කොහොමද යාලුවනේ ඉතින්. හැමෝම හොදින් ඇති කියල හිතනවා. ඔන්න තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා.. චිත්‍රපටයෙ නම Look Away. මේ චිත්‍රපටය 2018, ඒ කියන්නෙ මේ අවුරුද්දේ මේ මාසෙ ඇමරිකාවෙදි නිකුත් වූවක්. මේක අයිති වෙන්නෙ Psychological Thriller, Mystery ගනයට. මේ චිත්‍රපටයෙ IMDB අගය 6.7ක්. Google පරිශීලකයන්ගෙන් 89% ක මනාපෙකුත් මේකට ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Assaf Bernstein. ප්‍රධාන චරිතය වන මරියා විදියට Underworld: Awakening, Kite වගේ චිත්‍රපට වල රගපාපු India Joy සහ ඇයගේ මව ලෙස ඔස්කාර් සම්මානලාභී නිලි Mira Sorvino ද, මාරියාගේ පියා විදියට Black Hawk Down, A Cure For Wellness වගේම අපි කවුරුත් දන්න Harry Potter චිත්‍රපට මාලාවෙ ලූසියස් මැල්ෆෝයිගෙ චරිතයට රංගනයෙන් දායක වුනු Jason Isaacs ද එක් වෙනවා.
හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. අපි හැමෝම වගේ කන්නාඩියකින් එක පාරක් හරි මූන බලල තියෙනවානේ. හැමෝම අපිට හිනාවෙන වෙලාවක උනත් අපිත් එක්කම එකටම අඩන්නෙ කන්නාඩිය විතරයිනෙ. ඒත් හිතන්න යාලුවනේ ඔයා කන්නාඩියකින් ඔයා දිහාම බලනකොට ඔයා වගේම වෙන කෙනෙක් දැක්කොත්. ඔව් කොහොමත් එහෙමනෙ ඉතින් නේද? නෑ මං කියන්නෙ ඔයා නොවන ඔයාම දැක්කොත්. හරියට මා නොවන මා වගේ. ඒ ඡායාව ඔයාව පාලනය කරන්න ගත්තොත්, ඔයයි එයයි මාරු වුනොත් මොන වගේද. ඔව් මේ කතාවත් ඒ වගේ. මරියා කියන්නෙ පාසල් සිසුවියක්. ඒත් ඇය තරමක් අමුතු වගේම බයාදු, සමාජ ආශ්‍රයක් නැති ගෑනු ලමයෙක්. නිතරම අනිත් අයගෙ උසුලු විසුලු, හිරිහැර වලට ලක් වෙනවා. ඇයගේ පියා වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්. ඒත් එක දවසක ඇයගෙ ජීවිතය වෙනස් වෙනවා.. ඒ වෙන කවුරුවත් නිසා නෙමේ එයා නිසාමයි. යාලුවෙක්ද එහෙම නැත්තම් හතුරෙක්ද කියල හිතාගන්න අමාරු කෙනෙකුත් ඇයට හමුවෙනවා. මේ හැම සිදුවීමක්ම අතරින් මේ කතාව ගලාගෙන යනවා. ඇත්තටම මේ ඇය නොවන ඇය කවුද? ඒක මවාගැනීමක්ද? නැත්තම් ඒ දේ ඇත්තද? මේ දේවල් දැනගන්නනම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා යාලුවනේ. ඒ වගේම මේ චිත්‍රපටයෙ අඩංගු ඇතැම් දර්ශන නිසා මේක පවුලේ සැමට එකට සිට නැරබිය නොහැකියි කියලත් කියන්න ඕන. එහෙනම් තවත් චිත්‍රපටයකින් ආයෙත් හමුවෙමු යාලුවනේ. බුදු සරනයි!
Maria is an alienated high school student whose life gets turned upside down when she switches places with her sinister mirror image.
Pasindu Dilshan
Comments: 12
Leave a Reply to Sajith Anthony Cancel reply
Search
Login
ishan
ela bro fatta…Good luck😇
rajitha
Thanks machan……jayawewa…….!
Thisaru Niwantha Peeris
Elaaaa ela
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!
Prabodha Madhusankha
Thank brothet sub ekata. Jaya Wewa….!
Sandun rps
Elama bro. Digatama demu.
isuru_6
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!
Pasindu
සුපිරි machan
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
Namal Ekanayake
Thanks bro
ushan
ft tnx
asitha
Ela saho thanks