Shivaay (2016) Sinhala Subtitle

/

ඔන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු අජේ දෙව්ගන්ගෙ ශිවායි චිත්‍රපටය අරගෙන ආවා.ඇත්තටම මට මේක බාරදීල දැන් ටික කාලයක් කොහොමින්හරි මම නොදැනම මේකෙ හොඳ කොපියක් ඇවිත්වැ.ඩේ කියන්නෙ අපේ කවීෂ සහෝදරය මතක් කරනකම්ම මම ඒක නොදැකපු එකයි.ඉතිං ඒ නිසා ඔබලා සැමගෙන්ම  පමාවට සමාව ඉල්ලා සිටිනවා මුලින්ම.ඒ වගේම ශිවායි කියන්නෙ මාව ගොඩක් අමාරුවෙ දාපු සබ් එකක් කිව්වත් වැරැද්දක් නෑ.මොකද මේක ශිව දෙවියන් තේමාව විදියට අරගෙන හදපු ෆිල්ම් එකක් (ශිව දෙවියන් සම්බන්ධ වුනාට මේක දේව චිත්‍රපටයක් කියල වරදවා වටහාගන්න එහෙම එපා) ඉතිං පටන් ගන්නෙම ශිව පූජා ශ්ලෝක කීපයක් ඇතුලත් ගීතයකින් ඊටත් වැඩිය අවුල වුණේ මේකෙ ඉංග්‍රීසි සබ් එකේ ගීත පරිවර්තනත් වැරදියි. අන්තිමේ වෙබ් සයිට් කීපෙක ඇවිදල ඇවිදල බොහොම අමාරුවෙන් ඒකත් ගොඩදාගත්ත.ඉතිං මම සාර්ථක වෙලාද කියල නරඹන ඔයාලම තීරණය කරන්න.මේ චිත්‍රපටය එලිදකින්නේ අජේ දෙව්ගන්ගෙ AD FILMS හි නිර්මාණයක් ලෙස  වගේම අධ්‍යක්ෂණයත් අජේ දෙව්ගන්ගෙන්මයි.Imdb අඩවියෙන් 6.6ක අගයක් ලබාගන්නත් ගූගල් පරිශීලකයන් 91% කගේ කැමැත්ත ලබාගන්නත් මේ සිනමා පටය සමත් වීතිබෙන අතර Screen Weekly Awards 2017 හිදී හොඳම ද්‍රෘශ්‍ය ප්‍රයෝගවලට හිමි  සම්මානය ලබාගන්නත් ඊට අමතරව තවත් සම්මාන දෙකකට නිර්දේශවන්නත් මෙය සමත් වී තිබෙනවා.

ඇත්තටම වෙනද අපි බොලිවුඩ් ද්‍රෘශ්‍යප්‍රෝගවල දකින දුර්වලකම් මේකෙ නෑ ඒ වෙනුවෙන්  සැහෙන්න මහන්සිවෙලා වෙලා තියන බව ඔබට තේරේවි ෆිල්ම් එක බලනකොට.ඇක්ෂන්, ස්ටන්ට්  වැඩ කැමරාකරණය  එහෙමත් හොලිවුඩ් එකක් හා සමාන වෙන්නම කරල තියනවා. නමුත් ඒවට වුණ මහන්සිය කතාව පැත්තටත් තව පොඩ්ඩක් යෙදෙව්වනම් හොඳයි කියලයි මගේනම් පෞද්ගලික අදහස.මෙයට රංගනයෙන් දායක වෙන්නේ ශිවායි ලෙස අජේ දෙව්ගනුත්, ඔහුගේ දියණිය ගෞරා ලෙස Abigail Eames සහ  ඔල්ගා ලෙස පෝලන්ත ජාතික නිළි Erika kaar.කතාව පැත්තට ගියොත් මෙන්න මෙහෙමයි………..

ශිවායි හිමාලයානු කඳු නගින්නෙක් සහ මගපෙන්වන්නෙක් නොහොත් නඩේගුරෙක්.හිමාල කන්ද තරණය කරන්න එන අයට මගපෙන්වගෙන තමන්ගෙ පාඩුවේ ඉන්න අහිංසක පුද්ගලයෙක්.දවසක් නොසිතූ විදියට ඔහුගේ ජීවිතයට ඔල්ගා නම්  විදේශික තරුණියක් එකතුවෙනවා  ඒ විතරක් නෙමෙයි ඇය ශිවායිත් එක්ක ආදරෙන් බැඳෙනවා , ඒ ආදරේ හින්දම ඇයට දරුවෙක් පිළිසිඳ ගන්නවා, එතනින් තමයි මේ ආදරයට කණකොකා හඬලන්නෙ. අන්තිමේ මවක් නැති දියණියක් එක්ක  ශිවායි තනිවෙනවා. දවසක අහම්බෙන් ශිවායිගෙ දියණිය ගෞරාට තමන්ගෙ මව ලියපු ලිපියක් හම්බවෙනවා, ශිවායි සිද්ධ වෙනවා ගෞරිව එයාගෙ අම්මගෙ රටට එක්ක යන්න, එහේදි අහිංසක ශිවායිගේ ජීවිතය කණපිට පෙරලෙනවා වගේම ඔහුට  සාහසිකයෙක් බවට පත්වෙන්නත් සිද්ධ වෙනවා. ඕන්න  බොහෝම කෙටියෙන් කිව්ව  නැත්තං එහෙම ෆිල්ම් එකේ බලන්නෙ මොනවද නේද?එහෙනම් නරඹලම බලන්න ශිවායිගෙයි ගෞරාගෙයි සංවේදී කතාන්දරය.

විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ වීඩියෝ පිටපත WEB-DL එකක් වගේම මේ වෙනකොට නිකුත් වෙලා තියන හොඳම පිටපත් දෙකෙන් එකක්. වීඩියෝ සහ ඕඩියෝ කොලිටි එකත් ඉතාම ඉහලයි.  සබ් එකත් එක්කම ස්ක්‍රීන්ෂොට් කීපෙකුත් ඇති.

6.7
IMDB

Year : 2016

Actors : ajay devgn, erika kaar, abigail eames, vir das

Shivaay is a Himalayan mountaineer who is an innocent and yet is capable of transforming into a mean destroyer when he needs to protect his family.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 6830
  • File Size : 29.473KB
  • Sub Update :2021-01-08
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-02-24 at 10:53 pm
  • Madawa Unregister User
    Android 5.1Chrome 50

    Adee pattai broo.. thanks

    2017-02-25 at 9:48 pm
  • සහන් ගමගේ User
    Android 6Chrome 55

    Fatta bro
    Tnkz

    2017-02-25 at 9:54 pm
  • nipun gunasekara Unregister User
    Windows 10Chrome 56

    sub maru [raees] ekatai amir khan ge pdanga]l ekata sub dennako

    2017-02-28 at 11:48 am
  • Dinuka Sadaruwan Unregister User
    Android 5.1Facebook App 24

    Thanks bro

    2017-03-01 at 1:20 pm
  • Sudesh Unregister User
    Windows 10Chrome 56

    සූම් බයිස්කෝප් වගේම තවත් සයිට් එකක් ආපු එක ගැන ආඩම්බරයි.

    2017-03-09 at 9:19 am
  • Jeewaka Lakruwan User
    Windows 10Chrome 63

    බොහෝම ස්තුතියි සහෝ…..
    එලම එලම keep it up….
    බුදු සරණයි…දෙවි පිහිටයි…ඔබට ජය!!!

    2017-12-22 at 6:29 am
  • dimantha Unregister User
    Windows 10Firefox 55

    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2018-01-18 at 4:57 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *