යාළුවො ඔක්කොටෝම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ 25වෙනි උපසිරැසියත් අරගෙනම. Mythica චිත්‍රපට මාලාවේ 5වෙනි චිත්‍රපටය තමයි අද ඔයාලා අතට පත්වෙන්නේ. බොහෝ දෙනාගෙන් ලැබුන ඉල්ලීම් නිසා හැකි ඉක්මනට මෙම උපසිරැසිය සකස්කිරීමේ කටයුතු සිද්ධකරන්නට යෙදුනා.
මම අද ඔයාලට අරන් ආවේ එහි 5වන කථා මාලාවයි. Mythica The Godslayer (2016) චිත්‍රපටයයි. මීට පෙර පැමිණි චිත්‍රපට කථා සියල්ලටම සිංහල උපසිරැසි මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් කර හමාරයි. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි. සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.ඉතිං සම්පූර්ණ කථාව තේරුම් ගන්න මෙහි මුල් චිත්‍රපට සියල්ල නරඹලා එනවා නම් වඩාත් හොදයි. අද කථාව මෙන්න මේකයි.
මේ වෙද්දි සෝලොක්ගෙ බලය හිතාගන්න බැරිතරම් වැඩියි. මරෙක් ඉන්නෙ ලොකු පීඩනයක. ලක්ෂ ගණනක් වන සෝලොක්ගේ සොම්බි හමුදාව ඉබාගාතේ මිනිසුන් මරාදමමින් ඉදිරියට එනවා.සෝලොක්ට අවශ්‍ය කෙසේ හෝ දෙවියන් පරාද කරන්න.ඒකට අදුරුබීජාණුවේ බලය මදි. ඒකට ඔහුට මරෙක්ගෙ ශක්තියත් අවශ්‍යයි. මරෙක්ව තමන්ට නම්මගන්න සෝලොක් විවිධ උපක්‍රම යොදනවා. මරෙක්ගෙ පෙම්වතා විදිහට ඉන්න ඩේගන් දන්නවා අදුරුබීජාණුව විනාශකරන්න නම් ටේක්ගෙ මිටිය අවශ්‍ය බව. ඒක ගේන්න ඔහු තේන් සහ ටීලා එක්ක ලොකු උත්සාහයක යෙදෙනවා. ඩේගන්ගේ උත්සාහය සාර්ථක වෙයිද? මරෙක් සෝලොක්ට යටත් වෙයිද? අවසානය මොකක් වෙයිද? තවත් ආදර කථාවක දුක්මුසු අවසානයක් වෙයිද? මේ ඔක්කොටෝම උත්තර ලැබෙයි චිත්‍රපටය බලපුවාම. එකක් කියන්නම්. සැබෑ වීරයෝ ඕනම වේලාවක තමුන්ගේ ජීවිතය පුජාකරන්න සූදානම්!! චිත්‍රපටය අවසන් කියලා හිතලා Close කරන්න එපා. අන්තිම මිනිත්තුවෙත් අපූරු දෙයක් වෙනවා. ඒකත් බලන්න වරද්දන්නේ නැතුව. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. හැමෝටම සුබ දවසක්!!
Spoiler Warning : As the Lich King’s zombie legions ravage the world, a cursed young sorceress (Melanie Stone) and her friend Dagen (Jake Stormoen), a self-serving half-elf rogue, embark on a quest to obtain a weapon from the gods. But when she joins her sworn enemy in a desperate attempt to save the world, she must recover the good in herself before her friends are all dead, and defeat the Lich King before the gods are destroyed and the world forever enslaved…
Isuru Dananjaya
Comments: 11
Leave a Reply to ushan Cancel reply
Search
Login
සමීර ඉඳුනිල්
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
widuranga
elama broooo
ලහිරු සඳරුවන්
නියමයි සහෝ.
සුපිරි වැඩක්.
සබ් එක දෙනකන්මයි බලන් හිටියේ.
Chami.S
Thanks..
Good Luck..
Pasindu Amarasinghe
සුභපැතුම් සහෝ
ඔබට ජය???
ushan
patta saho mythica okkoma dunnata tnx
ushan
bushwick 2017 kiyala action movie eke sub denawada
asitha
Kohoma hari series eka complete kala ne
jaya wewa!!!!
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Prabhath
thanks……..thanks……..thanks……..thanks……..thanks…….. bro….
Dileepa Nuwan
Bluray sub එක ද