Remember (2022) Sinhala Subtitle

/
මතකය අහිමි වීමට පෙර...

                          සෑහෙන දවසකට පස්සෙ අද අරගෙන ආවා අලුත්ම කොරියන් ෆිලුමක්. ඒ තමයි පසුගිය 2022 ඔක්තෝබර් 26 දින දකුණු කොරියාවේ තිරගත කිරීම ආරම්භ කල Remember. බොක්ස් ඔෆීස් ලැයිස්තුවටත් තම නම ඇතුලත් කරගැනීමට සමත් වූ මෙය 6.8/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Action, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. සෑහෙන දවසකින් බලපු පට්ට ෆිලුමක්. මුල සිට අගට එක හුස්මට බලන්න පුලුවන්. ඒ නිසා තමයි ඒ රසය ඔයාලත් එක්ක බෙදාගන්න දඩ බඩ ගාලා සබ් එක කරන්න ගත්තේ. ධාවන කාලය පැය 2 විනාඩි 8 ක් වුනාට ඒ කාලය ගතවෙනවා දැනෙනෙ එකකුත් නෑ. ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතු වෙනවා Lee Sung-Min (ෆ්‍රෙඩී / පිල්-ජු), Nam Joo-Hyuk (ජේසන්/ඉන්ගියු) සහ Man-sik Jeong (කැන්ග්).
සමහර අයට තියෙනවනෙ බකට් ලිස්ට් එකක්. ඒ කියන්නෙ තමන් මැරෙන්න කලින් ඉටුකර ගන්න හිතාගෙන ඉන්න දේවල් ලැයිස්තුවක්. ඉතින් කොරියාව ජපානයේ යටත් විජිතයක්ව පැවති සමයේ ජපාන හමුදාවට බැඳී සේවය කල දුප්පත් කොරියන් තරුණයෙක් තමයි පිල්-ජු. ඔහු දැන් අවුරුදු 80 ක ඇල්සයිමර් රෝගියෙක්. ඒත් මතකය සම්පූර්ණයෙන් අහිමි වන්නට පෙර ඉටුකරගන්න අධිෂ්ඨාන කරන් ඉන්න පොඩි බකට් ලැයිස්තුවකුත්
මෙයාට තියෙනවා. ඒ තමයි ඔහු පලිගන්නට බලාගෙන සිටින මිනිසුන් කීප දෙනෙකුගේ නම් සහිත ඝාතන ලයිස්තුවක්. ඒ අය කවුද? ඒ ඇයි? මේ මහල්ලා කෙසේ තම ඉලක්කයට යාවිද? ඔක්කොම කිව්වොත් ගතියක් නෑනෙ, නේද? දැන් පාන්දර 2 යි. හොඳටම නිදිමතයි . ලිපිය කෙටියෙන් ඉවර කලා. සබ් එක අප්ලෝඩ් කරලම තමයි නිදාගන්නෙ. මේ චිත්‍රපටයේ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලා නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 720p – 1.1 GB // 1080p – 2.1 GB

SUB FORMAT /// SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

6.8
IMDB

Year : 2022

Actors : Lee Sung-min,Nam Joo-hyuk,Geun-hyeong Park

Remember: Directed by Il-Hyeong Lee. With Lee Sung-min, Nam Joo-hyuk, Geun-hyeong Park, Man-sik Jeong. The story of Pil-Joo, an Alzheimer's patient in his 80s, who lost all his family during the Japanese colonial era, and devotes his lifelong revenge before his memories disappear, and a young man in his 20s who helps him.

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 237
  • File Size : 44.233KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *