Raya and the Last Dragon (2021) Sinhala Subtitle

Published March 12th, 2021 by

කුමන්ද්‍රා පතා

 

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නිහි නවතම ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම වන Raya and The Last Dragon(2021) හි සිංහල උපසිරැසිය. මෙය ගිණිකොනදිග ආසියානු කුමරියක් සහිත මුල්ම ඩිස්නි චිත්‍රපටය මෙන්ම ගිණිකොනදිග ආසියානු ප්‍රධාන චරිතයක් සහිත මුල්ම ඩිස්නි චිත්‍රපටයද වනවා. ගිණිකොදිග ආසියානු රටවල් වන වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, සිංගප්පූරුව, පිලිපීනය හා මැලේසියාව වැනි රටවල සංස්කෘතීන් හා පාරම්පරික සටන්කලාවන් අධ්‍යයනය කර ඒවා ඇසුරිනුයි මෙය නිර්මාණය කර ඇත්තේ. මේ වනවිට IMDb වෙතින් 7.6ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 95%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 75%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටයයේ කතාව පෝල් බ්‍රිග්ස්, ඩොන් හෝල්,ඇඩෙල් ලිම්, කාලෝස් ලොපෙස් එස්ට්‍රාඩා, කියෙල් මරේ, ක්වී න්ගුයෙන්, ජෝන් රිපා හා ඩීන් වෙලින්ස්ගෙන් වන අතර තිර රචනය ක්වී න්ගුයෙන් හා ඇඩෙල් ලිම්ගෙන්. අධ්‍යක්ෂණය ඩොන් හෝල්, කාලෝස් ලොපෙස් එස්ට්‍රාඩා පෝල් බ්‍රිග්ස් හා ජෝන් රිපාගෙන්. චරිතවලට තම හඬ දායකත්වය දක්වන්නේ කෙලී මාරි ට්‍රැන් ( රායා), අව්ක්වෆිනා (සිසූ), අයිසැක් වැන්ග් (බූන්), ජෙමා චැන් (නමාරි), ඩැනියෙල් ඩේ කිම් (බෙන්ජා),බෙනඩික්ට් වොන්ග් (ටොන්ග්), ජොනා ෂියාඕ (ලාබාල නමාරි), සැන්ඩ්‍රා ඕ (විරානා), තාලියා ට්‍රැන් ( නොයි) ඇතුළු පිරිසක්.

විශේෂ
• ලී දඬු දෙකක් භාවිතයෙන් කෙරෙන රායාගේ සටන් ක්‍රමය ආනිස් හා එස්ක්‍රිමා ලෙසද හැඳින්වෙන කාලි නම් පිලිපීන සාම්ප්‍රදායික සටන්කලාව මත පදනම්ව සැකසූවක්.

• මෙහි එන කුමන්ද්‍රා නම් රාජධානිය ගිණිකොනදිග ආසියානු රටවල් වන තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, මියන්මාරය, මැලේසියාව, ඉන්දුනීසියාව , පිලිපීනය හා ලාඕසය අනුසාරයෙන් සැකසූවක්.

• මෙම චිත්‍රපටයත් සමග රායා ඩිස්නිහි නවතම කුමරිය බවට පත්වන අතරම 13වන ඩිස්නි කුමරිය බවටද පත්වෙනවා.

කතාවට කෙටි ඇරඹුමක්…

බොහෝ කලකට පෙර, කුමන්ද්‍රා නම් රාජධානියක, මිනිසුන් සහ මකරුන් සංහිඳියාවෙන් වාසය කරනවා. කෙසේ හෝ ඩෲන් නම් දරුණු සත්ව විශේෂයක් මෙම ලෝකයට තර්ජණයක් වූ කලෙක, මකරුන් තම දිවි කැපකරනවා මිනිස්සුන්ව බේරාගැනීමට. කතාව ඇරඹෙන්නේ ඊට වසර 500කට පසුව යම් සිදුවීමක් නිසා මෙම ඩෲන් සතුන් නැවත පැමිණීමත් සමගයි. ඔවුන්ගෙන් ලොව ගලවාගැනීම බාර වන්නේ මේ වනවිට රටවල් පහක් ලෙස වෙන්වී සිටින කුම්න්ද්‍රාවේ හදවත් රට නම් රටේ කුමරිය වන රායාටයි. ඉන් එහා යමක් පැවසීම රසවින්දනයට බාධාවක් වන නිසා මම එය ඔබටම බාර කරනවා. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

US

Download Links:

Download Direct පිටපත Download Torrent පිටපත Download Torrent පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.6
94%
75%

Comments: 8

  • Shamal Manojan

    Coming 2 America 2021 ෆිල්ම් එකට උපසිරසි දෙන්න පුලුවන්ද?

    2021-03-12 at 8:42 pm
    Reply
  • Hashan

    බොහොම ස්තූතියි හසිත :heart::heart:

    2021-03-13 at 2:30 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-03-13 at 7:07 am
    Reply
  • Inuka Wijerathna

    හොඳවෙලාවට ඊයෙ හවස බලන්නත් හදලා, අද හවසට කල් දැම්මා.
    ස්තූතියි හසිත.

    2021-03-13 at 7:59 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    ඇනිමේෂන් එකක් ආවා නම් අනිවා හසිත සබ් එක කරනවා …හරිම ආසාවෙන් බලපු කතාවක් ..මේදා පාර සේරම පරයා ඩිස්නි එනවා වාගේ

    2021-03-14 at 7:29 pm
    Reply
    • Hasitha Prasad

      ඇනිමේෂන්නං අතාරින්නෑ, සේරම බලනව 😀 . ඩිස්නි හරි ට්‍රැක් එකේ යනව වගේ පේනව තමයි දැන්නං.

      2021-03-14 at 8:03 pm
  • mithun

    brother .The Girl in the Basement
    2005 ‧ Slasher/Horror ‧ 1h 30m
    මෙකට සබ් එකක් දල දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්

    2021-03-14 at 9:33 pm
    Reply
  • Gayan Chandana

    බොහොම ස්තුතියි හසින සහෝ, ආසාවෙන් හිටිය ඇනිමෙ එකක්, :heart::heart::heart:

    2021-03-24 at 11:45 am
    Reply

Leave a Reply to දමිත් ප්‍රියංකර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip