Published
October 12th, 2020 by
Rasika Samanjith
“අපි ජුලීව බයකරමු”
මේ පාර අරගෙන ආවේ 2020 ඔක්තෝබර් 02 දින ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ තවත් නවතම චිත්‍රපටයකුයි. ඒ තමයි “Let’s Scare Julie”. මෙය Horror, Mystery, Thriller යන කාණ්ඩ වලට දාන්න පුලුවන්.
IMDb අගය නම් 2.9/10 වගේ පොඩි අගයක් ලබාගෙන තියෙන්නෙ. Google පරිශීලකයන්ගේ කැමැත්ත නම් 81% ක් ලබාගෙන තියෙනවා. ඒ නිසා Trailer එකත් බලලා ඔයාලම තීරණය කරලා බාගන්න. මොකද මේකෙ සටන් ගැටුම් නෑ. අද්භූත කතා වස්තුවක් තමයි තියෙන්නෙ. එමා කියන තරුණියගේ චරිත කේන්ද්‍ර කරලා ඇයගේ පැත්තෙන් පෙනෙන විදිහට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. එමා, ටේලර්, මැඩිසන්, ජෙස් සහ පේජ් යන උසස් පාසල් වයසේ දඟකාර තරුණියන් කීප දෙනෙක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. එක එක්කෙනාව බයකරලා විහිලු කරන එක තමයි එයාලගෙ ලොකුම විනෝදාංශය. ඒවත් බෙල්ල කඩලා යන විහිලු. එයාලා එක රාත්‍රියක ටේලර්ගෙ ගෙදරට එකතුවෙලා ඉන්නවා. ඊට අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් පදිංචියට ඇවිත් සිටින අතර ඒ පවුලේ ජුලී කියලා එයාලගෙ වයසෙම ගෑනු ළමයෙක් ඉන්නවා. රෑ ඒ ගෙදරට හොරෙන්ම ගිහින් ජුලීව බයකරන්න මෙයාලා සැලසුම් කරනවා. ඊට අකමැති වෙන එමා පමණක් ගෙදර නවතිනවා. ඒක කොහොමත් ඉස්සර ඉඳලම අමුතු අද්භූත සිදුවීම් ගැන කටකතා තිබුනු නිවසක්. ගිය අයගෙන් කීප දෙනෙක් ආපසු නොපැමිණීමත් සමඟම විහිලුව භීෂණයකට පෙරලීම තමයි කතා සාරාංශය.
එමා ලෙස Troy Leigh-Anna Johnson රංගනයේ යෙදෙන අතර ටේලර්, මැඩිසන්, ජෙස් සහ පේජ් ලෙස පිලිවෙලින් Isabel May, Odessa A’zion, Brooke Sorenson සහ Jessica Sarah Flaum රංගනයේ යෙදෙනවා. මේකට සබ් හදන්න හිතකවත් තිබ්බෙ නෑ. අලුත් ෆිලුමක් නිසා බලන්න ගත්තම සබ් එක හදන්න හිතුනා. චිත්‍රපටය බලන ගමන්මයි සබ හැදුවේ. තවත් සබකින් හමුවෙමු. ජය වේවා.
WEBRip / 720p / 1080p
Download Links:
Download Torrent 720P පිටපත 761 MB Download Torrent 1080P පිටපත 1.53 GB Download Direct 720P පිටපත 761 MB Download Direct 1080P පිටපත 1.53 GBRasika Samanjith
TV EPISODES :
0
MOVIES :
124
2.8
0%
0%
Comments: 4
Leave a Reply to Hashan Priyadarshana Cancel reply
Search
Login
Hashan Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. පුළුවන් නම මේ film ටිකෙන එකකට හෝ කීපෙකට සබ් දෙන්න :blush::blush:
* Archons (2020)
* The Curse of Audrey Earnshaw (2020)
* Broil (2020)
* Solum (2019)
* The Decline (2020)
* Hubie Halloween (2020)
* The Lie (2020)
* The Crimes That Bind (2020)
* The Voice (2010)
* The Little Apocalypse (2006)
* Ivy (2015)
* The Clinic (2010)
ජය වේවා.! :punch::punch:
Rasika Thushara Samanjith
Let’ see. Thanx for the comment.
ඉෂි ද සිල්වා
sub ekata thanx.
Rasika Thushara Samanjith
Thanx sister.