Nomadland (2021) Sinhala Subtitle

/
රෝද උඩ ජීවිතය

 

ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය, මෙය නමින් ඔස්කා සම්මානලාභී රංගන ශිල්පිනී ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් ප්‍රධාන චරිතයට පණ පොවන Nomadland (2020) චිත්‍රපටය. මේ වනවිට (2021:ජන: 29) සම්මාන 199කට නිර්දේශව එයින් 123ක් ජයගෙන ඇති මේ චිත්‍රපටය Imdb වෙතින් 7.6ක අගයක්ද Rotten Tomatoes වෙතින් 96%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 96%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 89%ක්ද ලබාගෙන තිබෙනවා. ජෙසිකා බෲඩර් ලේඛිකාවගේ Nomadland කෘතිය ඇසුරු කරගෙන නිර්මාණය වන මෙහි තිරරචනය සහ අධ්‍යක්ෂණය ක්ලොයි සාඕගෙන්.

පොත් පිටකවරය (වමේ) සහ ජෙසිකා බෲඩර් (දකුණේ)

නූතන නෝමැඩ් ජීවන රටාව ගෙවමින් එනම් වෑන් රථයක් හෝ කෑම්පර් රථයක් (RV නොහොත් රික්‍රියේෂනල් වාහන හා ට්‍රේලර්) වැනි යමක් නිවෙස කරගනිමින් තැනින් තැනට යමින් දිවිගෙවන ෆර්න් (ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ්) නම් නෝමැඩ් කාන්තාවකගේ ජීවිතයේ සිදුවීම් සමුදායක් තමයි අපිට චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. මෙහිදී අපි ඇය දකින්නේ වෑන් රථයක් තුල දිවිගෙවන්නියක ලෙස වන අතර මේ චරිතය ජීවමාන කිරීම සඳහා ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් දැඩි කැපවීමක් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙය ඇමරිකාවේ ප්‍රාන්ත හතක් තුල මාස හතරක කාලයක් පුරාවට රූගත කර ඇති අතර ඒ කාලය ඇතුලත ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් නෝමැඩ් දිවි ගෙවන පිරිස් කරන රැකියාවන්ගෙන් කීපයක්ම කර තිබෙනවා අත්දැකීම් ලබාගැනීම සඳහා, බීට් අස්වනු නෙලීම හා ඇමසෝන් ආයතනයේ කෑම්පර්ෆෝස් වැඩසටහනට සම්බන්ධවී ඔවුන්ගේ ඇණවුම් ඇසුරුම් කිරීමත් ඇතුලත්. දැන් ඔබට යම් ගැටලුවක් ඇති මේ ඇමසෝන් කෑම්පර්ෆෝස් කියන්නෙ මොකද්ද කියල. එය ඇමසෝන් ආයතනය විසින් මේ නෝමැඩ්වාසීන්ට රැකියා අවස්ථා සපයන්නට හා ඔවුන්ගේ සේවය ලබාගන්නට සකසා ඇති වැඩසටහනක්.

මොකද ඔබට චිත්‍රපටය තුල දකින්නට හැකි ලෙසම තමන්ගේ RV රථවල ඇතිවන දෝෂ නිසා, ඉහල යන තෙල් මිල හා රථගාල්වලට මුදල් ගෙවන්නට සිදුවීම ආදිය නිසා මේ නෝමැඩ් ජීවිතය ඒතරම් පහසු නෑ. එම නිසා තැනින් තැනට ගමන් කලත් මේ නෝමැඩ් පිරිස වැඩ අධික සමයන්වල රැකියාවන් සොයන බව ඇමසෝන් සමාගම වටහාගන්නවා. මෙය වාසියට ගන්නා ඔවුන් කෙටි කාලීක සේවා කොන්ත්‍රාත්තු මත මේ නෝමැඩ් පිරිස් තම සේවයට බඳවාගන්නා අතර ඒ සඳහා ඉහල වැටුපක්ද ලබාදෙනවා. මෙයට ඔවුන්ගේ රථ ගාල්කරගැනීමට මහා පරිමාණ රථගාල් හා ඒ ආශ්‍රිත පහසුකම් ලබාදීමද ඇතුලත් (රථගාල් තේරීමේ බලය ඇත්තේ ඇමසෝන් ආයතනය බාරයේයි). එසේම දින 90 ක වෛද්‍ය හා ඖෂධ වියහියදම් ආවරණයක්ද ඔවුන් ලබාදෙනවා. සරලවම ඇමසෝන් කෑම්පර්ෆෝස් වැඩසටහන කියන්නෙ මේකට. මේ ආකාරයේ වැඩසටහන් තවත් ඇති අතර ඔබට Work camping ලෙස අන්තර්ජාලයේ සෙවුමක් කිරීමෙන් තව දුරටත් තොරතුරු සොයාබැලිය හැකියි.
මෙය නාට්‍යමය හා විටෙක වාර්තා වැඩසටහනක ආකාරයෙන් ගලායන නිසා මම ඔබට චිත්‍රපටයේ කතාව විස්තර කරන්නට අදහසක් නෑ අද. ඒ වෙනුවට නැරඹීමේදී අවශ්‍ය විය හැකි කරුණු කීපයක් පහතින් සඳහන් කරන්නම්.

බොබ් වෙල්ස් සහ ලාභදායී RV ජීවන රටාව

බොබ් වෙල්ස්

මේ RV වාහනතුල දිවිගෙවීම ගැන කතාකරද්දි අමතක කරන්නම බැරි චරිතයක් වන බොබ් වෙල්ස් චිත්‍රපටය තුලින් අපට දැකගන්නට ලැබෙනවා. CheapRVliving නම් ඔහුගේ යූටියුබ් චැනලය ඔබට නරඹන්නට පුළුවන් මෙතනින්.

AAA නොහොත් ඇමරිකානු රථවාහන සංගමය

 

ඇමරිකා එක්සත් ජනපදය පුරාවට ඇති රථවාහන සංගම් එකතුවක් මේ නමින් හැඳින්වේ. ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් ඇතුලත සාමාජිකයන් මිලියන 60කට අධික පිරිසක් සිටින්නේයැයි කියන මේ සංගමය මාර්ගස්ථ ආපදා සහයද තම සාමාජිකයන්හට ලබාදෙනවා.

Blu-Ray පිටපත් සඳහා උපසිරැසිය සහ වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.  HULU WEB, WEBRip සහ ‍WEB-DL (එහෙත් WEB-SCR පිටපත් සඳහා නොගැලපේ) පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද ගොණුව තුල ඇතුලත්වේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

7.6
IMDB

Year : 2021

Actors : Frances McDormand,David Strathairn,Linda May,Gay DeForest

Directed by Chloé Zhao. With Frances McDormand, David Strathairn, Linda May, Gay DeForest. After losing everything in the Great Recession, a woman embarks on a journey through the American West, living as a van-dwelling modern-day nomad.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1816
  • File Size : 62.2KB
  • Sub Update :2021-04-21
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 88

    ස්තූතියි හසිත.

    The Little Things (2021) එකටත් සබ් දෙන්න පුලුවන්ද?

    2021-01-30 at 5:48 am
  • Hashan Unregister User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-30 at 11:39 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-31 at 7:11 am
  • mithun Unregister User
    Android 10Chrome 81

    අම්මො හසිත..:star_struck::star_struck::star_struck:
    කොරෝනා ඉවරද …. හොදින් ඉන්නව නෙ brother ….

    poster එකේ ඉන්න ප්‍රධාන නිලිය දැකල ඔපන් කලේ… මෙයාගෙ අර ඔස්කාර් හම්බවුන මුවී එක මම පතුරු යන්න බලපු නිසාත් ,හොඳ මතකයක් ඇගේ රංගනය ගැන තිවුනු නිසාත්..
    ගොඩක් ස්තුතියි brother subtitles එකට..
    ඔයාගෙ නම දැකීම සතුටක්..:blush:

    2021-03-08 at 12:20 pm
  • Mithun Unregister User
    Android 9Chrome 89

    blurry update danna barida

    2021-03-20 at 5:01 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 88

      ඔව්, ඔව්, හොඳින් ඉන්නවා, මිතුන්. බොහොම ස්තූතියි. Blu-ray අප්ඩේට් කරලයි තියෙන්නෙ.

      2021-04-27 at 9:45 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *