ආයුබෝවන් අදත් subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ රසික ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ පසුගියදා පැවැත්වුණ 91 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් තරඟ කල Shoplifters (2018) ජපන් චිත්‍රපටය. බොහෝ දෙනා අනාවැකි පලකල ලෙසම මෙම සම්මානය ජයග්‍රහණය කලේ ඇල්ෆොන්සෝ කුරොන්ගේ Roma (2018) චිත්‍රපටය වුණත්, හිරොකසු කොරීඩා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයත් ඊට දෙවැනි කරන්න බෑ ඇත්තටම කිව්වොත්. චිත්‍රපටය ගැන කතාකරන්න කලින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මෙම චිත්‍රපටයට උපසිරැසි කරන ලෙස ඉල්ලීම කල Kantha සහෝදරයාට. ඔහුගේ ඉල්ලීම නිසයි මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ හමුවට එන්නෙ. මේ වනවිට Imdb අගය 8.1ක් සටහන් කරගෙන, Rotten Tomatoes වෙතින් 99%ක අගයකුත් ලබාගෙන ඇති මෙය දිනා ඇති මුළු සම්මාන ගණන 27ක්, එසේම මෙය තමයි පසුගිය වසරේ ප්‍රංශ කැනස් සිනමා උළලේදී ලැබිය හැකි ඉහලම සම්මානය වන Palme d’Or නොහොත් රන්මුවා පාම් අත්ත සම්මානය දිනාගත්තේත්. ජපන් චිත්‍රපටයක් එම සම්මානය ලබාගන්නේ 1997 වසරෙන් පසුවයි, එවර ඒ සම්මානය දිනාගත්තේ The Eel චිත්‍රපටයයි. දැන් අපි බලමු චිත්‍රපටයට රංගනයයෙන් දායක වෙන පිරිසෙන් බිඳක්: සකුරා ඇන්ඩියෝ(නොබුයෝ ෂිබාතා),කිරින් කිකි (හත්සු ෂිබාතා),මායු මට්සුඕකා (අකියෝ ෂිබාතා),ජියෝ කයිරි (ෂෝතා ෂිබාතා), මියූ සසාකි( යූරි හෝජෝ) , ලිලී ෆ්රැන්කි ඇතුළු පිරිසක් තමයි මෙයට රංගනයෙන් දායක වෙන්නෙ. හරි එහෙනම් දැන් අපි යමු කතාව පැත්තට, මුල්භාගයේදී ඔබට හිතෙයි මේ මොකද්ද කියල, හැබැයි කතාව අනිත් පැත්තට දෝලනය වෙනවා අන්තිම භාගයේදී …
ජපන් ජාතික අඩු ආදායම් ලාභී පවුලක් ගැන තමයි කතාව තියෙන්නෙ, ඔවුන් අර්ධ-කාලීන රැකියාවලින් දිවි ගෙවන දැඩි ජීවන වියදමෙන්ද හෙම්බත්වී සිටින පවුලක්. කොහොමහරි මේ ගැටලුවට ඔවුන්ගේ විකල්පය වෙන්නෙ කඩ සාප්පුවලින් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ සොරකම් කිරීම. පවුලේ බිරිඳ, සැමියා, පුතා යන තිදෙනාම මේකට හවුල්. කොහොමහරි ඉතාම හෙමින් සීරුවේ ගලාගෙන යන මේ කතාව වෙනස් වෙන්නෙ ඔවුන්ට යූරී නම් දියණියක නිවසට රැගෙන ඒමත් සමගයි. එතනින් එහාට මම කියන්න යනවට වඩා හොඳයි නරඹන ඔබටම චිත්‍රපටය බාර කිරීම. මේ චිත්‍රපටය ඇත්තටම කිව්වොත් අපෙන් අහන්නෙ ප්‍රශ්ණයක් : ” පිරිමියෙක්. කාන්තාවක් දරුවෙක්ව මේ ලෝකයට ගෙනා පමණින් හෝ හදාවඩාගත් පමණින් ඔහු හෝ ඇය මවක් පියෙක් වෙනවද?” . එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න
BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර WEB-DL පිටපත් සතු අය සඳහා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අඩංගුය. කරුණාකර තමන් සතු පිටපතට අදාල උපසිරැසිය යොදාගෙන නරඹන්න.
චිත්‍රපටය නැරඹීමේදී අවශ්‍ය විය හැකි කරුණු
පචින්කෝ බෝල (Pachinko Balls)
ඔබ හොලිවුඩ් චිත්‍රපටවල දැක ඇති ස්ලොට් මැෂීන් නම් සූදු යන්ත්‍ර.
ජපානයේ මේ කාර්යයටම භාවිතා වෙන යන්ත්‍ර තමයි මේ පචින්කෝ කියන්නෙ. මේ එම යන්ත්‍ර සවිකර ඇති පචින්කෝ පාලර් එකක්.
මේ වීඩියෝව නැරඹුවම ලේසියෙන්ම වටහගන්න පුළුවන් මොනවද පචින්කෝ බෝල කියන්නෙ කියල.
Download Links:
Download Torrent 720P පිටපතHasitha Prasad
Comments: 11
Leave a Reply to Krishan NiShalya Cancel reply
Search
Login
Pathmila
Supiri වැඩක්
Krishan NiShalya
බොහොම ස්තූතී
මේ ෆිල්ම් එකට උපසිරැසි දෙනකන්මයි හිටියේ ❤️
charith
bohemian rhapsody sub denna puluwannda mcn
Hasitha Prasad
ඒ ෆිල්ම් එක මාත් බලන්න ඉන්නෙ, චරිත්, Green Book ෆිල්ම් එකට සබ් කරනවා මේ වෙලාවෙ, ඒකෙන් පස්සෙ දෙන්නම් 🙂
charith
tnx bro…..denakan balan inno…..
Mithun
එහෙනම් Green Book එකත් ඩව්න්ලොර්ඩ් කරගන්න වෙයි වගේ.. ඔයා උපසිරස ගන්වපු Gosnell The Trial of Americas Biggest Serial Killer චිත්‍රපටය බලළ මගෙ අදහස මම එ වෙලාවෙම කිව්ව .කාලෙකින් බලපු නියම චිත්‍රපටයක් කියන්න වචන නැ . මාත් දැනට ලංකාවේ තියෙන සිංහල උපසිරස විනෝදාස්වාද වෙබ්අඩවි වලින් බලළ sabtitel අරගත්තට. SABZ.LKහරහා ඔයාගෙන් ලැබෙන සිනමා නිර්මාණයක චිත්‍රපටයක් බලනව කියන එක නම් ,එක වෙනමම සතුටක්. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට😍😍❤!
Rajitha
Thanks machan………jayawewa…..!
Kantha_DLA
මවිසින් ඉල්ලනු ලැබූ උපසිරසි ලබා දෙන ඔබතුමාහට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පලකරමි
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Madusha
බොහොම ස්තූතියි
Ricado Damien
Thank U Hasitha Brother & Subz.lk Team for the SUB, It was Beautiful. All the best to Subz.lk team…………….
kasun madusanka
thanksssssssssssssssssssssssssssssssssssssssssss