ඔන්න යාලුවනේ සුපිරිම ඉංග්‍රීසි Mini Television Series එකක, ඒ කියන්නෙ කෙටි රූපවාහිනී කතා මාලාවක පලවෙනි කොටසට සිංහල උපසිරසි අරන් ආවා. කතාවෙ නම තමා Rellik. ට්‍රේලර් එක බැලුවත් බලන්න ආස හිතෙන කතාවක්. ඉතින් මේක බ්‍රිතාන්‍ය කතා මාලාවක්. Google පරිශීලකයන් මේ කතාවට 78% ක මනාපයකුත් දීල තියෙනවා. ඒ වගේම මේ කොටසෙ IMDB අගය 7.2 ක්. BBC One සහ Cinemax නාලිකා වල තමා විකාශය වුනේ. එක්සත් රාජධානියේ 2017 වසරෙදීත්, ඇමරිකා එක්සත් ජනපදයෙදි 2018 වසරේදීත් මේක විකාශය වුනා. මේක අයිති වෙන්නෙ Crime, Drama, Mystery ගනයට. මේකෙ තියෙන විශේෂත්වය තමා මේකෙදි අපිට කතාව කියන්නෙ ආපස්සට. කොහොමද වැඩේ. ඔන්න දැන් ආපහු උඩට ගිහින් කතාවෙ නම අනිත් පැත්ත ගහල බලන්නකො. අන්න දැක්කනෙ, එතකොට ඒක Killer. නමෙන්ම ඉගියක් දීල තියෙන්නෙ. කොටස් හයකින් සමන්විත මේ කතාවෙ පලවෙනි කොටස විනාඩි 57ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller. කතාව ලියල තියෙන්නෙ Harry Williams සහ Jack Williams සහෝදරවරුන් විසින්. මේක මුලින්ම විකාශනය කරපු අවස්තාවෙ වැඩිම පිරිසක් නරබපු වැඩසටහන් වල ඉහල තැනක තියනවා.
මේ කතාවෙ ප්‍රධාන චරිතය විදියට Game of Thrones ඇතුල තවත් ටෙලි කතාවල වගේම 11 Minutes, Ghost Machine වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Richard Dormer දායක වෙනවා. ඒ වගේම Supernatural ඇතුලු ටෙලි කතාවල වගේම Final Destination, Almost Anything වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Jodi Balfour සහ King Arthur, G.I. Joe, Divergent වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Ray Stevenson වගේ අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මීට අමතරව තවත් නලු නිලියො බොහෝමයක් මේකෙ රංගනයෙන් දායක වෙනවා.
හරි අපි කතාව පැත්තට යමු. මේකෙ කතාව ගැන වැඩිපුර කිව්වොත් ඒක අසාධාරණයක්. අනික ආපස්සටනෙ යන්නෙ. බලන්නමයි වටින්නෙ. Serial Killer, එහෙමත් නැත්තම් දාම මිනීමරුවෙක් සම්බන්ධව පොලිස් නිලධාරීන් කරගෙන යන පරීක්ෂණයක් වටා තමා මූලික කතාව බැදිල තියෙන්නෙ. ඉතින් ඔහු මූනු අදුරගන්න බැරිවෙන්න ඇසිඩ් වක්කරන නිසා මේවට නමකුත් වැටිල තියෙන්නෙ ඇසිඩ් ඝාතන කියලා. ඉතින් මේ ගැන පරීක්ෂණ බාර පරීක්ෂකවරයාත් මේ ඝාතකයගෙ ප්‍රහාරයට ලක් වුනු කෙනෙක්. ඉතින් අපි කතාවක් බලනකොට ඒක ඉස්සරහට යනකොටනෙ දේවල් දැනගන්න ලැබෙන්නෙ. ඒත් මේකෙනම් ආපස්සට යනකොට තමා දේවල් දැනගන්න පුලුවන් වෙන්නෙ. ඒ වගේම බොහොම අපූරුවට ගලාගෙන යන කතාවක්. ආසාවෙන් බලන්න පුලුවන්. වැඩි විස්තරයක් නොකියන්නෙ රසය නැති කරන්න හොද නැති නිසාමයි.
රූපවාහිනී කතාමාලා වලට උපසිරසි කරන්න අදහසක් නැතත්, මේක කරන්න හිතුනෙ කොටස් හයෙන් වැඩේ ඉවර නිසා වගේම හොද කතාවක් නිසා. ඉතින් පුලුවන් විදියට ඉතුරු කොටස් පහෙත් උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාලුවනේ නැවත හමුවෙමු. බුදු සරනයි!
Pasindu Dilshan
Comments: 8
Leave a Reply to Namal Ekanayake Cancel reply
Search
Login
Sahan Dilanka
පට්ටයි මචෝ..මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.බොහෝම ස්තුතියි සබ් එකට.ජයෙන් ජය..
Prabodha Madhusankha
Thank brooo sub ekata tv series enakan balan hitiyeee…
Kasun
සුප්පා බං සුප්පා
Dulara Lakshitha
එල මචෝ දිගටම දෙමු.
Namal Ekanayake
Thanks bro. .. aye t😀
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…මග නවත්තන්නේ නැතිව දිගටම දෙමු…
shean
Thank bro niyam wadak pwiwnam MINDHUNTER siris akt sub denn..thnks