මේ වසරේ තිරගතවූ මෙම බොලිවුඩ් සිනමා පටය IMDBහි 7.2ක අගයකට හිමිකම් කියයි. අක්ෂේ කුමාර්ගේ සහ ඉලෙනා ඩි කෲස්ගේ දක්ෂ රංගනයෙන් හැඩවෙන මෙය සත්‍ය සිද්ධියක් පසුබිම් කරගෙන නිර්මාණය වූවකි…
වර්ෂ 1959 සිදුවූ සත්‍ය සිදුවීම මෙහිදී යම් පමණකින් වෙනසකට භාජනය කර ඇතත් රසවින්දනයට එයින් කිසිදු බාධාවක් නැත.වර්ෂ 1959දී ඉන්දියානු අධිකරණ පද්ධතිය තුල තීන්දු තීරණ ගනු ලැබූවේ විනිසුරුවන් නොව ජූරි සභාවන් මගිනි. ඕනෑම නඩුවක කරුණු කාරනා ජූරි සභිකයින් විසින් සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් අතර ජන්ද විමසීමක් සිදු කර එයින් බහුතර මනාපය ලැබෙන තීන්දුව විනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි. මෙම නඩු විභාගය එම ක්‍රමය භාවිතා කල අවසන් නඩු විභාගයයි. මේ සිදුවීමෙන් අනතුරුව එම ක්‍රමයට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය අධිකරණ පද්ධතිය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටද හේතු විය…
කතා සාරාංශය….
කමාන්ඩර් රුස්තම් පාවරී ( අක්ෂේ කුමාර්) ඉන්දීය නාවික හමුදා ඉහළ නිලධාරියෙකි. නැව් ගමන් මාර්ගයේ සිදුවන වෙනසක් හේතුවෙන් ඔහු නියමිත දිනයට පෙර නිවසට පැමිණි නමුත්,තම බිරිඳ නිවසේ නොමැති බව දැනගනී. තමන්ගේ බිරිඳ සින්තියා (ඉලේනා ඩි කෲස්) තමන්ගේමිතුරකුවන වික්‍රම් මකීජා සමඟ අයථා සම්බන්ධයක් පවත්වන බව දැනගන්නා රුස්තම් ඔහුගේ නිවසටම ගොස් ඔහුට වෙඩි පහර තුනක් එල්ල කර ඔහු මරා දමා ඉන් අනතුරුව පොලීසියට බාර වෙයි. අධිකරණයෙන් ඔහු නිවැරදිකරු වේද, නැතහොත් වැරදිකරු බවට පත්වේවිද?
මෙහි සත්‍ය සිදුවීම මෙම Link එකට පිවිසීමෙන් කියවන්න පුළුවන්…
Spoiler Warning : A naval officer (Akshay Kumar) goes on trial for the murder of his wife’s lover…
Budget : 400 million INR
Hasitha Prasad
Comments: 1
Leave a Reply to Prabuddha Kulatunga Cancel reply
Search
Login
Prabuddha Kulatunga
elama…sthuthiy saho sub walata ????
Thank You (2011) Hindi Film ekatat sinhala sub dennako machan..(Akshay Kumar inne ???? )