Mile 22 (2018) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් රෝලන්ඩ් සහ ලී කාපෙන්ටර්ගෙන්, තිරරචනයත් ලී ගේමයි. රංගනයෙන් දායක වෙන පිරිස මෙහෙමයි. මාක් වොල්බර්ග් (ජේම්ස් ‘ජිමී’ සිල්වා), ලෝරන් කොහන් (ඇලිස්), The Raid:Redemption (2011) චිත්‍රපටයෙන් අපි හැමෝගෙම මතකයේ රැඳුණ ඉන්දුනීසියානු නළු ඉකෝ උවෙයිස් (ලී නූර්), ජෝන් මැල්කොවිච් (බිෂොප්), රොන්ඩා රොසි (සෑම්), කාලෝ ඇල්බන් (විලියම් ‘ඩගී’ ඩග්ලස්), සෑම් මෙදීනා (ඇක්සෙල්), පූර්නා ජගනාතන් (බ්‍රේඩි), ජෙනික් හෙන්ඩ්‍රික්ස් (kනයිට්), කීත් ආතර් බෝල්ඩන් (කිං) ඇතුළු පිරිසක්. ලබා ඇති IMDB අගය 6.1ක්. Rotten Tomatoes අගය 24%ක්, ගූගල් පරිශීලකයන් 84%කගේ ප්‍රසාදයත් ලබා තිබෙනවා ඊට අමතරව. මේ වගේ අඩු අගයක් ලබන්න හේතුව මම හිතන්නෙ චරිත ගොඩනැගීම පැත්තෙන් අසාර්ථකවීම වෙන්න ඇති. මෙය චිත්‍රපට මාලාවක් කිරීමේ අදහසක් ඇති බව මෙහි නිර්මාණ-කරුවන් ප්‍රකාශ කරලත් තියනවා. ඒ අතින් ගත්තම මෙහි චරිත මීට වඩා සාර්ථකව අපිට අඳුන්වා දෙන්න තිබුණ කියල මටත් හිතෙනවා. තව මේකෙ කැමරා කෝණ එහෙමත් ඉතාම වේගයෙන් මාරු වෙනවා වෙලාවකට ඇහැට වදයක් තරමටම. දෙබස් වුණත් එහෙමයි ඉතාම වේගවත්. විශේෂයෙන්ම මාක් වොල්බග්ගෙ දෙබස්. හැබැයි ක්‍රියාදාම අතින්නම් කිසිම අඩුපාඩුවක් නෑ. විශේෂයෙන්ම ඉකෝ උවෙයිස්ගේ සටන් දර්ශන එහෙම හොඳටම කරල තියනවා. ඒ වගේම කියන්න ඕනෙ මෙහි චිත්‍රපටයේ කතාව ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ ඉන්දුනීසියාවේ සිදුවීම් මාලාවක් වටා. හැබැයි ඊට අදාල සියලු රූගත කිරීම් කරල තියෙන්නෙ කොලොම්බියාවේදී. ඒ වුණත් තමන් මේ දකින්නෙකොලොම්බියාව බව ප්‍රේක්ෂකයාට නොදන්වන්නට නිර්මාණකරුවන් ඉතා සාර්ථක ලෙස සමත්ව තිබෙනවා කීප තැනකදී හැරුණවිට. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට. ආ…නරඹද්දි මතක තියාගන්න මේකෙ දෙබස්වලදි “අම්මා” කියල පාවිච්චි වෙන්නෙ මෙහි එන ඕවවොච් කණ්ඩායමේ කේත නාමය. මම ඒක Mother විදියටම නොතියා අම්මා විදියට පරිවර්තන කරල දැම්මෙ හේතුවක් ඇතිව. නරඹද්දි ඕගොල්ලන්ට තේරෙයි. දැන් යමු අපි කතාව පැත්තට.

ජේම්ස් සිල්වා, ඔහු විශේෂ මෙහෙයුම් නිලධාරියෙක්. සේවය කරන්නෙ ඉන්දුනීසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට අනුයුක්තව. ඔහු තමන් වැනිම තවත් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙක්. තම කණ්ඩායමේ සාමාජිකාවක්ට ලැබෙන ඔත්තුවක් අනුව, සොරකම් කරන ලද සීසියම්-139 නම්වූ විකිරණශීලි රසායන බෝම්බ අමුද්‍රව්‍යයක් සොයායාමේ මෙහෙයුමකදී ඔවුන් අසාර්ථක වෙනව. අ…දැනට අපි එහෙම කියමුකො. මෙයින් කුපිත වෙන ජේම්ස් සිල්වා මේ ඔත්තුකරු කවුද  කියල හොයද්දි, මේ සාමාජිකාව ඔහුට කියනවා ඔත්තුකරු ලී නූර් නම් ඉන්දුනීසියානු පොලිස් විශේෂ බළකා සෙබළෙක් බව. මේ අතරවාරෙයි ඔහු ඇමරිකානු තානාපති කාර්යාලයට එන්නෙ. ඔහු කියනවා තමන්ට ඇමරිකාවේ දේශපාලන රැකවරණ අවශ්‍ය බවත්, එසේ කලහොත් සීසියම් ඇති ස්ථාන නිවැරදිවම ඔවුන්ට දන්වන බවත්. නමුත් මේ අතරවාරෙමයි ඉන්දුනීසියානු රජයත් මේ විශේෂ බළකා සෙබලා පසුපස එලවන්න ගන්නෙ. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. ජේම්ස් සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඕවවොච් නම් ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායමක සහය මධ්‍යයේ, තමන්ට ආගන්තුක විදෙස් රටක් තුල යන, සැතපුම් 22ක අවධානම් ගමන නරඹන්න ඔබට ආරාධනා කරමින් මම මෙතනින් නවතින්නම්. හමුවෙමු අපි තවත් චිත්‍රපටයක උපසිරැසි සමග ලඟදීම!

  • උපසිරැසි ගොණුව තුල ‍WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වය සඳහාම උපසිරැසි අඩංගුය. ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපත සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY පිටපත සඳහා වේ.

CIA operative James Silva leads a small but lethal paramilitary team on an urgent and dangerous mission. They must transport a foreign intelligence asset from an American embassy in Southeast Asia to an airfield for extraction — a distance of 22 miles. Silva and the soldiers soon find themselves in a race against time as the city’s military, police and street gangs close in to reclaim the asset.

6.1
IMDB

Year : 2018

Actors : Mark Wahlberg, Lauren Cohan, Iko Uwais, John Malkovich

An elite American intelligence officer, aided by a top-secret tactical command unit, tries to smuggle a mysterious police officer with sensitive information out of the country.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 14714
  • File Size : 77.781KB
  • Sub Update :2020-12-31
  • Prabodha Madhusankha Unregister User
    Android 4.4Firefox 62

    Godak sththuthi brother sub ekataaa. Jaya wewa…

    2018-11-01 at 10:29 pm
  • Mithun Unregister User
    Android 8Chrome 69

    Patta ,supiri😍 Thanks sabtitel ekata….

    2018-11-01 at 11:18 pm
  • losaka Unregister User
    Windows 10Chrome 70

    නියමයි සහෝ thank u👍

    2018-11-02 at 6:14 am
  • wimu Unregister User
    Windows 7Chrome 70

    niyamai machoo.fattaaaa.thank you

    2018-11-02 at 7:22 am
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ!

    2018-11-02 at 7:43 am
  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-02 at 9:02 am
  • chandi Unregister User
    Windows 8.1Chrome 70

    patta saho thanks

    2018-11-02 at 3:18 pm
  • දමිත් Unregister User
    Windows 8Chrome 70

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය.

    2018-11-02 at 5:09 pm
  • Gayan krishantha Unregister User
    Windows 7Opera 55

    Thanks Brother

    2018-11-02 at 6:16 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 70

    Pattaaaaaaaaaaa

    2018-11-02 at 6:24 pm
  • Benten Unregister User
    Windows 10Firefox 63

    පට්ටයි මචෝ..මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජය..

    2018-11-02 at 7:27 pm
  • Captan America User
    Windows 7Chrome 70

    thankss machan

    2018-11-02 at 8:33 pm
  • Leo Praba Unregister User
    Windows 10Chrome 70

    U Are the first in every time,Gr8 keep it up…!!

    2018-11-03 at 8:53 am
  • Nuwan Janith Weerasinghe Unregister User
    Android 8Chrome 69

    thanx very much

    2018-11-04 at 9:20 am
  • Mithun Unregister User
    Android 8Chrome 69

    Onna Mile baluwa..supiri😍

    2018-11-04 at 5:50 pm
    • shashika Unregister User
      Windows 8.1Chrome 70

      patta bro thankz sub ekata

      2018-11-04 at 8:26 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-11-05 at 6:56 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-06 at 10:10 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

    2018-11-07 at 9:54 am
  • Chamilka Maduwantha New Subtitler
    Android 5Chrome 63

    Well done keep it up broo

    2018-11-08 at 12:45 pm
  • sanj Unregister User
    Android 6Chrome 67

    ko bn film eka

    2018-11-10 at 9:21 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 56

      ලින්ක් ඩෙඩ් වෙලා තිබුණෙ, ඔන්න අප්ඩේට් කලා. ක්ලවුඩ් අප්ලෝඩ් කරපුව වැඩිකල් තියෙන්නෙ නෑනෙ කොපිරයිට් කේස් එන නිසා අයින් කරනව.

      2018-11-10 at 2:37 pm
  • Mithun Unregister User
    Android 8Chrome 69

    BluRay Awaa.updated ekak danna…nawata parak tv ekama balanna.ona.. meka aru mara gamak ne dila yanna… 😊

    2018-11-14 at 8:39 am
  • indika Unregister User
    Windows 7Chrome 70

    Thank you

    2018-11-17 at 7:32 am
  • Navod tharidu Unregister User
    Android 7Samsung Browser 7.4

    Ptta sho gdk thnkz sub akata

    2018-11-27 at 8:22 pm
  • Dimuthu Unregister User
    Android 4.4Chrome 70

    Thnkz brother❤

    2018-11-28 at 10:52 pm
  • Shehan Unregister User
    Android 5.1Chrome 71

    නියමයි…. අපී ඉන්නවා ඔබලත් එක්ක.
    තව පොඩ්ඩක් උත්සහ කලොත් No 1 වෙන්න බැරිකමක් නෑ. Good luck……..

    2019-01-27 at 1:59 pm
  • thanks sub ekata ayiye.

    2020-04-22 at 1:30 pm
  • Lakshansilva18 Unregister User
    Android 5.1Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    In the name of the father (1993) sub dennako

    2020-05-05 at 4:00 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *