Salaakhen (1998) Sinhala Subtitle

/

සියළුම දෙනාට ජයවේවා! ඉතින් මේ වතාවෙ හින්දි ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, මං හිතන්නෙ සමහර විට හැමෝම වගේ මේ ෆිල්ම් එක බලල ඇති, හින්දි ෆිල්ම් වලට ආස කට්ටියට තමයි සබ් එක අරගෙන ආවෙ, ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්, සනී ඩියෝල් කියන්නෙ හින්දි සිනමාවෙ ඔයාල වගේම මමත් ආස කරන චරිතයක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1998 අවුරුද්දෙ, අප්‍රේල් 24 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Guddu Dhanoa, නිෂ්පාදනයත් ඔහුම තමයි, ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, ජනප්‍රිය හින්දි ෆිල්ම් රැසක්ම අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකයෙක්, ඒත් එක්කම ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 67% ලැබිල තියෙනවා, IMDB අගය 5.3 විදිහට සටහන් වෙනවා, ප්‍රධාන චරිත දෙක, සනී ඩියෝල් සහ රවීනා තන්ඩන්.

ෆිල්ම් එකේ කතාව ගැනත් සෑහෙන දුරට මතක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට සනීට කියන්නෙ විශාල් කියල, විශාල් සාමාන්‍ය විදිහට රැකියාවක් කරගෙන එයාගෙ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්නෙ, එයාගෙ පියා විශ්‍රාමික ගුරුවරයෙක්, ඔහු ගොඩක් හැඟීම්බර කෙනෙක්, තවත් පැත්තකින් නගරයේ විශාල ධනවතෙක් ඉන්නවා, ඔහුට කියන්නෙ ජස්පාල් රානා කියල, ඔහු ධනවතෙක් වගේම සමාජසේවකයෙක්, ඔහුට ඕන විදිහට තමයි නගරයේ නීතිරීති හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ, ඔහු මැර බලයෙන් තමයි හැමදෙයක්ම පාලනය කරන්නෙ, ඔහුගෙ පුතත් ඔහුටම උදව් කරන කෙනෙක්, කොහොම හරි දවසක් විශාල්ගෙ පියා රාත්‍රියේ ගෙදර එනගමන් ඔහු දකිනවා මැර පිරිසක් ගෑනු ළමයෙක්ව බලහත්කාරයෙන් අරගෙන යනවා, ඒත් එක්කම ඔහු දකිනවා ඒ මැර පිරිස අතර ජස්පාල් රානාගෙ පුතත් ඉන්නවා, කොහොම හරි විශාල්ගෙ පියා ගෙදර ඇවිත් මේ ගැන විශාල්ගෙ අම්මට කියනවා, විශාල්ගෙ අම්මා කියනවා ඒ ගැන අමතක කරන්න කියල, ඉතින් ඒ වෙලාවෙ ඔහු ඒ ගැන අමතක කලත් පහුවදා උදෙන්ම විශාල්ගෙ පියා හන්දියට ගියාම ගෑනු ළමයෙක්ගෙ මලසිරුරක් රේල් පාරෙ තිබිල පොලීසියට හම්බ වුනා කියල ඔහුට ආරංචි වෙනවා, ඒ කලින් දවසෙ පැහැරගත්තු ළමයගෙ මලසිරුර, ඉතින් මේ සිද්ධිය විශාල්ගෙ පියාට මහත් හිසරදයක්, ඒ ගැන හිතහිත විශාල්ගෙ පියා ගෙදර එන අතරෙ නගරයේ ලොකු රැස්වීමක් තියෙනවා, එතනට විශාල පිරිසක් ඇවිල්ල ඉන්නවා වගේම රැස්වීමට ආපු ප්‍රධාන අමුත්තා තමයි ජස්පාල් රානා, ඔහු බලවත් සමාජ සේවකයෙක් විදිහට පෙනී සිටින්නෙ, ඉතින් ඔහු වේදිකාවට ගොඩවෙලා කියනවා නගරයේ සිද්ධ වෙන අපරාධ නතර කරන්න ඕනෙ කියල, විශාල්ගෙ පියා මේ සිද්ධිය දැකපු ගමන් ඔහුට ජස්පාල් රානා ගැන තරහක් ඇති වෙනවා, ඔහු වේදිකාවට ගොඩවෙලා හැමෝම ඉන්න තැන ජස්පාල් රානාට චෝදනා කරනවා, ඔහු කියනවා කලින් දවසෙ රෑ රානාගෙ පුතා කරපු සිද්ධිය ගැන, ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්නත් සූදානම් කියල, රානා මේ සිද්ධියෙන් පස්සෙ හොඳටම අවුල් වෙනවා, නගරය හැමතැනම කෝලාහාල ඇති වෙනවා, ඉතින් කොහොම හරි කොහොම හරි රානාගෙ පුතාට විරුද්ධව සාක්ෂි දෙන්න ගිය විශාල්ගෙ පියා උසාවියේදි වෙඩි තියාගන්නවා, ඔහුව ඒ තත්ත්වයට පත් කරන්න ගොඩක් අය උදව් කරනවා, පොලීසිය තමයි රානා ට ගොඩක් උදව් කරන්නෙ, විශාල්ගෙ පියා දිවිනසා ගත්තු නිසා රානාගෙ පුතා නිදහස් වෙනවා, මේ සිද්ධියෙන් කෝපවෙන විශාල් කොනක ඉඳල මරන්න පටන් ගන්නවා, ඔහුව ඒ තත්ත්වයට පත් කරපු සියළුම දෙනාව සැලසුම් සහිතව ඝාතනය කරනවා, එහෙම නම් අපි බලමු ෆිල්ම් එක මොන විදිහට සිද්ධ වෙයිද කියල, සබ් එක දැන් ඉඳල ඔයාලගෙ, නවතින්න කලින් මතක් කරන්න ඕනෙ අපේ කවීෂ සොහොයුරා සහ දමිත් සොහොයුරා ඇතුළු  subz.lk වෙබ් අඩවියට යන එන සියළුම දෙනාව, සියළුම දෙනාට ජයෙන් ජයම වේවා!!

5.3
IMDB

Year : 1998

Actors : Sunny Deol, Raveena Tandon, Anupam Kher, Farida Jalal

When an honest school teacher testifies in a rape case against a prominent businessman's son, he is psychologically tortured and forced to commit suicide. His young son then takes the law into his own hands in order to avenge his father.

2018-11-30 07:05 pm
Senior Subtitler

Movies

24

Tv Episodes

0

  • Download : 560
  • File Size : 60.918KB
  • Sub Update :2021-01-08
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-07-20 at 6:16 pm
  • Isuru Unregister User
    Android 8Chrome 67

    Thanks for sub oya wage parana hoda film denna

    2018-07-20 at 10:17 pm
  • Isuru Unregister User
    Android 8Chrome 67

    Me film eke derect link ekak denna torrent walin download wennehe

    2018-07-21 at 12:34 pm
  • Sujith Unregister User
    Android 8Chrome 66

    Supiri film eka me wage parana film wala sub denna puluwannm godak hodai thanks bro good luck tawa me wage super old hindi movies drnna action film patta budu saranai

    2018-07-21 at 9:33 pm
  • kithsiri gunasekara Unregister User
    Windows 10Chrome 67

    patta 90 gannanwala hindi set ekatama sub demu bro………

    2018-08-07 at 6:28 pm
  • manjula rathnayaka User
    Windows XPChrome 49

    thanks supiri wadak

    2018-08-14 at 10:04 am
  • manjula rathnayaka User
    Windows XPChrome 49

    digatama me wage film walata sub denna.budu saranai

    2018-08-14 at 10:05 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..

    2018-09-07 at 11:42 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *