Mientras duermes AKA Sleep Tight (2011) Sinhala Subtitle

Published November 24th, 2017 by

සුභ දවසක් වේවා හැමෝටම.අද මට ගොඩක් විශේෂ දවසක් මොකද කියනවනම් අද මගෙ 20 වෙනි උපන්දිනේ.තව Subz LK එකත් එක්ක එකතුවෙලා අවුරුද්දකුත් වෙනවා.ඒ වගේම තමා අද මම ගෙනාවෙ මගෙ පනස් වෙනි උපසිරැසිය.ඇත්තටම මේක සයිට් එකටත් විශේෂ දවසක් වෙනවා.මොකද මේ එයාලගෙ සාමාජිකයන්ගෙන් දෙවෙනි අර්ධ ශතකය දන්නවනේ.කලින් හසිත සහෝ කියලා එයා ලගදිම සයිට් එකේ එයාගෙ ශතකයත් සටහන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න ඔයවගේ කාරණා කිහිපයක් නිසාම අද මට විශේෂ දවසක් වෙනවා…

මෙතෙක් ආ ගමන්මග ගැන කතා කරනවනම්ම, ම 2016 නොවැම්බර් 20 වෙනිදා තමා මගෙ පලවෙනි උපසිරැසිය Subz LK ලට දෙන්නෙ ඒ මමයි මගෙ යාලුවෙකුයි කරපු Vixen – Season 02 එක්ක.ඇත්තටම මේකට සබ් කරත් දෙන්න සයිට් එකක් හිතාගන්න බැරිවුන.ඒ කාලෙ ඇත්තටම ආධුනිකයන්ට තැනක් දීපු සයිට් එකක් තමා Subz LK කියන්නෙ.මම මේක ගැන දැනගත්තෙ යාලුවෙක්ගෙන්ඔ.හොම ගිහින් මං සබ් එක යැව්වම මට පොඩි ප්‍රශ්නයකුත් ආවා.ඒ තමා මේ උපසිරැසියට තවත් කෙනෙක් සබ් කරල තිබුන එක, ඒත් ඇඩ්මින්ලා මගෙ උපසිරැසිය අයින් කලේ නෑ.එයාලා කලේ දෙන්නගෙම සබ් එක දැම්ම එකයි.ඒකට එයාලට මම තාමත් ස්තූතිවන්ත වෙනවා මොකද එදා එයාලා මගෙ සබ් එක නොදැම්මනම්, අද වෙනකොට මම උපසිරැසි නොකරන්නත් ඉඩ තිබුණා.පස්සෙ මම දැක්කම සයිට් එකේ දාලා තියෙනවා  ඇත්තටම ඒකෙන් දැනුන ආත්මතෘප්තිය කියාගන්න බෑ.ඒත් මගෙ පලවෙනි උපසිරසියට නම් එක කමෙන්‍ට් එකක්වත් ලැබුනෙ නෑ…

පස්සෙ මට කාලයක් යනකම් උපසිරැසියක් දෙන්න බැරිවුනා පෞද්ගලික  හේතු රැසකට හිරවෙලා ඉදපු නිසා.ඒත් මම ඒ මාස කිහිපයෙම උපසිරැසි භාගෙට කර කර හිටියත් එකක්වත් ඉවරයක් කරන්න උනේ නෑ.ඉතින් ඔයවගේ ලොකු කාලයකට පස්සෙ මම ආපහු එන්නෙ 2017 ජූලි මාසෙ Stallion of the Cimarron (2002) ෆිල්ම් එකත් එක්ක.ඉතින් ඒකට නම් මට ප්‍රතිචාර ටිකක් තිබුනා.මේ අතරතුර කාලය ගැන කියනවනම් මට මුලින්ම සමීපවුන ඇඩ්මින් මලයා තමා අපේ කවීශ සහෝදරයා ඉතින්එ.යා තමා මගෙ උපසිරැසි මුල ඉදලම පලකිරීම් කරගෙන ගියේ ඉතින් මොන වැඩේ තිබ්බත් අනිවා එයා ඒ දේ කලා.පස්සෙ හම්බවෙන්නෙ අපේ උපසිරැසි කණ්ඩායමේ සුමින්ද මලයව.එයානම් මට මිත්‍රයෙක්ට වඩා සහෝදරයෙක් තරමට සමීප උනා.මොකද කියනවනම් ඇත්තටම එයා මට පරණ වගේ අලුත් ෆිල්ම් ගැන එහෙමත් දැනුවත් කරනවා.ඒ වගේම එයානෙ අපේ දෙමල ෆිල්ම් පැත්ත කරගෙන යන්නෙත්.සුමින්ද කියන්නෙ ආශ්‍රය කරන්න හොද මිත්‍රයෙක්?.ඒ වගේම තමා එයා මාර්ගයෙනුයි මම අනිත් ඇඩ්මින් සහෝදරයන්ව හදුනගත්තෙ.ඉතින් මේ සයිට් එක ඇදගෙන යන සුපිරිම ඇඩ්මින්ලා ටිකක් තමා කවීශ, සමීර, දමිත්, පසිදු කියන්නෙ.ඇත්තටම එයාලට ස්තූතිවන්ත වෙන්න තමා ඔයාලා අපි මේ දාන උපසිරැසි එක තැනකින් මෙහෙම ගන්නෙත්.ඉතින් ඒ වගේම තමා හැමෝම දන්නවා මෙතන කිසිම ලාභ අපේක්ශාවක් නෑ කියලා…

“හැම උපසිරැසි කරුවෙකුගෙම සතුට රැදිලා තියෙන්නෙ එයාලාගෙ කාලය වැය කරලා කරන උපසිරැසියට ලැබෙන ප්‍රතිචාරවල විතරයි.”

ඉතින් ඒ වගේම නොවරදවා ප්‍රතිචාර දක්වන පිරිසක් දැනටමත් අපි එක්ක ඉන්නවා ඒ අයටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.

මම මෙතෙක් වෙනකම් උපසිරැසි රැගෙන ආව පිලිවෙල තමා මේ,

  1. Vixen Season 2 (2016)
  2. Spirit: Stallion of cimarron (2002)
  3. Revolt (2017)
  4. All is Lost (2013)
  5. Another Forever (2016)
  6. One Punch Man (2015) *[19 Episodes]
  7. Jackals (2017)
  8. The Atoning (2017)
  9. Annabelle: Creation (2017)
  10. Gantz: O (2016)
  11. Gantz (2010)
  12. Gantz: Perfect Answer (2011)
  13. War For The Planet Of The Apes (2017) *[Top Downloads]
  14. Amityville: The Awakening (2017)
  15. Absentia (2017) *[Still Subtitles For 9 Episodes]
  16. Beyond (2017) *[Subtitles for 5 Episodes]
  17. Singularity (2017)
  18. Pixar short Movie Collection (1956-2017)
  19. Straightheads aka Closure (2007)
  20. Sleep Tight (2011) *[50]

ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න.ඉතින් මම කරපු උපසිරැසි වලින් ගොඩක්ම සතුටුවුන නිර්මාණයක් තමා War  For The Planet Of The Apes උපසිරැසිය.මොකද ඒකට තමා මට වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුණේ.දන්නවනේ ඉතින් හැමෝම ඒකට මුලින්ම සබ් එක දුන්නෙත් අපෙන් කියලා.ඒවගේම මේ වෙනකොට ඒකට 24000+ Downloads තියෙනවා.ඇත්තටම ඒක ගැනනම් මම ගොඩක්ම සතුටුවෙනවා.ඉතින් මාස 4ක වගේ කාලයක් ඇතුලත 50 ගහන්න පුළුවන් වෙයි කියලනම් හිතුවෙ නෑ.ඒත් කොහොමහරි 50ට වෙනකම්ම ආවා.ඒ වගේම මගෙ උපසිරැසි අරන් ෆිල්ම් බලපු හැමෝටම ස්තූති වන්ත වෙනවා.තවත් කාලයකට මම නිහඩව ඉන්න සූදානමකුත් තියෙනවා.මොකද කියනවනම්, ඒකත් පෞද්ගලික හේතුවක්ම තමා.තේරෙනව ඇතිනේ හැමදේම මුලින් පිලිවෙලක් කරන් ඉන්න එපැයි කියලා…

Sleep Tight AKA Mientras duermes (2011) – තද නින්ද

හැමෝම කරන්නෙ 50, 100, 150 වගේ සබ් දෙද්දි අලුතින් ආපු ෆිල්ම් එකකට උපසිරැසි කරන එකනේ.ඒත් මම වෙනසකටත් එක්ක ස්පැනිශ් ෆිල්ම් එකක් ගේන්න හිතුවා.ඇත්තම කියනවනම් ස්පැනිශ් වල රසිකයෙක් වුනේ අපේ හසිත සහෝදරයා දාපු The Invisible Guest 2016 එක නිසයි.ඉතින් එහෙම පිස්සු වැටුන මම අන්තිමට නැවතුනේ IMDB අගයන්වලින් ඉහලම අගයන් ගත්ත ඔක්කොම ස්පැනිශ් ෆිල්ම් ටික බලලයි.ඉතින් තේරෙනවා ඇතිනේ ස්පැනිශ් ෆිල්ම් එකක තියෙන වෙනස.ඒ වගේම තමා අන්තර්ගතය ගැන එහෙමත් කියන්න වචන නෑ.ඒක නිසාම බලපු ෆිල්ම් වලින් ආස හිතුන එකක සබ් එකක් ගේන්නම හිතුවා.ඔයවිදිහට ආපු අදහස තමා අද වෙද්දි මෙහෙම ලැබිලා තියෙන්නෙ.ඇත්තටම කියනවනම් මම මේ සබ් එක හදලා සති 2කට වැඩී ඉතින් මට හිතුන මොහොතෙම සබ් එක ඉවරකලා ඒත් අන්තිමට දෙන්න උනේ අදයි…

මේක අයත් වෙන්නෙ Drama, Horror, Thriller ඝනයට.නිකුත් වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 14දිනයි.මිනිත්තු 102ක් පුරා දිවයන මෙම සිනමා සිත්තම IMDB අගය 7.2ක්ද, Rotten Tomatoes වල 93%ක ප්‍රතිශතයක්ද, Metacritic වල 70%ක ප්‍රතිශතයක්ද සටහන් කර තිබෙනවා.ඒ වගේම මේකට සම්මාන 9ක්ද නාමයෝජනාවීම් 23ක්ද, ලැබිලා තියෙනවා…

කතාව ගැන කියනවනම්,

කතා නායකා වෙන්නෙ සීසර්ඇ.ත්තටම මෙයා කුලී නිවාස සංකීර්ණයක් බලාකියාගන්න කෙනෙක්ඒ. වගේම එයා හිතාගෙන ඉන්නෙ එයා ඉපදිලා ඉන්නෙ සතුට කියන දේ නැති කාලකණ්ණියෙක් විදිහට කියලයි.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මෙයාගෙ මෙහෙයුම වෙන්නෙ එයාවටේ ඉන්න හැමෝගෙම සතුට උදුරගෙන නැති කරල දාන එකයි.ඒත් ක්ලාරා, එයත් මේ නිවසකම ජීවත් වෙන කෙනෙක්.එයා ටිකක් වෙනස්මො.කද සීසර් කොච්චර දේවල් කරත් ඒත් දේවල් තවත් අමාරු කරන එක තමා වෙන්නෙ.ඉතින් සීසර් හිතාගන්නවා ඇයව මානසිකව වට්ටන්න.ඒත් නොසිතූ ලෙස දේවල් වෙනස් වෙන්න ගන්නෙ ක්ලාරගෙ පෙම්වතා කතාවට අවතීර්ණ වීමත් සමගයි.ඉතින් මීටවඩා දෙයක් නම් මම කියන්න යන්නෑ.ලස්සන කතාවක් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලෙ හැමෝටමනම් බලන්න බැරි පොඩි කොටසක් තියේ??

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

 ෴එහෙනම් නැවත හමුවෙන තුරු සුභ ගමන් කියනගමන් මම නවතිනවා෴

සියළුම BluRay පිටපත් සඳහා

Spoiler Warning : César is the superintendent of an apartment building and keeps very close tabs on the tenants. He secretly enjoys inflicting pain on others, and the occupant of apartment 5B will be his new target…

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.2
0%
0%

Comments: 68

  • චමිදු

    ගුඩ් ජොබ් සහෝ..දිගටම කරගෙන යමු

    2017-11-25 at 3:57 am
    Reply
    • Pasindu Amarasinghe

      ස්තූතියි චමිදු සහෝ?

      2017-11-25 at 6:37 am
  • Suminda Lakshan

    අනේ මන්දා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා…?මුලින්ම ඔයාගේ විසිවෙනි උපන්දිනේට සුබ පතලා ඉන්නම්කෝ…?????සහෝගේ පලවෙනි උපසිරැසි කඩයිම අද පහු කලා…ඒකටත් සුබම සුබ පතනවා..මේ වගේම තව 100 150 200 වගේ කඩයිම් වලට ඉක්මනටම යන්න පුලුවන් වෙන්න කියලත් මම සහෝට ප්‍රාර්ථනා කරනවා…?? උපසිරැසිකරුවෙක් කඩයිමක් පහු කළොත් කරන්නේ අලුතෙන් එන ෆිල්ම්ස් වලට උපසිරැසියනේ…??වෙනසකටත් එක්ක මේ වගේ ස්පැනිශ් පරණ සුපිරි ෆිලුමකට සබ කරපු එක හොදයි සහෝ…??ඒවගේම මං ගැනත් මතක් කරපු ඔයාට ගොඩක් ස්තූතියි…??ඕන උදව්වක් ඉල්ලන්න..ඕනෙම උදව්වක් කරලා දෙන්නම්..??අනික ඔයත් මට ගොඩක් උදව් කරලා තියෙනවනේ…??මට ෆිල්ම් එකක් එහෙම හොයාගන්න ඕනේ වුනොත් ඉක්මනටම හොයලා දෙනවා…???එහෙනම් සහෝ මම ආයෙත් ඔයාගේ 50 උපසිරැසි කඩයිමට සුබ පතනවා..ඔබට ජය සහෝ…????????

    2017-11-25 at 5:54 am
    Reply
    • Pasindu Amarasinghe

      හම්මෝ ඒකනම් මොකද්ද?
      ගොඩක්ම ස්තූතියි සහෝදරයා ???

      2017-11-25 at 6:38 am
  • Rajitha

    Thanks bro…..digatama yamu…….jayawewa…..>>>>>!

    2017-11-25 at 6:26 am
    Reply
  • Đîåň

    මුලින්ම සුබ උපන්දිනයක් බ්‍රෝ ? ? ඊලඟට 50 වෙනි උපසිරසියට සුබ පතනවා මේවගේ සමජ සත්කාර ඉදිරියටත් කරන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ????

    2017-11-25 at 6:42 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි ඩිලාන්??

      2017-11-25 at 7:33 am
  • ලහිරු සඳරුවන්

    පුළුවන් ඉක්මනටම සයිට් එක පැත්තේ ආවේ අද විශේෂ දවසක් නිසා. ඇත්තටම අද සහෝට වගේම මටත් සතුටු දවසක්.
    මොකද කියනවානම් සහෝ අද සාර්ථකව පළවෙනි කඩයිම පහුකළා. ඊට කලින් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියළුම පැතුම් ඉටුවේවා!!! ඒවගේම සාර්ථකව පසු කරන්නාවූ පළවෙනි කඩයිමටත් හදවතින්ම සුබ පතනවා. මේ විදිහටම ඉදිරි කඩයිම් ටිකටත් ළඟාවෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    වෙනසකටත් එක්ක 50වෙනි උපසිරැසියට මේ වගේ ෆිලුමක් කරපු එක හොඳයි. කවුරුත් කරන්නේ මේ වගේ කඩයිමකදී අළුත් දෙයක් කරන එකනේ. සහෝ වෙනස්ම විදිහේ දෙයක් කරපු එකට ඇත්තටම සතුටුයි. මාත් මේ සයිට් එකේ ලාබාලම උපසිරැකරුවෙක්. හැමදාම කමෙන්ට් එකකින් හරි උදව් කරපු කෙනෙක් තමා සහෝ, ඔයා. ඉතින් මේ වගේ උපසිරැසිකරුවෙක්ට සුබපතන එකත් මහඟු දෙයක්. සහෝ මේ සයිට් එකේ හැමදාටම ඉන්න ඕන කෙනෙක්. අවසන් වතාවට මම ආයේ සැරයක් සහෝට මුළු හදවතින්ම සුබ පතනවා. ඕබේ සියළුම පැතුම් ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    (මම මේ කමෙන්ට් එක දැම්මේ මට හිතට දැනෙන විදිහට තමා. කමෙන්ට් එකේ යම් අඩුපාඩුවක් තිබ්බොත් දස දහස්වතාවක් සමාවෙන්න)

    2017-11-25 at 7:30 am
    Reply
    • Pasindu Amarasinghe

      හම්මො?? මොන අඩුපාඩුද සහෝදරයා ?
      මේකනම් ඉහටත් උඩින්
      ඇත්තටම මේකෙ හැම උපසිරැසි කරුවෙක්ම වටිනවා
      අපි කියලා වෙනසක් නෑ
      ඔයත් නොවරදවාම මට කමෙන්ට් එකක් දාන කෙනෙක්
      ඒක ගැන බොහොමත් ස්තූතියි ??
      ඔයාටත් කඩයිම් ඉක්මනින්ම පසු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..

      2017-11-25 at 7:36 am
  • ලහිරු සඳරුවන්

    සහෝ ඇත්තටම හොඳ කෙනෙක්. සහෝව මට අයියා කෙනෙක් වුනත්, සහෝ කියන නමින් කතා කළා කියලා අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා. මං මේ හිතට එන දේවල් තමා කමෙන්ට් එකකින් කියන්නේ. ඉතින් ආයේ සැරයක් අද වගේ සුවිශේෂී දිනයක ඔබට මුළු හදවතින්ම සුබපැතුම් එක්කරනවා. ඔබට බුදු සරණයි!!!

    2017-11-25 at 7:42 am
    Reply
    • Pasindu Amarasinghe

      මොන වෙනසක්ද…

      හැමෝම සහෝදරයොනේ..
      ඔබටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි..

      2017-11-25 at 8:01 am
  • Jeewantha Dilshan

    සුබ උපන් දිනයක් මචන්.ඒවගේම සුබ පැතුම් 50වෙනි උපසිරැසියට.මේවගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ආයෙත් හදවතින්ම සුබ පැතුම්.ජය වේවා.බුදු සරණයි!

    2017-11-25 at 7:50 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි ජීවන්ත ලොක්කා
      අනිවා අනිවා ඉස්සරහට යමු…

      2017-11-25 at 8:02 am
  • T-Media

    අළුත් පරණ කියල නෑ හොඳම දේ තෝරල උපසිරස කරණ එක ගොඩක් වටින දෙයක්. සියළු දෙනාගේම සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වැය කරාට බොහොම ස්තුතියි!. තව තවත් උපසිරස කිරීමට කාප වේලිව ලබේවායි මම ප්‍රාර්තනා කරණව. ඔබට ජය …………………………………………………………….. !

    2017-11-25 at 8:09 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත් ස්තූතියි ලක්මාල් සහෝදරයා??

      2017-11-25 at 9:18 am
    • Dulakshi Narmada

      ස්තූතියි සහෝදරයා.ඇත්තටම spanish fims වලට මාරම විදියට ඇබ්බැහි උනා මේක බලලා.මේකෙ තියන spanish ඔක්කොම බැලුවා.පුළුවන් නම් තව spanish movie රසිකයන් වෙනුවෙන් අලුත් spanish ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.ඔබට ජය

      2020-04-20 at 7:39 pm
  • සමීර ඉඳුනිල්

    පසිදු සහෝටනම් අද තමා දවස නේද… මුලින්ම කියන්නම් සුබම සුබම උපන්දිනයක්. දැන් විස්සයි නේද.. තව ටික කාලෙකින් කසාදයක් ඒමත් බදී නේද??
    උපන්දිනය දවසෙම 50නස් වෙනි උපසිරැසියත් දීලා… ඒකත් වෙබ් අඩවියට එකතු වෙලා අවුරුද්දක් පිරුණු දවසෙම. අද නම් ලොකු පාටියක් දාන්න ඕන දවසක්..?
    මෙච්චර කල් හිටියා වගේ… සහයෝගෙන් අපිත් එක්ක වැඩේ කරගෙන යන්න කියලා ඉල්ලීමකුත් කරන්න ඕන.. මොකද උපසිරැසි පල කිරීමෙදි යම් යම් ප්‍රමාද වීම් වෙනකොට අපෙ අතින්… දමලා ගහලා ගිය කෙනෙක් නෙවෙයි පසිදු සහෝ. ඒ දේම අගය කරන්න ඕන. ?
    අද සුවිශේෂ දවස සමරන ගමන්… 50ටත් සුබ පතන ගමන්.. 100, 150, 200 – 10000 වෙනකන්ම සබ් කොටන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද ආ මග කෙටියි. යා යුතු මග දුරයි? එහෙනම් ජය වේවා.. උපසිරැසියටත් ස්තූතියි?
    හසිතගෙන් පස්සෙ දෙවෙනි 50… ඒ ගැනත් මාරම සතුටක් තියෙන්නෙ..?

    2017-11-25 at 8:39 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහෝමත් ස්තූතියි සමීර?
      අනිවාර්යයෙන් යායුතු මග දුරයි?

      2017-11-25 at 9:19 am
  • Madusha

    නියමයි.සුබ උපන්දිනයක් වේවා කියනගමන්ම 50 වැනි උපසිරසියටත් සුබපතනවා
    සහෝට.බොහොම ස්තූතියි.උපසිරැසිකරනයේ දිගු ගමනක් යාමට අවශ්‍ය කාලය,
    දිරිය වැඩියෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා!

    2017-11-25 at 9:12 am
    Reply
    • Pasindu Amarasinghe

      හැමදාමත් මට කමෙන්ටුවකින් හරි සුභ පතන ඔබටත්
      බොහොමත් ස්තූතියි මදූශ

      2017-11-25 at 9:20 am
  • Mithun

    ඔක මන් ර හසිත කියල ස්පාඤ්ඤ උපසිරැසි කරුට කියන්නත් කියල පස්සෙ නොකිව්වා. මෙක සුපිරි එකක් වගේ කියල ගුගල් සර්ච් දෙද්දි මටත් හිතුන.මලාට හිතුවෙ නැ මෙවගෙ එකකට සබ් වැටෙයි කියල මට ටොරෙන්ට් එකක් සෙට් උනෙ නැ එදා හරිහමන් .දැම් නම් එකෙන්ම බානව. අර කලින් දුන්න එකක් බැවද කොහෙද සබ් එක දැකල. අසම ටයිප් .
    කොහොම උනත් ස්තුතියි සහෝදරයා සබ් එකට.
    Happ birthday එකකුත් වේවා එහෙනම් ජය❤️

    2017-11-25 at 9:55 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත් ස්තූතියි මිතුන් සහෝ??

      2017-11-25 at 10:37 am
  • KANTHA

    උපසිරසි ලබා දෙන ඔබට
    ……. මාගේ ප්‍රණාමය…..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    සුබ උපන්දිනයක් වේවා !.. 50 වැනි උපසිරසියටත් සුබපතනවා..!

    2017-11-25 at 11:08 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි කාන්ත සහෝදරයා

      2017-11-25 at 11:19 am
  • Prabath Ayesha

    Suba pathum mcn.meh karanne oyaka loku sewayak.oyath subzlk akatath godak thanq mcn me karana sewayata.

    2017-11-25 at 11:26 am
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

      2017-11-25 at 12:06 pm
  • Madusara Manawasinghe

    සුබ උපන්දිනයක් වගෙම ජිවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ පතනවා.
    ජයවේවා!

    2017-11-25 at 12:17 pm
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

      2017-11-25 at 1:24 pm
  • Sandun

    50 weni kadaimata suba pathum…. idiri katayuthu sarthaka wenna kiyala suba pathanawa…

    OBATA JAYA… …..

    2017-11-25 at 1:24 pm
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

      2017-11-25 at 1:25 pm
  • Amalka

    සුබ උපන්දිනයක් මචන් උඹේ උපන්දිනේට හරිනම් අපියි තෑගි දෙන්න ඕන ඒ වෙනුවට ඔයාම අපිට තෑග්ගක් ගෙනල්ලනෙ සබ් එකට තැන්ක්ස් බාගන බලමුකො
    ඒ වගේම 50වෙනි උපසිරැසියට සුබ පැතුම් ඔහොම්ම ඉදල 100ත් ගහමු
    ප්‍රතිචාරගැන හිතන්න එපා දිගටම සබ් දෙන්න අපි අතර ඉන්න ගොඩක් එව්න් ගන්න සබට කමෙන්ට් එකක් දාල යන්නත් ලෝබයි ඒත් ඒ ගැන හිතන්න් එපා ඒ මිනිස්සු ආතරම ඉන්නව පමාවෙලා හෝ ඇවිත් ස්තූතී කරල දිරිමත් කරන පිරිසක් එයාල දිගටම ඔයාලත් එක්ක ඉඳීයි එයාල වෙනුවෙන් දිගටම සබ් දෙමූ ? ??

    2017-11-25 at 4:22 pm
    Reply
    • Pasindu Amarasinghe

      අනිවාර්යයෙන් සහෝදරයා ??✌️
      බොහොමත්ම ස්තූතියි අමල්ක සහෝ

      2017-11-25 at 4:38 pm
  • Madura J. Kawshalya

    කවුද මේ පසිඳු අමරසිංහ කියන්නෙ …
    මේ ඇවිල්ලා බහු කාර්‍ය මැසිමක් …
    1)අලුතෙන් නිකුත් වෙන සිනමා පට , ටෙලි කතා මාලා නිකුත් වූ සැනින් ෆේස්බුක් හරහා ඩිරෙක්ට් ලින්ක් ලබා දෙන්නෙක් .
    2)තොරතුරු තාක්ෂණය පිලිබඳ අති සාර්ථක බ්ලොග් අඩවියක , යුටියුබ් චැනලයක හිමිකරුවෙක් ..
    3)අති සාර්ථක සිංහල උපසිරැසි කරුවෙක් ..
    4) etc..

    මම සරලව මෙහෙම කියන්නම් ..
    දැන් අවුරුදු 20ක් දඟකාර , හැඩකාර , දක්ශ තරුණයෙක් නෙ ..
    තමන්ගෙ 20 වෙනි උපන් දිනය මේ වගේ වෙනසකින් සමරන මේ වෙලාවෙ
    සාර්ථක , සතුටුදායක සුබම සුබ උපන් දිනයක් , සුබ අනාගතයක් වේවා ..
    .
    ඒ වගෙම අනිත් දේ , 50 වෙනි උපසිරැසිය , අර්ධ ශතකය වෙනුවෙන් උනුසුම් සුබ පැතුම් .
    .
    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
    .
    ජයවේවා ,,බුදු සරණයි ..දෙවි පිහිටයි …

    2017-11-25 at 4:43 pm
    Reply
    • Pasindu Amarasinghe

      මගෙ අම්ම්මෝ මොකද්ද මේ දෙවියනේ?
      මට පිරිතක් එක්කම සුභ පතලා ✌️
      බොහොමත්ම ස්තූතියි මධුර සහෝදරයා ?

      2017-11-26 at 6:45 am
  • Sanjeewa Priyadarshana

    මචන් සුභම සුභ උපන්දිනයක් වේවා!!! ඒ වගේම 50 වැනි උපසිරැසියටත් සුභ පතනවා බන්…සත 5 ක් වත් ගන්නේ නැතිව කාලය, ශ්‍රමය වැය කරලා උපසිරැසි හදන එක හැමෝටම බෑ බන්…ගොඩක් දෙනා දෙයක් කරන්නේ තමන්ට වාසියක් ලැබෙනව නම් විතරයි.ඒත් උඔ කරන දේට මුළු හදවතින්ම සුභ පතනවා බන්.ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්.

    2017-11-25 at 5:14 pm
    Reply
    • Pasindu Amarasinghe

      ඒක ඇත්ත සහෝදරයා?
      බොහොමත්ම ස්තූතියි

      2017-11-25 at 6:00 pm
  • hiran

    good luck brooo..digatama gema gahamu…100th adimu…subama suba anagathayak broo.tnx api wenuwen krna sewayata

    2017-11-25 at 5:27 pm
    Reply
    • Pasindu Amarasinghe

      අනිවාර්යයෙන්
      බොහොමත්ම ස්තූතියි හිරාන්

      2017-11-25 at 6:01 pm
  • Lakshan Sameera

    සුබ උපන්දිනක් වේවා පසිඳු සහෝ…ඔයාගේ 50 වෙනි උපසිරසියට පරක්කුවෙලා හරි හදවතින්ම
    සුබ පතනවා…තවත් මේ වගේ නිර්මාණයන් කරලා 100,200…විදියටඋපසිරසි කඩයිම් පසුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා….!

    2017-11-25 at 6:15 pm
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි ලක්ශාන්සහෝ?

      2017-11-25 at 6:39 pm
  • දමිත් ප්‍රියංකර

    මුලින්ම සුබ උපන්දිනයක් වේවා .. අනිවා මම කලින් දැනගෙන හිටියා .පසිදු සබ් 50 ක් ගහනවා කියලා ..2016 දී මට මතකයි ඔයාගේ Vixen සබ් එක ගැන කවිශ මට කිව්වා ..මම තමා කිව්වේ සබ් 2 කම දාන්න කියලා ..කලින් ඉදලාම වෙනස් විදියේ උපසිරැස් කරපු කෙනෙක් ..විශේෂයෙන් ජපන් කථා වලට …පසිදු ගැන විශේෂ යමක් කිව්වොත් හොද system analyst කෙනෙක් .සයිට් එකේ bug එකක් තිබුනොත් මුලින්ම මට නිව්ස් එක එන්නේ පසිදු ගෙන් .. ඒවගේම රසිකයන්ගෙන් මෙන්ම අනිත් උපසිරැසි කරුවන්ගේ ආදරයට පත් උන කෙනෙක් .. ඒවගේම මග නැවතිලා තිබුන Beyond කතා මාලාවත් ඉවර කිරීම පිලිබදවත් සතුට පල කරන්න ඕන ..හසිත වගේම පසිදු ත් මගේ පුද්ගලිකම ආසම උපසිරස් කරුවෙක් ඒ වෙනස් විදියේ උපසිරැස් කරන නිසා ..පල වෙනි උපසිරැසට කොමෙන්ට් ලැබුනේ නැහැ කිව්වට .. වෙන උපසිරැස් කරුවෙක් ගේ උපසිරැසට අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් කරනවාමයි ..(සුමින්ද මල්ලි වගේ )..මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබගේ 50 වෙනි උපසිරැසටත් ..ඒ වගේම සුබ උපන්දිනයක් !!! (මම එත් බැලුවා කවිශයයි සමිරයයි හොර ගල් අහුලද්දී ..මේකයි එතකොට ඒ විශේෂ දේ )…

    2017-11-25 at 6:47 pm
    Reply
    • Pasindu Amarasinghe

      හම්මෝ
      එදා ඒ කරපුදේට මම තාමත් ස්තූතියි කරනවා
      මොකද එදා එහෙම පටන්ගත්ත දේ තමා අද මේ තරමක් දුර එන්න ශක්තිය උනේ….
      බොහොමත්ම ස්තූතියි දමිත් සහෝ
      ඔයා සයිට් එකට අලුත් ලුක් එකකුත් දීලා තියෙනවා කියලත් පේනවා….

      2017-11-26 at 6:48 am
  • Manoj Sachintha

    පනස්වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ!
    මේ වගේ ඉක්මනට 100ත් ගහමු…
    ඒ වගේම සුබ උපන්දිනක් මචං…
    ජය වේවා!

    2017-11-25 at 8:31 pm
    Reply
    • Pasindu Amarasinghe

      අනිවාර්යයෙන් මනෝජ්
      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

      2017-11-26 at 6:49 am
  • ලහිරු සඳරුවන්

    සහෝගේ පළවෙනි උපසිරැසියට කිසිම කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණේ නෑනේ.
    මමත් ඒ ගැන දැනගත්තේ සහෝ මේ ලිපියෙන් කිව්ව හින්දයි. හැබැයි ඩවුන්ලෝඩ් කරගත්ත අය 100 පන්නලා ඉන්නවා.
    ඔන්න එහෙනම් මම ඒ අඩුපාඩුව මැකෙන්න කියලා හිතන් ඒ උපසිරැසියට කමෙන්ට් එකක් දැම්මා. දැන් සම්පූර්ණයි.

    2017-11-25 at 9:39 pm
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි ඒකට ලහිරු

      2017-11-26 at 6:50 am
  • Hasitha Prasad

    25 වෙනිදා විශේෂ වෙන හේතුව ඇහුවම ? කිව්වෙම නෑ නේද? මමත්
    එක එක හේතු හිතාගෙන හිටියට අද පසිඳුගෙ උපන්දිනය වෙන්න ඇති කියල නිකමටවත් හිතුණෙ නෑනෙ. ???ඉතින් ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා, පසිඳු. ඒ වගේම Subzlk අඩවියේ උපසිරැසි අර්ධ ශතකයේ ? කඩයිමට ලඟාවූ දෙවෙනි උපසිරැසිකරුවා වීම වෙනුවෙනුත් මගේ උණුසුම් සුභ පැතුම්. මුලින්ම උපසිරැසි අර්ධ ශතකය සම්පූර්ණ කලේ මමයි කිව්වට ඒකට හේතුව අඩවියට සම්බන්ධ වෙන්න කලින් මම මාස ගාණක් තිස්සෙ කල උපසිරැසි එකතුවක් මං ලඟ තිබීමයි. ඒ සියල්ල එකවිට පළකිරීම නිසා මට උපසිරැසි 50 කඩයිමට ලඟාවෙන්න ඕනවුණේ උපසිරැසි 20 ක වගේ ප්‍රමාණයක් විතරයි. එහෙම බැලුවම උපසිරැසිකරණය අතින් පසිඳු මට වඩා ගොඩක් වේගවත් වගේම සාර්ථකයි. උපසිරැසිකරණය කියන්නෙ කාලය ශ්‍රමය කැපකරමින් කෙරෙන සෑහෙන වෙහෙසකාරී අසීරු ගමන් මගක්?, ඒ වගේ අසීරු ගමන් මගක මේ වගේ අති සාර්ථක ගමනක් එන්න ලොකු කැපවීමක් වගේම උනන්දුවක් ? අවශ්‍යයි, පසිඳු කියන්නෙ ඒ සියල්ලගෙන්ම සම්පූර්ණ වුණ කෙනෙක් බව උපසිරැසි අර්ධ ශතකය කරා ලඟාවීමෙන් අද ඔහු ඔප්පු කරල තියනවා. දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ල වගේම පසිඳු කියන්නෙත් මගේ උපසිරැසි වැඩකටයුතුවලට සෑහෙන්න උදවු කල වගේම අදටත් කරන කෙනෙක්. සමහරවෙලාවට ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න නැති ? වෙලාවට ඒව සොයා දීම, චිත්‍රපටවල අලුත් පිටපත් එනකොටම ඉක්මනින්ම දැනුම් දීම වගේ මිල කරන්න බැරි උදවු පසිඳු කරන්නෙ ස්වේච්ජාවෙන්මයි. ඒ සියල්ලක්ම වෙනුවෙන් ස්තූති කරන්නත් ? ? මම මේක අවස්ථාවක් කරගන්නවා.
    ඒ වගේම 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් ස්පාඤ්ඤ චිත්‍රපටයක් තෝරගැනීම ? ගැනත් ගොඩක් සතුටුයි . ඇත්තටම කිව්වොත් මාත් මේ චිත්‍රපටය බලල නෑ. ස්පැනිෂ්නං ඉතින් ආයි බල බල ඉන්න දෙයක් නෑ අදම ඩවුන්ලෝඩ් වෙන්න දාන්න ඕනෙ.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ අන් අය වෙනුවෙන් තම කාලය ? ? ? ධනය ශ්‍රමය කැපකරමින් ,කිසිදු ලාබ ප්‍රයෝජනයක්ද නොලබා කරන මේ කර්තව්‍යය අර්ධ ශතකයෙන් නොනැවතී ශතකයත් ද්විත්ව ශතකයත් පසුකරමින් ඉදිරියටම➡️➡️➡️ කරගෙන යන්නට පසිඳු මල්ලිට ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලයි.
    ?? ☸️ ✝️ ☪️ ?

    P.S:-
    මීලඟට අර්ධ ශතක ආසන්නයේ ඉන්න අයත් ඉක්මන් කරල අර්ධශතකලාභී ? ලැයිස්තුවට එක්වෙමු.

    2017-11-25 at 11:23 pm
    Reply
    • Pasindu Amarasinghe

      ඇත්තම කියනවනම් සමාවෙන්න ඕනි මොකද මට ඔයාගෙ 50දි සයිට් එක පැත්තෙ එන්නවත් බැරි කාලයක ඉදියේ.
      ඒක නිසා ශතකය ඉක්මනින්ම ගහන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      ඒ වගේම තමා හසිත සහෝ උපසිරැසි දීපු හැම ෆිල්ම් එකක්ම මම බැලුවා..
      කියන්න තියෙන්නෙ ඔයා උපසිරැසි කරණයේ
      විශිෂ්ට යෙක් කියලයි.
      ඒ වගේම තමා මගෙ උපන්දිනයට සුභ පැතුවට බොහොමත්ම ස්තූතියි ??

      2017-11-26 at 6:56 am
  • Sudesh

    Niyamayi bro.. Ikmanatama 100 kadaimatath yanna lebenna kiyala wish karanawa…

    2017-11-26 at 8:21 am
    Reply
    • Pasindu Amarasinghe

      බබොහොමත්ම ස්තූතියි සසහෝදරයා

      2017-11-26 at 10:31 am
  • Siraj Priyantha Fernando

    නියමයි නියමයි පසිදු සහෝ.
    මුලින්ම 20 වෙනි උපන් දිනයට “”සුබම සුබ උපන්දිනයක් වේවා!” කියලා සුබ පතමී….
    ඒ වගේම 50 වෙනි උපසිරැසි නිර්මාණයටත් හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් සහෝ.
    සහෝගේ සබ් වලට මම කැමති උනේ ඇත්තටම ඇබ්සෙන්ටිආ කතා මාළාව නිසා තමා.
    ඊට කලින් මම සහෝගේ සබ් එක්ක ෆිල්ම් කතා බලලා තිබ්බේ නෑ.
    නමුත් හොද හැටි අදුරගෙන හිටියා. මොකද කිව්වොත් සහෝ අලුතින් නිකුත් වුණු ෆිල්ම් සහා ටීවී එපිසෝඩ් වලට ඉක්මනින් ලින්ක් දෙන නිසාත්, සහෝට මම සමහර අවස්ථා වලදී වද දිදී අරකේ ඩිරෙක්ට් ලින්ක් හදලා දෙන්න කිය කිය වද දෙන නිසාත්. ඒ කරදර කිරීම් වලට මම මෙතනදී සමාව ඉල්ලා සිටිමි සහෝ.

    තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් කරගෙන යන්නා වූ මේ කාර්‍යයන් සියල්ලටම හද පිරි ස්තූතිය පුද කරමී.
    ඒ වගේම තවත් පුළුවන් කාලයක් මෙය කරන් යන්නට අවැසි ශක්තිය ලැබේවා කියලා පතමි.!
    එහෙනම් ජයෙන් ජයම වේවා පසිදු සහෝ!!!!!
    ((එහෙනම් වෙනසකටත් එක්ක මාගේ පලමු ස්පැනිශ් චිත්‍රපට අත්දැකීම මෙය වේවී, ස්තූතියි!)

    2017-11-26 at 4:31 pm
    Reply
    • Pasindu Amarasinghe

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

      2017-11-26 at 4:50 pm
  • asitha

    meka Twisted Thrill film ekak saho
    elama saho thanks

    2017-11-26 at 5:11 pm
    Reply
    • Pasindu Amarasinghe

      ඔව් ඔව්…
      ඒකම තමා දෙන්නත් හේතුව…

      2017-11-26 at 6:57 pm
  • dil

    ස්තූතියි සහෝදරයා.පුලුවන් නම් the body (2012) කියන ෆිල්ම් එකටත් සබ් එක දෙන්න .ඒකත් මේ වගේම නියම ෆිල්ම් එකක්.

    2017-11-30 at 4:28 am
    Reply
  • pasindu

    niyamai saho digatama sub denna

    2017-12-02 at 6:54 am
    Reply
  • Gayan De Vas

    Thanks bro. Really appreciate your kind help as a video shop owner. keep up the good work, Thanks again….

    2017-12-03 at 10:49 pm
    Reply
  • Pasindu

    Tns machan sub akata

    2017-12-04 at 1:12 pm
    Reply
  • sam fisher

    ද‍ෙවල් ද‍ෙකතුනක්ම එකතුකරල පනහ ගහල තිය‍ෙන්න‍ෙ හරියට හය‍ෙ පාරකින්ම 50ය ගහනව වග‍ෙන‍ෙ පට්ට ඇ සමාව‍ෙන්න ඔන පරක්කු උනාට සුබපතන්න එවුනත් හැපිබත්ඩ‍ෙ ඇ.

    2017-12-11 at 6:27 pm
    Reply
  • sam fisher

    සුමිත් කියලතියනව වග‍ෙ දැන ස්පැනිෂ් හරි කමන්නැ ස‍ෙන්ය‍ොරිටාක‍ෙන‍ෙක් හ‍ොයාගත්තනම් හරි(දැනටම ඉන්නවනම් එපා ඇ අපි නැ ඔවට අම්බ‍ෙ ?)තාම 20යින‍ෙ සබ් කරන්න තරම් ඉංගිරිසි දන්නව කියන්න‍ෙ හ‍ොද ඉගනගත්ත ක‍ොල්ල‍ෙක් න‍ෙ.

    2017-12-11 at 6:28 pm
    Reply
  • sam fisher

    අපිටනම් ඔය වයස‍ෙදි has been have been කිව්වම අපිව mr බින් ව‍ෙනව?.එක නිසා හ‍ොදට ඉගන ගන්න කියල අපි ඔයාව සතුටු සිතින් වශාම යවනව(එහ‍ෙම කිව්වට සබ් එකක් ද‍ෙකක් ඔනි ඇ)සුබ අනාගතයක්(මහින්ද ද‍ෙනවකිව්ව එකන‍ෙම‍ෙ හ‍ොද‍ෙ ඔරිඡිනල්ම එකක්?).

    2017-12-11 at 6:29 pm
    Reply
  • Nuwani

    Thank you very much dear Friend. Wish you all the best and we always thankful to you for your work. Please keep up the good work. Bless full future.

    2017-12-14 at 8:29 am
    Reply
  • sanjeewa

    Congtzzzzzzzzzzzzzzzz

    2018-01-04 at 10:27 pm
    Reply
  • a r perera kalutara bombuwela

    kollo the blue plenaet tv seris 1 ta sub tika deepan pute ahankara suite valin denne na onna mama comment kala me vidiyatakommet nokeruvata api bala innva ok

    2018-04-19 at 3:10 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    samaawenna pasindu ayiyaa,oyaage 50 weni upasirasiyata suba pathanna bari wunaata,e kaale mama me site eka gan dan gena hitiye nah itin thwa thawath kadayim pasu karalaa thaa thawath upasirasi denn shakthiya labewaa! kiylaa pthanwaa.☺

    2018-09-03 at 12:18 pm
    Reply
  • chathuka

    sub ekt ptt tnx…

    2021-12-26 at 5:09 am
    Reply
  • Akila Dilhara

    Thanks Brother…🔥

    2023-12-15 at 11:55 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip