙමු.

සැමදෙනාට ජය……..!!!!!!!!!! සතුට………….!!!!!!!!!!

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.6
55%
47%

Comments: 14

  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

    2019-03-31 at 8:43 pm
    Reply
  • kvm

    patta saho maga balan idiye tnx sub ekata

    2019-03-31 at 8:46 pm
    Reply
  • Mithun

    Hanna එකට සබ් කරන්නකො බ්‍රො .ප්‍රෙක්ෂක ප්‍රතිචාර 100/එක.

    2019-03-31 at 9:03 pm
    Reply
  • losaka

    නදීරයා පටිටයි මචෝ

    2019-03-31 at 10:42 pm
    Reply
  • pathirana

    thanks machan…. session 1 wage okkma danna

    2019-04-01 at 10:06 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-04-01 at 2:35 pm
    Reply
  • mayura lanka

    ammo enkan balagena hitiye. bohooma sthuthi sub ekata jayen jayama wewa….

    2019-04-02 at 1:20 pm
    Reply
  • mikey

    yalu mn adai me kathawa dena gatte. mn season 1 eke indala ada indan patan gannawa. oya digatama season 2 eka denna. mn passen ennam bro. elama. mn season 1 eke ewata nam comment dan ne hode. ewa download karanawa witrai. hee elama ehenam. oya season 2 episode 3 , 4 deddi mn ewit tiyei etanta. ehenam elama sub ekta thankyou

    2019-04-02 at 8:37 pm
    Reply
  • Ranga

    sub ekata thanks…. digatama karagena yamu mee series eka.

    2019-04-03 at 6:11 pm
    Reply
  • පසිදු සාරංග

    sub ekta thanks saho…

    2019-04-15 at 6:45 pm
    Reply
  • dilan

    Blacklist akata sub kramuda 😁

    2019-04-18 at 10:31 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2019-05-05 at 12:26 am
    Reply
  • Savindu Induvara

    Thank you

    2019-07-03 at 11:02 am
    Reply
  • LxmN

    ස්තූතියි…👍❤

    2019-08-21 at 7:55 pm
    Reply

Leave a Reply to dilan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip