Mirzya (2016) Sinhala Subtitle

Published March 11th, 2017 by

ඔන්න මේ චිත්‍රපටය අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක්.ඉතින් මුලින්ම ඒගොල්ලන්ට ස්තූති කරනවා මට මේ චිත්‍රපටය බාරදුන්නට.බාරගත්තට ඒවෙනකොට මේකට එකම ඉංග්‍රීසි උපසිරසියක්වත් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම ටයිම් ලයිනුත් හදාගෙනමයි උපසිරසිය හදන්න වුණේ.ඒ නිසයි දවස් කීපයක් ගතවුණේ.හරි ඒ කතා ඇති දැන් මං මේ මිර්සයා චිත්‍රපටයෙ වගතුග පොඩ්ඩක් කියන්නම්…

මේකෙ නම මිර්සයා වුනාට හරි නම මිර්සා කියලයි ඉන්දියානුවො කියන්නෙ, මිර්සයා කියන්නෙ ඒකඋච්චාරණය කරන ආකාරයලු.මේක පුරාණ ඉන්දියාවේ විසූ මිර්සා- සහිබාන් නම්වූ පෙම් යුවලගේ ඛේදනීය ප්‍රේමවෘතාන්තය පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්.මේ පෙම්පුවත ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජනප්‍රියම පෙම්පුවත් හතරෙන් එකක්ලු.මේ චිත්‍රපටය නිමවෙන්නේ ඔවුන් වර්තමානයේ  යලිත්  ඉපිද  මේ ආත්මයේදීත් පෙර භවයන්වල ලෙසම ප්‍රේමයෙන් බැඳෙන ආකාරයටයි.පුරාණ කතාවත් සමගින් තමයි  මේ වර්තමාන කතාවත්  ගලාගෙන යන්නේ.මගේ අදහස මේකට විලියම් ශේක්ස්පියර්ගෙ රෝමියෝ -ජුලියට්හි ආභාෂයත්ටිකක් අරගෙන තියනවා වගේම මේක බැලුවම ලංකාවේ ජනප්‍රියම වේදිකා නාට්‍යයකුත් ඕගොල්ලන්ට මතක් වෙයි.

මේ චිත්‍රපටයට IMDB වලින්නම්  4.6ක වගේ සාමාන්‍ය අගයක් තමයි ලැබිල තියෙන්නෙ.ඒ වුණාට Rotten Tomatos අඩවියෙන් 100% ඉහළ අගයක් ලබාගන්න මිර්සයා සමත් වෙනවා. සම්මාන පැත්තෙන් ගත්තොත්   2017  ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම තනු නිර්මාණයට හිමි සම්මානවලට නිර්දේශ වුණා. ස්ක්‍රීන් වීක්ලි උළෙලේදී  මෙහි මිර්සාගේ සහ මොනීෂ්ගේ  චරිතයට පණපෙවූ  හර්ෂ්වර්ධන් කපූර් (අනිල් කපූර්ගේ පුතා සහ සෝනම් කපූර්ගේ බාල සොහොයුරා) හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය ලබාගත්තා.මේ ඔහුගේ ප්‍රථම සිනමා ආගමනය. 2017 ස්ටාඩස්ට් සම්මාන උළෙලේදී තවත් සම්මාන 3කට නිර්දේශ වී එයින් දෙකක් ලබාගත්තා. ඇත්තටම ශන්කර්, ඒෂාන්, ලෝයි ත්‍රිත්වයේ සංගීතය මේ චිත්‍රපටය අමුතුම අත්දැකීමක් බවට පත්කරල තියනවා.මෙහි සහීබාන් කුමරිය සහ සුචිත්‍රා ලෙස රංගනයෙන් දායක වන්නේ  සයියාමි කේර් මේක ඇයගෙත් ප්‍රථම සිනමා රංගනය. ඇය ඉන්දියානු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් බවටත් සඳහන්.හර්ෂ්වර්ධන් කපූර් මේ චිත්‍රපටය වෙනුවෙන්ම වසර තුනක් තිස්සේ අසුන් පැදීම සහ දුණු ඊතල පුහුණුවූ බවත් ඉස්තාලයේ අසුන් නෑවීම පවා කල බවත් සඳහන්.ඒ වගේම මෙහි අධ්‍යක්ෂකවරයාවන  රාජේශ් ඕම්ප්‍රකාශ් මෙහ්රාට මේ මිර්සා-සහීබාන් කතාව සිනමාවට ගේන්න අදහස ඇවිත් තියෙන්නෙ මේ කතාව අලලා සැකසුන පාසල් වේදිකා නාට්‍යයක් නැරඹීමෙන් පසුවයි.ඔය ඇති නේ.කතාව පැත්තට යමු..

මම කෙටියෙන් කියන්නම් මෙහෙමයි කතාව, මොනීෂ් සහ සුචිත්‍රා කියන්නෙ ගෝවර්ධන් පාසලේ ඉගෙනගන්න දරුවන් දෙදෙනෙක්, මේ දෙන්නා හරිම හිතවත්.හිතවත් කියන්නෙ පොඩි ක්‍රශ් එකක් දන්නවනෙ  ඉතින් අපිටත් පාසල් කාලයේ එහෙම ඒව තිබුණනෙ.දවසක් යම් සිද්ධියකට මේ දෙදෙනාගේ පන්තිභාර ගුරුතුමා සුචිත්‍රාට දඬුවම් කරනවා. ඔය ගැන ගුරුතුමා එක්ක තරහෙන් ඉන්න  මොනීෂ් හිතාගන්න බැරි දෙයක් කරල ගමෙන් පැනල යනවා.වසර ගණනාවකට පස්සෙ දෛවය මේ යුවල නැවතත් මුණගස්වනවා.ඒත් ඒ වෙනකොටත් ඇය ඉන්දියානු වංශවත් පවුලක තරුණයෙක් සමග විවාහ ගිවිසගන්නයි ඉන්නෙ.ධනවත්ඔහුත්, තමන්ගේ කුඩාකල මිත්‍ර මොනීෂුත්, තමන්ගේ පියාට ඇති ස්නේහයත් අතර සිරවූ  සුචිත්‍රාගේත් තමන් කුඩාකල කල වරද හේතුවෙන් ලොවෙන් සැඟවී සිටින මොනීෂ්ගේත් ඛේදනීය පෙම් පුවතයි මිර්සා..ඉතින් නරඹලම බලන්න කියල ආරාධනා කරන අතරේ විශේෂයෙන්ම පහලින් තියන ටිකත් කියවන්න.

මේකෙදි ඕගොල්ලන්ට මෙහෙම දේවල් ටිකක් හම්බවෙයි.

(1) කබ්බි අශ්වයා- මිර්සාගේ යුධ අශ්වයායැයි සැලකේ.

(2) චකෝරා පක්ෂියා- නිතරම සඳ දෙස බලාසිටිනා පක්ෂියෙක් යැයි හින්දු විශ්වාසයක් ඇත.එසේම පකිස්තානයේ සහ ඉරාකයේ ජාතික පක්ෂියාය.

(3)  මේකෙ ගීතයක් තියනව ඉක්කාව ගැන, ඉන්දියාවේ විශ්වාසයක් තියනවලු,  කෙනෙක් වෙන කාවහරි  මතක් කරනකොට ඒ කෙනාට ඉක්කාවක් එනවා කියල. (අපේනං කිඹුහුමක්ලුනෙ)

(4)රෝමියෝ -ජුලියට් එකේ දෙබස් කීපයක් තියනවා ඒක මම උපසිරැසියෙම සටහන් කරල ඇති.

මේ මම දීල තියන වීඩියෝ පිටපත 1.2 GB HD Rip එකක් වීඩියෝ සහ ඕඩියෝ කොලටි එකඉතාම ඉහළයි.මේ තමයි දැනට අන්තර්ජාලයට නිකුත් වෙලා තියන හොඳම පිටපත. ඒ වුනාට මම ඩවුන්ලෝඩ් කලාට පස්සෙයි දැක්කෙ ඒකෙ හාඩ්කෝඩඩ් සබ්ටයිටල් එකක් තියන බව.හාඩ්කෝඩඩ් සබ්ටයිටල් එක්ක චිත්‍රපටයක් බලන්න අමාරුයි කියල දන්නවනෙ.ඒකටත් ඔන්න මම විසඳුමක් දුන්නා. ඕගොල්ලො ඩවුන්ලෝඩ් කල උපසිරැසි ෆයිල් එකේ තියනවා PDF එකක් ඒකෙ තියන විදියට කරන්න.MPC_HC සහ KM player සඳහා පමණයි.VLCවලත් කලහැකියි ඒවුණත් ඒකෙ සිංහල උපසිරැසි හරියට පෙන්නන්නෙ නෑනෙ…

Spoiler Warning : Star-crossed lovers (Harshvardhan Kapoor, Saiyami Kher) grapple with forces that try to keep them apart…

US
Download

Mirzya (2016) Sinhala Subtitle

Download: 3096

File size : 527.09 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
4.6
0%
0%

Comments: 17

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-12 at 2:18 am
    Reply
    • hasitha

      ස්තූතියි, කවීෂ!

      2017-03-13 at 12:55 am
  • Sadaam_SL

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-12 at 6:48 am
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි!

      2017-03-13 at 12:56 am
  • Manoj Sachintha

    නියමයි සහෝ….
    උපසිරසියට බොහෝම ස්තුතියි….

    2017-03-12 at 8:06 am
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි!

      2017-03-13 at 12:56 am
  • Prabuddha Kulatunga

    thank u bro 😀

    2017-03-13 at 12:10 am
    Reply
    • hasitha

      බොහොම ස්තුතියි!

      2017-03-13 at 12:56 am
  • Dammika D Dinesh

    I know 2 subtitle web sites…
    But i know about subzlk today…
    This web site is awesome & different web site…
    This is speed is awesome…& given download links..that why i like this web so much…
    Also subs are perfect…
    Congratulations subz lk admins & thanak you hastha prasad…

    2017-03-13 at 9:50 am
    Reply
    • hasitha

      Thank you very much dammika! This means lot to me and Subzlk team.

      2017-03-13 at 3:37 pm
  • Janaka Bro

    Pattama mcn…thnq sub akata…digatama mewage sub karamu…supiri…

    2017-03-14 at 10:09 pm
    Reply
    • hasitha

      Thank you very much!

      2017-03-14 at 11:17 pm
  • Hasidu Dewage

    First oyala sub dila thiyenne…thank you hasitha…jaya!!!

    2017-03-20 at 1:12 pm
    Reply
    • hasitha

      Thank you very much!

      2017-03-20 at 2:10 pm
  • isuruHikka

    Aiye sub denawata godak thanx…godakpin…. “Jaani Dushman Ek Anokhi Kahani “kiyana film eke sub eka dennako…akshay,sunny deol inne…plz…..

    2017-03-24 at 7:45 pm
    Reply
    • hasitha

      Thanks malli. oya kiypu film ekata sub denna balannam.

      2017-03-24 at 8:05 pm
  • Pasan Milinda

    Machan brahmotsavam telugu movie eke sub eka deepanko ikmanatama

    2017-03-26 at 8:27 am
    Reply

Leave a Reply to Sadaam_SL Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip