My Lucky Stars (1985) Sinhala Subtitle

/
තක්කඩි යාලුවෝ පස් දෙනා 2

                      සෑහෙන දවසකට පස්සෙ තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න පුලුවන් වුනේ. පැරණි චිත්‍රපට වලට කැමති, විශේෂයෙන්ම ජැකී චෑන්, ජෙට් ලි වගේ අයගෙ සිනමා පට වලට ආදරේ කරන ගොඩක් පිරිසක් ඒ වෙනුවෙන් බලා ඉන්න බව මන් දන්නවා. අපේ ඇඩ්මින් දමිතුත් මට කිව්වා අපේ subz.lk ෆේස්බුක් පිටුවෙත් ඒ ගැන කමෙන්ට් දාලා තිබ්බා කියලා. ඉතින් ලැබුනු විවේකය යොදවලා ඒ අය වෙනුවෙන් අද අරගෙන ආවෙ Jackie, Sammo සහ Yuen Biao යන තුන් කට්ටුව එකතු වුනු තවත් පැරණි හොංකො ඇක්ෂන් කොමඩියක්. ඒ තමයි “ලකී ස්ටාර්ස්” චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැනි චිත්‍රපටය වන My Lucky Stars [1985]. මෙහි පළමු චිත්‍රපටය වන Winners & Sinners එකට මම කලින් සබ් දීල තියෙනවා. චිත්‍රපට දෙකම බොහෝ සෙයින් සමාන වුනත්, කතාව ගත්තම එකිනෙකට සම්බන්ධ වීමක් නෑ. මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ සියලු දෙනාම පාහෙ මෙම චිත්‍රපටයේ සිටියත් කර්ලි/ජැක් ලෙස රගපෑ John Sham සහ ජැක්ගේ නංගි ෂර්ලි ලෙස රගපෑ Cherie Chung මෙහි දක්නට ලැබෙන්නේ නෑ. යාලුවෝ පස් දෙනාගෙන් ජැක්ගෙ අඩුව පුරවන්නෙ බ්ලොක්හෙඩ්ගෙ චරිතය රඟපාන Eric Tsang. හැබැයි මේ සියලුම චරිත යම් දුරකට වෙනස් කරලා චරිත වලත් නම් එහෙමත් වෙනස් කරලයි තියෙන්නෙ. ඒ නිසා පලවෙනි එක නොබලපු අයට උනත් මේක අවුලක් නැතුව බලන්න පුලුවන්.

                සැමූගෙ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු My Lucky Stars මුලින්ම තිරගත වුනේ 1985 පෙබරවාරි 10 හොංකොං පුරවරයෙදි. භාෂාව චීන. Action, Comedy, Crime, Drama විදිහට වර්ග වෙන අතර ධාවන කාලය විනාඩි 96 යි. ජපානයේදී Five Lucky Stars යන නමින්ද පිලිපීනයේදී Ninja Encounter යන නමින්ද නිකුත් වුනා. හොංකොංහී තිරගතවුනු කාලය තුලදී හො.කො.ඩොලර් 30,748,643 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන ඇති අතර, හොංකොංහීදී හො.කො.ඩො.මිලියන 30 පසුකල ප්‍රථම චිත්‍රපටය හැටියටත් වාර්තාවක් තියල තියෙනවා. රංගනයෙන් එකතු වන්නේ Jackie Chan (මසල්ස්), Sammo Hung (ෆාස්ට්බක්), Sibelle Hu (බාබරා වූ/බේබි) Richard Ng (සැන්ඩි), Charlie Chin (ජින්සෙන්) Eric Tsang (බ්ලොක්හෙඩ්/රවුන්ඩ්හෙඩ්), Stanley Fung (රව්හයිඩ්) සහ Yuen Biao (රිකී). Bolo Yeung සුලු විකට ජවනිකාවකට ගරු රඟපෑමක් ලෙසින් එක්වෙලත් තියෙනවා.
                     චිත්‍රපටය නම් කොමඩි වලින් පිරුනු ඇක්ෂන් ගණයේ එකක්. මුල ඉඳන් අගටම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. පොලිස් නිලධාරින් වන මසල්ස් සහ රිකී ( Jackie & Yuen) ජපානයට යන්නෙ, ස්වර්ණාබරණ වගයක් හොරකම් කරගෙන ගිහින්, පාතාල කල්ලියකට එකතු වෙලා ඉන්න, එයාලගෙම පොලිස් බලකායෙ හිටපු දූෂිත නිලධාරියෙක් අත් අඩංගුවට ගන්න. නමුත් එහිදී රිකීව පාතාල කල්ලිය විසින් අල්ලාගනු ලබනවා. මසල්ස්ගේ උදව්වට කෙනෙක් ජපානයට යවන්න හදනකොට, මසල්ස් ඉල්ලා සිටිනවා හිරේ ඉන්න ඔහුගේ යාලුවෙක් වන, නොම්බර එකේ හොරෙක් වන ෆාස්ට්බග්ව (Sammo) එවන්න කියලා. ෆාස්ට්බග් මේ ගමනට එන්නේ තනියම නෙමේ. එයාගෙ හොඳම යාලුවො හතර දෙනත් එක්ක. මේ පස් දෙනාට දක්ෂ පොලිස් නිලධාරිනියෙකුත් එකතු වෙනවා. ඇය බාබරා වූ (Sibelle). එහෙමත් නැත්නම් බේබි. ඉතින් මේ තක්කඩි යාලුවො පස් දෙනා ජපානයට ගිහින් මොන අඩව් අල්ලයිද? මයි ලකී ස්ටාර්ස් බලමු. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 480p – 400 MB // 720p – 850 MB // 1080p – 1.5 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

6.5
IMDB

Year : 1985

Actors : Sammo Kam-Bo Hung,Charlie Chin,Stanley Sui-Fan Fung

My Lucky Stars: Directed by Sammo Kam-Bo Hung. With Sammo Kam-Bo Hung, Charlie Chin, Stanley Sui-Fan Fung, Richard Ng. Muscles, cop from Hong Kong, is in Japan chasing a bad HK cop. His cop partner gets taken by the ninja gang. Muscles gets his 5 old no-good friends from the orphanage to help find the bad cop. Lots of comedy and kung-fu fighting follows.

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 235
  • File Size : 2.931MB
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 97

    බොහොම ස්තූතියි!

    2022-01-08 at 3:58 pm
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 97

    තෑන්ක්ස් සබ් එකට

    2022-01-08 at 9:11 pm
  • Shamal Manojan User
    Android 7Chrome 94

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    සෑහෙන කාලයක් බලාගෙන හිටියා දෙනකම්. මේ ෆිල්ම් වලටත් ඉදිරියේ දී හැකි අයුරින් සබ් දෙන්න.

    To Kill with Intrigue – 1977
    Snake and Crane Arts of Shaolin-1978
    Dragon First – 1979
    Fiearless Hyena part II – 1983
    Kids from Shaolin – 1984
    Twinkle Twinkle Lucky Stars – 1985
    Martial Arts of Shaolin – 1986

    2022-01-09 at 2:35 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 82

    අම්මෝ, සෑහෙන කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ එන්න මතක් වෙලා තියෙන්නේ.:grinning: JCගේ ෆිල්ම් එකට සබ් එකක් වැටිලා තියෙනවා දැක්කම මාරම සතුටක් තියෙන්නේ. තෑන්ක්ස් කාර්‍යබහුල අස්සේ වෙලාවක් අරගෙන සබ් එක දුන්නට.

    2022-01-09 at 5:41 pm
  • sandaru Unregister User
    Windows 7Chrome 97

    බොහොම ස්තූතියි

    2022-02-04 at 5:29 pm
  • kanishka Unregister User
    Windows 8.1Chrome 80

    පරණ චිත්‍රපට හරිම ලස්සනයි. ඒ අතරින් jc ගේ චිත්‍රපට හරිම ලස්සනයි. දිගටම පරණ චිත්‍රපට වලට සබ් දෙන්න. බොහොම ස්තුතියි.

    2022-06-07 at 6:49 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *