Look Away (2018) Sinhala Subtitle

/

කොහොමද යාලුවනේ ඉතින්. හැමෝම හොදින් ඇති කියල හිතනවා. ඔන්න තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා.. චිත්‍රපටයෙ නම Look Away. මේ චිත්‍රපටය 2018, ඒ කියන්නෙ මේ අවුරුද්දේ මේ මාසෙ ඇමරිකාවෙදි නිකුත් වූවක්. මේක අයිති වෙන්නෙ Psychological Thriller, Mystery ගනයට. මේ චිත්‍රපටයෙ IMDB අගය 6.7ක්. Google පරිශීලකයන්ගෙන් 89% ක මනාපෙකුත් මේකට ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Assaf Bernstein. ප්‍රධාන චරිතය වන මරියා විදියට Underworld: Awakening, Kite වගේ චිත්‍රපට වල රගපාපු India Joy සහ ඇයගේ මව ලෙස ඔස්කාර් සම්මානලාභී නිලි Mira Sorvino ද, මාරියාගේ පියා විදියට Black Hawk Down, A Cure For Wellness වගේම අපි කවුරුත් දන්න Harry Potter චිත්‍රපට මාලාවෙ ලූසියස් මැල්ෆෝයිගෙ චරිතයට රංගනයෙන් දායක වුනු Jason Isaacs ද එක් වෙනවා.

හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. අපි හැමෝම වගේ කන්නාඩියකින් එක පාරක් හරි මූන බලල තියෙනවානේ. හැමෝම අපිට හිනාවෙන වෙලාවක උනත් අපිත් එක්කම එකටම අඩන්නෙ කන්නාඩිය විතරයිනෙ. ඒත් හිතන්න යාලුවනේ ඔයා කන්නාඩියකින් ඔයා දිහාම බලනකොට ඔයා වගේම වෙන කෙනෙක් දැක්කොත්. ඔව් කොහොමත් එහෙමනෙ ඉතින් නේද? නෑ මං කියන්නෙ ඔයා නොවන ඔයාම දැක්කොත්. හරියට මා නොවන මා වගේ. ඒ ඡායාව ඔයාව පාලනය කරන්න ගත්තොත්, ඔයයි එයයි මාරු වුනොත් මොන වගේද. ඔව් මේ කතාවත් ඒ වගේ. මරියා කියන්නෙ පාසල් සිසුවියක්. ඒත් ඇය තරමක් අමුතු වගේම බයාදු, සමාජ ආශ්‍රයක්  නැති ගෑනු ලමයෙක්. නිතරම අනිත් අයගෙ උසුලු විසුලු, හිරිහැර වලට ලක් වෙනවා. ඇයගේ පියා වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්. ඒත් එක දවසක ඇයගෙ ජීවිතය වෙනස් වෙනවා.. ඒ වෙන කවුරුවත් නිසා නෙමේ එයා නිසාමයි. යාලුවෙක්ද එහෙම නැත්තම් හතුරෙක්ද කියල හිතාගන්න අමාරු කෙනෙකුත් ඇයට හමුවෙනවා. මේ හැම සිදුවීමක්ම අතරින් මේ කතාව ගලාගෙන යනවා. ඇත්තටම මේ ඇය නොවන ඇය කවුද? ඒක මවාගැනීමක්ද? නැත්තම් ඒ දේ ඇත්තද? මේ දේවල් දැනගන්නනම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා යාලුවනේ. ඒ වගේම මේ චිත්‍රපටයෙ අඩංගු ඇතැම් දර්ශන නිසා මේක පවුලේ සැමට එකට සිට නැරබිය නොහැකියි කියලත් කියන්න ඕන. එහෙනම් තවත් චිත්‍රපටයකින් ආයෙත් හමුවෙමු යාලුවනේ. බුදු සරනයි!

Maria is an alienated high school student whose life gets turned upside down when she switches places with her sinister mirror image.

6.7
IMDB

Year : 2017

Actors : Penelope Mitchell, India Eisley, Jason Isaacs

LOOK AWAY is a psychological thriller that tells the story of Maria, an alienated high-school student whose life is turned upside down when she switches places with her sinister mirror image.

2020-04-08 02:32 pm
Junior Subtitler

Movies

10

Tv Episodes

6

  • Download : 750
  • File Size : 27.336KB
  • Sub Update :2020-08-01
  • ishan Unregister User
    Android 8Chrome 69

    ela bro fatta…Good luck😇

    2018-10-21 at 6:16 am
  • rajitha Unregister User
    Windows 7Chrome 69

    Thanks machan……jayawewa…….!

    2018-10-21 at 6:36 am
  • Thisaru Niwantha Peeris User
    Android 8Chrome 69

    Elaaaa ela

    2018-10-21 at 7:43 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-21 at 11:40 am
  • Prabodha Madhusankha Unregister User
    Android 4.4Firefox 62

    Thank brothet sub ekata. Jaya Wewa….!

    2018-10-21 at 4:48 pm
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Elama bro. Digatama demu.

    2018-10-21 at 7:33 pm
  • isuru_6 User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!

    2018-10-22 at 3:04 pm
  • Pasindu Unregister User
    Android 6Chrome 66

    සුපිරි machan

    2018-10-23 at 11:18 am
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    2018-10-23 at 12:58 pm
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Thanks bro

    2018-10-24 at 6:57 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    ft tnx

    2018-10-26 at 3:47 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *