Nanban (2012) Sinhala Subtitle

Published January 27th, 2018 by

හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් උපසිරස දිවියේ කඩයිමක් පසු කරන්නයි මේ සුදානම් වෙන්නේ….එහෙනම් ඇඩ්මින් තුමා කියපු විදියට මේ වෙබ් අඩවියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා ගත විදියට වාර්තා කරන්න හැකි වීම ගැන ඉතාම සතුටු වෙනවා,…මම මුලින්ම මේ වෙබ් අඩවියට 2017 නොවැම්බර් 11 වනදා මගේ පළවෙනි උපසිරසය නිකුත් කළා එතැනින් ආරම්භ කළ ගමන හරියටම දින 75ක් වගේ කෙටි කාලයකින් 50 ගහන්න ලැබුණා…ඒ වගේම කියන්න ඕනේ ඒ උපසිරස 50න් 27ක්ම නිර්මාණය කළේ මේ ජනවාරි මාසයේ… මේ උපසිරස වගේම 48 උපසිරස වගේම 49 වෙනි උපසිරසත් ඉතාම වැදගත් කඩයිමක් උනා..මොකද 48 වන උපසිරස ටින් ටින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසානයත්…49 වන උපසිරසය නයිට් රයිඩර් කතා මාළාවේ පළවෙනී සීසන් එකේ අවසාන කොටසත් වෙනවා…ඔන්න ඔය විදියට තමයි මගේ වාර්තාගත අර්ධ ශතකය ගහන්න ලැබුනේ..මුලින්ම ස්තූති කරන්න සයිට් එකේ දමිත් සොයුරාව..මම ගොඩක් වෙලාවට එයා එක්ක කතා කරලා තමයි වැඩ කටයුතු කරගෙන ගියේ…ඒ වගේම හැමදාම මට අදහස් ප්‍රකාශ කරන ආදරණීය ප්‍රේක්ෂක ඔයාලව ඔයාලගේ ඔය අදහස මත තමයි මේ වගේ දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් මොකද කාලය කියන දේ සෑහේන උවමනා වෙනවා මේ වගේ වැඩක් කරගෙන යන්න.

ඔයාල දෙන අදහසින් තමයි මේ වැඩේට තව හයියක් වෙන්නේ…ඒ වගේම මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ ඉහලම පහසුකම් තියෙන වෙබ් අඩවියකට එක් වීම ගැන, මොකද ඔයාලා දන්නවා අනිකුත් උපසිරස ලබාදෙන එකදු වෙබ් අඩවියකවත් තමාගේ උපසිරසක් එසැණින් තමාටම පළකිරීම හා යාවත් කාලීන කිරීම නොහැකි බව ගැන ..ඒ වගේම ටික කාලයක් ඇතුළත වැඩිම උපසිරස ලාභීන් තිදෙනා අතරට එන්න ලැබීම ගැනත් සතුටු වෙනවා….ඒ වගේම කියන්න ඕනේ මම නිතරම පරණ නිර්මාණයන් වලට උපසිරස දෙන්න එක හේතූවක් තියෙනවා මොකද නිතරම ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කිරීම් දැක තිබෙනවා මාධ්‍ය ආයතන වලට ඉල්ලීම් කරලා පරණ කාටුන් වැඩසටහන් රූපවාහිනි ටෙලි කතා නැවත ප්‍රචාරය කරන්න කියා..අන්න ඒ හේතූව නිසාම යන රැල්ලෙන් ටිකක් ඈත් වෙලා මම පරණ නිර්මාණයයන් සදහාම උපසිරස ලබා දෙන්නේ…එහෙනම් ඉදිරියේදි තවත් ලස්සන නිර්මාණයන් ඔයාලා වෙතට අරගෙන එන්න පොරොන්දු වෙනවා….ඒ වගේම අවසාන වශයෙන් ස්තූති වන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන් වෙබ් අඩවියේ සියලුම බාර ඇඩ්මින් වරුන්ට…

දැන් කියන්න සුදානම් වෙන්නේ අද ලබා දෙන උපසිරස ගැන ඇත්තම කියනවනම් පුදුම බාධා වෙලා අවසන් කරපු උපසිරසක් තමයි මේක කෙටියෙන් කියනවනම් සෑහේන කාලයක් කොට උඩ තිබ්බ උපසිරසක්…මේ උපසිරස ඉවර කරන්න හරියටම අවුරුදු 2කට ආසන්න කාලයක් කොට උඩ තිබ්බා…මේක මගේ මුල්ම චිත්‍රපටියකට කරපු උපසිරස. ජිවිතයේ කරපු පලවෙනි උපසිරසය, ඒ වගේම මම කරලා තියෙන දිගම උපසිරසය ඒ වගේම මේ උපසිරය ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඩුබායි දේශයේ ඉදන් කළ එකක් ,ඒ වගේම මේකේ ලයින් 300ක් විතර ඩුබායිවලට යන අතරමග පැය 4ක විතර ගුවන් යානයේ ඉදනුත් කරපු එකක්…මේක මුල් කාලයේම වෙබ් අඩවියට දෙන්න හිතපුවම හොද ටොරන්ට් එක්ක තිබ්බේ නැහැ…ඊට පස්සේ 31 රෑ දෙන්න හදපුවම හදිසියේම ආපු චිත්‍රපටියකට කරපු නිසා එදා උනෙත් නෑ, අන්තිමට එදා හදිස්සියේ කරපු චිත්‍රපටිය වෙබ් අඩවියේ පළ කරන්න උනේ නෑ ඒක තවත් කෙනෙක් බාර අරන්. කොහොම හරි අවසානයේදි 50 වෙනි එකේ දෙන්න පුළුවන් උනා …..පේනවා ඇතිනේ පුදුම අපල උපසිරසක්ද කියලා….”All is well” කියලා එහෙනම් අපි කතාව පැත්තට යමු.

2012 ජනවාරි 12 වෙනිදා තීරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටිය ඉන්දියාවේම නිර්මාණය වූ හින්දි චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්… vijay, Jiiva, Srikanth නළුවන් රංගනයෙන් දායක වෙනවා ඒ වගේම හින්දි එකටත් වඩා ලස්ස්නට වැඩේ කරලා තියෙනවා…7.6/10 IMDb මීටරෙත් කරකවගෙන තියෙනවා…කතාව ගැන වැඩිය කියන්නේ නෑ අද හෙන දිග ලිපියක් නිසා…විශ්ව විද්‍යලයක ගෙවෙන යාළුවන් 3 දෙනෙක් වටා තමයි කතාව තියෙන්නේ මේක මගෙන් කිහිප දෙනක් ඉල්ලුවා වෙබ් අඩවියෙනුත් එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

One man can make a difference (Knight rider 1982)එක මනුස්සයෙක්ට වෙනසක් කරන්න පුළුවන්


US

Download Links:

Download Torrent පිටපත
Download

Nanban (2012) Sinhala Subtitle

Download: 21900

File size : 81.15 KB

Asitha Madusanka

TV EPISODES : 77
MOVIES : 7
7.6
0%
0%

Comments: 65

  • wmcsubhash

    niyamayi saho.

    2018-01-27 at 3:54 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා

      2018-01-27 at 4:13 pm
    • shan

      meka download ven ne aye.download karanna puluwan link aekak dennako plz

      2018-01-28 at 2:40 pm
    • Asitha Madusanka

      ඇයි අපි ඕන ලින්ක් එක දීලා තියෙන්නේ.

      2018-01-28 at 2:46 pm
    • shan

      download ven ne torrent direct aekak dennako plz

      2018-01-28 at 3:47 pm
    • shan

      aiye plz link aekak denna

      2018-01-28 at 5:18 pm
    • Sajee

      Shikkari Shambhu ෆිල්ම් එකේ sub එක පුලුවන්නම් දාන්ඩ සහෝ…

      2018-05-21 at 9:58 pm
    • Harsha

      Film eka neni link ekak nedda wena

      2019-11-15 at 3:16 pm
    • shan

      download ven ne

      2018-01-28 at 5:18 pm
    • Asitha Madusanka

      email eka ewanna link eka dennam natham face book haraha sambanda wenna…site eke apita link danna ba

      2018-01-28 at 7:52 pm
    • Asitha Madusanka

      ලින්ක් එකේ කිසිම ප්‍රශ්ණයක් නැහැ දීලා තියෙන ලින්ක් එක ක්ල්ක් කරලා තප්පර 5කට පස්සේ ඇඩ් එක ස්කිප් කරන්න…..

      2018-01-28 at 7:57 pm
  • හසිත ප්‍රසාද්

    ? ?උපසිරැසි අර්ධ ශතකයට හදවතින්ම සුභ පැතුම්, අසිත ? ? ? . උපසිරැසි 50ක් කරනවා කියන්නෙ ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. බොහොම කාලය ශ්‍රමය ධනය කැපකරගෙන කරන්න ඕනෙ කාර්යයක්. ඉතින් ඒ වගේ සද්කාර්යයක්
    කරමින් මේතරම් දුරක් අතිසාර්ථකව පැමිණි ඔබට තව තවත් හොඳ නිර්මාණවලට උපසිරැසි ලබාදෙන්නට ශක්තිය ,ධෛර්යය ලැබේවා කියල මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ?? Good Luck, Brother !

    2018-01-27 at 4:04 pm
    Reply
    • Asitha Madusanka

      වෙබ් අඩවියේ ඉන්න ප්‍රධානම උපසිරස කරුවා හැටියට ඔයා එක් කළ සුබ පැතුමට බොහොම ස්තූතියි…ඉක්මනින් ඔයාට 150 ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      2018-01-27 at 4:08 pm
    • shan

      tava man biscop aeken hottub time machine comedy2 baluva,neyameta hina yanawa,oyata barida aeka 1 an 3 4 sub denna

      2018-01-28 at 2:41 pm
  • Shehan Madhusanka

    thanks bro.old is gold aluth film ona thanaka thiyenawa eth parana film walata sub karana aya aduy

    2018-01-27 at 4:16 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:33 am
    • shan

      machan meka download karanna link denna torrent veda ne

      2018-01-28 at 5:14 pm
  • ushan

    patta subapathum oyata 50ta

    2018-01-27 at 4:49 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:36 am
  • R-MT

    ලොකු කැපකිරීමක් කරන්න ඕනි මේ තරම් දුරක් එන්න. දිගු ගමනකට ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම සුභපතනව සහෝ.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2018-01-27 at 7:26 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:37 am
  • සමිත හිරුෂාන්

    Supiri bro

    2018-01-27 at 7:36 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:38 am
  • T-Media

    suba pathum yaluwa. digatama karamu. obata jaya . . !

    2018-01-27 at 10:08 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:39 am
  • geeganagamage

    බොහොම ස්තුතියි උපසිරැසියට සහ මහන්සියට.

    2018-01-28 at 12:42 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:40 am
  • dinu

    ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම සුභපතනව සහෝ.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2018-01-28 at 1:09 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-28 at 9:37 am
  • Lakshan Sameera

    සුපිරියි හසිත සහෝ….මට සයිට් එක බලන්න බැරිවුනේ දවස් දෙකයි…මෙන්න අසිත සහෝ 50ත් ගහලා! ??
    ඒකත් සුපිරි ටැමිල් එකකට…!
    ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජය!

    2018-01-28 at 5:44 am
    Reply
    • Lakshan Sameera

      ප.ලි- “හ” යන්නයි “අ” යන්නයි පැටලුනා…සොරිවෙන්න් හොඳේ!
      මොකද මේ දැනුයි හසිත සහෝට කමෙන්ට් එකක් දැම්මේ!
      හසිත/අසිත… පැටලෙන එක අහන්නත් දෙයක්ද!
      🙂 😉

      2018-01-28 at 5:47 am
    • Asitha Madusanka

      මටත් තව ටික දවසිකින් ඔයාට සුබ පතන්න ගහමු ඉක්මනට 50 සහෝදරයා ඔයාටත් තව ටිකයි…..බොහෝම ස්තූතියි

      2018-01-28 at 9:36 am
    • Lakshan Sameera

      එලම සහෝ!
      🙂

      2018-01-28 at 1:48 pm
    • shan

      malli meka torrent veda ne link denna download wen a plz

      2018-01-28 at 5:26 pm
    • shan

      machan meka download karanna link denna torrent veda ne

      2018-01-28 at 5:15 pm
  • පසිදු සාරංග

    උපසිරැසි අර්ධ ශතකයට උණුසුම් සුභ පැතුම් <3 දිගටම කරගෙන යමු බ්‍රෝ 🙂

    2018-01-28 at 8:03 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා..

      2018-01-28 at 9:34 am
  • Sdeepa Harshana

    50වෙනි උපරැසියට සුබ පැතුම්! සබ් එකට ස්තුතියි.

    2018-01-28 at 11:23 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා..

      2018-01-28 at 11:48 am
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    අර්ධ ශතකයට සුභ පැතුම්…!

    Request :
    “Chasing the Dragon (2017) mkvcage”
    Please…..

    2018-01-28 at 1:24 pm
    Reply
  • සමීර ඉඳුනිල්

    හසිතට නොදෙවෙනි අසිත, වේගවත් 50ක්. 50ට සුබ පතන ගමන්, ඉදිරි කඩයිමුත් මීටත් වඩා වේගයෙන් පසු කරන්න හැකි වේවා කියලා පතනවා! උපසිරසියට ස්තුතියි! ජයවේවා!

    2018-01-28 at 9:02 pm
    Reply
    • Asitha Madusanka

      අම්මෝ දාලා තියෙන කමෙන්ට් එක….ස්තූතියි යාළුවා…අදහසට

      2018-01-30 at 8:57 pm
  • Kasun Widusha

    Suba pethum sahoo

    2018-01-29 at 7:51 am
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-30 at 8:57 pm
  • silentS

    Congtzzzzzzzzzzzzzz machoooooooooooooo

    2018-01-29 at 8:14 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි යාළුවා.

      2018-01-30 at 8:57 pm
  • supun bro

    50 weni sub ekata subapathum…..
    aluth hidi film ekak dennako..

    2018-01-30 at 9:09 am
    Reply
  • Asitha Madusanka

    ස්තූතියි යාළුවා.

    2018-01-30 at 8:58 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    පට්ටම අපල සබ් එකක් තමා ..කොහොම හරි විශේෂ කරුණක් විදියට අසිත ගේ උපසිරැස් කිරීමේ වේගය ගැන ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා ..ඒ වගේම “old is gold” කියන අසිතගේ සංකල්පය මුලදී දැක්කාම .මට හිතුනා ..යමක් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් කියලා ..කොහොම හරි වේගය නිසාම උපසිරසක් අයින් කිරීමට සිදු උනා ..එතැනදී උනේ උපසිරැස් භාර ගැනීමේදී විදිමත් ක්‍රියාවලියක් සිදු උනේ නැති එක ..උපසිරැස් භාර ගත් කෙනා හා එක ඇඩ්මින්වරයෙක් පමණක් විතරක් දැනුවත් වී තිබීම පමණක් මදි බව හැගුන නිසා ..එකට මම කඩිනම් පිලියමක් ගත්තා ..මොකද මේ හේතුව නිසා අයින් කරන්න වෙන අවසන් උපසිරැස එය විය යුතු නිසා ..අසිතගේ “old is gold” කියන සංකල්පය යටතේ කරපු උපසිරැස් වලට මුල් කාලයේදී එතරම් සුබ ප්‍රතිචාර ලැබුනේ නැහැ ..කෙනෙක් අහලා තිබ්බා . ඇයි පරණ ඒවාට උපසිරැස කරන්නේ කියලා ..එකට උත්තරය දීලා තියෙනවා ..”because old is gold”…පසු කාලීනව අසිතට හොද ප්‍රතිචාර ලැබුනා ..
    දිගු ගමනක් තියෙන උපසිරැස් කරුවෙක් ..

    කටු මතින් ආ අසිත සහෝ ඔබ‍ට subz lk වෙබ් අඩවිය වෙනුවෙන් මාගෙන් සුබ පැතුම් !!

    2018-01-31 at 2:18 pm
    Reply
    • Asitha Madusanka

      ස්තූතියි කෙටියෙන්ම කියනවනම් මගේ වගකීම බාර වෙලා තියෙන කෙනා…එහෙම කියපු හේතුව ඔයා දන්නවා…මොනව උනත් මගේ ගමනට ගොඩක් උදව් උන කෙනෙක් හැටියට ඔයාට මගේ ස්තූතිය…ඒත් ඒ සිදුවීම ගැන මම සතුටු වෙනවා මොකද මට ඊට කලින් උන ප්‍රශ්නෙකට මම දුන්න උත්තරය ඒක උන නිසා….ඉස්සරහත් වෙනසක් කරන්න බලන්නම්….ප්‍රතිචාර හා බාගතා කිරිම් පස්සේ ගියා නම් මම තාම මුල අඩියේ ඒත් වෙන්න ඕනේ අමරනීය නිර්මාණ හැමදාම අමරනීයම කරලා තියෙන එක…..නැවත වරක් මගේ ස්තූතිය…

      2018-01-31 at 9:42 pm
  • Dilruk lahiru

    50ta suba pathum mcn ekmntama ? gahamu

    2018-02-03 at 3:25 pm
    Reply
  • Nuwan Priyanga

    Suba anagathayak machooo oya niyamata wade karanawa

    2018-03-18 at 2:05 pm
    Reply
  • Thamod

    sub eka naa ne

    2018-04-18 at 7:21 am
    Reply
  • ajantha lakshitha

    helloo

    2018-08-12 at 8:15 am
    Reply
  • duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:09 pm
    Reply
  • amila

    vettaikaran sinhala sub දෙන්න පුුලුවනද

    2018-09-16 at 12:59 am
    Reply
  • සහන් සුලක්ඛණ

    මෙච්චර පහුවෙලා දාන එක ගැන සමාවෙන්න,ඔයා 50 ගහන දවස් වල මම සයිට් එක ගැන දැනගෙන හිටියේ නැහැ,50 ස් වෙනි උපසිරසි නිර්මාණයට මගෙන් සුබ පැතුම්

    2018-09-16 at 2:27 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      සමාවෙන්න දැක්කේ නැහැ කියලා නිවරදි කරන්න ඕනේ

      2018-09-16 at 2:28 pm
    • සහන් සුලක්ඛණ

      මොකද මම tamil fillms බලන්නේ නැති නිසා

      2018-09-16 at 2:28 pm
  • Malith Neranjan

    Sub Eka Download Karanna Be Adf.ly Virus Detect Karanawa. Wena Drive Link Ekak Denno

    2018-10-09 at 7:13 am
    Reply
  • Chamika

    Meke synchronisation rate eka.kiiiyada balanna hena amaarune

    2019-05-07 at 10:40 am
    Reply
  • dilum

    niyamai brooo

    2019-06-08 at 9:46 pm
    Reply
  • Arawinda

    thanks sub ekata deviyo dunna wage jayawewa……………

    2019-12-16 at 11:51 am
    Reply
  • Thurunu Mihiranga

    Me link eken download krna bane film eka

    2020-07-05 at 3:18 am
    Reply
  • ඉෂි ද සිල්වා

    download link update kara atha.

    2020-09-20 at 9:36 am
    Reply

Leave a Reply to Asitha Madusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip