Silent Night (2023) Sinhala Subtitle

/
වචන වලට වඩා ඇක්ෂන් සද්දෙයි

                  John Woo ( ජෝන් වූ ) කියන්නෙ ඇක්ෂන් චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමේ. ජනප්‍රිය වගේම අති සාර්ථක චිත්‍රපට ගොන්නක අධ්‍යක්ෂවරයෙක්. හොංකොං සිනමාවෙ දැවැන්තයෙක් වගේම හොංකොං සිනමාවෙ අයිකන් එකක් කිව්වොත් නිවැරදියි. හොංකොංවලින් නොනැවතී හොලිවුඩයත් ආක්‍රමණය කල ඔහු, තම හොලිවුඩ් ගමන පටන්ගන්නේ වෑන් ඩෑම් රඟපෑ Hard Target [1993] න්. ඉන්පසු Broken Arrow [1996], Face/Off [1997], Mission: Impossible 2 [2000], Windtalkers [2002] සහ Paycheck [2003] යන සුපිරි නිර්මාණ ඔහු සිනමා ලෝකයට දායාද කරනවා.
                        Paycheck [2003] නිර්මාණය කර වසර 20 කට පසු නැවතත් ඔහු හොලිවුඩයට පා තබමින් තවත් කතාබහට තුඩු දුන් නිර්මාණයක් පසුගිය 2023 දෙසැම්බර් 01 දින සිනමාශාලා වලට මුදාහැරියා. ඒ තමයි Silent Night. ඇමරිකාවේ සහ කැනඩාවේ පළමු සති අන්තයේදීම ඇ.ඩො. මිලියන 8 කට ආසන්න ආදායමක් සමගින් ඩො. මිලියන 10 ක සමස්ථ බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනා. Action,Thriller චිත්‍රපටයක් වන සයිලන්ට් නයිට් විනාඩි 104 ක ධාවන කාලයකින් යුක්තයි. විශේෂය තමයි මේකෙ දෙබස් නෑ. ඔයාල හිතයි දෙබස් නැත්නම් මොකටද සිංහල සබ් කියලා. ඇත්තටම මේකෙ උපසිරැසි කරන්න තරම් දෙයක් නෑ තමයි. ඒත් මේකෙ කතාවට අදාල දෙවල් ඉදිරිපත් කරන්නෙ ටීවී නිවුස්, ගුවන් විදුලි නාලිකා, ලිපි ද්‍රව්‍ය, අතින් ලියන සටහන්, ලියුම් සහ sms වගේ දේවල් වලින්. ඉංග්‍රීසි උපසිරැසියේ ඒවා නැති නිසා, ඒ සියලු දේ ඇතුලත් කරල අංග සම්පූර්ණ අලුත් සබ් එකක් ඔයාලගෙ තේරුම්ගැනීම වෙනුවෙන් හැදුවා. අනිත් එක සමහර අය ෆිල්ම් බලන්නෙ සිංහල සබ් දෙන සයිට් එකක තිබ්බොත් විතරයි. එහෙම අයට මේක මගහැරෙන්නත් පුලුවන්.එහෙම වුනොත් අපරාදෙ. මොකද ඇක්ෂන්ලෝලීන් අත නොහැරිය යුතුම ෆිලුමක්. රංගනයෙන් දායක වෙන්නේ Joel Kinnaman (බ්‍රයන්), Catalina Sandino Moreno (සායා), Kid Cudi (පරීක්ෂක ඩෙනිස් වසෙල්) සහ Harold Torres (ප්ලායා).
         පාතාල කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවකදී බ්‍රයන්ගෙ අවුරුදු 7 ක පුතා මැරෙනවා. කෝපයෙන් ඔවුන්ට පහර දෙන්නට උත්සාහ කිරීමේදී මැර නායක ප්ලායා බ්‍රයන්ට වෙඩි තියනවා. දැඩි සත්කාර ඒකකයේ පිහිටෙන් ජීවත්වෙන්න වාසනාව ලැබුනත් බෙල්ලට වැදුනු වෙඩි පහර නිසා ඔහුගේ කට හඬ අහිමි වෙනවා. යම් කාලයක් ගෙවී ගියත් ඔහුට ඔහුගේ පුතාව අමතක කරන්න බැරිවෙනවා. කාලකන්නි තත්ත්වයකට පත්වෙනවා. පවුල් ජීවිතයත් අවුල් වෙනවා. ඔහුව පියවි තත්ත්වයට ඔහුගේ බිරිඳ සායා උත්සාහ කලත් වැඩක් වෙන්නෙ නෑ. වේදනාවෙන් පිරුණු බ්‍රයන් අන්තිමේදී තීරණය කරනවා, ඒ පාතාල නායකයා ඇතුලු මුලු කල්ලියම සමූල ඝාතනය කරන්න. ඒ බලසම්පන්න පාතාල කල්ලිය ඉවර කිරීමේ දිනය, තම පුතා මිය ගොස් අවුරුද්දක් පිරෙන දෙසැම්බර් 24 දිනට යොදාගන්නා බ්‍රයන්, ඊට අවශ්‍ය සියලු දේ සැලසුම් කරන්න පටන් ගන්නවා. මොනාද ඒ සැලසුම්? ඔහු මේ කල්ලියට කොහොම මුහුණ දේවිද? හඬ අඩු වැඩ වැඩි ‘සයිලන්ට් නයිට්’ බලමු.
                   # මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ. ප්‍රචණ්ඩ අමානුෂික දර්ශන නම් තියෙනවා. ලින්ක් වල අවුලක් වුනොත්, වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා!

QUALITY // 480p – 450mb // 720p – 950mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

5.5
IMDB

Year : 2023

Actors : Joel Kinnaman,Kid Cudi,Harold Torres

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 1375
  • File Size : 5.041KB
  • Ishan Unregister User
    Windows 10Edge 119

    බොහෝම ස්තූතියි…
    සහෝ පුළුවන්නම් high and low movies ටිකට සබ් දෙන්න
    1. Road to High&Low 2016
    2. High&Low The Movie 2016
    3. High&Low The Red Rain 2016
    4. High&Low The Movie 2 / End of Sky 2017
    5. High&Low The Movie 3 / Final Mission 2017
    6. DTC -Yukemuri Junjou Hen- from HighLow 2018
    7. High&Low The WORST 2019
    8. High&Low: The Worst X 2022

    2023-12-24 at 1:52 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *