Project A 2 (1987) Sinhala Subtitle

Published December 19th, 2020 by

'A' මෙහෙයුම දිගටම

                      ජැකී චෑන් විසින්ම ලියා, අධ්‍යයක්ෂනය කර, රඟපෑ තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි Project A II. මුලින්ම තිරගත වුනේ 1987 අගෝස්තු 19 හොංකොංවලදි. මේක 1983 තිරගත වූ ජැකී චෑන්ගේම පට්ටම ෆිල්ම් එකක් වුනු Project A චිත්‍රපටයේ දෙවන කොටස. ඒක බලලා නැත්නම් සිංහල උපසිරැසිත් එක්ක මෙතනින් අරන් බලන්න පුලුවන්. සුපිරිම භාණ්ඩයක්. මුල් ෆිල්ම් එකේ හිටපු Sammo Hung සහ Yuen Biao මේ ෆිල්ම් එකේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ දෙන්නා ඒ වනවිට Eastern Condors (1987) චිත්‍රපටයේ රූපගත කිරීම් වල නිරතව සිටීමයි. හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඇ.ඩො. 4,034,357 ක ආදායමක් උපයාගත් ගත් අතර තායිවානයේදී ඇ.ඩො. 697,097 ක් උපයාගනිමින් 1987 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නේ හතරවැනි ස්ථානයට පත්විය. ඇ.ඩො.මිලියන 13.2 ක් උපයාගනිමින් ජපානයේ 1987 වසරේ ඉහළම ආදායම් ලැබූ හයවෙනි චිත්‍රපටය වූ අතර, දකුණු කොරියාවේදී ඇ.ඩො. 750,036 ක් උපයාගෙන දෙවෙනි තැනට පත්විය. මේ අනුව නැගෙනහිර ආසියාවෙන් ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 18.7 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්විය. මේකත් ජැකීගෙ අනිත් ෆිල්ම් වගේම පට්ට කොමඩියක්. ඒ වගේම ඇක්ෂන් වලත් කිසිම අඩුවක් නෑ. ධාවන කාලය මිනිත්තු 106 යි.


Cast
Jackie Chan – සාජන් ඩ්‍රැගන් මා
Maggie Cheung – සැන්-සෑන්
Bill Tung – පොලිස් කොමසාරිස්
Rosamund Kwan – මිස් බක්
David Lam – ඉන්ස්පෙක්ටර් චුන්
Carina Lau – චව් ලින්ග්
කතාව ගැන කියනවනම්, පළමු ෆිල්ම් එකේ වගේම 20 වෙනි සියවසේ යටත් විජිත සමය තමයි පසුබිම. මේ පාර ඩ්‍රැගන් මාට ලැබෙන්නෙ ගොඩ බිම් මෙහෙයුමක්. ඉන්ස්පෙක්ටර් චුන්ගේ පාලනය යටතේ සායි වාන් දිස්ත්‍රික්කය අන්ත දූෂිත තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඉන්ස්පෙක්ටර් චුන්ගෙන් අරගෙන, සායි වාන් ඩ්‍රැගන් මාට බාරදෙන්නෙ. මේ නිසා ඉන්ස්පෙක්ටර් චුන් ඔහු එක්ක වෛර බැඳගන්නවා. ඩ්‍රැගන් මාගෙ ආක්‍රමනික මෙහෙයුම් නිසා සායි වාන් වල පාතාල කල්ලිත් ඔහු පස්සෙ පන්නනවා. ඒ මදිවට යටත් විජිත කැරලි කණ්ඩායම්. කැරලිකාරයෝ අල්ලන්න ආපු රහස් චරපුරුෂ කණ්ඩායමක්. ඒ අස්සෙ ඩ්‍රැගන් මාගේ පළවෙනි “ප්‍රොජෙක්ට් A” මෙහෙයුමෙන් දිවි බේරාගෙන, තමන්ගේ මැරුණු සහෝදරයන් වෙනුවෙන් ඔහුගෙන් පලිගන්න දිවුරලා, හොංකොං වලට ඇවිත් රහසෙන් ඉන්න මුහුදු මංකොල්ලකාර ගැන්සියක්. මේ ඔක්කොමත් එක්ක ඔහුගේ “ප්‍රොජෙක්ට් A” දෙවෙනි මෙහෙයුම කොහොමට තියේවිද?  ජය වේවා.

   

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

US

Download Links:

Download Torrent 1080P පිටපත 1.9 GB Download Direct 480P පිටපත 410 MB Download Direct 720P පිටපත 700 MB Download Torrent 720P පිටපත 980 MB
Download

Project A 2 (1987) Sinhala Subtitle

Download: 980

File size : 8.29 MB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 124
7.1
71%
0%

Comments: 10

  • Rajitha

    Thanks jayawewa……!

    2020-12-20 at 8:37 pm
    Reply
  • ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම ජැකී චෑන්, වැන් ඩෑම්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වගේම පුලුවන් නම් ආනොල්ඩ් සහ චක් නොරිස් ඇතුළු කට්ටියගෙ පරණ ෆිල්ම් දෙන්න. 80s, 90s

    2020-12-20 at 8:38 pm
    Reply
  • Lahiru Sandaruwan

    තෑන්ක්ස් සබ් එකට.:star_struck::star_struck::star_struck:

    2020-12-24 at 7:29 am
    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    2020-12-27 at 9:54 pm
    Reply
  • Chaminda Lakruwan

    ගොඩක් ස්තූති ජැකියගේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට

    2021-01-07 at 11:13 pm
    Reply

Leave a Reply to Lahiru Sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip